සීලයෙන් බැහැර වූ මනුශ්‍යයා රත් පැහැයට හුඟාක් කැමතීයි.

මනුෂ්‍ය සමාජයේ ජීවත්වන ශීලයෙන් බැහැර වූ මිනිස්සු රතු පැහැයට හරි කැමතිය. රුධිරය දකින්න රුධිරය විඳින්න හරි කැමතිය. මරණීය වේදනාවෙන් දඟලන සතෙකුගේ දිහා බලලා සතුටුවෙන්න හරිම කැමතියි. එම සතාගේ මරණීය අඳෝනාව අහලා මිහිරක් විඳින්න ඒ මනුෂ්‍යයින් කැමතියි. ඒ අය පදං වෙලා තියෙන්නේ අකුසලයට. කෙනෙක් බොදු ගීතයක්, ආදර ගීතයක් රසවිඳිනවා වගේ මේ අය අහිංසක තිරිසන් සතෙකුගේ මරණීය…

Read More

සිව්පසය නැමැති බීජයන් වපුරන්න පින නැමැති අස්‌වැන්න ලැබේවි.

භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක්‌ පිරිසකගේම එකතුවයි සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ. උපාසක උපාසිකාවන්ගෙන් තොරව භික්‍ෂු, භික්‍ෂුණී කියන කණ්‌ඩායම් දෙකට පවතින්න බැහැ. උපාසක, උපාසිකා කියන කණ්‌ඩායම් දෙක ශාසනික දායකත්වය සඳහා යොමුකරවන්නේ සංඝරත්නයේ සාමීචිපටිපන්න ගුණයයි. තමන් සුපටිපන්න ගුණයෙන් යුක්‌ත වෙලා එම ගුණයන්ගෙන් ලැබෙන ඵලය වන සාමීචිපටිපන්න ගුණය මනුෂ්‍යයාට දෙව් මිනිස්‌ සැපයන් වගේම විදර්ශනා නුවණට මාර්ගයත් විවර කර…

Read More

සිල් සමාදන් වීම පිළිබද දැනගත යුතු කරුණු.

දුල්ලභෝ මනුස්සත්තභාවෝ මිනිසත් බව දුලබ ය. එයින් ලැබිය හැකි බොහෝ උසස් ප්‍රයෝජන ඇත්තේ ය. ලොව්තුරා බුදු බව පසේබුදුබව රහත් බව යන ලෝකෝත්තර සම්පත්තීන් හා සකල ලෞකික සම්පත්තීන් ද ලැබීමේ මග සාදා ගැනීමට මිනිසත්බව ඉවහල් වන්නේ ය. බොහෝ ධනය සපයා නෑ මිතුරන් පිරිවරාගෙන අඹුදරුවන් හා පස්කම් සැප විඳීම මේ මිනිසත් බවින් ලබන්නට ඇති උසස් ප්‍රයෝජනයකැයි නොසැලකිය…

Read More

සිනාමුසු මුහුණෙන් ලෝකයෙන් සමුගත හැක්කේ ඉතාමත් අල්ප පිරිසකටමය…

අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඤාණදීප මාහිමිපාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා A Lion – පූජ්‍ය ඩෙන්මාර්ක් ඤාණදීප හිමි – (ඤාණදීප භන්තේ) . සාමාන්‍යයෙන් ලංකාවේ කැළෑ තුළ සිංහයින් සොයාගත නොහැක. එහෙත් දශක කිහිපයක් තිස්සේ එකම එක සිංහයෙක් වාසය කළේය. ඒ “ඩෙන්මාර්ක් ඤාණදීප හිමියන්ය”. වර්තමාන ආරණ්‍යවාසී භික්‍ෂු පරපුරේ පුරෝගාමියා ද, මඟ පෙන්වන්නා ද, ශක්තිය ද උන්වහන්සේම ය. අතිශය ගෞරවයත්, යටහත්‐පහත්බවත්,…

Read More

සිනහවක් දන් දෙන්න බැරිනම් ඔබ සෝවාන් වීමට කළබල නොවන්න.

භික්‍ෂුවට මේ තැනට එන්න උපකාරී වුණේ මේ අතීත කුසල් ශක්‌තියමයි. මේ කුසල් ශක්‌තිය භික්‍ෂුව මතුකරගන්නේ ගිහි කාලයේ පිංකම් සහ සමාජසේවය තුළිනුයි. කොටින්ම අනුන්ව සතුටුකිරීම තුළින්. තමා ළඟට පැමිණෙන සේවාදායකයා තමා ළඟට පැමිණෙන කිනම් මනුෂ්‍යයෙක්‌ වුවද අවම තරමින් සිනාවකින් හෝ සතුටුකිරීමට ඔබට හැකිනම්, ඔබේ සතුට අනුනගේ සැපය උදෙසා කැපකිරීමට ඔබ දක්‍ෂනම්, එය තමයි ගිහි පිංවතාගේ අතහැරීම…

Read More

සිතිවිල්ල සංස්කාරයකට උපත දෙන බව සිතුවාද?

පංච උපාදානස්‌කන්ධ ක්‍රියාවලියට අදාළව පිංවත් ඔබ ඇසෙන් රූපයක්‌ දකිනවා, කනෙන් ශබ්දයක්‌ අසනවා, දිවගට රසයක්‌ දැනෙනවා, දැක්‌ක දෙයට, ඇසුණු දෙයට, දැනුණු දෙයට ඔබ ඇලෙනවා ගැටෙනවා උපේක්‍ෂා සහගත වෙනවා. ඇලුණු ගැටුණු උපේක්‍ෂා සහගත වු දෙය ඔබ හඳුනාගන්නවා. හඳුනාගන්නා වූ දෙය ගැන ඔබ සිතනවා. සිතනවා කියල කියන්නේ සංස්‌කාර සකස්‌ වෙනවා. සංඥාව හේතුවෙන් සංස්‌කාර සකස්‌ වෙනවා. ‘සංඥා නිරෝධා සංස්‌කාර…

Read More

සිත දුරගමන් යන විට, සිහිය නැමති දොරටුවට සෙමින් තට්ටු කරන්න.

මීළඟට බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, සතර සතිපට්‌ඨාන ධර්මයන්ට අනුව චිත්තානු පස්‌සනාවට අදාළව සිතේ අනිත්‍යභාවය දකින්නය කියලා. සිත කියලා ගත්තත්, විඤ්ඤාණය කියලා ගත්තත්, පංච උපාදානස්‌කන්ධය කියලා ගත්තත්, දුක කියලා ගත්තත්, එකම අර්ථයයි ධර්මය තුළදී අපි දකින්නේ. ඵස්‌සය තෘෂ්ණාවෙන් තෙත් කරලා, වේදනාව සකස්‌ කොටගත් සැණින්ම, පංච උපාදානස්‌කන්ධයට අදාළ ධර්මතාවන් සකස්‌ වෙනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, ඔබ බැඳුණොත් බැඳෙන්නේ රූප,…

Read More

සිත තැන්පත් නොවීමත් භාවනාවට ආයෝජනයක් කරගන්න.

ආනාපාන සති භාවනාව කරන්න සුදුසු ඉරියව්වකින් වාඩිවුනාට පස්‌සේ පිංවතුන් විශාල පිරිසකට තිබෙන ප්‍රශ්නයක්‌ තමයි ආශ්වාස ප්‍රශ්වාසයේ සිත නොපිහිටා භාහිර අරමුණක්‌ ඔස්‌සේ සිත දිවයැම. මෙතැනදී ඔබ නොසන්සුන් වෙන්න පුළුවන්. අලසවෙන්න පුළුවන්. භාවනාව කෙරෙහි උදාසීන වෙන්න පුළුවන්. මේ සියල්ල ඔබ තුළ සකස්‌වෙන්නේ පංච නීවරණ වශයෙන්. අරමුණු වේගයෙන් සකස්‌ වෙනවාය කියන්නේ, ඔබ තුළ ඇලීම් ගැටීම්වල ස්‌වභාවය වැඩිය කියන…

Read More

සිඅහවත්, කඳුලත්, උපේක්ෂාවත් වේදනාවේ අනිත්‍යභාවයෙන්ම දකින්න.

භික්‍ෂුවගේ ගිහි ජීවිතයේදී මම සැප, දුක්‌, වේදනාවන් සල්ලි දීලා ගත්ත කෙනෙක්‌. අනුන්ගේ සැප දුක්‌ බලෙන් ගත්ත කෙනෙක්‌. පිංවතුන්ලා සැප වේදනාවන් සොයමින්, දුක්‌ වේදනාවන් ප්‍රතික්‍ෂේප කරමින් යනවිට, භික්‍ෂුව සැප දුක්‌ වේදනා සොයාගිය කෙනෙක්‌. භික්‍ෂුව සැප ගිහි ජීවිතයේ එක තත්ත්පරයකදීවත් එරමිණියා ගොතාගෙන වේදනානුපස්‌සනාව පුහුණුකරලා නැහැ. මම ගිහි ජීවිතයේදී වේදනාවේ අනිත්‍යභාවය දැක්‌කේ, රූපය ඇසුරින් දුක්‌ සැප වේදනාවන් තුළට…

Read More

සිංහල තේරුම සහිත රතන සූත්‍ර‍ය.

යානීධ භූතානි සමාගතානි භුම්මානි වා යානි ව අන්තිලික්ඛෙ සබ්බේව භූතා සුමනා භවන්තු අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං. තස්මා හි භූතා නිසාමේථ සබ්බේ මෙත්තං කරෝථ මානුසියා පජාය දිවා ච රත්තෝ ච හරන්ති යේ බලිං තස්මා හි නේ රක්ඛත අප්පමත්තා. මේ දේවාරාධනාවයි. යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා සග්ගේසු වා යං රතනං පණීතං න නෝ සමං අත්ථි…

Read More