ආචාර වෙඩිමුර, කොඩි එසවීම් නොමැති ලොව විශාලතම යුධ ජයග්‍රහණය.

ප්‍රඥාව යනු ලෝකයේ විශාලම යුද්ධයෙන් ලබනා ජයග්‍රහණයයි. ඒ ජයග්‍රහණයේ ජය ලබන්නා සවුදිය පිරීම්, රාත්‍රි භෝජන සංග්‍රහයන්, ජාතික කොඩි එසවීම්, රතිඤ්ඤා පත්තුකිරීම්, ආචාර වෙඩිමුර නොමැත. ඇයි..? ඒ ඔහු යුද්ධය අවසන් කළ කෙනෙකි. ඔහු නැවත රූපයක්‌ මගේ කරගෙන එයට ඇලීමට හෝ ගැටීමට නොයයි. රූපයක්‌ උදෙසා යුද්ධ නොකරයි. රණ්‌ඩු නොකරයි. ඔහු අවබෝධයෙන් හඳුනනවා රූපයක්‌ යනු අනිත්‍යයක්‌ය කියලා. ඔහු…

Read More

අහෝ..! තිරිසන් අපාය.

පිංවත් ඔබේ දෑස්‌ ඉදිරියේ ජීවත්වන තිරිසන් සතුන් සතර අපායේ කොටස්‌ කරුවන්. සතර අපායෙන් එකක්‌ තමයි තිරිසන් ලෝකය. තිරිසන් ලෝකය සත්වයාට බොහෝම දුක්‌දෙන ස්‌ථානයක්‌. මේ සෑම තිරිසන් සතෙකුම පෙර භවයක මනුෂ්‍ය ජීවිතයක්‌ ගතකර සිදු කරගත් කාය, වචී, මනෝ අකුසලයන් හේතුවෙන් තිරිසන් ලෝකයට වැටුනු අය. මරණ බිය, කාමය, වෛරය, කුසගින්න තිරිසන් සතුන්ගේ ජීවිතයයි. පෙර මනුෂ්‍යයින්ව ඉපිද අනුනට…

Read More

අසත්පුරුෂ පුද්ගලයා අසත්පුරුෂ ආශ්‍රයම සොයාගෙන යනවා.

උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් දුර්වල වූ තැනදී සම්මා සතිය වැඩෙන්නේ මිච්ඡා සතියක් හැටියටයි. මිච්ඡා සතිය ජීවිත ගතවෙච්ච තැනදි පටිච්චසමුප්පන්නව ඕපපාතිකව ප්‍රේතයෙක්ව උපදිනවාය කියන විශ්වාසය අපෙන් දුරුවෙලා යනවා. පණුවෙක්, ගුල්ලෙක් වෙලා උපදිනවාය කියන විශ්වාසය අපෙන් දුර්වලවෙලා යනවා. පසුගිය දිනක සම්මා සතියක් නැති මහත්මයෙක් භික්ෂුවගෙන් ප්‍රශ්නයක් විමසුවා. ස්වාමීන් වහන්ස, අතීතයේ වැඩසිටිය රහතන් වහන්සේලා ඇත්තටම පිරිනිවන්පෑවාද, උන්වහන්සේලා පිරිනිවන්පෑවාය…

Read More

අවිද්‍යාවේ සරලම අර්ථය චතුරාර්ය සත්‍යය නොදැනීමයි.

අද උදෑසන භික්ෂුව පිණ්ඩපාතයට වැඩි නිවසේ, සිටුවා තිබූ රෝස මල් පඳුරක, සුදු පැහැ ලස්සන රෝස මලක් පිපිලා. උදෑසන රෝස පෙති මත වැටුණු පිනි කැට වලින් රෝස මල තවත් ලස්සන වෙලා. අකීකරු බඹරුන් මැද විකසිත වුණ නෑඹුල් රෝස මලේ ඔබ, පංච නීවරණ සුළඟේ දැවටෙන මාර දූතයෙක් හෝ මාර දූතියක් නම් වෙන්න එපා. නික්ලේශී සම්බුදු පුදසුනක් මත,…

Read More

අවැසි නම් සැබැවින්ම සාමය, බුදු රජුන් දෙසූ මෙයයි යාගය.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘මහණෙනි බුදුරජාණන් වහන්සේලා ලෝකයට දේශනා කරන සුන්දර යාගයක්‌ තිබෙනවා. එම සුන්දර යාගයේදී මනුෂ්‍යයෝ මැරෙන්නේ නැහැ, සතුන් හිංසාවට පත්වෙන්නේ නැහැ, කාන්තාවන් දූෂණය වන්නේ නැහැ, දේපළ විනාශ වන්නේ නැහැ, මනුෂ්‍යයන් අංගවිකල බවට පත්වන්නේ නැහැ. ඒ උතුම් යාගය තමයි පංචශීලයේ යාගය’ කියලා. ‘පංච ශීලයේ යාගය තරම් ශ්‍රේෂ්ඨ යාගයක්‌ මේ ලෝක ධාතුවේ නැහැ’ය කියල බුදුරජාණන්…

Read More

අවාසනාවන්ත උපතක් නැවත ඔබ ඔබේ කරගන්න එපා.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාළා, මේ සසරින් ගැලවීයන්න නම් ඔබ මුලින්ම මේ සසර දුක්‌ඛිත බව, බියකරු බව, විශම බව දකින්න ඕනේ කියලා. මෙම අත්දැකීම්වල ස්‌වභාවය අවබෝධයෙන් හඳුනාගෙන ලෝකයෙන් මිදෙන්න ඔබත් වීරිය වඩන්න. නිරතුරුව ඔබ මොන පිංකම් සිදුකළත් මොන ශීලයක්‌ ආරක්‍ෂා කළත් අතහැරීම පුරුදු කරන්න. තමාගේ අඹුදරුවන්, ගේ දොර, ඉඩකඩම්, ව්‍යාපාර, යානවාහන, තමාගේ නිදන කාමරය, සයනය…

Read More

අවසන් බුදුවදනේ පවා විහිදුනේ ඒ මහා කරුණා ගුණයයී.

බුද්ධානුස්සතිය. බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන්ගේ යහපත උදෙසා, දුක තුනීකිරීම උදෙසා, දුකෙන් මිදීම උදෙසා ධර්මයෙන් අනුශාසනා කරනවා. පූර්වේනිවාසානුස්‌සති ඥානයෙන්, චුතූපපාත ඥානයෙන් සත්වයා සංසාරිකව විඳි දුකත්, විඳින දුකත්, අනාගතයට උරුම දුකත් බුදුරජාණන් වහන්සේ තතුසේ දකිනවා. බුදුරජාණන් වහන්සේ යමකුගේ ඇස දකිද්දී, බුදුරජාණන් වහන්සේට එම ඇස පෙනෙන්නේ මහා සාගරයක්‌ වගේ. කන, නාසය, දිව, ශරීරය, මනස පෙනෙන්නේ මහා සාගරයක්‌සේ. ඇස…

Read More

අවසන් බුදු වදනේ පවා විහිදුනේ ඒ මහා කරුණා ගුණයයි …

බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන්ගේ යහපත උදෙසා, දුක තුනීකිරීම උදෙසා, දුකෙන් මිදීම උදෙසා ධර්මයෙන් අනුශාසනා කරනවා. පූර්වේනිවාසානුස්‌සති ඥානයෙන්, චුතූපපාත ඥානයෙන් සත්වයා සංසාරිකව විඳි දුකත්, විඳින දුකත්, අනාගතයට උරුම දුකත් බුදුරජාණන් වහන්සේ තතුසේ දකිනවා. බුදුරජාණන් වහන්සේ යමකුගේ ඇස දකිද්දී, බුදුරජාණන් වහන්සේට එම ඇස පෙනෙන්නේ මහා සාගරයක්‌ වගේ. කන, නාසය, දිව, ශරීරය, මනස පෙනෙන්නේ මහා සාගරයක්‌සේ. ඇස කෙරෙහි…

Read More

අවබෝධය යනු නිහඬතාවක් මිස සටන් පාඨයක් නොවේ.

පිංවත් ඔබ ආර්යඅෂ්ඨාංගික මාර්ගය උදෙසා ජීවිතය මරණයට දමලා බුදුරජාණන් වහන්සේව දකින්න. බුදුරජාණන් වහන්සේ දකිද්දී නැවත ඔබට ජීවිතය ලැබෙනවා. එම නිසා මේ උතුම් වර්තමානය අහිමිකරගන්න එපා. මේ උතුම් ධර්මශක්‌තිය බිඳින්න, අවසන් කර දක්‌වන්න මාර ධර්මයන් තදින්ම ක්‍රියාත්මක වෙනවා. ධර්මධර විනයධර ස්‌වාමීන් වහන්සේලා සශ්‍රික සිව්පසයට, ලාභසත්කාර, කීර්ති ප්‍රශංසාවලට කොටු කර විනාශ කර ඔවුන් ලවා විකෘති ධර්මයන් දේශනා…

Read More

අරුණෝදයේ උදාවෙන නව යොවුන් හිරුසේ විදර්ශනා නුවණින් ලෝකය දකින්න.

රූපයේ ආශ්වාදයත්, කාමයේ ආශ්වාදයත් මගේම ආත්මය කොටගත් තැනදී තාරුණ්‍යයේ සිතුවිලි විනයෙන් සදාචාර ධර්මයන්ගෙන්, ශීලාචාර ධර්මයන්ගෙන් පෝෂණය වීමේ ඉඩකඩ හොඳටෝම අඩු වෙනවා. මහා පරළාහ නිරයේ යම් තිරිසනෙක් කනෙන් යම් ශබ්දයක් ඇසුවොත්, තමන් අකමැති ශබ්දයක්මයි අසන්නේ. කවදාකවත් තමන්ට කැමැති ශබ්දයක් ඇසෙන්නේ නැහැ. එම නිරිසතුන් තම නාසයෙන් දිවෙන් ශරීරයෙන් යම් විඳීමක් ලැබුවොත් එම විඳීම තමන් අකමැති විඳීමක්මයි. තමන්…

Read More