උතුම් සංඝරත්නය මෙසේ ඇසුරු කරන්න…

සංඝරත්නයේ ගුණයන් නිසාම, සමහරක්‌ පිංවතුන් පිංකම් කරනකොට ආශ්වාදයට බැඳෙන අවස්‌ථා භික්‍ෂුව දැකලා තියෙනවා. පසුගිය දිනක දුරබැහැර ගමක සිට පැමිණි අම්මා කෙනෙක්‌, පාර අයිනේ සිට භික්‍ෂුවට පිණ්‌ඩපාතය පූජා කළා. භික්‍ෂුව ඇයට පිං අනුමෝදන් කළා. ඉන් අනතුරුව ඇය දෑත් එක්‌කොට කියනවා ‘ස්‌වාමීන් වහන්ස ඔබ වහන්සේට නිවන් අවබෝධකොට අවසානයේ දෙව් මිනිස්‌ සැප ලැබේවා’ කියලා. ඒ අවස්‌ථාවේ වයෝවෘද්ධ ඇයගෙන්…

Read More

උතුම් සංඝ සමාජය…

මේ උතුම් සංඝ සමාජය තරම් විනයගරුක ආයතනයක් මේ ලෝකධාතුව තුළ තිබෙන්නට බැහැ. බුදුරජාණන් වහන්සේ භික්ෂු අපිට ශේඛියා විනය ධර්මයන් තුළින් ඇවිදින හැටි, සිවුර පොරවන හැටි, කතාබහ කරන හැටි, වැසිකිළි කැසිකිළි කරන හැටි, ආහාර වළඳන හැටි, කෙළ ගසන හැටි පවා සුන්දරව දේශනාකොට තිබෙනවා. අපි උතුම් ධර්ම විනයට කීකරු නම් අපිට වරදින්න විදියක් නැහැ. එ්ත් ගෞරවණීය අපේ…

Read More

උතුම් බිම්කඩ.

ගලා යන දියපාරක ගල්පර තිබෙනකොට ජලයේ කැළඹීම වැඩීයි. අකුසල් සංස්කාර ජීවිතවලින් ක්‍රියාත්මක වන විට බලාපොරොත්තු කඩවීමුත් වැඩිවනවා. සිතනදෙය පතනදෙය සිද්දනොවන විට ඒවාට පිළිතුරක් හැටියට අපි සොයාගන්නේ තවත් ප්‍රශ්නයක ආරම්භයක්මයි. සම්මා දිට්ඨියට පත්වෙච්ච දස දහස් ගණන් දෙවියන්, බ‍්‍රහ්මයන් නිතිපතා වන්දනා කරන උතුම් බිම්කඩක් මේ ලෝකධාතුවතුල තිබෙනවානම් ඒ උතුම් බිම්කඩ මේ උතුම් සද්ධර්මයමයි. පින පිරිහී දිව්‍ය ආයුෂ…

Read More

උතුම් ධර්මයේ ආස්වාදය සහ උතුම් සංඝයා කෙරෙහි ආස්වාදය…

මෙය සටහන් තබන භික්ෂුව සහ ධර්ම කරුණු මුල් කරගෙන බොහොම සියුම්ව, ධර්මයේ ආශ්වාදය සහ සංඝයා කෙරෙහි ආශ්වාදය ඔබ තුළ ඇතිවෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දක්ෂ දුනුවායෙක් අශ්ව රෝමයක් දෙකට පැලෙන්නට, තම දුන්නෙන් විදිනවාය කියන කාරණය පුදුමයක් නොවේය කියලා. නමුත් යම් පිංවතෙක් තෙරුවන් කෙරෙහිත්, විදර්ශනාත්මක ධර්මයන් කෙරෙහිත් තෘෂ්ණාවේ ආශ්වාදයෙන් බැහැරවෙලා, මේ සියලූ සංස්කාරයෝ අනිත්‍යයි කියලා,…

Read More

උතුම් තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව…

තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්‌කරගත් ජීවිතයක්‌ ගිහි වේවා පැවිදි වේවා කවදාවත් අසරණවෙන්නේ නැහැ. ඔහු ශක්‌තිමත් පෞරුෂත්වයක්‌ ඇතිකරගන්න කෙනෙක්‌ වෙනවා. මොකද ඔහු ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේගේ ගුණයත් ඥාණයත් දැක්‌ක කෙනෙක්‌. මේ ලෝකධාතුව තුළ ඇති අයෝමය ශක්‌තිය සරණගිය කෙනෙක්‌. ඔහුට පෙනෙන්නේ සුගතියමයි. දුගතිය ඔහුට පෙනෙන්නේ නැහැ. ඔහු කථාකරන්නේ ධර්මයමයි. අධර්මයක්‌ කථාකරන්නේ නැහැ. තෙරුවන්ගේ අයෝමය ශක්‌තිය සරණගිය පිංවතා, පිංවතිය…

Read More

ඉසුරු සොයා යන්න ද කල්පනාව…?

භික්‍ෂුව හොඳින් දන්නා පිංවත් මහත්මයෙකුට මේ දිනවල ගැටලුවක්‌ මතුවෙලා. ඒ ගැන භික්‍ෂුවගෙන් අවවාදයක්‌ බලාපොරොත්තු වුණා. ඒ මහත්මයාට හදිස්‌සියේම බටහිර රටකට පදිංචියකට යන්න අවස්‌ථාවක්‌ ලැබිලා. මේ හේතුව නිසා ඒ මහත්මයාගේ සිතේ මේ දවස්‌වල ලොකු යුද්ධයක්‌. යම්දෝ.. නොයම්දෝ… කියලා. ඉහත ප්‍රශ්නය අරභයා මේ මහත්මයාගේ සිත බොහොම ගැඹුරින් තර්ක විතර්ක කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සිත කියන්නේ මාරයා…

Read More

ඉතිපිසෝ ගාථාවේ අසීමිත ශක්තිය.

පිංවතුන් අහලා ඇති දිනක් කාලකාරාම සූත්‍රය, කාල බුද්ධරක්ඛිත මහරහතන් වහන්සේ දෙසූ දවසේදී. අටසිල් සමාදන් ව සිටිය සද්ධාතිස්ස රජතුමා ඒ දේශනයට සවන් දීගෙන සිටියා. ඒ දේශනය හැන්දෑවේ පටන් ගත්ත තැන සිට අලුයම ඉර උදාව දක්වා පැවැතුණා. රජතුමා හිටිවනක් බණ ඇසුවේ පිරිස කෙලවර කාටවත් නොඅඟවා. දෙසුම් කෙළවර දී මහ හඬින් සාධුකාර දුන්නා. රහතන් වහන්සේ දැනගෙන ඇසුවා මහ…

Read More

ඇගේ කඳුල ළග සිත නැවතුනි නම්…

නිවන් මඟ වඩනා භික්‍ෂුවකට ගෙපිළිවෙළින් පිඬුසිඟාවැඩීම, තම නිවන් මඟ ශක්‌තිමත් කරගැනීමට උපකාරවන්නකි. පිණ්‌ඩපාත වඩින විට භික්‍ෂුවට ගමක එක ගෙදරක සිට තව ගෙදරකට ඇත්තේ නොපෙනෙන දුරකි. ගෙවල්වල නිවැසියන් ගොවිතැන් කටයුතුවලය. දුප්පත්කම, ශ්‍රද්ධාව, ශීලාචරකම, දන්දීමේ කැමැත්ත ඔවුන් තුළ ඇත. දිනක්‌ පිණ්‌ඩපාතය සඳහා ගොවි ගෙදරක්‌ ඉදිරිපිට වැඩ සිටින විට, කාන්තාවක්‌ පැමිණියාය. ඇය තරුණය. කුඩා දරුවකු ද ඇය පසුපස…

Read More

ආශ්වාදයේ කුණු ධම්මානුපස්සනාවෙන් පිස දමන්න.

දවසින් දවස ගෙවීයනවා, ජනවාරි මාසයත් ගෙවීගියා. මේ සෑම දවසක්ම ගෙවීයන්නේ, අපේ ජීවිතවලට ගොඩාක් කුසල් සහ අකුසල් සංස්කාරයන් එකතුකොටදීලා. අතීත පටිච්චසමුප්පන්න සංස්කාර විසින් වර්තමානයේ අපිව ජීවත් කරවද්දී, වර්තමානයේ සකස්කොට ගන්නා සංස්කාරයෝ අනාගත පංචඋපාදානස්කන්ධ පාවඩ එලන්නේ, සුසාන භූමියට ගෙන යන මෘත දේහයකට පාවඩ එලනවා වගේමයි. කෘතවේදීභාවයේ නාමයෙන් මළකුණකට පාවඩ එලන අපි, ජීවත්ව සිටියදී තවත් මළකුණකට අදාළව සංස්කාරයන්ම…

Read More

ආර්‍ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් සිංහල අවුරුද්ද අලුත් කර ගන්න.

තවත් සිංහල අලූත් අවුරුද්දක් උදාවෙනවා. සිංහල අලූත් අවුරුද්දක් උදාවෙන්නේ අපේ සිංහලකම, බෞද්ධකම අලූත් කරගන්න. සිංහලකම, බෞද්ධකම අලූත් වෙන්නේ තීන්ත ආලේප කරලා, අලූත් ඇඳුම් අන්දවල, කැවුම් කිරිබත් හදලා පමණක් නොවේ සිංහලකම, බෞද්ධකම අලූත් වෙන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතවලට එකතුකොට ගැනීමෙන් පමණක්මයි. සිංහල අලූත් අවුරුද්ද සමරන්න ලක ලැහැස්තිවෙන පිංවත් ඔබ මොහොතක්වත් සිතුවාද සිංහලකම, බෞද්ධකම අලූත් කරගන්න…

Read More