බලන්න ඊර්ෂ්‍යාවේ වෛරයේ රඟ.

කාමයේ ආශ්වාදයට ඔබ තුළ ඇති කැමත්ත නිසා හේතුඵල ධර්මයන් අනුව සකස්‌වෙන ජූරි සභිකයන් පස්‌ දෙනෙක්‌ සිටිනවා. මේ අය එකම මොහොතක එක පේලියේ ඉඳගෙන ඉන්නෙ නැහැ. එක්‌ අයෙක්‌ හේතුවෙනුයි අනෙක්‌ ජූරි සභිකයා සකස්‌ වෙන්නේ. ඵලය සකස්‌වෙනවිට හේතුව මැකිල යනවා. මේ ධර්මතාවය නැවත නැවත සිද්ධවෙනවා. මේ ජූරි සභිකයෝ පස්‌දෙනා වෙන කවුරුවත් නොවේ. පස්‌ස, වේදනා, සංඥා, සංස්‌කාර, විඤ්ඤාණ…

Read More

ඵලය ගැන දුක්‌වීම පසෙක තබා හේතුව ගැන සොයන්න.

බෞද්ධයෙක්‌ වේවා අබෞද්ධයෙක්‌ වේවා කෙනෙක්‌ මියයැමෙන් අනතුරුව දෙවියෙක්‌ බ්‍රහ්මයෙක්‌ ලෙස ලබන උපත භව නිරෝධයට ඇති මාර්ගය ලෙස පිළිගන්නවා නම් ඔවුනට සසරින් ගැලවීමට ඇති දුර ද අසීමාන්තිකය. මන්ද ඔවුන් මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයන් වශයෙන් ජීවත් වුවද සතර අපායෙන් ඔබ්බට සිත පිහිටුවීමට අපොහොසත් නිසාය. ඒත් මේ සෑම පිංවතෙක්‌ම ජීවත්වන ලෝකය තුළ ධර්මය සන්දිෂ්ඨිකව ඇත. මාර්ගඵල ලාභී දෙවියන් මාර්ගඵලලාභීන්…

Read More

ඵලය ගැන දුක්වීම පසෙක තබා හේතුව ගැන සොයන්න.

බෞද්ධයෙක්‌ වේවා අබෞද්ධයෙක්‌ වේවා කෙනෙක්‌ මියයැමෙන් අනතුරුව දෙවියෙක්‌ බ්‍රහ්මයෙක්‌ ලෙස ලබන උපත භව නිරෝධයට ඇති මාර්ගය ලෙස පිළිගන්නවා නම් ඔවුනට සසරින් ගැලවීමට ඇති දුර ද අසීමාන්තිකය. මන්ද ඔවුන් මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයන් වශයෙන් ජීවත් වුවද සතර අපායෙන් ඔබ්බට සිත පිහිටුවීමට අපොහොසත් නිසාය. ඒත් මේ සෑම පිංවතෙක්‌ම ජීවත්වන ලෝකය තුළ ධර්මය සන්දිඨිකව ඇත. මාර්ගඵල ලාභී දෙවියන් මාර්ගඵලලාභීන්…

Read More

පොදුවේ ගැලවෙන්න මාර්ගයක් අපිට නැහැ.

භික්‍ෂුව වැඩ සිටින ලෑලි බංකුව ඉදිරිපිට සක්‌මන් මළුවක්‌ තිබෙනවා. එම සක්‌මන් මළුවේ පැති බැම්මේ කළුගලක්‌ යටින් අඟල් දහයක්‌ පමණ දිග ගැඩවිල් පණුවෙක්‌ සක්‌මන් මළුව තුළ ඇදී යනවා. එම ගැඩවිල් පණුවා පසුපසින් කෙල වැනි දියරයක්‌ වැගිරෙනවා. ඒ නිසා පණුවා යන පාර හොඳින් සලකුණු වෙලා, පණුවා වටයක්‌ ගිහිල්ලා එයා මුළින් මතුවූ ගල ළඟටම ඇවිත් සිටිනවා. පණුවා සිතාගෙන…

Read More

පින්වත් ඔබ වඩාත් කැමති දෙය මොහොතක් හෝ අතහරින්න.

පිංවත් ඔබ වඩාත් කැමති කරන දෙය මොහොතක් හෝ අතහරින්න පුරුදුවෙන්න. පිංවත් ඔබ අද රාත්‍රියට රසවත් ආහාර වේලක් අනුභව කිරීමට බලාපොරොත්තුව සිටිනම් ඒ කැමැත්ත ඔබ අතහරින්න. අද රාත්‍රියට සාමාන්‍ය ආහාර වේලකින් සෑහීමකට පත්වෙන්න. ඉතිරිකරගත් මුදල දන් දෙන්න. ඔබ හිතන්න හෙට ඔබ වටිනා ලස්සන ඇඳුමක් ගන්න සාප්පුවට යනවා කියලා. ඔබ ඒ කැමැත්ත අතහරින්න. හෙට ඔබ මිලෙන් අඩු…

Read More

පින්වත් ඔබ ලෝකයෙන් හුදකලා වෙන්න. එම හුදකලාව තුල සිටිමින් ලෝකය දකින්න.

මනුෂ්‍යයා තුළින් තෙරුවන් කෙරෙහි සද්ධාව සහ ශීලයේ උතුම් හරයන් ශක්තිමත් වෙනකොට මනුෂ්‍යයා තුල මනුෂ්‍යත්වයේ ඕජාව ලියලා වැඩෙනවා. මනුෂ්‍යත්වයේ ඕජාව කියන්නේ අලෝහ අද්වේශ අමෝහ ධර්මයනුයි. මේ ඕජාව මනුෂ්‍යයා තුළ වැඩෙනකොට තමා තුළින් පංචනීවරණ තුනීභාවයට පත්වී, තමාත් සාමකාමී වෙනවා සමාජයත් සාමකාමී වෙනවා. අධික තෘෂ්ණාව නිසාම මනුෂ්‍යයා මනුෂ්‍යත්වයේ ඉපදීමට අවශ්‍ය ඕජාව සැප සෙවීමට යන ගමනේදී හීනකරගන්නවා. දැන් මනුෂ්‍යයා…

Read More

පිටි කොටන්න ගිය කාලය ඉතිරිවුණා. ඉතිරි කරපු කාලයේ කෝ පිං පිරුණා…?

නවීන තාක්‍ෂණික උපකරණ ගෙදරදොර පරිහරණයට පැමිණීම නිසා ම, එදිනෙදා ජීවිතයේ දී, පිංවත් ඔබට මොන තරම් කාලයේ ඉතිරියක් ලැබී තිබෙනවා ද..! භික්‍ෂුවට මතකයි, අපි පොඩි කාලයේ අවුරුදු ළංවෙනකොට කැවුම් හදන්න අම්මා සමඟ ගල්වංගෙඩියේ හාල් කොටනවා, පිටි හලනවා. හාල් කිලෝ දෙකක් දියේ දමලා පිටි කොටන්න එදා පැය තුන හතරක කාලයක් ගතවෙනවා. වර්තමානයේ එම කටයුත්ත, තාක්‍ෂණය විසින් පැය…

Read More

පිංවත් ඔබ සුන්දර සමාධිමත් සිතකින් ලෝකය දකින්න…

සුන්දර චීවර මාසය අපෙන් ඈත්වෙලා ගියේ, අමතක කළ නොහැකි ගොඩාක් පාඩම් අපිට කියලදීලා. පිනෙන් පිරුණු සුන්දර කඨින පිංකමකට පුළුවන් නම්, එම පිංකම මුල්කොටගත් සංස්කාරයන්ට පුළුවන් නම්, කල්ප ගණනාවක දිව්‍ය සැපයන් අපට ලබාදෙන්න, ඒ සුන්දර කඨින වස්ත‍්‍රයම, චීවර ප‍්‍රත්‍යවෙක්ෂාවෙන් තොරව අපි පරිහරණය කළොත්, කල්ප ගණනාවක්ම දුක් විඳීමට අවශ්‍ය අකුසල්ද විවෘතවම අපේ ජීවිත ඉදිරියේ තිබෙනවා. මෙය සටහන්…

Read More

පිංවත් ඔබ අවංකවම දුප්පත් කෙනෙක් නම්…

පිංවත් ඔබ අවංකවම දුප්පත් කෙනෙක් නම්, ඔබ, ඔබේ පිණ්ඩපාත දානයට බතුයි පොල් සම්බෝලයි පූජා කරන්න. එය ඔබට මහත්ඵල මහානිශංස පිංකමක් වෙනවා. මොකද අවංකවම ඔබට තිබෙන දෙයයි ඔබ දන් දෙන්නෙ. නමුත් යම් පිංවතෙක්, තමන් ප‍්‍රණීතව ආහාර අනුභව කරලා, අනුනට අප‍්‍රණීතව නොවටිනා, දෙවැනි ශ්‍රේණියේ දෙයක් පූජා කරනවා නම්, එවැනි පිංවතුන්ලාට පටිච්චසමුප්පන්නව තමන්ට ලැබෙන කිසිම දෙයකින් සෑහීමකට පත්නොවන…

Read More

පිං පව් එනවා අපි පසු පස්‌සේ – 2.

මේ ලිපිය ලියන අවස්‌ථාවේ භික්‍ෂුව වැඩසිටින්නේ රජරට ප්‍රදේශයේ ආරණ්‍යයකය. භික්‍ෂුව වැඩසිටින ගල් කන්දේ ඉහළ කුටියට ගල් කන්ද පාමුල පිහිටි වැව හොඳට පෙනෙනවා. ඉඩෝර කාලය නිසා වැව හුඟක්‌ හිඳිලා. ඊයේ රාත්‍රී 8.00 පමණ මුළු කඳුවැටියම දෝංකාර දෙමින් වෙඩි හඬක්‌ ඇසුනා. මෙය මේ ප්‍රදේශයට සාමාන්‍ය සිද්ධියක්‌. පිපාසයට ජලය සොයාගෙන එන වන සතුනට දඩයක්‌කරුවන් වෙඩි තියනවා. මුළු රාත්‍රිය…

Read More