බෞද්ධ උපාසකයකු සතුව තිබිය යුතු, උපාසක ගුණ දශය.

“දසිමෙ මහාරාජ, උපාසකස්ස උපාසක ගුණා. කතමෙ දස? ඉධ මහාරාජ, උපාසකො සංඝෙන සමාන සුඛ දුක්ඛෙ, ධම්මාධිපතෙය්‍යො විහරති යථාබලං සංවිභාගරතො හොති. ජිනසාසන පරිහානිං දිස්වා අභිවුද්ධිං වායමති, සම්මා දිට්ඨිකෝ හොති. අපගත කොතුහල මංගලිකො ජීවිත හෙතුපි න අඤ්ඤං සත්ථාරං උද්දිසති. කායිකං වාචසිකං ච රක්ඛිතං හොති. සමග්ගාරාමො හොති සමග්ගරතො, අනුසුය්‍යකො හොති, න ච කුහක වසෙන සාසනෙ චරති, බුද්ධං සරණං ගතො…

Read More

බුදුපියාණන්ගෙන්ම කමටහනක් ලබා ගන්න.

සම්බුද්ධ ශාසනයක්‌ මුණගැසී තිබෙන මෙවැනි දුර්ලභ අවස්‌ථාවක, ගිහි පැවිදි අපි වඩාත් උත්සහගන්නේ ශාසනය ආරක්‍ෂා කරගැනීමට සහ ශාසනයේ බර කරගසා ගැනීමටය. පිරිත, ධර්ම දේශනා, දානමය පිංකම්, විහාර නඩත්තුව, සංවර්ධනය, දහම් පාසල්, ආගමික උත්සව, සමාජ සේවා, සමාජ සේවා කටයුතු නිසා දවසේ නිදි නොලබා අවිවේකයෙන් සිටින විට ඔබට දැනෙන වෙහෙස ඔබ දකින්නේ ශාසනයේ බර කරගසා ගැනීම නිසා ඇතිවෙන…

Read More

බුදු හාමුදුරුවො අපිට කරන්න බැරි කිසි දෙයක් දේශනා කරලා නැහැ

ධම්මපදය දණ්ඩ වග්ගය කාටවත්ම නපුරු වචන කියන්ට එපා! නපුරු වචන කියන්ට ගියොත් අනිත් උදවිය ඔබට පෙරලා, නපුරු වචන කියාවි. රණ්ඩු ඇතිවෙන කතා බස් ඇති කරගැනීම දුකක්. එයින් ඔබටමයි පෙරළා කරදර වෙන්නෙ. ශබ්දය හටගන්න ලෝහ බඳුනක් කඩලා දැම්මා වගේ වචනය සංවර කරගෙන, තමන්ගේ ජීවිතය නිශ්ශබ්ද කරගත්තොත්, තමන් තුළම නිවිලා යනවා. එතකොට ආරවුල් හටගන්නෙ නෑ. ගොපල්ලෙක් කෙවිටෙන්…

Read More

බුදු නෙතින් දුටු මිනිස් සිතක විසිතුරු බව.

බුදුදහම තරම් මිනිස් සිත පිළිබඳ අවධානය යොමු කළ ආගමික දර්ශනයක් ලොව ආගම් ඉතිහාසයේ දක්නට නොලැබේ. සමස්ත බුද්ධ දේශනාව ම සිත පදනම් කොට කරන ලද ඉගැන්වීමක් හෙයින් බුදුදහම මනෝ විද්‍යාත්මක ඉගැන්වීම් සමුදායක් වශයෙන් සැලකීම වඩාත් ම උචිතය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ විමුක්ති පරමාර්ථයේ දී උන්වහන්සේගේ අවධානයට යොමු වූයේ බඹයක් තරම් වූ ශරීරයක් දරමින් ඒ තුළ ක්‍රියාත්මක වන…

Read More

බුදු දහමේ විස්තර කරන භාර්යාවන් වර්ග..

නමෝ බුද්ධාය වරක් භික්‍ෂූන් වහන්සේ ඇමැතූ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ස්ත්‍රිය කරුණු අටකින් පුරුෂයාගේ සිත පැහැර ගන්නා බව දේශනා කළහ. එනම් ස්ත්‍රිය රූපයෙන්, සිනහවෙන්, කතාවෙන්, ගීතයෙන්, හැඬුමෙන්, ක්‍රියා කලාපයෙන් තුටු පඬුරු දීමෙන් මෙන් ම ස්පර්ශයෙන් ද පුරුෂයාගේ සිත පැහැර ගනියි. “අට්ඨහි භික්ඛවේ අකාරේහි ඉත්ථිපුරිසං බන්ධති. කතමෙහි අට්ඨ රූපේන භික්ඛවේ ඉත්ථි පුරිසං බන්ධති. හසිතේන භික්ඛවේ ඉත්ථි…

Read More

බුදු ගුණ කල්පයක් පුරා බුදුරජාණන් වහන්සේ නමක්ම සිහි කලද කල්පය ගෙවී යන්නේය.තවත් බුදු ගුණ ඉතිරි වන්නේය.

▼ ලොව භාග්‍යවත් පුද්ගලයින් බොහෝ ඇත. සතර අපායෙන් මිදී මිනිස් භවයක උපන්නා භාග්‍යවත්ය. මිනිස් ලොව බොහෝ ලෙස ලෞකික සැප විඳින්නන් වේ. දෙව් ලොව ඉපදුනු අයට දුකක් කියා දෙයක් නොදැනෙන තරම්ය. එතරම් සැප එම ලෝක වල ඇත. බ්‍රහ්ම ලොව ගත් කල ඔවුන් ධ්‍යාන සුඛයෙන් යුතුව කල් ගෙවති. බ්‍රහ්ම ලෝක වලද ඉහල ඉහල බ්‍රහ්ම ලෝකයන්හි ඇති සුවය…

Read More

බුදු කෙනකුන් සිංහනාද පැවැත්වීමට හේතුවන කරුණු.

වරක්‌ ලිච්ඡවී පුත්‍ර සුනක්‌ඛත්ත, බුදුරදුන්ගේ බුද්ධ මහිමය අවතක්‌සේරු කළ අවස්‌ථාවක දී බුදුරජාණන් වහන්සේට සිංහනාද පැවැත්වීමට සිදු විය. කුමන අයුරින් ශ්‍රාවකයන් දක්‌ෂතා දැක්‌වුවද බුදුරජාණන් වහන්සේගේ ඥාන ශක්‌තියට සමාන කළ හැකි එකදු ශ්‍රාවකයකු හෝ බුදු සසුනේ නොවීය. ඒ බව ආනන්ද හිමියන් ගෝපක මොග්ගල්ලාන බමුණාට විස්‌තරාත්මකව පැහැදිලි කර දුන්හ. ආශ්‍රවයන් ක්‌ෂය කිරීමෙන් නිර්වාණාවබෝධය ලැබීම යන කරුණෙන් තථාගත හා…

Read More

බුද්ධානුස්සති භාවනාව.

සසර දුක් නිවා නිවනින් සැනසීම පිණිස, නිවන් දැකීමට සුදුසු සිතක් සකස් කරගැනීම සඳහා ජීවිතයට භාවනාවක් එකතු කරගැනීමේ වැදගත්කම ඉහත ලිපි වලින් පැහැදිලි කරන ලදී. ඒ අනුව අලුතින් භාවනාව පටන්ගන්නා පුද්ගලයා විසින් ඒ සඳහා ශීල සංවරයෙන් යුතුව සූදානම් විය යුතු ආකාරය ද පැහැදිලි කරන ලදී. එසේ සූදානම් වන තැනැත්තා භාවනා පූර්ව කෘත්‍යයකින් සිත භාවනා කටයුත්තට සූදානම්…

Read More

බුද්ධානුස්මෘති භාවනාව

(මෙබඳු පොතක සියලු ම කර්මස්ථාන විස්තර කිරීම නුසුදුසු බැවින් සෑම දෙනාට ම ප්‍රයෝජන ගත හැකි ශමථ කර්මස්ථාන ගැන පමණක් විස්තරයක් කරනු ලැබේ.) බුද්ධානුස්මෘති භාවනාව කිරීමේ ක්‍ර‍ම දෙකක් ඇත්තේ ය. ඉන් එකක් බුදුන් වහන්සේගේ රූපකය සිහි කිරීමය. එය කරන්නේ මෙසේ ය:- පළමුවෙන් ම තමාට ප්‍රිය කරන, හොඳය කියා සිතෙන බුදු රුවක් වෙත ගොස්, බුදු – රුව…

Read More

බුද්ධානුශාසණය.

තථාගතයන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන පුද්ගලයන්ගේ සිත් බල බලා අදහස් බලා චරිත බලා …. ඒ ඒ පුද්ගලයන්ට සුදුසු පරිදි අනේකාකාරයෙන් අනුශාසනා කරන සේක… මෙලොව යහපත පිණිස අනුශාසනය කිරීමට සුදුස්සන්ට මෙලොව යහපත පිණිසද …පරලොව යහපත පිණිස අනුශාසනය කිරීමට සුදුස්සන්ට පරලොව යහපත පිණිස ද ….දෙලොව යහපත පිණිස අනුශාසනය කිරීමට සුදුස්සන්ට දෙලොවටම වැඩ පිණිස ද අනුශාසනා කරන…

Read More