(විසුද්ධි මග්ග – 8 වන නිර්දෙශය – අනුස්සති කර්මස්ථාන නිර්දේශය ) භදන්තාචාරීය බුද්ධඝෝෂ ආචාරීන් වහන්සේ වූ කලී, සීහල ට්ඨකථා පාලියට පරිවර්තනය කිරීමෙහිලා , පුරෝගාමී වූ ථෙරිය විභජ්ජවාදී මහ තෙරුන් වහන්සේ නමක් ය .එකල දඹදිව මොරණ්ඩවේටක වාසියකු වූ අප කාතානායකයාන් වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පාලි පර්යාප්ති ධර්මය හා සමයාන්තර භාෂාන්තර පිළිබඳ ව මහත් පරිචයක් ලද තෙර පාණන් වහන්සේ නමක් ය . උන්වහන්සේ විසින් විරචිත විසුද්ධි මාර්ගය වූ සමස්ත ත්‍රිපිටක පර්යාප්ති ධර්මය අළලා විරචිත මහානීය ථෙරීය ස්වර්ණමය පුස්තකයකි. පරිච්ඡේද ගණනින් විසිතුනක් වු විශුද්ධි මාර්ගයෙහි 8 වන පරිච්ඡේදය අනුස්සති කර්මස්ථාන නිර්දේශයයි. එහි මරණය සිහි කළ යුතු ආකාර අටක් පිළිබඳව සංග්‍රහිත ය.ඒ පිළිබඳව යම් හෝ අවබෝධයක් ලබා ගැනීම සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගනු වස් මනාව උපනිශ්‍රය වේ.
වධක පච්චුපට්ඨානය. ” මරණත්ථාය ඔකාසං වධකෝ විය ඒසති.”යන පාඨයට අනුවැ වාදකයෙකු එළඹ සිටි සේ මරණය එළඹ සිටියේ යැයි සිහිකළ යුතුය යන අර්ථයයි. මන් ද ,”උප්පත්තියා සහේවේදං මරණං ආගතං සදා .”යන අරුතින්, මරණය උත්පත්තියත් සමඟම ඒකාන්තයෙන් ම දිවි පැහැර ගන්නා බැවින් ය . මෙලෙස කඩුව අමෝරා ගත් වධකයා කවර හෝ මොහොතක තම ගෙලකපා මරණයට පත් කරන බැවින් ය .එලෙස මරණය කවර හෝ අවස්ථාවක දී සිදුවන බව මෙනෙහි කිරීම වටනේය . උදා : උදය පර්වතයෙන් නැගුණු සූර්යයා අස්ත පර්වතයට යන්නේ ගිය ගිය තන්හි මදකුදු නොනැවතී තගමන් කරන්නා සේ . උදා : පර්වතයෙන් ගලා වැටෙන සැඩ වතුර ඇති ගංගාව මදකදු නොනැවතී ගලා බස්නා සේ. ක්ෂණයක් ක්ෂණයක් පාසා මරණයට අභිමුඛ ව පවත්නා බැවිනි . මෙලෙස සිහිකිරීම වධක පච්චුපට්ඨාන යයි . 2.සම්පත්ති විපත්තිය. ජීවිත සම්පත්තිය මරණ සම්පත්තියෙන් අවසන් වන බව මනා ව අවබෝධ කර ගනිමින් ජාති, ජරා, ව්‍යාධි, මරණාදි මෙලෙස සිහිකලයුතුය. එනම්, × නිරෝගී තාවය ව්‍යාධියෙන් ×යෞවනය මහලු බැවින් ×ජීවිත මරණයෙන් කෙළවර වන බවත් ය . උදා : අහස පැහැර සිටින්නා වූ විශාල ශෛල පර්වත ,සිවුදිගින් මඩිමින් ජරා ,මරණ බ්‍රාහ්මණ ,ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර ,චණ්ඩාල, පුක්කුස සියලු සත්ත්වයන් මඩිමින් එන බවත්ය . මෙලෙස සම්පත් විපත් වශයෙන් මරණය සිහි කළ යුතු ය.
උපසංහරණය අනුන් හා සමානකොට සිතීමෙන් මරණය සිහිකිරීම උප සංහරණය යි . එනම්, 1. යශස් භාවයෙන් 2. 2.පුණ්‍ය භාවයෙන් 3. 3.ථාම භාවයෙන් 4. 4.ඉරිදි භාවයෙන් (මේම වචනය නිවැරැදි ව ගැනිමට අපහසුය.) 5. 5.ප්‍රඥා භවයෙන් 6. 6.පච්චෙක භාවයෙන් 7. 7.සම්‍යක් සම්බුද්ධ භාවයෙන් වශයෙන් ය. ¡. යසස් වසයෙන් මහා යසස් ඇති ධන වාහනයෙන් යුත් මහාගෝවින්ද ,මහා සුදර්ශන, මහා සම්මත ආදී චක්‍රවර්ති රජවරුන් ද මරණයට පත් වූ බව සිහි කරමින් . ¡¡. පුන්‍ය වශයෙන් ජෝතිය, ජටිල ,මෙන්ඩක, උග්ග ආදී පුණ්‍ය ඇති සුප්‍රසිද්ධ සිටුවරු ද මරණයට පත්වූ පත් වූ බව සිහි කරමින් . ¡¡¡.ථාම වශයෙන් වාසුදේව, බලදේව,යුධි ශ්වර ආදී වූ ලෝක ප්‍රසිද්ධ බල පරාක්‍රමයෙන් ශෝභාමත් වූ මහා වීර වරු ද , මරණයට පත්වූ පත් වූ බව සිහි කරමින් . ¡v. ඉර්ධි වශයෙන් මහා ඉර්ධිමත් අරිහතුන් වහන්සේලා අතුරින් අග්‍ර වූ ,ද්විතීය ශ්‍රාවක ,ධර්ම පුරෝහිත ,මහා මොග්ගල්ලාන කෂිණාස්‍රව උතුමන් වහන්සේ ලා වැන්නවුන්, තම මහපට ඇඟිල්ලේන් වෛජයන්ත ප්‍රාසාදය කම්පා කළාක් මෙන් එවැනි උතුමෝ ද පිරිනිවි ගිය සේක. v. ප්‍රඥා වශයෙන් සම්බුදු රජාණන් වහන්සේ හට ප්‍රඥාවෙන් දෙවැනි වූ , ධර්ම සේනාධිපති ,මහා සාරිපුත්ත අරිහතුන් වහන්සේ ද පිරිනිවනට පත් වූ සේක . v¡ .පච්චේක වශයෙන් ස්වකීය ප්‍රඥා වීර්ය බලයෙන් සව් කෙලෙසුන් නසා පසේ බුදු බව ලැබූ , කගවෙහෙණ බදු , ස්වයංභූවරයෝද පිරි නිවුනු සේක . v¡¡ . සම්‍යක් සම්බුද්ධ වශයෙන් . අසිත්‍ය අනුව්‍යංජනයෙන් හා දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයෙන් උපලක්ෂිත වූ , සියලු තත්ත්වයන්ගෙන් මහන් තත්ත්වයට පත්වූ , අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ද, උතුම් පිරිනිවනට පත් වූ සේක . මෙලෙස සත් අයුරකින් උප සංහරණය ලෙස ප්‍රකට වූ ඉහත කරුණු ඔස්සේ මරණය සිහි කටයුතු බව දත යුත්තේය. කායබහුසාධාරණ ය ස්වකීය ශරීරය බොහෝ සත්වයන් ට සාධාරණ බව සලකා බැලීමෙන් , මෙලෙස අසුකුලයක පනුවන්ට සාධාරණ වන බැවින් හා අභ්‍යන්තර බාහිර දහසක් උපද්‍රවයන්ට ශරීරය සාධාරණ බැවින් . මෙකී අර්ථයෙන් කාය බහුසාධාරණයයි . 5. අනිමිත්තය. ආයුෂයාගේ දුබල බව සිහි කරමින් ආයුෂ සිදී ගොස් මරණය සිදුවන බව සිහි කිරීම . උදා : ආශ්වාස ප්‍රශ්වාස නතර වුවහොත් මරණය නියත යි . ශීත උෂ්ණ වෙනසකට හසු වුවහොත් මරණය නියත යි . බොහෝ රෝගාබාධ නිසා ආයුෂ ගෙවී මරණයට පත් වීම . මෙලෙස ආයුෂ දුබල බව සිහි කරමින් මරණය ගැන මෙනෙහි කිරීම වටනේය . ඉතිරි ආකාර ත්‍රිත්වය , මතුවට ලිපියකින් පළ කිරීමට බලාපොරොත්තු වන්නෙමු , මෙතෙක් මෙය ප්‍රමාණවත් ය . (අපගේ ත්‍රිපිටක ධර්ම පීඨයේ ත්‍රිපිටක ධර්මාචාරින් වහන්සේලා හා අපගේ ආචාරයොත්තමයාණන් වහන්සේ ලාගේ මගපෙන්වීම හා විශුද්ධිමග්ග හැදෑරීමෙන් ලද ආභාෂය අනුව සකස් කරන ලද ස්වයං ලිපියකි . නිබ්බාන පච්චයො හෝතු !!!.
මීට මෙත්සිතින් ,
පූජ්‍ය කැලණිය ධම්මගවේසී හිමි,
ශ්‍රි ශාසනෝදය ත්‍රිපිටක ධර්මායතනය,
වත්තෙමුල්ල , බාදුරාගොඩ.