ආනිශංස ධර්මයෝ හොඳින් හැසිරෙන මොහොතක්.

පිංවත “ධර්මයෝ ධර්මයෝ ම වඩත්, අධර්මයෝ අධර්මයෝ ම වඩත්” ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පිංවත ඔබ මෛත්‍රියය වඩන්න, එවිට සමාජය තුළ මෛත්‍රියයේ ආනිශංස ධර්මයෝ ම වැඩිලා යාවි. පිංවත ඔබ සිල්වත්භාවය ම ජීවිතවලට එතකු කොට ගන්න, එවිට සීලයේ ආනිශංස ධර්මයෝ ම සමාජය තුළ වැඩිලා යාවි. පිංවත ඔබ දානය, ත්‍යාගය ම ජීවිතයට පුහුණු කරන්න, එවිට…

Read More

සද්ධර්මයේ අර්ථයන් ජීවිතයට එකතු කර ගන්න.

පිංවත අවිද්‍යාවේ දොර ජනෙල් වසාගෙන ජීවත් වෙන්න එපා. සද්ධර්මයේ ඒහිපස්සික සිසිල් සුළං ඔබේ ජීවිතයට නො වදීවි. අවිද්‍යාවේ දොර ජනෙල් විවෘත කොට තබන්න, එවිට විද්‍යාවේ ආලෝකය වන චතුරාර්ය සත්‍යය දැක්මෙන් ඔබේ ජීවිතය ආලෝකවත් වේවි. පිංවත ඔබේ නිවසේ විදුලි බුබුළු සියයක් දැල්වුණත්, ඔබ අකුසල් වඩනවා නම්, එම විදුලි ආලෝකයට ඔබේ ජීවිතය ආලෝකවත් කරන්න බැහැ. ඝනාන්ධකාර රාත්‍රියක දී…

Read More

භිස ජාතකය

එක් කලෙක අප මහ බෝසතාණන් වහන්සේ බරණැස් නුවර අසූ කෙළක් ධනය ඇති බ්‍රාහ්මණ කුලයක උපන්හ. මහාකඤ්චන කුමාරයෝ ය යි උන්වහන්සේට නම තැබූහ. උන් වහන්සේට බාල සහෝදරයෝ සදෙනෙක් ද සහෝදරියක් ද වූහ. කාමය කෙරෙහි නො ඇලුණා වූ ඔවුහු විවාහ ජීවිතයට බැස නො ගත්හ. ඔවුහු මාපියන් ජීවත් වන තාක් ඔවුනට උපස්ථාන කරමින් සිට මාපියන් ඇවෑමෙන් ඔවුනට හිමි…

Read More

ස්වාභාව ධර්මය සමඟ නිදහසේ ජීවත් වෙන්න.

පිංවත ලෝකය උඩු යටිකුරු වෙමින්, යළි යටි උඩුකුරු වෙමින් පටිච්චසමුප්පන්නව ගමන් කරනවා. පිංවත තෘෂ්ණාව තිබෙන තැන උපාදානයෝ තිබෙනවා. උපාදානයෝ තිබෙන තැන භවය, ජාති, ජරා, ව්‍යාධි, මරණයෝ තිබෙනවා. පිංවත මේ ජීවිතයේ විසිතුරු රටා දමලා, ලස්සනට මල් වට්ටි හදන දරුවෙක් සිටිනවා. මේ දරුවා ලස්සන විසිතුරු රටා දැමූ මලින් බුදුසමිඳුන්ට පූජා පවත්වනවා. එම පිනෙන් එම දරුවා පටිච්චසමුප්පන්නව ඊළඟ…

Read More

පංච උපාදානස්කන්ධ කෞතුකාගාරයේ අවිද්‍යාවේ පුරාවස්තු.

පිංවත පිණ්ඩපාත මඩුවට තම පියා විසින් වඩාගෙන පැමිණි පුංචි දියණියක් තම අම්මාට කියනවා, “අම්මේ, ඔයා හරිම නරකයි, ඔයා මාව පොඩ්ඩක්වත් වඩාගෙන පැමිණියේ නැහැ, තාත්තා විතරමයි මාව වඩාගෙන එන්නේ” කියලා. පුංචි දියණියගේ කටකාර කතාව නොතේරුම්කමට තම අම්මාට කරපු අගෞරවයක් කියලයි භික්ෂුවට නම් සිතුණේ. පිංවත අම්මා කෙනෙක් පැයක් හෝ දෙකක් නොවේ, එක දිගටම දස මාසයක් ම පුංචි…

Read More

සීලයෙන් පෝෂණය වූ ආර්ය විමුක්තියේ ශක්තිය.

පිංවත ඔබ මොහොතක් ඔබේ අතීත පංච උපාදානස්කන්ධයට සිත යොමු කරන්න. ඒ කියන්නේ ඔබේ අතීත ජීවිතයට සිත යොමු කරන්න. පිංවත ඔබගේ අතීත ජීවිතය පුරාවට සැප වේදනාවෝ ද වැඩි, දුක් වේදනාවෝ ද? භික්ෂුවගේ අතීත ගිහි ජීවිතයේ දී නම් දුක් වේදනාවෝ ගොඩාක් වැඩියි. සතුටුවීම්වලට වඩා පසුතැවීම් ගොඩාක් වැඩියි. ඒත් ඒ කිසිදු පසුතැවීමකට වර්තමානයේ භික්ෂුවගේ ජීවිතයට හානියක් කරන්න බැහැ….

Read More

තෘෂ්ණාව නිසා හැදෙන උපාදානයන්ගේ සිහින.

පිංවත උතුම් සෝවාන්ඵලයට පත් නොවූ සෑම පිංවතෙක් ම, කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවාය කියන ධර්මානුකූල අර්ථය රටේ ඔඩුදුවන මැතිවරණ උණුසුමත් සමග සක්සුදක් සේ පැහැදිලියි නේද? පිංවත සක්කාය දිට්ඨියේ දැඩිභාවයෙන් පැතිරී යන මේ මානසික ව්‍යාධිය උත්සන්න වුණොත්, ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී යන දෙදෙනා පෘථග්ජනභාවයට ඇද වැටෙන්න පුළුවන්. පිංවත මනුෂ්‍යත්වයේ මෙලෝ රහක් නැති අපේ රටේ දේශපාලනය, අකුසලයේ මාර…

Read More

හේතුඵල ධර්මයන් දකින සිහිනුවණ.

පිංවත රටේ දේශපාලන උණුසුම එන්න එන්නම වැඩියි නේද? ඔබත් දේශපාලනයෙන් උණුසුම් වෙළා ද ඉන්නේ? පිංවත ධර්මානුකූලව වර්තමාන දේශපාලන උණුසුම කියන්නේ දේශපාලනයේ ආස්වාදයයි. රටෙන් බහුතරයක් ම දේශපාලනය හේතුවෙන් සකස් වන සළායතනයන්ගේ ඵස්සය තෘෂ්ණාවෙන් තෙත් කරමින්, කාමයේ සහ රූපයේ ආස්වාදය ලබනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කාමයේ සහ රූපයේ ආස්වාදය කෙටි ය කියලා. පිංවත අපි හැමෝම සැප්තැම්බර් 22…

Read More

ලෝකය කෙරෙහි අවබෝධයෙන් කලකිරෙන්න.

පිංවත සමාජය දෙස බලද්දී, ඔබට මොකක් ද සිතෙන්නේ? සමාජය තුළ ක්‍රියාත්මකවන දුශ්ශීලභාවයන්, අසත්පුරුෂභාවයන්, ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයන්, බිඳ වැටෙන සංස්කෘතික සදාචාර ධර්මයන් දකිද්දී, ඔබ තුළ කලකිරීමක්, ගැටීමක් ඇති වෙනවා ද? එසේත් නැතිනම් සමාජය තුළ ක්‍රියාත්මකවන කාමච්ඡන්දයන්, රූපයේ ආස්වාදයන් සහ සිල්පද බිඳිමින් ලබන මිච්ඡා ආස්වාදයන් දැකලා, ඒවා සිත් සේ වඩලා ඔබ තුළත් සතුටක්, කැමැත්තක් සමාජය…

Read More

කාමයේ පීඩාවෙන් අඩා වැළපුණ තෙරණිය.

මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ට කිරි මවක් සිටියා. ඒ කිරි මවත් අතීත බුද්ධශාසන වල බොහෝ පින්කම් සිදු කර ගෙන සිටි කාන්තාවක්. මහා ප්‍රජාපතී ගෝතමී දේවිය පැවිදි වුණාට පසුව මේ කාන්තාවත් පැවිදි වුණා. පැවිදි වූවත් ඇය කාමරාගයෙන් දැඩි සේ පීඩාවට පත් වුණා. එක් සුළු මොහොතක්වත් හිත එකඟ කරගන්නට ඇයට බැරි වුණා. කාමරාගයෙන් තමන්ව ගලවා ගන්නට බැරි…

Read More