ඔබ දුකෙන් මිදී යන්න.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින කියන්නේ සැපයට කියන තවත් නමක්ය කියලා. යම් පිංවතෙක් සැපයෙන් නම් ජීවත් වෙන්නේ ඒ පින නිසාමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සැබෑම සම්මා පින අයිතිවන්නේ, උතුම් සම්මා දිට්ඨියේ පටන් සම්මා ආජීවෝ දක්වා, මාර්ග අංග පහකින් පෝෂණය වූ සම්මා වායාමයන්ටයි. සැබෑම අර්ථවත් සම්මා වායාමයන් තුළ, ලෞකික ප‍්‍රඥාවත්, ආජීව අට්ඨමක ශීලයේ ශක්තියත් හොඳින්ම මුහුවෙලා තිබෙන්නට…

Read More

ඔබ ඔය සුරතල් කරන්නේ සතර අපායයි.

ඉතාම ලෙන්ගතුභාවයෙන් සතුන් ඇති කිරීමෙන් සිදුවන භායනක අනතුර නම් ජලභීතිකාවත්, මැලේරියා, බරවා, වැනි රෝගවත් නොවේ. ඒවා වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් සුවපත් විය හැකිය. සතුන් ඇති කිරීමෙන් සිදුවන්නා වූ භයානකම අනතුර ගැන ඔබ අවධානයෙන් සිටිය යුතුය. ඔබ සිතන්න ඔබ ඉතා ආදරයෙන් ඇති දැඩි කරපු සතෙක්‌ මියයනවා. මියගිහින් ඔබ ඇසුරේම ප්‍රේත සතෙක්‌ ලෙස උපදිනවා ඔබ නොදන්නවාට මේ ප්‍රේත…

Read More

ඔබ ඔය ඊර්ෂ්‍යව කියන්නේ සංස්කාරවලට බව දැනගන්න.

ඊර්ෂ්‍යාව කියන වචනය සටහන් තබනකොටම එහි තරමක පැටලිලි ස්‌වභාවයක්‌ තියෙනවා. ඒ පැටලැවිල්ල වගේමයි ඊර්ෂ්‍යාව කියන වචනයේ අර්ථය අපව භවගමනේදී පටලවන්නේ. මමය කියලා ගන්න දෘෂ්ටියේ දැඩිභාවය නිසාම, ලෝකයා අපව ඉක්‌මවා යනවාට අපි කැමති නැහැ. හැකියාවෙන්, දැනුමෙන්, රූපයෙන්, වත්පොහොසත්කම්වලින්, ගරුසත්කාරවලින්, එකිනෙකා පරයා යනකොට එතැන සකස්‌වෙන්නේ ඊර්ෂ්‍යාව කියන ධර්මතාවයයි. සංස්‌කාර කියන ධර්මතාවයේ අර්ථය නොවැටහෙන්න, නොවැටහෙන්න මනුෂ්‍යයා ඊර්ෂ්‍යාව දෙසටමයි…

Read More

එක රූපයක්‌, දීර්ඝ වූ කටුක වූ ලෝකයක්‌ නිර්මාණය කොට දෙන බව දැකීම.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘මහණෙනි, සාරිපුත්ත ඔබලාගේ කිරිමවය කියලා. සංඝ සමාජයේ හැමෝගේම දුක සැප සොයා බලනවා. සිව්පසය ලැබීම, නොලැබීම සොයා බලනවා. හැමෝටම ආදර්ශයෙන් ගුරුහරුකම් දෙනවා. කුසලය තුළ සැවොම ශක්‌තිමත් කරනවා. රාහුල ස්‌වාමීන් වහන්සේ යම් වරදක්‌ පෙන්වා දුන්නත් නිහතමානීව එම වරද නිවරුදිකර ගන්නවා. මෙවන් උතුම් ගුණයන් දෑසින් දකින්න නොහැකිවීම අපි සැමගේම අවාසනාවක්‌ වෙනවා. පිංවත් ඔබට පුළුවන්,…

Read More

උප්පැන්නයෙන් එහා ඔබේ සැබෑ වයස ගැන සිතන්න.

භික්‍ෂුව දිනක්‌ කුටියක වැඩසිටිනකොට පිංවත් මහත්මයෙක්‌ කුටියේ කැපකරු මහත්මයා හරහා දැනුම් දුන්නා, හෙට උදේට පිණ්‌ඩපාත දානය බෙදාගන්න කුටියේ පිණ්‌ඩපාත මඩුවට එනවාය කියලා. භික්‍ෂුව උදෑසන පිණ්‌ඩපාත මඩුවට වැඩම කරලා විනාඩි කිහිපයකට පසුව, ලොකු බෑගයක්‌ අරගෙන එම පිංවතුන් පැමිණියා. ගමේ පිණ්‌ඩපාතය බෙදන්න පැමිණි දායක පින්වතුන් දැන් බලාගෙන සිටිනවා. මේ මහත්වරුන් තම බෑගයෙන් රූපවාහිනී කැමරාවකුත්, කැමරා රඳවනයකුත් එළියට…

Read More

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය.

දොළොස් මහේ පොහොය අතුරින් උඳුවප් පුර පසළොස්වක පොහොය ලාංකේය වනිතාවට සුවිශේෂී වූ දිනයකි. එකල පරාධීනව පසු වූ ලාංකේය වනිතාවගේ විමුක්තිය උදා කළ පහන් ටැඹ වූ සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේගේ ලංකාගමනය සිදු වූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහොය දිනක ය. ප්‍රඥාව ඇත්නම් නිවන් පුරයට පිවිසෙන මාවතට එළැඹීමට මුළුගැන්වුණු ස්ත්‍රීත්වය බාධාවක් නොවේ. ඒ බව පසක්…

Read More

උතුම් ශාස්තෲන් වහම්සේ නමකට ණයකාරයෙක් නම් වෙන්න එපා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘පිංවත් අනුරුද්ධ, බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ ජනතාව විශ්මයට පත්කරන්නවත්, ජනතාව සුරතල් කරන්නවත්, ලාභ සත්කාර ලබන්නටවත්, මා ගැන මෙසේ යෑයි හඳුනාගැනීමටවත් නොවේ. ශ්‍රාවකයින්ගේ මෙලොව, පරලොව යහපත උදෙසාමයි’ කියලා. බුදුරජාණන්වහන්සේගේ මහා කරුණාව යොමුවන්නේ සත්වයාගේ මෙලොව පරලොව ඉලක්‌කකොට පමණක්‌මයි. මේ සා අසිරිමත් රැකවරණයක්‌ වූ ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ මහා කරුණාගුණයේ රැකවරණය දරුවෙක්‌ උදෙසා, බිරිඳක්‌, ස්‌වාමිපුරුෂයෙක්‌, තනතුරක්‌,…

Read More

උතුම් ශ්‍රී පාද ලාංචනයේ පිහිටි 108ක් මංගල කරුණු.

තෙරුවන් සරණයි ..! (උතුම් ධර්මදානය පිණිස බෙදාහැර අප්‍රමාණ පිං රැස්කර ගන්න ) කරුණා නිධාන භාග්‍යවත් බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී පාද යුග්මයෙහි පිහිටි උතුම් මංගල ලකුණු 108කි. 1.ස්වස්තිකය 2.ශ්වේතොත්ඵල 3.රක්තොත්ඵල 4.ශ්වේතපද්ම 5.රක්තපද්ම 6.පූර්ණ පාත්‍ර 7.පූර්ණ ගටය 8.නීලෝඵල 9.නදවට 10.පුන්කලස 11.වල්විදුනා 12.සොවැති 13.සිරිවස 14.පිල්කලජ 15.අවතංස 16.නළල්පට 17.හිමාලවනය 18.මගුල් තොරණ 19.මිණි තොරණ 20..මගුල් කඩුව 21.ප්‍රාසාදය 22.කෛලාස පර්වතය 23.ශ්වේතඡත්‍ර…

Read More

උතුම් බුදුගුණයන් නොවන්නට මම අද කොහෙදැයි සිතුවා ද?

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තෙරුවන් සරණ ගිය පිංවතෙක්, පිංවතියක්, බහුල වශයෙන් වාසය කළ යුතු විහරණය, බුදුරජාණන් වහන්සේගේ ගුණයන්, සිහිකිරීමය කියලා. මෙය සටහන් තබන භික්‍ෂුවට, නිරතුරුවම බුදු ගුණයන් සිහිපත් වෙනවා. අපට කවදාකවත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් සතු උතුම් බුදුගුණයන් ඇතිකොට ගන්න බැහැ. බුදුගුණයන්, බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ වූ ගුණයන්. භික්‍ෂුවගේ, භික්‍ෂු ජීවිතය සිහිපත් වෙද්දී, භික්‍ෂුවට…

Read More

ඊයේ අද මෙන් හෙටටත් හඳුනගන්නේ මායාවක්.

පිංවත් ඔබ පෙර භවයන්හි හඳුනාගැනීම් වලට සිත යොමුකරන්න. අතීත භවගමනේදී පිංවත් ඔබ පටිච්චසමුප්පන්නව ඇසෙන්, කනෙන්, නාසයෙන්,දිවෙන්, ශරීරයෙන්,මනසින් මොනතරම් හඳුනාගැනීම් ඇතිකර ගන්නට ඇතිද? මේ බුදුරජාණන් වහන්සේ නමක්‌, මේ පසේ බුදුරජාණන් වහන්සේ නමක්‌, මේ රහතන් වහන්සේ නමක්‌, මේ රහත් භික්‍ෂුණීන් වහන්සේ නමක්‌ යෑයි හඳුනාගත් අතීත සංඥාවන් සියල්ලක්‌ම වෙනස්‌වී ගියා. මේ සක්‌විති රජකෙනෙක්‌, මේ තුසිතය, මේ යාමය, මේ…

Read More