මාංශයට ඇලී, මාංශයට ගැටී තවත් මස් ගොඩක් දරාගෙනම ඉපදෙමු ද?
මෙය සටහන් කරන භික්ෂුව හෙටත් උදෑසන පාත්රය රැගෙන ගමට පිණ්ඩපාතය වඩිනු ඇත. එහිදී පාත්රයට බත් ටිකකුයි පොල් සම්බෝල ස්වල්පයකුයි ලැබුණොත් ඇති. එය භික්ෂුවට හොඳටම ප්රමාණවත් පහුවදා උදෑසන දක්වාම. එය භික්ෂුව දකින්නේ බත් හෝ පොල් සම්බෝල හැටියට නොවේ. කය පවත්වා ගැනීමට ලැබුණු පිළිකුල සහිතවූ ආහාරයක් ලෙසය. මස්, මාළු, බත්, පරිප්පු, පොලොස්. මේවා මුලාවූ ලෝකයාට බඩ පිරෙන්න…