සතිපට්‌ඨාන ධර්මයට අදාළව වේදනානුපස්‌සනාව වඩමු.

භික්‍ෂුවගේ ගිහි ජීවිතයේදී මම සැප, දුක්‌, වේදනාවන් සල්ලි දීලා ගත්ත කෙනෙක්‌. අනුන්ගේ සැප දුක්‌ බලෙන් ගත්ත කෙනෙක්‌. පිංවතුන්ලා සැප වේදනාවන් සොයමින්, දුක්‌ වේදනාවන් ප්‍රතික්‍ෂේප කරමින් යනවිට, භික්‍ෂුව සැප දුක්‌ වේදනා සොයාගිය කෙනෙක්‌. භික්‍ෂුව සැප ගිහි ජීවිතයේ එක තත්ත්පරයකදීවත් එරමිණියා ගොතාගෙන වේදනානුපස්‌සනාව පුහුණුකරලා නැහැ. මම ගිහි ජීවිතයේදී වේදනාවේ අනිත්‍යභාවය දැක්‌කේ, රූපය ඇසුරින් දුක්‌ සැප වේදනාවන් තුළට…

Read More

සංසාර බිය නොදකින සිත, සංසාර දුක දකින්නේ නැත.

පිංවත් ඔබගෙන් භික්ෂුව ඇසුවොත් තෘෂ්ණාවට කියන තවත් නමක් කියන්න කියලා සමහරවිට ඔබ කියාවි, සැපය යැයි කියලා. මොකද අපි හැමෝම ජීවිත කාලය පුරාම, තෘෂ්ණාවෙන් සොයන්නේ සැපයම නිසා, පිංවත් ඔබ තෘෂ්ණාවෙන් මොහොතක් මිදිලා, තෘෂ්ණාවේ මිත‍්‍රද්‍රෝහීභාවය ධර්මානුකූලව නුවණින් දකින්න. එවිට ඔබට වැටහේවි තෘෂ්ණාව කියලා කියන්නේ, දුකට කියන, අඳුරට කියන, කෙටි ආශ්වාදය පසුපස තිබෙන දීර්ඝ ආදීනවයටය කියලා. බුදුරජාණන් වහන්සේ…

Read More

සංස්කාර යනු පංචඋපාදානස්කන්ධ මාරයාගේ තවත් නිෂ්පාදනයක්මය.

උතුම් සම්මා දිට්‌ඨියට පත්වූ පිංවතා, තමන් බියට පත් නොවන වගේම අනුන්ව බියට පත් නොකරන පිංවතෙක්‌. ඔහු තුළ ඇති කර්මය, කර්මඵල විශ්වාසය නිසා සියලු ජාතිකයන්, සියලු ආගමිකයන්, රකින පෝෂණය කරන පිංවතෙක්‌. තමන් මැරෙනවාය, මැරිලා පටිච්චසමුප්පන්නව උපදිනවාය කියල හිතන්න දක්‍ෂ පුද්ගලයෙක්‌. ඔහු හැම ආගමකටම, හැම ජාතියකටම අයත් සෑම පිංවතෙක්‌ම සංසාරයේ තමන්ට අම්මා තාත්තා වෙලා තිබෙනවාය, අතීත භවයන්හිදී…

Read More

සංස්කාර – 09.

භික්‍ෂුව වැඩසිටින කුටිය ප්‍රදේශයේ විසිදෙනෙක්‌ගෙන් පමණ සමන්විත වඳුරු රංචුවක්‌ ජීවත්වෙනවා. මේ වඳුරු රංචුවෙන් ගම්මානයේ ගොවි ජනතාවට ගොඩක්‌ හිරිහැර වෙනවා. පසුගිය සතියේ දවසක එක්‌ වැඩුණු වඳුරෙක්‌ මුළු දවසම කුටිය ඉදිරිපිට ගසේ රෝගීව සිටියා. ගමේ කෙනෙක්‌ තියුණු පිහියකින් පසුපස ප්‍රදේශයට පහරදීලා. අඟලක පමණ කැපුමක්‌ නිසා වඳුරාගේ පසුපස කකුල පණ නැහැ. සවස්‌ වෙනවිට වඳුරා ගහෙන් බැහැල බොහොම අමාරුවෙන්…

Read More

සංස්කාර – 08.

පංචඋපාදානස්‌කන්ධයට අදාළව, සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය ගැන, මෙම සටහන අවසන් කිරීමට සූදානම්වන මොහොතේ, භික්‍ෂුවගේ භික්‍ෂු ජීවිතයේ මුල් මාස කිහිපය තුළ විපාකයට පැමිණි, කුසල් සංස්‌කාරයක්‌ ගැන මෙහි සටහන් තබනවා. භික්‍ෂුවට මතක්‌වෙනවා මීට වසර අටකට පෙරාතුව, භික්‍ෂුව සාමනේරකෙනෙක්‌ වශයෙන් ආරණ්‍යයක වැඩසිටියදී අහම්බෙන් වගේ සිදුවූ හමුවීමක්‌. ඒ හමුවීම තමයි මෙම ලිපි පෙළ ඉදිරිපත් කරන ඉන්ද්‍රජිත් සුබසිංහ මහත්මයාගේ හමුවීම. කළුතර වසන්ත…

Read More

සංස්කාර – 07.

භික්‍ෂුව දිනක්‌ කුටියක වැඩසිටිනකොට පිංවත් මහත්මයෙක්‌ කුටියේ කැපකරු මහත්මයා හරහා දැනුම් දුන්නා, හෙට උදේට පිණ්‌ඩපාත දානය බෙදාගන්න කුටියේ පිණ්‌ඩපාත මඩුවට එනවාය කියලා. භික්‍ෂුව උදෑසන පිණ්‌ඩපාත මඩුවට වැඩම කරලා විනාඩි කිහිපයකට පසුව, ලොකු බෑගයක්‌ අරගෙන එම පිංවතුන් පැමිණියා. ගමේ පිණ්‌ඩපාතය බෙදන්න පැමිණි දායක පින්වතුන් දැන් බලාගෙන සිටිනවා. මේ මහත්වරුන් තම බෑගයෙන් රූපවාහිනී කැමරාවකුත්, කැමරා රඳවනයකුත් එළියට…

Read More

සංස්කාර – 06.

පිංවත් ඔබ වර්තමානයේ සිටම ‘මහ රහතුන් වැඩි මඟ ඔස්‌සේ’ කියලා මතකයට එනකොටම, ‘සංස්‌කාරයෝ අනිත්‍යයි‘ කියලා දකිමින් පුහුණු වෙන්න. ඔබට මේ සටහන් තබන භික්‍ෂුව සිහිපත් වුණොත්, ඒ මොහොතේම, භික්‍ෂුවගේ රූපය මළ කඳක්‌ කොට දකින්න. ඒ මළකඳ මහපොළොවට පස්‌වෙනවා නුවණින් දකින්න. ඔබ දෙපා තබාගෙන සිටින මහ පොළොවේ පස, නුවණින් දකිමින් සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි..! වශයෙන් නුවණින්…

Read More

සංස්කාර – 05.

පිංවත් ඔබ, දෑස්‌ පියාගෙන අතීතයේ නිතිපතා අකුසල් කඳු නිසා කල්ප විනාශයන්ට මැදිවී, ඔබත් මමත් පිච්චි, පිච්චී මියගිය තැන නුවනින් දකින්න. එදාට සත්ත්වයාගේ ආයුෂය වන්නේ එක සිතිවිල්ලක්‌ සකස්‌වෙන කාලයයි. සංස්‌කාරයන් පිංවත් ඔබට කරන මේ තියුණු විනාශය නුවනින් දකිමින් සංස්‌කාරයෝ අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි..! වශයෙන් මෙනෙහි කරන්න. සත්ත්වයාගේ අවිද්‍යාව නිසාම, අනිත්‍ය වූ සංස්‌කාර විසින් ලෝකය පාලනය කරනවා. සංස්‌කාර…

Read More

සංස්කාර – 04.

අවිද්‍යා නිරෝධෝ සංකාර නිරෝධෝ…! සංස්‌කාර නිරෝධයෙන් භවයෙන් නිවීගිය ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා, මහ රහතුන් වහන්සේලා ආදී උතුමන්, ගිනි ගොඩක දර අහවර වීමෙන් ගිනිගොඩ යම්සේ නිවී යන්නේද, සංස්‌කාර නිරෝධයෙන් එම උතුමන්ගේ විඤ්ඤාණය තමා තුළින්ම නිවීගිය හැටි නුවණින් දකිමින්, සංස්‌කාර නිරෝධය කෙරෙහි ඡන්දය ඇතිකරගන්න. අකුසල් සංස්‌කාරයන්ගෙන් මිදී කුසල් සංස්‌කාරයන් රැස්‌ කරගනිමින්, කුසල් අකුසල් සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙන්න. විවේකීව…

Read More

සංස්කාර – 02.

එක මහත්මයෙක්‌, තමන්ගේ ඉඩමේ වැටමායිමකට මුළු ජීවිතයම නඩු කියලා, වැට මායිමේ අයිතිය ගැනම හිතලා, ඒ ගැන සිතමින් සිටියදීම මිය යනවා. පටිච්චසමුප්පන්නව ඒ මහත්මයා එම ඉඩමේ ප්‍රේතයෙක්‌ වශයෙන් උපත ලබනවා. ඒ වැටමායිම ළඟ සිටිමින් තවමත් මායිමේ අයිතිය ගැන සිතනවා. නිමාවක්‌ නැති සිතීම, නිමාවක්‌ නැති භවය පෝෂණය කොටදෙනවා. ලෝකයේ කටුකම, බියකරුම, ගැඹුරුම, දීර්ඝම, අමිහිරිම දෙය මොකක්‌ද කියලා…

Read More