ඔබ සැබැවින්ම ධර්මානුකූල බෞද්ධ පිංවතෙක් ද?

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ නමක් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනක් දස පාරමී ධර්මයන් පුරලා, උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ, ලෝකයාට චතුරාර්ය සත්‍ය කියන එකම ධර්මය දේශනා කිරීමටයි. උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථය කියන්නේ, මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයටයි. පිංවත් ඔබ බුදුරජාණන් වහන්සේ් සැබැවින්ම සරණ ගියා කියන්නේ, බුදුරජාණන්වහන්සේ කෙරෙහි ශ‍්‍රද්ධාව ඇති කොටගත් සැබෑම බෞද්ධයෙක්ය කියලා කියන්නේ මේ උතුම් චතුරාර්ය…

Read More

ඉසුරු සොයා යන්න ද කල්පනාව…?

භික්‍ෂුව හොඳින් දන්නා පිංවත් මහත්මයෙකුට මේ දිනවල ගැටලුවක්‌ මතුවෙලා. ඒ ගැන භික්‍ෂුවගෙන් අවවාදයක්‌ බලාපොරොත්තු වුණා. ඒ මහත්මයාට හදිස්‌සියේම බටහිර රටකට පදිංචියකට යන්න අවස්‌ථාවක්‌ ලැබිලා. මේ හේතුව නිසා ඒ මහත්මයාගේ සිතේ මේ දවස්‌වල ලොකු යුද්ධයක්‌. යම්දෝ.. නොයම්දෝ… කියලා. ඉහත ප්‍රශ්නය අරභයා මේ මහත්මයාගේ සිත බොහොම ගැඹුරින් තර්ක විතර්ක කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සිත කියන්නේ මාරයා…

Read More

‘මම’ කියන සංඥාව ගලවා ඉවත් කරන්න..

සම්මා සම්බුද්ධ ශාසනයේ දීර්ඝායුෂ උදෙසා භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා සිව්වනක් පිරිසගේ චතුරාර්ය සත්‍ය දැක්ම, විවේකීභාවයෙන් යුතුව වර්ධනය කොටගැනීම උදෙසා, බුදුරජාණන් වහන්සේ පැනවූ තවත් සුන්දර වස්සානයක් උදාවෙලා. භික්ෂුව වැඩ සිටින දුර බැහැර ගම්මානයේ වස්සානය අර්ථවත් කරන වැස්ස ආගිය අතක් නැති වුවත්, භික්ෂුව වැඩ සිටින කුටියේ, පොල් අතු වහලයේ පොල් අතු, ඉහළට එසවී යන තරමට තද සුළඟක්…

Read More

ජිවිතය කියන්නේ හරිම පරස්පරයක්.

අපි නිදහස විවේකය උදෙසා කොපමණ දේවල් කරනවාද? විවේකය ගත කිරීම සඳහා කොතරම් වියදම් කරනවාද? නමුත් එක සිතිවිල්ලක්‌ නවතා ගැනීම තුළ මොන තරම් නිදහසක්‌ ලබන්න පුළුවන්ද? අපි විවේකය කියලා හොඳට කාලා බීලා නිදාගෙන විනෝද වෙලා පංචනීවරණ තීව්‍ර වෙලා. තව තවත් කෙළෙස්‌වළ සිරගත වීමකුයි කරගන්නේ. දුක නිසා සැප සොයනවා. සැප නැවතත් දුකකටම ඇද දමනවා. ඒ නිසාමයි නැවත…

Read More

බුදු ගුණ මෙනෙහි කිරිමේ අනුසස්

බුද්ධානුස්සති භාවනාව කරන්නා වූ තැනැත්තාගේ සන්තානය නිතර උපදනා බුදු ගුණ පිළිබඳ සිත් වලට වාසස්ථානයක් වීමෙන් චෛත්‍යයක් බඳු වේ.එයින් ඒ පුද්ගලයා මෙලොව වාසනාවන්ත පුද්ගලයෙක් වේ.එබැවින් බුද්ධානුස්සතිය වඩන පුද්ගලයා පැවිද්දෙක් නම් පැවිද්දෙක් විසින් පැමිණිය හැකි දියුණුවට ද, ගිහියෙක් නම් ගිහියෙක් විසින් පැමිණිය හැකි දියුණුවට ද මෙලොවදීම පැමිණේ. මේ භාවනාව කිරීම බුදුන් වහන්සේ සමඟ විසීමක් වැනිය.එබැවින් ඔහුගේ සිත…

Read More

මාගන්දිය සූත්‍රය.

මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුරුජනපදයෙහි කම්මාස්සදම්ම නම්වූ කුරුවැස්සන්ගේ නියම් ගමෙහි භාරද්වාජගොත්ත නම්වූ බ්‍රාහ්මණයාගේ ගිනිපුදන ශාලාවෙහි තණ ඇතිරියෙක්හි වාසය කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උදය කාලයෙහි හැඳ පොරවා පාත්‍රා සිව්රු රැගෙන කම්මාස්සදම්ම නම් ගමට පිණ්ඩපාතය පිණිස පැමිණියෝය. කම්මාස්සදම්ම නම් ගමෙහි පිඬු පිණිස හැසිර බතින් පසු කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ එක්තරා වන…

Read More

මැජික් කාරයෙක් වන් වූ විඤ්ඤාණය.

භික්‍ෂුවක්‌ එක්‌තරා කැළෑබද ආරණ්‍යයක වැඩ සිටියදී, සමාධියෙන් පසුවන විට විඤ්ඤාණ ධාතුවේ ප්‍රවේගකාරී බව පිංවත් ඔබට මැනවින් අවබෝධ කරගැනීමට හැකි ධර්මතාවයක්‌ දර්ශනය වුණා. ඒ තමයි ඕපපාතිකව උපත ලබන යක්‍ෂයකුගේ ඉපදීම, එසේත් නැතිනම් පහළවීම. පිංවත් ඔබ මවකට දරුවෙක්‌ බිහිවන හැටි, තිරිසන් සතෙක්‌ විසින් පැටවෙක්‌ බිහිකරන සැටි. කිකිළියෙක්‌ බිත්තර දමන හැටි දන්නවා. නමුත් මේ ජීවිතය සකස්‌වීම සඳහා මුල්…

Read More

පිංවත් ඔබ ලබන වැටුපට අදාළව යුතුකම් වගකීම් ඉටු නොකරන අයෙක් නම්.

අපි රාජකාරියක් ඉටු කරලා මාසේ අන්තිමට වැටුප අතට ගනිද්දී එම වැටුප ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ වැටුපක් වෙන්න ඕනේ. පින්වත් ඔබ ක්‍රිස්තියානි පින්වතෙක් නම් එම වැටුප ක්‍රිස්තු ධර්මයේ අර්ථයන්ගෙන් පෝෂණය වූ වැටුපක් වෙන්න ඕනේ. සමාජයේ යම් පින්වතෙක් හොඳ රැකියාවක් නැතිව ජීවත් වෙද්දී, තවත් සමහරෙක් අඩු වැටුපක් ලබමින් ජීවත් වෙද්දී, රැකියා පෝලිමේ ළතැවෙමින් ජීවත් වෙද්දී පින්වත්…

Read More

දැවෙන සිත් නිවුණු සිතින් දමනය කළ පුරිසධම්ම සාරථී ගුණය.

බුද්ධානුස්සතිය. බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන් ඉදිරියේ සිංහනාද ධම්මචක්‍රය පවත්වන්නේ තථාගත ධර්මයන්ගේ බලයෙන්ය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ තථාගත බලධර්මයන්ගේ ආශ්චර්යමත්භාවය නුවණින් දකිමින් බුද්ධානුස්‌සතියෙන් ශක්‌තිමත් වෙන්න. බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව දියකිරීමේ මාර්ගය තරණය කළ නිසා, තෘෂ්ණාවෙන් තොර හැසිරීම් ඇති නිසා, අවබෝධ කළ ඥානයෙන් යුතුව ඊට අදාළ ධර්මානුධර්ම හැසිරීමෙන් යුතුව වැඩසිටිය නිසා විඡ්ජාචරණ සම්පන්න වෙනවා. උන්වහන්සේගේ සෑම…

Read More

තුන්වන තථාගත බලය.

(සර්වත්‍රගාමිනී ප්‍රතිපත් දන්නා නුවණ.) ‘පුන ච පරං සාරිපුත්ත, තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං, යං බලං ආගම්ම තථාගතෝ ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.’ (මහාසීහනාද සුත්ත) ‘තථාගතයන් වහන්සේ සත්ත්වයන් සුගති දුර්ගති භවවලට පැමිණෙන්නා වු ද, අර්හත්ව ආදි තත්ත්වවලට පැමිණෙන්නා වූද පිළිවෙත් සර්වාකාරයෙන් දන්නා…

Read More