හිංසාවේ රාත්‍රිය.

තවත් ජනවාරි පළවැනිදාවක්‌ අත ළඟය. අප මේ අදියරේදී කතා කරමින් සිටින්නේ ‘සතර අපායෙන් මිදීම’ ගැනය. මේ නිමිති දෙක සැලකූ විට මෙම ලිපිය තවත් වරක්‌ පළ කිරීමට සිත්විය. ‘මහරහතුන් වැඩි මඟ ඔස්‌සේ’ ලිපි මාලාව කියවන්නට පසුව එක්‌වූ හෙවත් මෙම ලිපිය මගහැරුණු පාඨකයන් වෙනුවෙන්ද, මෙම ලිපිය මින් පෙර කියවා ඇති පාඨකයන්ට එම අදහස්‌ තව තවත් කාවද්දනු පිණිසද…

Read More

මියගිය ඥාතියාට ඔබ සැබවින්ම හිතවත් ද?

පවුලේ සාමාජිකයෙක්‌ මිය ගියාහම සත්දවසේ, තුන්මාසේ, අවුරුද්දේ මේ ආදී වශයෙන් ධර්ම දේශනා සාංඝික දානමය පිංකම් සිදුකිරීම සමාජයේ පවතින චාරිත්‍රයක්‌. වර්තමානයේ මෙම චාරිත්‍රයේ ගුණාත්මක බව පිරිහීම මෙලොව පරලොව සැමදෙනාගේම අවාසනාවක්‌. අප හිතමු ගෙදර ස්‌වාමි පුරුෂයා මැරිල ගිහින් ප්‍රේතයෙක්‌ වෙලා ඉපදුනාය කියලා. ඇයි ඔහු ප්‍රේතයෙක්‌ වෙලා ඉපදුනේ. මැරෙන මොහොතේ ඔහුගේ බිරිඳ දරුවන් ගේදොර ඉඩකඩම් කෙරෙහි තණ්‌හාව ඇතිවුණ…

Read More

මාරයාට ගොදුරු නොවන බිම…

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාරයාට ගොදුරු නොවන බිම සතර සතිපට්ඨානයයි කියලා. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කරනවා. අතීතයේ පුංචි කැටකිරිල්ලියක් සිටියා. ඇය හරිම කටකාරයි, දඟකාරයි. හරියටම අපේ සමහරක් තරුණ, තරුණියෝ වගේ. කැටකිරිල්ලි පුංචි කාලයේ අම්මා, තාත්තට කීකරු වුණත් වටපිටාවේ අනෙක් කුරුල්ලෝ සමග සමාජ ආශ්‍රය ලබද්දි කැටකිරිල්ලි ටිකක් වැඩිහිටියන්ට අකීකරු වුණා. පංච උපාදානස්කන්ධ ලෝකයේ වියරුභාවය ගැන…

Read More

විඤ්ඤාණයේ මායාවට නොරැවටෙන්න.

පින්වත, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ අර්ථයන් නොසලකා හරිමින් සමාජ මාධ්‍යය නමැති මාර ධර්මය භාවිතයට ගැනීමෙන්, පැවිදි අපේ භව භෝග සම්පත් වන උතුම් සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණයන් පිරිහීමට පත් වෙන්න පුළුවන්. පින්වත, පැවිදි අපි සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කළ යුත්තේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ සමාජගත කිරීමට මිස, සංඝ සමාජයට ම හානි කරන මිච්ඡා වාචාවන් උදෙසා නම්…

Read More

2020 ධර්මානුකූලව අවාසනාවේ වසරක් ද?

2020 වසර” පින්වත් ඔබගේ බිඳීගිය ගොඩාක් බලාපොරොත්තු සමගින්” කාගේවත් සුහද සමුගැනීමකින් තොරවම” අතීත මතක සටහන් ගොන්නට එකතු වුණා. ගෙවීගිය වසර දෙස ආපසු හැරී බලද්දී ජරා” ව්‍යාධි” මරණ” ශෝක” පරිදේව යන අකුසලයේ ප‍්‍රතිබිම්බය තවමත් අපි දෙස නොසැලී බලා සිටිනවා. පංචඋපාදානස්කන්ධ ලෝකයේ වෙනස්වෙන සංස්කාරයන්ට” අස්ථිර වූ සංස්කාරයන්ට” ආශ්වාද රහිත වූ සංස්කාරයන්ට සිත්සේ හැසිරෙන්නට” සිත්සේ විපාකදෙන්නට 2020 වසර…

Read More

ධජග්ග පිරිත.

ධජග්ග පරිත්ත නම් වූ මේ පිරිත අර්ථ සහිතව පුහුණු කර ගෙන භාවිත කිරීමෙන් රජුන්ගෙන්, සොරුන්ගෙන්, සතුරන්ගෙන්, අමනුෂ්‍යයන්ගෙන්, නපුරු සතුන්ගෙන්, ගින්නෙන්, දියෙන්, සුළඟින්, අකුණුවලින් හා තවත් නොයෙක් දෙයින් පැමිණිය හැකි සියළු උවදුරුවලින් මිදී සුවසේ දිවි පැවැත්විය හැකි වන්නේ ය. මේ පාඨ තුනෙන් ඉතිපිසෝ භගවා ආදී පළමුවන පාඨයම ද සියළු උපද්‍රව දුරු කර ගැනීමට ප්‍රමාණවත්ය. නොයෙක් දේ…

Read More

පින්වත් ඔබ සෑම විටම අනෙක් අයට වඩා වෙනස් කෙනෙක් වෙන්න.

පිංවත් ඔබ හැමවිටම ගෙදර සිටින අනෙක්‌ අයට වඩා වෙනස්‌ කෙනෙක්‌ වෙන්න. පංති කාමරයේ, කාර්යාලයේ, ගමේ, රටේ…. සිටින අන්‍යයන්ට වඩා වෙනස්‌ කෙනෙක්‌ වෙන්න. දන් දීමේදී, ශිල් ආරක්‍ෂා කිරීමේදී, භාවනා කිරීමේදී අනෙක්‌ අයට වඩා වෙනස්‌ කෙනෙක්‌ වෙන්න. මේ කියන්නේ කැපී පෙනෙන කෙනෙක්‌ වෙන්න කියන කාරණාව නෙමෙයි. ‘වෙනස්‌ කියලා මෙතැනදී කියන්නේ අර්ථයෙන් ධර්මයෙන් ගුණාත්මක කෙනෙක්‌ වෙන්න කියලයි. මොකද…

Read More

මේ ලෝකයේ සැබෑම නිහඬතාවය තියෙන්නේ ඝෝෂාව තුළයි.

ප්‍රශ්නය :- ස්වාමීන් වහන්ස මම මේ පෞද්ගලිකව දකින දෙයක්. හුදෙකලාවේ භාවනා කරන කොට ස්වාමීන් වහන්ස ටිකක් කල් ඉන්න කොට ඒ කුටියට, පරිසරයට ඒවට තදින් ඇල්මක් ඇති වෙනවා. ඊට පස්සේ කවුරු හරි හාමුදුරු කෙනෙක් ආවොත්, ඊට පස්සෙ ගිහි කෙනෙක් උදව් කරන්න ආවත් ඒකත් එක්ක සියුම් ගැටීමක් ඇති වෙනවා. ඒක ඒ පුද්ගලයාට දැනෙනවා. දැන් මේක ස්වාමීන් වහන්ස…

Read More

ඔබේ සුභ නැකත ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.

පිංවත සිංහල අලුත් අවුරුදු නැකත් පිළිබඳව සමාජය තුළ මත ගැටුමක් ඇතිවෙලා තිබෙනවා නේද? එක පාර්ශ්වයක් කියනවා රාත්‍රී කාලයේ යෙදී ඇති අවුරුදු නැකත් නිවැරදිය කියලා. අනෙක් පාර්ශ්වය කියනවා අවුරුදු නැකත් වැරදිය කියලා. පිංවත සුබ නැකතක්, අසුබ මත ගැටුමක් බවට පත්වෙන්න අපි මොනතරම් නම් අකුසලයේ සිරකරුවෝ ද? පිංවත ඉහත ගෞරවනීය ජ්‍යෝතිර්වේදී පාර්ශ්ව දෙකෙන්, එක පැත්තක්වත් ඔබ ගන්න…

Read More

අපවිත්‍රම ධර්මතාවය ආත්මීය දෘෂ්ටිය යි.

පින්වත, උදා වූ 2025 නව වසරේ දී ලෝභ, ද්වේශ, මෝහ සංස්කාර අධිවේගී මාර්ගයේ සම්මත වේග සීමාවන් ඉක්මවා, ජීවිතය නමැති ඔබේ වාහනය පදවනවා නම්, කරුණාකර අවම වශයෙන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, මෛත්‍රිය, සීලය, ත්‍යාගය කියන ආරක්‍ෂිත ආසන බඳ පටියවත් හොඳින් පැළඳ ගන්න. පින්වත, ආරක්‍ෂිත ආසන බඳ පටියවත් නොපැළඳගෙන සංස්කාර අධිවේගී මාර්ගයේ ජීවිත නමැති වාහන එළවීම් ගොඩාක් වැඩි…

Read More