දැවෙන සමක් – නිවෙන මඟක්.

ඔබගේ සම කියන්නෙ මොනතරම් සුන්දර ලස්‌සන දෙයක්‌ද. සත්වයා තුළ තමාගේ අශ්වාදය උදෙසා ඉතා සංවේදී “මෙවලමක්‌” සම. දේශගුණික කලාපයන් අනුව සමේ පැහැය වෙනස්‌ වෙනවා. සමහරුන්ගේ සම සුදුයි, රතුපාටයි, කහ පාටයි, රෝස පාටයි, කළු පාටයි, තළෙළුයි. මේ විවිධ වර්ගයෙන් යුත් සම ප්‍රභාෂ්වරව පවතින්නේ තරුණ කාලයේදිමයි. අපි සම දකින්නේ සම හැටියටමයි. ඉන් එහා දැක්‌මක්‌ අපට නැහැ. මගේ සම…

Read More

භික්‍ෂුව මුලින්ම දැක්‌කේ රුවන්වැලි මහා සෑය අනිත්‍යයි කියලා…

එක්‌ ගෞරවනීය ස්‌වාමීන්වහන්සේනමක්‌ භික්‍ෂුවගෙන් විමසුවා ‘ඔබවහන්සේ මුලින්ම දැක්‌කේ රුවන්වැලි මහාසෑය අනිත්‍යයි කියලද? එහෙම නැතිනම් රුවන්වැලි මහාසෑය දැක්‌ක හිත අනිත්‍යයි කියලද?’ කියලා. භික්‍ෂුව මුලින්ම දැක්‌කේ රුවන්වැලි මහා සෑය අනිත්‍යයි කියලා. පාරිසරික හේතූන්, දේශගුණික හේතූන්, මිථ්‍යාදෘෂ්ටික සතුරු කරදර හේතුවෙන් විනාශයට යන, සතරමහා ධාතුවේ අනිත්‍යභාවයට යටත් ස්‌වර්ණමාලි සෑ සමිඳුන්වයි මම මුලින්ම මනසින් දැක්‌කේ. නමුත් වර්තමානයේ භික්‍ෂුව ඉහත ආකාරයට…

Read More

කලක් ධර්ම ශ්‍රවණය කලත්, කිසි ප්‍රතිඵලයක් නොලද තරුණයෙක් හට බුදු හිමියන් දුන් ඔවදන.

බරණැස් නුවර තරුණයෙක් දිනපතා බුදුරදුන්ගෙන් බණ ඇසීමට පුරුදුව සිටියා. එහෙත් කාලයක් තිස්සේ බණ ඇසුවත් ඔහුට සිදු වු සෙතක් නැහැ. එක් දිනක් ඔහු උදේම අනිත් අය බණ ඇසිමට පැමිණිමට පෙර පැමිණ බුදු හාමුදුරුවන් සමඟ කළ සාකච්ඡාවකුයි මේ, “භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්ස අප බොහෝ දෙනෙක් ඔබ වහන්සේගෙන් බණ ඇසීමට පැමිණේ. එයින් කීප දෙනෙක් ඉක්මනින් සෝවාන්, සකෘදාගාමී, අනාගාමි…

Read More

ශීලයෙන් පරිපූර්ණ වූ පමණින් භවයේ සුරක්ෂිත වේ ද?

භික්ෂුව ගම්මානයක වැඩ සිටිනකොට, එම ගමේ එක් කණ්ඩායමක් කිසි ම දිනක පිණ්ඩපාත මඩුවට පිණ්ඩපාතය ගෙනාවේ නැහැ. ඒ ගැන ගමේ කැපකරුගෙන් විමසනකොට ඒ මහත්තයා කියනවා, “හාමුදුරුවෝ ගමේ කුලයෙන් අඩු අයගේ පිණ්ඩපාතය පිළිගන්න නිසා ඒ අය පිණ්ඩපාතය පූජා කරන්නේ නැහැ” කියලා. මේ කණ්ඩායමට කුලයෙන් උසස් අය කියලයි කියන්නේ. මේ කණ්ඩායම ගමේ පන්සලට දානෙ පූජා කරන්නෙත් නැහැ. ගමෙන්…

Read More

භවය යනු කඳුළු සාගරයකැයි නුවණින් දකින දා…

සමාධිය ගැන කථා කිරීමේදී කොතැනකින් හෝ මතුවී එන්නේ ශීලයේම ශක්‌තියයි. ශීලයේ දුර්වලභාවය නිසාමයි සතර අපාය නිර්මාණය වී තිබෙන්නේ. ඒ හේතුව නිසාම පිංවත් ඔබ භාවනාවට පෙර ශීලය ගැනත්, සතර අපාය ගැනත් පූර්වකෘත්‍යයක්‌ ලෙස මතක්‌ කරන්න. මේ ලෝකයේ යම් මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌, බ්‍රහ්මයෙක්‌ චතුරාර්ය සත්‍ය, අරහත් ඥානය අවබෝධ කරගැනීමට මොහොතකට පෙරාතුව ඉහළ සමාධි තලයකදී තම අනුදැනුමකින් තොරවම පූර්වේ…

Read More

මේ ශාසනයේ අවසාන බැබලීමයී.

මේ මොහොත ධර්මයේ අර්ථයන් දීප්තිමත්ව බබළන මොහොතක්‌. එය හරියටම සවසට මුහුදු වෙරළට ගොස්‌ ඉර බැසයනවා බලනවිට ඇතිවන ඉරේ දීප්තිය වගේ. අතුරුදන්වීමේ ඇරඹුමයි අපිට දීප්තියේ ප්‍රභාෂ්වරභාවය තුළින් මතක්‌ කර දෙන්නේ. වර්තමානයේද බුදුදහමේ අර්ථයන් ජීවමානව තිබෙන බැවින් එම අර්ථයන් තුළින් ගුණාත්මක පණිවිඩයක්‌ ලෝකයාට ලැබෙන නිසා ලෝකයේ පවතින අනෙකුත් ආගම්ද ඒවායේ ගුණාත්මකභාවය ඉහළමට්‌ටමක පවත්වාගැනීමට උත්සහ ගන්නවා. මොකද බුදුදහමේ…

Read More

සුවඳ මල් පූජා කිරීමේ අනුසස්.

නාගවිමාන වස්තුව. මේ මහා භද්‍රකල්පයෙහි අප ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් ලොව පහළ වී වදාළා වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් පිහිටවා එකල විසූ සැදැහැවත්හු යොදුනක් උසැති ස්වර්ණ චෛත්‍යයක් කරවූහ. ඒ චෛත්‍යයය පිරිවර සහිත කිකී රජතුමා හා නුවර වැස්සෝ ද, දනව් වැස්සෝ ද දිනපතා බොහෝ මල් ගෙන ගොස් පුදන්නාහ. එබැවින් මල් දුර්ලභ විය. එක් දවසක් උපාසකයෙක් මල්…

Read More

උතුම් නිකිණි පුනු පොහෝ දිනයේ, ශාසනික වැදගත් කම.

භික්ෂූන් වහන්සේ මෙන් ම කාරුණික සැදැහැති දායකයන් විසින් ද උදාර පෞරාණික බුද්ධ නියමයක් ඉටු කරන පෝය දිනයක් ලෙස නිකිණි පුර පසළොස්වක් පොහෝ දවස සලකනු ලැබේ. ශාසනය ආරක්ෂා වීමට, ගුණ ධර්ම වර්ධනයට භික්ෂූන් වහන්සේ ගිහියාත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් තිබිය යුතු ය. ගිහි පැවිදි දෙපක්ෂය තුළින් සිදුවිය යුතු යුතුකම් නියම අවස්තාවන් හි නිසි ලෙස ඉටු විය යුතු…

Read More

අවබෝධය උදෙසා හුස් ම රැල්ල යොදාගන්න.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ සතර සතිපට්‌ඨාන සූත්‍රයේදී බොහොම නිරවුල්ව දේශනා කරනවා භවදුකෙන් අත්මිදීම සඳහා සතර සතිපට්‌ඨාන ධර්මයන් ජීවිතයෙන් ප්‍රගුණ කළ යුතු ආකාරය. මේ තරම් පැහැදිළි සම්මා සම්බුද්ධ දේශනාවක්‌ තිබියදී අපට ඇසෙනවා බාහිර ක්‍රමවේදයන් පිළිබඳ සමාජයේ යම් ප්‍රවණතාවක්‌ තිබෙනවා. මේ හැම ක්‍රමවේදයක්‌ තුළින්ම මනුෂ්‍යයා යම් සහනයක්‌, සැහැල්ලුවක්‌ ජීවිතයට ලබනවා. ඒ ගැන කිසිම සැකයක්‌ නැහැ. නමුත් අපේ අරමුණ ජීවිතයට…

Read More

උතුම් බල ධර්මයන්ගේ ආර්ය හැඩරුව.

පින්වත, බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයා යටත් විය යුත්තේ, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයට පමණක් මයි. පින්වත, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ සිල් පද දෙසිය විස්සක් සහ අධිකරණයන් හතක් තිබෙනවා. පින්වත, උතුම් සම්මා දිට්ඨියෙන් සහ සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය වූ උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය සම්මා සමාධි, සම්මා ඥාන සහ සම්මා විමුක්තියට පාර කියනවා. පින්වත, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය පැවිදි ශ්‍රාවකයාගේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න…

Read More