සතර අපා දුක්‌ නොවින්ද කව්රුනම් ලොවේ සිටිත්ද?

    වර්තමානයේ ඔබට ඇසෙන දකින දේවල් තුළ සංසාරයේ බිය වසා දමලයි තිබෙන්නේ. ඕනෑම මනුෂ්‍යයෙක්‌ මියගියහම නැවත උපදින්නේ දිව්‍යලෝකයේමයි, මනුෂ්‍යයන් අතරමයි කියන දැක්‌ම සමාජයේ මුල් බැසගෙන තිබෙන්නේ. එසේත් නැතිනම් සුදු ඇඳුමක්‌ ඇඳගෙන තම මියගිය ඥාතියාව සිහිනෙන් දැක්‌කාය කියන දවල් හෝ රාත්‍රී සිහිනයකට මේ උතුම් හේතුඵල ධර්මයේ අර්ථය හීනකොට තිබෙනවා. අවමංගල්‍ය නිවස ඉදිරිපිට එල්ලා ඇති ‘නිවන් සැප ලැබේවා’…

    Read More

    උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේලා ලෝකයේ වැඩ සිටිනවා ද?

    භික්ෂුවට මුණගැසුන මහත්මයෙක් ප්‍රකාශ කළා ‘හාමුදුරුවනේ ධර්මය සන්දිට්ඨිකව පවතින වර්තමානයේ එර්දි ප්‍රාතිහාරය්‍ය සහිත මහරහතන්වහන්සේලා ලෝකයේ වැඩ ඉන්නවාද’ කියලා. මේ මහත්මයා අහන්නේ උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේලා ලෝකයේ මේ මොහොතේ වැඩ සිටිනවාද කියලා. උපසම්පදා ස්වාමීන්වහන්සේලා ප්‍රාතිමෝක්ෂ ශීලය දිවිහිමියෙන් ආරක්‍ෂාකොට ගෙන සද්ධර්මයේ සන්දිට්ඨික ගුණය ආරක්‍ෂාකොට ගෙන තිබෙනතාක් රහතන්වහන්සේලාගෙන් මාර්ගඵලලාභී උතුමන්ගෙන් ලෝකය හිස් නොවේය කියලා ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. එහෙම නම්…

    Read More

    සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරීමේ අවසන් පරමාර්ථය මෙය නොවේ ද?

    පංච උපාදානස්කන්ධය තේරුම් ගනිමු. කුසිනාරා නුවර බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑ මොහොතේ මල්ල රජ දරුවන් මොනතරම් හඬා වැටුනාද… සාරිපුත්ත මහරහතන්වහන්සේ පිරිනිවන් පෑවාය කියලා දැනගත්ත මොහොතේ ආනන්ද ස්‌වාමීන්වහන්සේ බුදුරජාණන් වහන්සේට පවසනවා ‘භාග්‍යවතුන් වහන්ස, සාරිපුත්ත මහරහතන් වහන්සේ නමැති උතුම් කළ්‍යාණ මිත්‍රයා පිරිනිවන්පෑවාය කියන කාරණය ඇසූ මට දිශාවක්‌ නොපෙනී ගියා. මට මොකුත්ම සිතාගන්න බැරිව ගියා. මාව අප්‍රානික වෙලා ගියා කියලා….

    Read More

    බුද්ධානුස්සතියට පූර්ව කෘත්‍යයක් ලෙසි ඔබ බුදුසමයෙන් එපිට අතීතයට යන්න.

    බුද්ධානුස්සතිය. බුද්ධානුස්‌සතිය තුළ පිංවත් ඔබ ශක්‌තිමත් වන තරමට ඔබ තුළ බිය කියන කාරණය තුනි වී යනවා. ඔබ නිරතුරුවම බියක්‌ සමඟ ජීවත් වන කෙනෙක්‌ නම්, ඊට මූලිකම හේතුව බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති විශ්වාසයේ දුර්වලභාවයයි. බුදුරජාණන් වහන්සේ වන් උතුම් සරණක්‌ ඔබ අවබෝධයෙන් සරණ කරගත් තැනදී, සොරබිය, රෝගබිය, මරණ බිය, අමනුෂ්‍ය බිය, ග්‍රහ බිය ඔබෙන් නිශේධ වී යනවා….

    Read More

    භිස ජාතකය

    එක් කලෙක අප මහ බෝසතාණන් වහන්සේ බරණැස් නුවර අසූ කෙළක් ධනය ඇති බ්‍රාහ්මණ කුලයක උපන්හ. මහාකඤ්චන කුමාරයෝ ය යි උන්වහන්සේට නම තැබූහ. උන් වහන්සේට බාල සහෝදරයෝ සදෙනෙක් ද සහෝදරියක් ද වූහ. කාමය කෙරෙහි නො ඇලුණා වූ ඔවුහු විවාහ ජීවිතයට බැස නො ගත්හ. ඔවුහු මාපියන් ජීවත් වන තාක් ඔවුනට උපස්ථාන කරමින් සිට මාපියන් ඇවෑමෙන් ඔවුනට හිමි…

    Read More

    අශ්‍රද්ධාව තුලින් පෝෂනය වන වීර්‍යය, ක්‍රියාත්මකභාවයෙන් බලවත් වෙනවා.

    මිනිසුන් මරණ, සතුන් මරණ, සත්ව හිංසාකරන යාගභූමිවල යාගකරුවන්ටත් වීර්යය කියන කාරණය හොඳින් පිහිටලා තිබෙනවා. කොටින්ම ඔවුනට ඇත්තේ අධිවීර්යයක්. මේ අධිවීර්යයක් සකස්වෙන්නේ රූපය කෙරෙහි ඇතිකොටගත් දැඩි තෘෂ්ණාව හේතුවෙන්. රූපය ඇසුරෙන් සකස්වෙන පංචඋපාදානස්කන්ධයට ඇති දැඩි තෘෂ්ණාව හේතුවෙන්. මිනිසුන්ගේ තිරිසන් සතුන්ගේ මරණ අඳෝනාවන් තුලින් තම ජීවිතයට තම ඥාති වර්ගයාගේ ජීවිතවලට ආයුෂ වර්ණය සැපය බලය සොයන මේ අයව වීර්යය…

    Read More

    දහම සමග ගලා යන ජීවිතය.

    පිංවත, මහා බ්‍රහ්ම ගුණයන් යැයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙන්නේ, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන්ටයි. කාම ලෝකයේ ආශ්වාදයන්ගෙන් තාවකාලිකව මිදී, වේදනාවේ ආශ්වාදය හෙවත් රූපාවචර සහ අරූපාවචර ධ්‍යාන සුවය විඳින බ්‍රහ්මයින් වගේම, කාමරාග, පටිඝ ධර්මයෝ පරිපූර්ණ වශයෙන් නිරෝධය කොට පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනුශය අනිත්‍යභාවය නුවණින් දකිමින් සිටින අනාගාමී බ්‍රහ්ම තලවල බ්‍රහ්මයින්ගේ ද, බ්‍රහ්ම ගුණයන් වෙන්නේ මෙත්තා, කරුණා,…

    Read More

    ස්වාභාව ධර්මය සමඟ නිදහසේ ජීවත් වෙන්න.

    පිංවත ලෝකය උඩු යටිකුරු වෙමින්, යළි යටි උඩුකුරු වෙමින් පටිච්චසමුප්පන්නව ගමන් කරනවා. පිංවත තෘෂ්ණාව තිබෙන තැන උපාදානයෝ තිබෙනවා. උපාදානයෝ තිබෙන තැන භවය, ජාති, ජරා, ව්‍යාධි, මරණයෝ තිබෙනවා. පිංවත මේ ජීවිතයේ විසිතුරු රටා දමලා, ලස්සනට මල් වට්ටි හදන දරුවෙක් සිටිනවා. මේ දරුවා ලස්සන විසිතුරු රටා දැමූ මලින් බුදුසමිඳුන්ට පූජා පවත්වනවා. එම පිනෙන් එම දරුවා පටිච්චසමුප්පන්නව ඊළඟ…

    Read More

    අතීත භව ගමනේ කැඩපතක් ඔබ ඉදිරියේ ඇත.

    බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුළු දඹදිව තිබෙන කෝටු කැබලි එක ගොඩක්‌ ගසලා ඒ සෑම කෝටු කැබැල්ලක්‌ම ඔබේ ඇඟිල්ලේ ප්‍රමාණයට කඩන්න කියනවා. දැන් මේ කෝටු කැබැල්ල, කෝටු කැබැල්ල අයින් කරන්න කියනවා. මේ මගේ මේ ජීවිතේ අම්මා, මේ මගේ අම්මාගේ අම්මා, වශයෙන් ඔබේ පරපුර දියනොවී තිබියදීම කොටු කැබලි ප්‍රමාණය ඉවර වෙනවා කියලා. මෙසේ මැරෙමින් ඉපදෙමින් පැමිණි ගමනේදී…

    Read More

    පව නොදන්නා සමාජයට වඩා පව පින හඳුනන බෞද්ධයෙක්‌ වීමේ අගයම දකින්න.

    මේ ලිපියට අදාළ සටහන කියවීමේදී පිංවතුන්ලාට සිතිවිල්ලක්‌ සකස්‌වෙන්න පුළුවන්, සිංහල බෞද්ධයෙක්‌ වීම හරිම අනතුරක්‌ නේද කියලා. මෙය සටහන් තබන භික්‍ෂුව ගෞරවයෙන්ම පිංවත් ඔබට කියනවා ඔබ බෞද්ධයෙක්‌ වීම මේ ලෝකධාතුවේ ශ්‍රේෂ්ඨතම සිදුවීම කියලා. සිංහල බෞද්ධ පිංවත් ඔබ පමණක්‌මයි කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම කියන අර්ථය නිවැරදිව දන්නේ. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය නිවැරදිව දන්නේ…

    Read More