චූලපන්ථක මහරහතන් වහන්සේ ගැන … (චූලසෙට්ඨි ජාතකය)

තෙරුවන් සරනයි !!! චූලපන්ථක මහරහතන් වහන්සේ ගැන ඔබ කලින් අසා ඇති. එක් ගාථාවක් පාඩම් කරගන්න බැරිව ගොඩාක් අපහසුතාවන්ට පත්වුනේ උන්වහන්සේ තමා. අපේ භාග්‍යවතුන් වහන්සේ ඒ චූලපන්ථකයන්ට පිහිට වුනා. ඒ නිසා අගතනතුරු ලාභී මහා රහතන් වහන්සේ නමක් වුනා. උන්වහන්සේ ගේ ජීවිතය ගැන කියැවෙන ලස්සන කථාවයි අපි දැන් ඉගෙන ගන්නේ. රජගහ නුවර ධනවත් සිටුපවුලක ලස්සන සිටු දුවක්…

Read More

කවදා මිදෙමු ද හඩන වැළපෙන ලොවින්?

අසීමිත දරු සෙනෙහසින් යුත් තුරුණු මවක් දරුවා ද කර පින්නාගෙන වීථියක් වීථියක් පාසා, ගමක් ගමක් පාසා අවසිහියෙන් මෙන් දුවන්නී ය. ඇය දුටුවන්ගේ නෙතට ලක් වන්නේ පිස්සියක මෙනි. හමු වන හමු වන අයගෙන් ඇය අසන පැනයකි: “අනේ! මගේ දරුවා සනීප කර දෙන්න පුළුවන් ද?” ඇයගේ අෙඳීනාවට කන් දෙන අය සිතන්නේ පිස්සු විකාරෙන් දොඩවන ගැහැනියක බව යි….

Read More

මරණය ඉදිරියේ හුදකලා නොවන්න.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් පුද්ගලයෙක් තෙරුවන් කෙරෙහි ගෞරවයෙන් තෙරුවන් ගුණ සිහිකරන්නේ නම් ඔහුව ඒ මොහොතේ රාග සිතක්, ද්වේශ සිතක් මෝහ සිතක් නොව ඇතිවෙන්නේ කියලා. යම් පින්වතෙක් තමන් සීලය තුළ ශක්තිමත් වී, එම සීලය ආවර්ජනය කරමින් ජීවත් වෙනවිට එම පින්වතාට ඒ මොහොතේ රාග සිතක්, ද්වේශ සිතක්, මෝහ සිතක් නොව ඇතිවෙන්නේ කියලා. යම් පින්වතෙක් තමන්…

Read More

පූර්වේනිවාවාසානුස්‌සති ඥානය.

භික්‍ෂුවක් පූර්වේනිවාවාසානුස්‌සති ඥානය ඔස්‌සේ සිත මෙහෙයවනවා. පූර්වේනිසානුස්‌සති ඥානය කියන්නේ, පෙර ජීවිත දැකීමේ ඥානයයි. එම භික්‍ෂුව ඇලීම් ගැටීම් වලින් තොර, උපේක්‍ෂාව කියන තැනට සිත පත්කරගෙන අරමුණ ඔස්‌සේ ක්‍රියාත්මක වෙනවා. මෙතැනදී එම භික්‍ෂුව අරමුණු කරන්නේ වයස අවුරුදු 10 ක පමණ පිරිමි දරුවෙක්‌. දරුවාට වයස අවුරුදු 10 ක්‌ වුණත්, එම දරුවා තවම ළදරු ගති ලක්‍ෂණයි, ප්‍රකට කරන්නේ. එම…

Read More

සිල් රැකිය යුතු ආකාරය.

ශීලය සමාදන් වී නො රැකිය හොත් එහි ඇති වටිනාකමක් නැත. සමාදන් වූ ශීලය එක් ඇසක් ඇති තැනැත්තා ඇස ආරක්ෂා කරන්නාක් මෙන් ද, එක් දරුවකු ඇති මව දරුවා රක්නාක් මෙන් ද ඉතා ආදරයෙන් රක්‍ෂා කළ යුතුය. ලාභයක් හෝ අලාභයක් නිසා හෝ කෙනකු සතුටු කිරීමට හෝ අඹු දරුවන් නිසා හෝ ශීලය නො බිඳිය යුතුය. නුවණැත්තෝ ජීවිතය නිසා…

Read More

උතුම් රහත්ඵලයට පත්වෙනතුරු තේරුම් නොගත් ජිවිතයේ යථාර්තය.

බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටින කාලයේ ඉසිදාසි කියලා සිටු දියණියක් සිටියා. තරුණවියට පැමිණි ඇය, දෙමාපියන්ගේ යෝජනාවකින් සුදුසු මනාලයෙකුට සරණපාවා දුන්නා. ඉසිදාසිය ඉතාමත් ගුණවත් කීකරු බිරිඳක්. සැමියාට පමණක් නොව, තම නැන්දනියට පවා, අවශ්‍ය ප්‍රමාණයටත් වඩා හොඳින් යුතුකම් ඉටුකළා. සති කිහිපයක් ගතවෙනකොට ඉසිදාසිගේ ස්වාමිපුරුෂයා, ඉසිදාසිව දැඩිලෙස ප්‍රතික්ෂේප කරන්න පටන්ගත්තා. ඉසිදාසිය කෙරෙහි තිබූ ආදරය අතුරුදහන්වෙලා ගියා, ඉසිදාසිය ගෙදර සිටියොත් තමන්…

Read More

විනාශයේ කොටස්කරුවන් හඳුනා ගන්න.

පිංවත් ඔබ ජීවත්වෙන සමාජයේ, කුසලයට සහ අකුසලයට අදාළව දිගහැරෙන හේතුඵල ධර්මයන්, ධර්මානුකූලව, නුවණින් නොදැකීම නිසාම, අසිහියෙන් හම්බුකරනවා. අසිහියෙන් බොරු කියනවා. අසිහියෙන් තමන් උපන් රට, ජාතිය, ආගම, පාවා දෙනවා, අසිහියෙන් අනාගත බලය උදෙසා සිහින මාලිගා ඉදිකොට ගන්නවා. සමාජය තුළ ජීවත්වෙන පාසල් දැරියන්ව, තරුණියන්ව, වැඩිහිටි කාන්තාවන්ව අසිහියෙන්ම කාමච්ඡුන්දයන් දෙසට යොමු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සමාජයේ සදාචාරාත්මක…

Read More

වේදනාස්කන්ධය.

සිතට දැනෙන්නා වූ සිතින් දත හැක්කා වූ සියල්ලට අරමුණු යයි කියනු ලැබේ. අරමුණු අතුරෙන් ශෝභන ස්ත්‍රී පුරුෂ රූප, ඇඳුම් පැළඳුම්, ගෙවල්, ඇඳ පුටු මේස, භාජන-ශබ්ද-රසවත් ආහාර පාන, සුවඳ ද්‍ර‍ව්‍ය යනාදීන්හි අරමුණු කරන්නා වූ සිත පිනවන ස්වභාවයක් ඇත්තේ ය. මළකුණු, මලමුත්‍ර‍, ලේ සැරව, කෙළ සොටු ආදි වස්තූන්හි අරමුණු කරන සිත, රිදවන ස්වභාවයක් ඇත්තේ ය. වෘක්ෂ, පර්වතාදි…

Read More

තෘෂ්ණාව නිසා හැදෙන උපාදානයන්ගේ සිහින.

පිංවත උතුම් සෝවාන්ඵලයට පත් නොවූ සෑම පිංවතෙක් ම, කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවාය කියන ධර්මානුකූල අර්ථය රටේ ඔඩුදුවන මැතිවරණ උණුසුමත් සමග සක්සුදක් සේ පැහැදිලියි නේද? පිංවත සක්කාය දිට්ඨියේ දැඩිභාවයෙන් පැතිරී යන මේ මානසික ව්‍යාධිය උත්සන්න වුණොත්, ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී යන දෙදෙනා පෘථග්ජනභාවයට ඇද වැටෙන්න පුළුවන්. පිංවත මනුෂ්‍යත්වයේ මෙලෝ රහක් නැති අපේ රටේ දේශපාලනය, අකුසලයේ මාර…

Read More

ඇයි ඔබ පිංවන්ත නැති ද ?

අද පසලොස්‌වක පොහොය දවසක්‌. පිණ්‌ඩපාතය බෙදන වයෝවෘධ මව්වරු කිහිප දෙනෙක්‌ පැමිණියා වන්දනා කරන්න. මින් එක්‌ අම්මා කෙනෙක්‌ අපි දන්න බොහොම සත්පුරුෂ ස්‌වාමීන්වහන්සේ නමකගේ අම්මා කෙනෙක්‌. මේ අම්මලා දෑත් නළලේ තබාගෙන බොහොම හැඟීම්බරව ප්‍රකාශ කළේ ‘අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලා දැකීමත් මහා පිනක්‌’ ය කියලා. ඒ වෙලාවේ භික්‍ෂුව එම මෑණිවරුන්ට ප්‍රකාශ කළේ ‘මෑණිවරු සිතනවා නම් මා දැකීම පිනක්‌ය…

Read More