සතර මහා ධාතුව කිපී වැසි වැටේ.

පිංවත අවිද්‍යාවේ මූල බීජයෙන් උපදින, කුසල් සහ අකුසල් සංස්කාරයන්ගෙන් තිරිහන්වෙන, කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නිසා ම කැඩෙන, බිඳෙන, විසිරෙන අපේ ජීවිත, අපේ පාලනයෙන් මිදුණ ගමනක් යන්නේ. අපි කොච්චර සැපයෙන් සිටින්න කැමති වුණත්, දුක අපිට තුරුල් වෙන්නේ අකීකරු පෙම්වතෙක්, පෙම්වතියක් වගේමයි. පිංවත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, පසුවදා දහවල් සාංඝික දානයක් පූජා කරන්න ගෙදර සියල්ල…

Read More

අපි මේ මුළු රටම ශීලයේ යාග භූමියක් බවට පත් කරමු.

ගිහි බෞද්ධ පිංවතුන්ලාත් ශීලය නැමැති යාග භූමියේ කොටස්‌කරුවන් වෙන්න. නිතිපතා පංචශීලය සමාදන්වෙලා එම ශිල්පද ආරක්‌ෂා කර ගන්න. නායක පිංවතුන්ලා බොරුකීවාට, ඔබලා බොරු කියන්න එපා. නායක පිංවතුන්ලා සොරකම් කළාට ඔබලා සොරකම් කරන්න එපා. තම බිරිඳගෙන් සැමියාගෙන් පමණක්‌ සතුටු වන ශිල්වතෙක්‌ වෙන්න. සවසට අරක්‌කු කඩ ඉදිරියේ පෝළිම් ගැසෙන්න යන්න එපා. පිංවත් ගිහි ඔබ ශීලය නමැති යාගභූමියේ ශක්‌තිමත්…

Read More

සංසාර බිය නොදකින සිත, සංසාර දුක දකින්නේ නැත.

පිංවත් ඔබගෙන් භික්ෂුව ඇසුවොත් තෘෂ්ණාවට කියන තවත් නමක් කියන්න කියලා සමහරවිට ඔබ කියාවි, සැපය යැයි කියලා. මොකද අපි හැමෝම ජීවිත කාලය පුරාම, තෘෂ්ණාවෙන් සොයන්නේ සැපයම නිසා, පිංවත් ඔබ තෘෂ්ණාවෙන් මොහොතක් මිදිලා, තෘෂ්ණාවේ මිත‍්‍රද්‍රෝහීභාවය ධර්මානුකූලව නුවණින් දකින්න. එවිට ඔබට වැටහේවි තෘෂ්ණාව කියලා කියන්නේ, දුකට කියන, අඳුරට කියන, කෙටි ආශ්වාදය පසුපස තිබෙන දීර්ඝ ආදීනවයටය කියලා. බුදුරජාණන් වහන්සේ…

Read More

කල්ප 30 ක් විපාක දෙන කඨින පිංකම.

සිංහල බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට, පූජාවට නිමිති වී තිබෙන උසස්‌ම පින්කමක්‌ ලෙස කඨින පිංකම හැඳින්වීම වටී. ඉකුත් ඉල් පුන් පොහෝ දිනයෙන් මෙම වසරේ කඨින පිංකම් මාලාවද අවසන් විය. ලංකාවේ ගම් නියම්ගම්වලද නුවරවලද විවිධ අයුරින් කඨින පිංකම් සිදු විය. ලංකාවෙන් බැහැරව ඉන්දියාවේ හා තවත් රටවල් කීපයකම කඨින පිංකම් සිදු කෙරුණි. මේ ලිපිය කඨින පිංකම් නිමවා සිටින…

Read More

හොඳයි කියන ලෝකයට ඇලෙන්න එපා.

පින්වත, අපේ ජීවිතවල පංච නීවරණ ධර්මයෝ වැඩි වෙන කොට, අපේ අසත්පුරුෂ යහළුවන් බවට පත් වන්නේ ලෝභ, ද්වේශ, මෝහයෝ මයි. පින්වත, මේ අසත්පුරුෂ යාළුවෝ මෛත්‍රියෙන්, ශීලයෙන්, දානයෙන් අපිව හොඳටෝම දුරස් කරනවා. පින්වත, මේ රෝගයට කියන්නේ මිථ්‍යා දෘෂ්ටියේ මුල් අවස්ථාවයි කියලා. පින්වත, මේ රෝගයේ ප්‍රධාන ම රෝග ලක්‍ෂණය වන්නේ “මැරුණාට පස්සේ නැවත පටිච්චසමුප්පන්න උපතක් නැහැ” කියලා ඇති…

Read More

පින, පිනෙන් ම පිළිගන්න.

පිංවත අපේ ජීවිතවල තෘෂ්ණාව වැඩිවෙනකොට ඇලීම් සහ ගැටීම් ගොඩාක් කාර්යබහුල වෙනවා. එවිට විවේකයකින් තොර සිතුවිලි, අවිවේකීව අපිව වෙහෙසට පත්කරනවා. මේ අවිවේකී සිතුවිලි නිර්ලෝභීව අපිට තෑගිකොට දෙන්නේ ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයෝමයි. පිංවත සියලු සංස්කාරයෝ අනිත්‍ය වූ සංස්කාර ලෝකය හරිම අවිනිශ්චිතයි. පිංවත සංස්කාර ලෝකය අවිනිශ්චිත වුණේ අතීතයේ අපි ම ඇතිකොටගත් අකුසල් සිතුවිලි නිසා බව අපි සිහිනුවණින්…

Read More

සබ්භාසව සූත්‍රය.

පංච උපාදානස්‌කන්ධයට අදාළව සංඥාව හේතුවෙන් සකස්‌ වෙන ඵලය තමයි සංස්‌කාර. හඳුනාගන්නා දෙය ගැන සිතීම නිසා, සංස්‌කාර සකස්‌කොට ගන්නවා. සංස්‌කාර ධර්මයන් කුසල්, අකුසල් කියලා කොටස්‌ දෙකකට බෙදෙනවා. පිංවත් ඔබ රැස්‌කොටගන්නා සෑම කුසල් අකුසල් සංස්‌කාරයක්‌ම විපාක දීලා අනිත්‍යභාවයට පත්වෙනවා. විපාක දී අනිත්‍යභාවයට පත්වන සංස්‌කාරයන් අප ‘මගේ’ කර ගන්නවා. සංස්‌කාරයන් තුළ ‘මම’ සිටිනවාය කියලා දකිනවා. මා තුළ නොවෙනස්‌…

Read More

වස්සානය එළඹියේ දස කුසලයට මිස තරඟයට නොවේ.

බුදුරජාණන් වහන්සේ ස්වාභාවික වැස්ස මුල්කොටගෙන, සංඝ සමාජයටත්, ගිහි සමාජයටත් තම සන්තානයන් තුළ ඇතිවෙන, කෙළෙස් වැස්ස තුනී කොටගන්න, විනයානුකූලව පනවා වදාළ වස්සාන කාලයයි. බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මොනවාට කියාපාමින්, වස්සාන කාලයත්, මංගල්‍යයක් බවට වර්තමානයේ පත්වෙමින් තිබෙනවා. වර්තමානයේ වස්සානයේ, වැස්සත් අනිත්‍යභාවයට පත්වෙලා ධර්මයේ අරටුව වන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය, වස්සානය තුළින් දකින්නට ලැබෙනවා. මනුෂ්‍යයාගේ පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ…

Read More

තිලෝක විජය චක්‍රවර්ති රජතුමා ගේ මනෝමය දානය.

පින් පව් වනුයේ ඒ ඒ ක්‍රියා සිදු කරන්නා වූ සිත් ය. යම් කිසි දාන වස්තුවක් ප්‍රතිග්‍රාහකයකුට දෙන්නා වූ සිත හෙවත් දීමේ දී පහළ වන්නා වූ සිත බඳු වූ සිතක්, දාන වස්තුවක් හා ප්‍රතිග්‍රාහකයකු නො මැතිව යමකුට තමාගේ සන්තානයෙහි ඇති කර ගත හැකි නම්, ඒ සිත ද සත්‍ය වශයෙන් දීම සිදු කරන්නා වූ සිත සේ ම…

Read More

නීවරණ ධර්මයන්.

කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, ථීනමිද්ධ නීවරණය, උද්ධච්ච කුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය, අවිජ්ජා නීවරණය කියා නීවරණ සයෙකි. සත්ත්ව සන්තානයෙහි ඇති නොවූ කුශලයන් ඇති නොවන ලෙසත්, ඇති වූ කුශලය නො පවත්නා ලෙසත් ආවරණය කරන, කුශලයට බාධා කරන ධර්මයෝ නීවරණ නම් වෙති. බලවත් ලෝභය කාමච්ඡන්ද නීවරණය ය. ද්වේෂය ව්‍යාපාද නීවරණය ය. ථීනමිද්ධ නීවරණාදිය ඒ නම් වලින් දැක්වෙන චෛතසිකයෝ…

Read More