අසභ්‍ය චිත්‍රපට නැරඹීම, ස්වයංවින්දනය හා එහි ආදීනව.

උපන්නා වූ සෑම මිනිසෙකුට ම පාහේ මිතුරන් සිටී. මිතුරු ඇසුර සියල්ලන්ට ප‍්‍රිය ය. නමුත් ලෝකයේ සියලූ හිතමිතුරුකම් ‘කල්‍යාණ’ යැයි කිව නො හැකි ය. මේ ඇතැම් මිතුරුකම් ජීවිතයේ කෙළවර ළං කරවන්නට සමත් වේ. පාප මිතුරන් කියන්නේ එවැනි අනිටු ඵල ගෙනෙන මිතුරන්ට ය. එහෙත්…. හුදු ජීවිතයේ කෙළවර වෙනුවට, අනවරාග‍්‍ර සසරේ කෙළවර ළං කරවන්නට සමත් වන අති දුර්ලභ…

Read More

ධර්මය තුළින් ධර්මය ම දකින්න.

පින්වත, තවත් සුන්දර වස්සානයක් ගෙවී ගියා. පින්වත, ගෙවී ගිය වස්සානයේ මතකය අතීත පංච උපාදානස්කන්ධයක් පමණක් මයි. පින්වත, කුටියෙන් නික්ම යන භික්ෂුව තුළ ඉතිරි වෙලා තිබෙන්නේ, සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණයෝ පමණක් මයි. පින්වත, ඉහත ගුණයන් හතරත් අරගෙන යන එකේ තේරුමක් නැහැ. සංඝයා සතු එම උතුම් ගුණයන් සතරත්, උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් තුළ විසිරුවා දකිද්දී, අපේ…

Read More

ඔබ ඇසුණ, දැකුණ, දැනුණ තැන නැවතුණු බුදුපියාණන්ගෙම දරුවෙක්මය.

අතීතයේ, වර්තමානයේ, ඔබ දැක්‌කා වූ, ඇසුණා වූ, දැනුණා වූ සෑම ඵස්‌සයක්‌ම අනිත්‍යනම්, අනිත්‍ය වී ගියා නම්, පිංවත් ඔබ ඔබේ ඇසෙන්, ඔබේ කනෙන්, ඔබේ දිවෙන්, නාසයෙන්, ශරීරයෙන්, මනසින් ‘මට අනාගතයේදී මෙවැනි දේ දකින්නට ලැබේවා, අසන්නට ලැබේවා, මට අනාගතයේ මෙවැනි මටසිලුටු දැනීම් ලැබේවා’ කියලා ඔබ යම් බලාපොරොත්තුවක්‌ ඇතිකර ගතහොත්, එම බලාපොරොත්තුව නිත්‍ය වේද, අනිත්‍ය වෙයිද? අතීතයේ, වර්තමානයේ…

Read More

එදිනෙදා ඇස ගැටෙන දේ කමටහන් කර ගන්නේ කොහොම ද?

ප්‍රශ්නය : – ගෞරවනීය ස්වාමීන් වහන්ස, දැන් අපි කැලය ඇතුළෙ තියෙන කුටියකත් ඉන්නවා. ඊළඟට මේ වගේ ග්‍රාමවාසී ආරණ්‍යවල, නගර ආශ්‍රිත කුටිවල නිතර නිතර ඉන්නවා. ඒ අතරෙ පයින් ගමන් කරනවා. වාහනවල ගමන් කරනවා. විවිධ පුද්ගලයන් ඇසුරු කරනවා. මේ සෑම අවස්ථාවකම ඇසින් දකින රූප, කනට ඇසෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ ආදී මේ ඉන්ද්‍රියයන් පහට ගෝචර වෙන…

Read More

සතර සතිපට්ඨානය සඳහා ප්‍රවේශය – 05.

පිංවත් ඔබ සිතන්න ඔබ සීමාව ඉක්‌මවා ශරීරය ඉස්‌මතු කර පෙන්වන ඇඳුමක්‌ ඇඳගෙන ප්‍රසිද්ධ ස්‌ථානයක හැසිරෙනවා කියලා. එම ශරීරය මතුකර පෙන්වන ඇඳුම නිසා ඔබත් කාමච්ඡන්දයන් සකස්‌ කරගෙන ආස්‍රවයන් වැඩි කරගන්නවා. ඔබේ නොගැලපෙන ඇඳුම නිසා අනුනුත් නැති ආස්‍රවයන් ඇතිකරගන්නවා. එම නිසා පිංවත් ඔබ දක්‍ෂවෙන්න ඔබේ ඉන්ද්‍රිය සංවරභාවය තුළින් ඔබේ අසල්වැසියන්ටත් යහපතක්‌ සලස්‌වන්න. එසේ නොවුණහොත් ඔබේ ඉන්ද්‍රිය අසංවරභාවය…

Read More

සුමේධ තාපසයාණෝ.

තුන් ලොවම එළිය කරන්නා වූ ශ්‍රේෂ්ඨතම හිරු මඬල නම් වූ අපගේ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට මත්තෙහි දඹදිව අමරාවතී නම් නුවර උභය කුල පාරිශුද්ධව බමුණු මහසාල් කුලයෙහි ‘සුමේධ’ නමින් උපත ලැබීය. එතුමන් මහත් ධනයකට හිමිකම් ඇති හෙයින් දර්ශනීය පොකුණු ආදියෙන් සමන්විත වූ ප්‍රාසාදයක කල් ගෙවීය. අන්‍ය කර්මාන්තයක් නොකොට බමුණු ශිල්පයම හැදෑරූ එතුමන්…

Read More

ඔබ කවරාකාරයේ පිංවතෙක් ද?

පිංවත, ව්‍යාපාරික මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මට මේ සහල් කිලෝ එක රුපියල් එකසිය පනහකට විකුණන්න පුළුවන්. ඒත් මම විකුණන්නේ රුපියල් එකසිය විසිපහටයි කියලා. පිංවත, ලෞකික ප්‍රඥාවෙන් යුත් දක්ෂයා රුපියල් විසිපහේ (25) අමතර ලාභයක් උදෙසා මනුෂ්‍ය හිංසනයක් සිදුකොට ගන්නේ නැහැ. ලෞකික ප්‍රඥාවෙන් දෑස් අන්ධ වර්තමාන ව්‍යාපාරික ලෝකය තුළ බලවත් ආකාරයෙන් මනුෂ්‍ය හිංසනයන් සිද්ධ වෙනවා. ඒ…

Read More

ඔබට වඩා දක්ෂයෙකුට තැන දෙන්න ඔබ දක්ෂ වෙන්න.

පින්වත අවිද්‍යාවේ කැඩපතෙන් පෙනෙන ලෝකය අකුසලයටමයි විවෘත වෙලා තිබෙන්නේ. අවිද්‍යා කැඩපත ඉදිරියේ ඔබ නග්නව සිටියත්, ඔබ ජාතික ඇඳුම පැලඳගෙන සිටියත් සංස්කාර ලෝකයේ සාමාජිකත්වයමයි ඔබ උරුමකොට ගන්නේ. පින්වත කාමයේ කෙටි ආශ්වාදයේ සහ රූපයේ කෙටි ආශ්වාදයේ මෝඩ මුලාවට කොටු වී මිච්චා වාචාවන්ගේ කුණු රසය බෙදාදෙන මිච්ඡා දිට්ඨියේ දුර්ගන්ධය දිනෙන් දිනම උත්සන්න වෙමින් පවතිනවා. උතුම් තෙරුවන් විවේචනය කරන…

Read More

ධර්මයෙන් ප්‍රමාද නම් කාලයට බණින්න එපා.

පින්වත මෙලොව සහ පරලොව වර්ණය, සැපය, බලය ඔබට ලැබෙන්නේ, ආජීව අට්ඨමක ශීලයේ ආරක්ෂාවෙන් ඔබ මහා සංඝරත්නය අරමුණුකොට පූජා කරගන්නා දානය තුළින්මයි. පින්වත පෙර ජීවිතයේ දී දන් පූජා කිරීම නිසා ඔබ මේ ජීවිතයේ දී වර්ණය, සැපය, බලය ලද පින්වතෙක් ද? ඔබ මේ ජීවිතයේ දී මහා ධනවතෙක්, බලවතෙක් වුවත් ඔබ නිරතුරුවම රෝගීභාවයන්ට, සතුරු කරදරවලට, සොරුන්, කප්පම්කරුවන් නිසා…

Read More

පිරිතෙහි අනුසස්.

පිරිත් සජ්ඣායනාවකින් පසු අතේ බැඳගන්නා පිරිත් නූල මහානුභාව සම්පන්න ආරක්‍ෂාවක් බවට පත්වේ. සියළු සුබ කටයුතුවලට යාමට පෙර පිරිත් නූලක් බැඳ ගැනීමෙන් තෙරුවන් ආශිර්වාදය ඊට නිබඳව හිමිවේ. සියළු උපද්‍රවවලින් රැකවරණය සැළසේ. බොහෝ දෙනෙක් පිරිත් නූලක බලය ගැන නොයෙක් මතිමතාන්තර දක්වති. සමහරු කියන්නේ වරු තුනෙන් එහි බලය නැති වී යන බවය. වරු තුනෙන් බලය නැති වේ නම්…

Read More