රැවුල සහ කණ්නාඩිය.

ගෞතම සම්බුද්ධ ශාසනය ඇතිවෙලා, අතීතයේ දඹදිව් තලයේ තරුණ, මධ්‍යම, වැඩිහිටි වයස්‌වල බලකාර, නිලකාර, සාමාන්‍ය, දුගි දුප්පත් පවුල්වල දරුවන් පැවිදි භාවයට පත්වී ශාසනතලය ඒකාලෝක කළේ ශාසනය තුළ කිසිදු විනයක්‌ පනවා නොතිබියදීය. වසර 20 ක්‌ පුරාවට අනන්ත අප්‍රමාණ පිරිසක්‌ නිවී සැනසුනේ විනය පැනවීමකින් තොරවය. ඒ උන්වහන්සේලා තුළ සිහිය, සතිය, නිවීම කෙරෙහි ඇති වීර්යය නිසාය. එහෙත් කාලීනව බිහිවූ…

Read More

සෝවාන් නොවූ සෑම පුද්ගලයෙකුටම මානසික ව්‍යාධියක්?

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උතුම් සෝවාන් ඵලයට පත්නොවූ සෑම පින්වතෙක්ම, පින්වතියක්ම, කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා කියලා. මෙම මානසික ව්‍යාධිය මානසික වෛද්‍ය මහත්මයෙක් මුණගැසී ප‍්‍රතිකාරගත යුතු මානසික ව්‍යාධියක් නොවේ, මෙම මානසික ව්‍යාධිය තෘෂ්ණාවේ තීව‍්‍රභාවය විසින් සකස් කොට දෙන සක්කායදිට්ටියේ මානසික ව්‍යාධියයි. මෙම මානසික ව්‍යාධියේ ප‍්‍රධානම රෝග ලක්‍ෂණ දෙකක් තිබෙනවා. එම රෝග ලක්‍ෂණ දෙක තමයි…

Read More

උතුම් නිකිණි පුනු පොහෝ දිනයේ, ශාසනික වැදගත් කම.

භික්ෂූන් වහන්සේ මෙන් ම කාරුණික සැදැහැති දායකයන් විසින් ද උදාර පෞරාණික බුද්ධ නියමයක් ඉටු කරන පෝය දිනයක් ලෙස නිකිණි පුර පසළොස්වක් පොහෝ දවස සලකනු ලැබේ. ශාසනය ආරක්ෂා වීමට, ගුණ ධර්ම වර්ධනයට භික්ෂූන් වහන්සේ ගිහියාත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් තිබිය යුතු ය. ගිහි පැවිදි දෙපක්ෂය තුළින් සිදුවිය යුතු යුතුකම් නියම අවස්තාවන් හි නිසි ලෙස ඉටු විය යුතු…

Read More

දුකෙන්, සැපෙන් පිරුණු ලෝකය.

පින්වත ඔබ දෑස් පියා ගනිද්දී, ඔබට කිසිම අරමුණක් නොදැනෙනවා නම්, ඔබේ සළායතනයෝ අක්‍රීයව පවතිනවා නම් පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට සිද්ධ වෙන්නේ ආයුෂයත්, උණුසුමත් ඇසුරේ නිරාහාරව පවතින්න. පින්වත ඵස්සය ඉදිරියේ නිවුණු සළයාතනයෝ පින්වත් ඔබව පංච උපාදානස්කන්ධ ලෝකයෙන් හිස් කරනවා. හිස් වූ පංච උපාදානස්කන්ධය තුළ කායානුපස්සනාවෙත්, චිත්තානුපස්සනාවෙත්, වේදනානුපස්සනාවෙත් අර්ථයන් නිවී යනවා. එවිට ආයුෂයත්, උණුසුමත්, ආහාර අහිමි වූ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත්…

Read More

අනුන් ඔබට කරන වැරදිවලට ඔබ දඬුවම් දෙන්න යන්න එපා.

පිංවත් ඔබ සමාජයෙන් නැගෙන තියුණු චෝදනා, විවේචන, නරක වචන, නපුරු ඉරියව් වීර්යයෙන් යුතුව ඉවසීමට පුරුදු විය යුතුයි. සමාජය තුළ ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයන් වැඩි වශයෙන් වඩනවිට චෝදනා, විවේචන, නරක වචන, නපුරු ඉරියව් සමාජය තුළ වැඩිවෙනවා. භික්‍ෂුවට මතකයි භික්‍ෂුවට එක්‌තරා ගමක පිණ්‌ඩපාතය වඩිනවිට වෙච්ච සිද්ධියක්‌. එදා භික්‍ෂුවගේ හිස රුවුල් වැවිලයි තිබුණේ. දැඩි අව්රශ්මියේ දහදිය දමාගෙන…

Read More

අවැසි නම් සැබැවින්ම සාමය, බුදු රජුන් දෙසූ මෙයයි යාගය.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘මහණෙනි බුදුරජාණන් වහන්සේලා ලෝකයට දේශනා කරන සුන්දර යාගයක්‌ තිබෙනවා. එම සුන්දර යාගයේදී මනුෂ්‍යයෝ මැරෙන්නේ නැහැ, සතුන් හිංසාවට පත්වෙන්නේ නැහැ, කාන්තාවන් දූෂණය වන්නේ නැහැ, දේපළ විනාශ වන්නේ නැහැ, මනුෂ්‍යයන් අංගවිකල බවට පත්වන්නේ නැහැ. ඒ උතුම් යාගය තමයි පංචශීලයේ යාගය’ කියලා. ‘පංච ශීලයේ යාගය තරම් ශ්‍රේෂ්ඨ යාගයක්‌ මේ ලෝක ධාතුවේ නැහැ’ය කියල බුදුරජාණන්…

Read More

භික්ෂුවගේ තෘෂ්ණාවේ බර සැහැල්ලු කිරීම!

පින්වත, ඔබට මෙවැනි කතා සමාජය තුළින් ඇහිලා තිබෙනවා ද? අනුනට කොච්චර කළත් වැඩක් නැහැ. අනුනට කරනවාට වඩා හොඳයි ගෙදරට වෙලා ඉන්නවා. අහවලාට මම මොනතරම් කාලය, ධනය, ශ්‍රමය වියදම් කළා ද? ඒ සියල්ල ම අපතේ ගියා. පින්වත, ඉහත පරාජිත ප්‍රකාශ සම්මා දිට්ඨියට නම් අයිති නැහැ. පින්වත, ඉහත ප්‍රකාශ තුළ කර්මය කර්මඵල විශ්වාසය ගෑවිලාවත් නැහැ. පින්වත, අනුනට…

Read More

කෝරව්‍ය රජුගේ පැනය සහ උතුම් සෝවාන් ඵලයේ අග්‍රභාවය.

රට්‌ඨපාල ස්‌වාමීන්වහන්සේගෙන්, කෝරව්‍ය රජු අසනවා ‘හිමියනි, මෙතරම් යෞවන වයසේ, කඩවසම්, ජවාධික ඔබ දෙමාපියන්, රූමත් බිරින්දෑවරුන්, ධන සම්පත් අතහැර පැවිදි වූයේ කුමන හේතුවක්‌ නිසාද කියලා. එවිට රට්‌ඨපාල මහරහතන් වහන්සේ දේශනා කරනවා ‘රජතුමනි, සත්ත්වයා නිරතුරුවම ජාති, ජරා, ව්‍යාධි, මරණ කරාම යනවා. කාටවත් වළක්‌වන්න බැහැ. රජතුමනි ඔබතුමා වයසට යන ස්‌වභාවය, රෝගී වන ස්‌වභාවය, මරණයට පත්වන ස්‌වභාවය කාටවත්ම වළක්‌වන්න…

Read More

අයාලේ දුවන ඔබේ සිත බුදු ගුණයක්‌ අභියස තැන්පත් කරන්න.

විවේකීව සිටින සෑම මොහොතකම උතුම් බුදු ගුණයන්ගෙන්, එකදු ගුණයක්‌ හෝ සිහිකරන්න. අයාලේ යන සිත, උතුම් බුදුගුණයක්‌ අභියස තැන්පත්කොට ගන්න. මෙය සටහන් තබන භික්‍ෂුව, මේ මොහොතේ දෑස්‌ පියාගෙන භවයේ ඈත අතීතයන් නුවනින් මෙනෙහි කරනවා. පටිච්ඡසමුප්පන්නව සුගතිය, දුගතිය අතර දෝලනය වෙමින් පැමිණි භවගමනේ, සෑම උපතක්‌ම නුවනින් දකිමින් අනිත්‍යයි, අනිත්‍යයි වශයෙන් දකිමින්, වර්තමානයේ මේ ලැබූ භික්‍ෂු ජීවිතයත් අනිත්‍ය…

Read More

ඔබේ දරුවා රැක ගන්න.

මෙය කියවන ඔබ කුඩා දරුවකුගේ මවක්, පියෙක් විය හැක. එසේ නැතහොත් කුඩා දරුවකු අතීතයේ සිටින්නට ඇත. කුඩා දරුවකුගේ ඥාතියකු, සහෝදර- සහෝදරියකු වන්නට හැක. කවරකු වූවද කුඩා දරුවකු රැක බලා ගන්නා ආකාරය, ඔවුන්ට ආදරය, කරුණාව දැක්විය යුතු ආකාරය, ඔවුන් කීකරු දරුවන් බවට පත්කර ගන්නා ආකාරය, හොඳ නරක කියා දියයුතු ආකාරය ගැන යම් තාක් පමණකට හෝ අවබෝධයක්…

Read More