Article
ජිවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ.
මේ සටහන ලියන රාත්‍රියේ භික්ෂුව දෑස් දෙක පියාගෙන අතීත වේදනාවන් පිළිබඳ අතීතාවර්ජනයක යෙදුණා. මැරෙමින් ඉපදෙමින් පැමිණි දීර්ඝ බව ගමන සිනහව, කඳුළ, දුක, සැප, ප්‍රියයන් අප්රියන් හිමි වීම, අහිමිවීම, මේ සෑම දෙයක් තුළින්ම සකස් වූ වේදනාවන් හිස් දෙයක් වශයෙන්මයි භික්ෂුවට අරමුණු වෙන්නේ. විවේකීව සිටින සෑම මොහොතකම පිංවත් ඔබත් අතීත වේදනාවන් පිළිබඳ අතීතාවර්ජනයක යෙදෙන්න. ඊයේ දවසේ පිංවත්…
චීවරය සෝද සෝද මඩේ දැමීම නවතමු.!
පිංවත් ඔබේ භික්ෂු ජීවිතයට ඔබ නැවත හැරෙන්න. කොතනකවත් ඔබට වැරදීමක් වෙලා නැහැ. ඔබ නිවරැදි තැනයි සිටින්නේ. නිවරැදි තැන කියන්නේ ඔබ සිතන්න දක්ෂ තැනයි ඔබ සිටින්නේ. ඔබ සිතනවානම් ඔබ ඉන්නේ වැරදි තැනකයි කියලා මෙතෙක් ඔබ සිතුව ක්‍රමය වෙනස්කර ගන්න. ජවය, නිවැරදි ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ඉලක්කය කරා යොමුකර ගන්න. අතීත සම්මා සම්බුද්ධ ශාසනවල ඔබත් මමත් ඉපදිලා දස…
ගෞතම බුදු සසුන කරා එකම රෑනක් සේ ඇඳුණු උතුමන්ගේ ගමනක ආශ්චර්යය ම නොවේ ද මේ…
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘පුණ්න, මහණ, කාමයන් නොපතයිද, ප්‍රියමනාපයැයි නොකියයිද, ගැලී නොසිටීද…. පුණ්න, එය නොපතන, ප්‍රියමනාප යැයි නොකියන, ගැලී නොසිටින… එම භික්ෂුවගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණාව නිරෝධයෙන් දුක නිරෝධය වේය කියලා. භික්ෂුවක් උතුම් පැවිදි ජීවිතයේදී ලබන, උතුම් සම්මා විමුක්තිය පැවිදි දිවියක පස්වැනි ඵලයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එසේම උන්වහන්සේ දේශනා කරනවා, රහත්බවට පත් යම්…
ග්‍රහයන්ගේ ග්‍රහණයට හසු වූ අසරණයන්ට…
මේ දවස්වල භික්ෂුව වැඩ සිටින කුටිය අවට තිබෙන පළු ගස් කැලයේ පළු ගෙඩි හට අරගෙන මුළු පළුයායම කහ පාටින් පෙනෙන්නේ. වෙසක් මාසයේ සෞම්‍ය දේශගුණයත් එක්ක සෑම සතා සිව්පාවෙක්ටම හොඳහැටි ආහාර තිබෙනවා. භික්ෂුවගේ කුටිය වටේ තිබෙන වැලිමළුව නිතරම අපවිත්‍ර වෙලා තිබෙන්නේ. වැලි පොළවට වැටෙන පළුගෙඩි කන්න හරක් නිතරම වැලි මළුවට එනවා. හරක් කුර සටහන්වලින් වැලිපොළව අපවිත්‍ර…
ගස් නගින දෙවියකු වී කුමට…..?
භික්ෂුවට පසුගිය කාලවකවානුවේදී අවස්ථා කිහිපයකදීම පිංවතුන් තම නිවසේ, විහාරස්ථානයේ පැවති පිංකම්වලදී ලබාගත් ඡයාරූපවල දිව්‍ය ආලෝකයන් තිබෙන බව ප්‍රකාශ කළා. එම ඡයාරූප ගෙනත් පෙන්වුවා. ඇත්තටම ඒවා දිව්‍ය ආලෝක ද කියන්න භික්ෂුව දන්නෙ නැහැ. යම් පිංවතෙක් එම ආලෝක නියත වශයෙන්ම දිව්‍ය ආලෝකයක්ය කියලා හිතලා ඒ තුළින් සතුටට පත්වෙනවා නම් තව තව පිංකම් කරගැනීමට, සිදු කරගැනීමට යොමු වෙනවා…
කොරෝනාව ඇසුරින් මරණ කර්මය තේරුම් ගැනීම!
ලොවුතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ලෝකය කියන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙනවාය කියන අර්ථයයි කියලා. රූපය කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පවතිනවා. වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පවතිනවා. කොරෝනාවේ නාමයෙන් අපි මේ ඒහිපස්සිකව අත්දකින්නේ, ලෝකය කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පවතින ස්වභාවයම නේද? කොරෝනා අකුසලය හේතුවෙන් සතර මහා ධාතුවෙන් සැදුන මනුෂ්‍ය රූප කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් තිබෙන අපූරුව අසල්වැසි ඉන්දියාව…
කොරෝනා අකුසලයෙන් මිදීමට අපි කුමක් ද කළ යුත්තේ?
අවසානයක් නොපෙනෙන කොරෝනා අකුසලයෙන් හෙම්බත්ව, දුකට හේතුවෙන ඇලීම් සහ ගැටීම් වලින්ම කොරෝනාව පිළිගන්න. පිංවතුන්ලා නිරතුරුවම විමසනවා, ස්වාමින් වහන්ස, කොරෝනා අකුසලයෙන් මිදෙන්න අපි කුමක්ද කළ යුත්තේ කියලා. මේ ප්‍රශ්නයට ධර්මානුකූලව බොහෝම කෙටි පිළිතුරක් තිබෙන්නේ. කරුණාකර පිංවත් ඔබ දුකට එකම හේතුව වන තෘෂ්ණාව, සියුම් කොටගෙන පංචඋපාදානස්කන්ධ ලෝකය බුක්ති විඳින්නය කියලා. කොරෝනා අකුසලයෙන් මිදීමට පිංවත් ඔබලාට ආයුෂය, වර්ණය,…
කුසල් සංස්කාරයන් නිසා ආදරය ශක්තිමත් වේ.
අද උදෑසන තරුණ යුවළක්, භික්ෂුව මුණගැසීමට කුටියට පැමිණියා. මේ දෙපළ විවාහවෙලා තිබෙන්නේ ගෙවී ගිය මැයි මාසයේදී. භික්ෂුව එම යුවළගෙන් ඇසුවා. ඔබලා විවාහ වූයේ යෝජනාවකින්ද එසේත් නැතිනම් යාළුවෙලා ද කියලා. තරුණ මහත්මයා ප්‍රකාශ කළේ මේ මගේ ඇවැස්ස නෑනාය කියලා.. සමාජය දෙස බලනකොට, ආදරය කියන වචනයේ අර්ථය හරිම සංකීර්ණ බවකුයි පෙනෙන්නේ. නමුත් ධර්මයේ ඇසින් ආදරය කියන අර්ථය…
කිසාගෝතමියට බුදුරජුන් දුන් කමටහන ඔබේ කමටහන කරගන්න.
කායානුපස්සනාව – මරණානුස්සතිය. මීළඟට කායානුපස්සනාවට අදාළව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, මරණානුස්සති භාවනාව වඩන්නය කියලා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, අතීත සංසාර භවගමනේ, පිංවත් ඔබ මිය ගිය අවස්ථාවන්හිදී, ඔබේ මළසිරුරු එක ගොඩක් ගැසුවහොත්, එම මළමිනීගොඩ ගිඡ්ජකූඨ පර්වතයටත් වඩා විශාලයි කියලා. දෑස් දෙක පියාගෙන, අතීතයේ ඔබ නිසා, පටිච්ඡසමුප්පන්නව ඒ මළකඳන් කන්ද දෙස නුවනින් දකින්න. තල්මසුන් වෙලා, අලි ඇතුන් වෙලා, සක්විති…
කාවෙක් කියන කථාවක්…
අගෝස්තු මාසයේ මේ කඳුකරයට සුළඟ බොහෝම වේගවත්. කඩින් කඩ, වරින් වර සුළං ඇතිවෙනවා. සුළං හඬේ වේගවත් බව හරියට ගුවන් යානාවක් එන හඬ වගෙයි. සුළඟ කොච්චර වේගවත් වුණත් දිරාගිය අත්තක් මිසක් ගසකටවත් හානියක් නැහැ. වේලාව හවස හයහමාරට පමණ ඇති. ලන්තෑරුමේ එළියෙන් ඔබට මේ සටහන ලියන්නේ. ගෝනෙක් බොහොම ළඟ කෑගහනවා ඇසෙනවා. දිය කඩිත්තේ වතුර බීලා යන ගමන්…