Article
බුදු සිතක උපදිනා සිතිවිල්ලක්, ඔබේ සිත තුළත් උපදවාගන්න.
තවත් ජනවාරි පළවැනිදාවක් අත ළඟය. අප මේ අදියරේදී කතා කරමින් සිටින්නේ ‘සතර අපායෙන් මිදීම’ ගැනය. මේ නිමිති දෙක සැලකූ විට මෙම ලිපිය තවත් වරක් පළ කිරීමට සිත්විය. ‘මහරහතුන් වැඩි මඟ ඔස්සේ’ ලිපි මාලාව කියවන්නට පසුව එක්වූ හෙවත් මෙම ලිපිය මගහැරුණු පාඨකයන් වෙනුවෙන්ද, මෙම ලිපිය මින් පෙර කියවා ඇති පාඨකයන්ට එම අදහස් තව තවත් කාවද්දනු පිණිසද…
බුද්ධානුස්සතියට පූර්ව කෘත්‍යයක් ලෙසි ඔබ බුදුසමයෙන් එපිට අතීතයට යන්න.
බුද්ධානුස්සතිය. බුද්ධානුස්සතිය තුළ පිංවත් ඔබ ශක්තිමත් වන තරමට ඔබ තුළ බිය කියන කාරණය තුනි වී යනවා. ඔබ නිරතුරුවම බියක් සමඟ ජීවත් වන කෙනෙක් නම්, ඊට මූලිකම හේතුව බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති විශ්වාසයේ දුර්වලභාවයයි. බුදුරජාණන් වහන්සේ වන් උතුම් සරණක් ඔබ අවබෝධයෙන් සරණ කරගත් තැනදී, සොරබිය, රෝගබිය, මරණ බිය, අමනුෂ්‍ය බිය, ග්‍රහ බිය ඔබෙන් නිශේධ වී යනවා….
බුද්ධානුස්සති භාවනාව වැඩීමේ ආනිසංස.
තෙරුවන් සරණයි… මේ බුද්ධානුස්සතිය වැඩීමේ ආනිසංස රාශියක් තියෙනවා. එකක් තමයි අර සුප්ප බුද්ධං පබුජ්ජංති ආදී ගාථාවේ සඳහන් වූ පරිද්දෙන් සැපසේ නින්ද යනවා. බොහෝම සැපසේ නින්ද යනවා. සැපසේම අවදි වෙන්නත් හැකි වෙනවා. නපුරු සිහින නොදකින්නෙක් වෙනවා. කවදාක්වත් සිහිනෙකින්වත් බයක් තැතිගැනිල්ලක් ඇති වෙන්නේම නෑ. ඒ වගේම සිහිනෙකින්වත් අකුසල සිතිවිල්ලක් වත් පහළ වෙන්නේ නෑ. ඒ වගේම තමන්ගේ ඒ…
බැඳීමක් නැති ඇසුරක්.
උතුම් සමාධිය තුළදිත්, සමාධියෙන් බැහැරවත් තමන්ට අරමුණුවෙන්නාවූ සෑම රූපයක්ම විනිවිද දකින්න. ඒ හැකියාව ඔබ තුළින්ම ඔබ මතුකරගත යුතුයි. පිංවත්, ශීලයෙන් පරිපුර්ණ ඔබ තුළ විදර්ශණාව වැඩෙන්නෙ නැහැ කියන්නේ රූපය විනිවිද දැකීමේ ශක්තිය හීනයි කියන කාරණයයි. පිංවත් ඔබට අරමුණුවෙන්නාවූ සෑම රූපයක්ම මළකඳක් කර දකින්න. කුණුවෙන මළසිරුරක් සේ දකින්න. ඇටසැකිල්ලක් කර දකින්න. කිසිදු රූපයක් විනිවිද දැකීමෙන් තොරව මතුව…
බාහිර ලෝකය ප්‍රශ්නාර්ථයක් ලෙසින් දකිනු වෙනුවට ඔබ නිහඬව ඔබේ ප්රශ්නය විසඳාගන්න.
පංචඋපාදානස්කන්ධ ධර්මයන්ට අදාළව විඥ්ඥානය ගැන සටහන් තබන මොහොතේ පිංවත් ඔබ දක්ෂවෙන්න අනුනගේ පංචඋපාදානස්කන්ධයන් ගැන නොසිතා, නොසොයා තම පංචඋපාදානස්කන්ධයේ ක්‍රියාකාරීත්වය ගැන දකින්න. අනුන් හරි දේ කළත්, අනුන් වැරදි දේ කළත් පිංවත් ඔබට ඇති ඵලයක් නැහැ. අනුන් අවංක වුවත්, අනුන් වංක වුවත් ඔබට ඇති ඵලයක් නැහැ. ඔබට අර්ථයක් තිබෙන්නේ අනුන් නිසා සකස්වෙන ඔබේ සිතිවිලිවල අනිත්‍යභාවය දැකීමයි. බාහිර…
බාහිර රූප හේතුවෙන් අසම්මත රාග සිත් ඇතිවෙනවා.
අපි හැමෝගෙ ම ජීවිත ජරා, ව්‍යාධි, මරණයන්ට පත්වෙන්නේ පුදුමාකාර වේගයකින්. පසුගිය කොරෝනා ඇඳිරිනීතිය සමයේදී රජයේ සහ පෞද්ගලික ඔසුසල් ඉදිරියේ පෝලිම් ගැසී සිටි පිංවතුන් දකිද්දී, වෙළෙඳපොළේ අලෙවිවන ඖෂධ, විටමින්, සනීපාරක්ෂක භාණ්ඩ, රූපලාවණ්‍ය භාණ්ඩ දෙස බැලීමේදී, අපේ ජීවිත ජරා, ව්‍යාධි, මරණයන් විසින් මොනතරම් නම් පීඩාවට පත්කොට තිබෙනවාද…? නැවතීමක්, නිමාවක්, අවසානයක් නැති ජාති, ජරා, ව්‍යාධි, මරණ උගුලක අප…
බලන්න ඊර්ෂ්‍යාවේ වෛරයේ රඟ.
කාමයේ ආශ්වාදයට ඔබ තුළ ඇති කැමත්ත නිසා හේතුඵල ධර්මයන් අනුව සකස්වෙන ජූරි සභිකයන් පස් දෙනෙක් සිටිනවා. මේ අය එකම මොහොතක එක පේලියේ ඉඳගෙන ඉන්නෙ නැහැ. එක් අයෙක් හේතුවෙනුයි අනෙක් ජූරි සභිකයා සකස් වෙන්නේ. ඵලය සකස්වෙනවිට හේතුව මැකිල යනවා. මේ ධර්මතාවය නැවත නැවත සිද්ධවෙනවා. මේ ජූරි සභිකයෝ පස්දෙනා වෙන කවුරුවත් නොවේ. පස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ…
ඵලය ගැන දුක්වීම පසෙක තබා හේතුව ගැන සොයන්න.
බෞද්ධයෙක් වේවා අබෞද්ධයෙක් වේවා කෙනෙක් මියයැමෙන් අනතුරුව දෙවියෙක් බ්‍රහ්මයෙක් ලෙස ලබන උපත භව නිරෝධයට ඇති මාර්ගය ලෙස පිළිගන්නවා නම් ඔවුනට සසරින් ගැලවීමට ඇති දුර ද අසීමාන්තිකය. මන්ද ඔවුන් මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයන් වශයෙන් ජීවත් වුවද සතර අපායෙන් ඔබ්බට සිත පිහිටුවීමට අපොහොසත් නිසාය. ඒත් මේ සෑම පිංවතෙක්ම ජීවත්වන ලෝකය තුළ ධර්මය සන්දිෂ්ඨිකව ඇත. මාර්ගඵල ලාභී දෙවියන් මාර්ගඵලලාභීන්…
ඵලය ගැන දුක්වීම පසෙක තබා හේතුව ගැන සොයන්න.
බෞද්ධයෙක් වේවා අබෞද්ධයෙක් වේවා කෙනෙක් මියයැමෙන් අනතුරුව දෙවියෙක් බ්‍රහ්මයෙක් ලෙස ලබන උපත භව නිරෝධයට ඇති මාර්ගය ලෙස පිළිගන්නවා නම් ඔවුනට සසරින් ගැලවීමට ඇති දුර ද අසීමාන්තිකය. මන්ද ඔවුන් මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයන් වශයෙන් ජීවත් වුවද සතර අපායෙන් ඔබ්බට සිත පිහිටුවීමට අපොහොසත් නිසාය. ඒත් මේ සෑම පිංවතෙක්ම ජීවත්වන ලෝකය තුළ ධර්මය සන්දිඨිකව ඇත. මාර්ගඵල ලාභී දෙවියන් මාර්ගඵලලාභීන්…
පොදුවේ ගැලවෙන්න මාර්ගයක් අපිට නැහැ.
භික්ෂුව වැඩ සිටින ලෑලි බංකුව ඉදිරිපිට සක්මන් මළුවක් තිබෙනවා. එම සක්මන් මළුවේ පැති බැම්මේ කළුගලක් යටින් අඟල් දහයක් පමණ දිග ගැඩවිල් පණුවෙක් සක්මන් මළුව තුළ ඇදී යනවා. එම ගැඩවිල් පණුවා පසුපසින් කෙල වැනි දියරයක් වැගිරෙනවා. ඒ නිසා පණුවා යන පාර හොඳින් සලකුණු වෙලා, පණුවා වටයක් ගිහිල්ලා එයා මුළින් මතුවූ ගල ළඟටම ඇවිත් සිටිනවා. පණුවා සිතාගෙන…