මහා කස්සප මහරහත් මුනිඳුන්ගේ ගිහිකල පෙම් පුවත.
ඇය භද්‍රාකාපිලානි විය. මදුරට සාගල නුවර ධනවත් දෙමාපියන් දෙදෙනෙකුගේ ආදරණීය දුවණිය විය. ඇය තරම් රුවැත්තියක් එකල සාගල නුවර නොවීය. මිණි කැට සේ බබලන දිගු නෙත් සගල තරුනයන් වශී කලේය. නීල වර්ණ දිගු කෙස් වැටිය මොණර පිල් කළඹක් ලෙසින් බැබළුනේය. දෙව්ලොවින් බට සුර කුමරියක් සේ ඇය ලස්සන විය. ඇයගේ අත ගන්නට එකල රජවරුන් පවා සිහින දුටුවේය. ඒත් භදාගේ සිත ඒ කිසිවෙකුගේ සිත් නොගත්තේය. ඇයවත් නොදන්නා හේතුවකට වෙන කිසිදු පිරිමියෙකු වෙත ඇයගේ සිත නතර නොවුයේය.
ඇයටත් රහසේ ඇය සසර පුරා පැතූ තම ආදරණීය පෙම්වතා ඇය හමුවන තුරු බලා සිටියේය. ඔහු ඇයටත් ඇය ඔහුටත් සසර පුරා පෙම් බැන්දේය. ඔහු නමින් පිප්පලී විය.
මගධ රට ඔහු තරම් ලස්සන වෙනත් තරුණයෙකු නොසිටියේය. ඔහු රන් පාටය. උත්තුංග දේහධාරි විලාසය සක් දෙවිදුන් බඳුය. කෙල්ලන් සිහිනෙන් මිමිණු නම පිප්පලී විය. එතරම් ඔහු සුන්දර විය. ඒත් ඔහුගේ සිතද කිසි කෙල්ලෙකුගේ සිත් නොගත්තේය. ඔහුටත් නොදැනී සසර පුරා දෙදෙනෙක් පැතූ පැතුමක් අවසන් වරට හමු වන්නට ආසන්න වෙමින් තිබුණි.
පදුමුත්තර සම්බුදු රදුන් අභියස පැතූ පැතුමක් සසරේ නොකැඩි නොබිදි ඔවුන් දෙදනා පසුපස එමින් තිබුනේය.
අවසානයේ යොජිත විවාහයකට දෙදෙනාට ඇරයුම් ලැබුනේය. ඒත් ඔවුන් දෙදෙනාම දැන සිටියේ නෑ මේ හමුවන්නට යන්නේ සසරේ එකට සිටි ආදරණීය යුවල බව. දෙදෙනාම රහසින් දෙදෙනාට ලිපි 2ක් ලියුවේය.
” පිනවත් භද්‍රා, මම ආස නෑ ඔයාව අසරණ කරන්න. මම ආස මහණ වෙන්න ඒ නිසා ඔයා වෙන කෙනෙකුට කැමති වෙන්න.”
ඇයද එලෙසින්ම ලිපියක් යැව්වේය.
” පින්වත් අයියණ්ඩි, මම ගොඩක් කැමති මහණ වෙන්න. ඔයා වෙන තරුණියක් සමඟ විවාහ වෙන්න.”
අතර මගදී සේවකයෝ ලිපි 2ක මාරු කලේය..
මම කැමතියි ඔයාව කසාද බඳින්න…දෙදෙනාටම බොරු ලිපි 2ක් ලැබුණේය.
” දැන් කරන්නට දෙයක් නැත. කසාද බැඳලා හරි මම කියනවා මම ආස නෑ මේ විවාහයට. මට මහන වෙන්න යන්න ඕනි කියලා භද්‍රා සිතුවාය.”
මංගල්‍යයේදි භද්‍රාගේ මුව වැසුණු සළුපොට පිප්පලී විවර කලේය. ඒ විරාගී නෙත් සඟල භද්‍රාගේ හදවත මෙහොතකට නතර කලේය. සසර පුරා එකට සිටි තම ප්‍රේමණීය කුමරා දැන් තමන් ලඟය. ඇයගේ හදවත ගැහෙන්නට විය. ඒ නෙත් සගලේ රාගයක් ගෑවිලාවත් තිබුනේ නැත. පිප්පලි කුමරුන්ගේද හදවත ඒ භද්‍රාගේ නෙත් සගල ලග නැවතුනේය. ඒ නෙත් සගලේද රාගයේ ඡායාවක්වත් නැත. මම මෙ භද්‍රා කොහේදි හරි දැකලා තියෙනවා. පිප්පලි තනියම මුමුනන්නට විය. ඔවුන් දෙදෙනාම දැන සිටයේ නෑ සසර පුරා මෙලෙසින්ම ඔවුන් අතිනත ගත් බව.
එදා රාත්‍රීය උදා විය.
“භද්‍රා, ඇයි ඔයාට මම එවපු ලියුම ලැබුනේ නැද්ද? මම ඔබට කිව්වනේ මම මේ ගිහි ජීවිතයට ආස නෑ කියලා.”
” අනේ අයියණ්ඩිය, මමත් ඔය විදියටම ලිපියක් එව්වා නොවැ. ඔබනේ මට එව්වේ මාව කසාද බදින්නට කැමති බව කියා. දෙදෙනාටම වැටහෙන්නට විය දෙමාපිය උගුලේ තමන් වැටුනු බව.
“නැගණිය, දැන් කරන්නට දෙයක් නැත. අපේ දෙමාපියන් මිය යන තෙක් අපි මෙහෙම ඉමු. ඊට පස්සේ අපි දෙදෙනාම පැවිදි වෙන්නට යමු.”
“ඉතින් අයියණ්ඩිය අපි කොහොමද මෙහෙම එකට ඉන්නේ?
පිප්පලි තම සයනය මැදින් සමන් මල්දමක් ඇතිරුවේය. නැගණිය අපි මේ දෙපැත්තේ නිදා ගමු. අපි අතරේ කාට හරි රාග සිතක් ආවොතින් මේ මල් දම පර වේවා!දෙදෙනා අදිටන් කලේය.
අහෝ.! ඒ සිතක බලය. අවුරුදු 12ක් යන තෙක් ඒ මල්දම මැල නොවුනේය. වසර 12ක් එකම සයනයේ සයනය කල රු සපුවෙන් අගතැනපත් යුවලක සිතේ රාගී සිතක් හට නොගත්තේය. ඒ දෙදෙනා අතින්වත් එකිනෙකා ස්පර්ෂ නොකලේය.
අවසානයේ දෙමාපියන් මිය ගිය දින මේ අපූර්ව යුවල ගිහි ගෙයින් මිදි පැවිදි වන්නට පිටත් විය. කසාවත දරා පිටත් වන දෙදෙනාට සමු ගන්නට කාලය පැමිණියේය.
“ස්වාමිනී, එහෙනම් අපි සමු ගමු. වසර 12ක් ඔබ මාව රැකබලා ගත්තා. ආශ්වර්යක්මයි! ඔබේ විරාගි සිතනම්. නුඹට මා කෙරෙහි රාග සිතක්වත් හට ගත්තේ නෑ නොවැ. අවසන් වරට මට නුඹේ පා වදින්නට අවසරයි. මෙතෙක් මා අතින් යම් වරදක් සිදු වුනා නම් සමාවන සේක්වා..!
.
” භද්‍රා කිමකේද? මේ පවසන්නේ. නුඹේ සිතත් හරි පුදුමයි නොවැ. වසර 12ක් ගැහැණියකගේ සිතක රාග සිතක් හට නොගැනීම ඒකාන්තයෙන්ම පුදුමයක්මයි..!
” ස්වාමිනී, එහෙනම් මට යන්න අවසර.. ගැහැණු අපට සුදුසු වම් පැත්ත ඔබ වහන්සේ දකුණු දෙසට වඩින්න. ඔබට ඒ අමා නිවන් සුව මුණ ගැසේවා..!
එසේ සසර පුරා කල්ප ගණන් දෙදෙනා අත් නොහැර සිටි යුවලක් සසරේ අවසන් වරට වෙන් වි ගියේය. නැවත කිසිදාක හමු නෙවෙන සේ වෙන් වුනේය. කල්ප ගණනක් ආදරයෙන් ලොව සුවපත් කල දෙදෙනා අවසන් වරට වෙන් වන මෙහොතේ මේ ඝනකඩ බොල් පොළව වැරෙන් කම්පා වී ගියේය. තදින්ම කම්පා වී ගියේය. ඒ ධරණි මාතාවද එදා මේ ආදරය ඉදිරියේ කම්පා වී ගියේය.
මහ පොළොව කම්පා වන්නේ ඇයිදෝයි කියා අප ගෞතම සම්බුදු රජුන් විමසූවෝය. තම සාසනේ ධුතාංගධාරි පුතණුවන් වන කාශ්‍යපයන් සහ භද්‍රාකාපිලානිය වෙන් වීම දරා ගන්නට නොහැකිව මහා පොලොවද හඬනා බව උන් වහන්සේ දැන ගත්තේය. ඒ සම්බුදු රජුන්ට තමා සොයා එන පින්වන්ත කුමරා වෙනුවෙන් පෙරට වැඩම කොට බුදු රැස් විහිදුවන්නට විය. කල්ප ලක්ෂයකට පෙර කල පැතුමක් අවසානයේ සඵල විය. පිප්පලි කුමරු මහා කාශ්‍යප මහරහත් වහන්සේ විය. භද්‍රාකාපිලානි මහරහත් තෙරණියක් බවට පත් විය. ඇය ගෞතම සම්බුදු සසුනේ පෙර විසුකද පිලිවෙලින් සහිකරන්නට හැකි භික්ෂූනින් අතරින් අග්‍රස්ථානයේ වැඩ සිටියේය. එතැන් පටන් නැවතත් ඒ උත්තමාවියට කස්සපයන් වහන්සේ හමු වූ බව සඳහනක් නැත.
මෙලෙසින් මහ පොලොව කම්පා කල විරාගි සෙනෙහසක් නිමා විය. වසර 12ක් පුරාවට එකම සයනයේ සයනය කලත් ඒ සිත් රාගයෙන් යටපත් නොවීය..!
ඒත් අද මේ සුන්දර ප්‍රේම වෘතාන්ත නොඇසෙන්නේය. වැලයිනටයින් සාමිවරුන් ලංකාවේ තරුණ දූ පුතුන්ගේ සිත් වශී කර අවසන්ය. තරුණ දියණියන් තමා සතු සියල්ල ව්‍යාජ ආදරයක් නාමයෙන් පුදනු ඇත. එහි ප්‍රතිඵලයෙන් උපන් කිරිකැටි දරුවෝ වැසිකිළි වලවල් වල පෙකෙනිවැලෙන් ගෙල සිර කොට මරා දමනු ඇත.
මවුකුස තුලදීම අසරණ දරුවෝ ගබ්සා වනු ඇත.
ඒ උත්තම වූ මහා මුනිවරයා මහා කස්සප මහා මුනිඳුනේ මාගේ නමස්කාරය වේවා..!
ඒ නිකෙලෙස් මහා උත්තමාවිය භද්‍රාකාපිලානි මහරහත් මුනිවරියට මාගේ නමස්කාරය වේවා..!
සාදූ.! සාදූ.!! සාදූ.!!!
උපුටා ගැනීම අමා දහර facebook පිටුවෙන්.