Article
මධ්‍යම ප්‍රතිපදාව තුල ජිවිතය හික්ම වීම.
අතහැරීම ගැන කතාකරන විට මහත්මයෙක් ප්‍රශ්නයක් ඇසුවා. හාමුදුරුවනේ ඔබවහන්සේ අතහැරීම ගැන කතාකරනවා. එහෙම අතහැරීම ගැන කතාකරනවා නම් ඔබ වහන්සේ ආරණ්‍යයක කුටියක වැඩසිටින්න බැහැ කැලයේ ගසක් මුලයි ඉන්න ඕනේ කියලා. මතුපිටින් එම මහත්මයා අහන ප්රශ්නය දකින විට එහි සාධාරණ බවක් තිබෙනවා. නමුත් එම මහත්මයා එක අන්තයකට ගිහිල්ලයි ප්රශ්නය දකින්නේ. සකුළුයි කියලා තරුණයෙක් බුදුරජාණන් වහන්සේගෙන් මෙවැනිම ප්‍රශ්නයක්…
මතු සංසාරේ ඔබේ මළකඳන් නුවණින් දැක්කොත් දස්කමකි.
සංසාර භය ඔබ තුළ ඇති කර ගන්නා තරමටම පිංවත් ඔබ තුළ භවයට ඇති තෘෂ්ණාව සියුම් වෙනවා. මෙතැනදී අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ, ඇසට හමුවන සෑම රූපයක්ම කමටහනක් කරගන්න. වැරහැලි ඇඳගත්ත යාචක මහත්මයෙක් මහපාරක ඉන්නවා දැක්කහම එම යාචක මහත්මයා තුළින් තමාව දකින්න දක්ෂ වෙන්න ඕනේ. තමා කොතෙක් නම් සංසාරයේ වැරහැලි ඇඳගෙන, අපිරිසිඳුව, විසිකරල දමන රොටි කැබැල්ලක්වත් නැතිව…
මට ලෝභ, ද්වේශ, මෝහ සිතක් ඇති නොවේවා..!
පිංවතියක් භික්ෂුවට ප්‍රකාශ කළා “ස්වාමීන් වහන්ස, මම දිනකට සිය වතාවක් ඉතිපිසෝ භගවා පාඨය සිහිපත් කරනවා. දැනට සිහිපත්කොට ඇති වාර ගණන පනස් දහසකට වැඩියි” යැයි ප්‍රකාශ කළා. එවිට භික්ෂුව ප්‍රකාශ කළේ “එය බොහොම වටිනවා. ඔබ මෙනෙහි කරන්නේ බුදුරජානන් වහන්සේගේ උතුම් ගුණයක්. බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණයක් යමෙක් එක මොහොතක් නමුත් සිහිපත් කරනවා නම්, එය තමාගේ සැපය සඳහාමයි…
භික්ෂුවට මතකයි භික්ෂුවගේ පැවිදි ජීවිතයේ තීරණාත්මක කාලය ගතකරපු කුටිය…
“භික්ෂුවට මතකයි භික්ෂුවගේ පැවිදි ජීවිතයේ තීරණාත්මක කාලය ගතකරපු කුටිය. එය ගල් කුටියක්. ඉදිරිපස බිත්තිය මැටියෙන් කපරාදුකර සුදුහුණුගාල තිබුණා. දීර්ඝ කාලයක් මේ කුටියේ ස්වාමීන් වහන්සේනමක් වැඩ ඉඳල නැහැ. දසසිල් සමාදන් වෙච්ච වයෝවෘද්ධ උපාසක සීයා කෙනෙක් මෙම කුටියේ ටික දිනක් නැවතී භාවනා කරල තිබෙනවා. භික්ෂුව මේ කුටියේ මාස දෙකහමාරක් ගතකළා. සාමනේර අවධියේ භික්ෂුව මේ කුටියට වඩිනවිට කුටිය…
භික්ෂුව ගිහි කාලයේ දී, අම්මා කියන ඉල්ලමෙන් ඇතිතාක් මැණික් ගරාගත් දරුවෙක්…
අවීචි මහ නිරයට අයත් අකුසල් වලින් එකක් තමයි දෙමාපියන් මැරීම. මව්පියන් ඝාතනය නොකළත්, වර්තමාන සමාජයේ දෙමාපියන්ට මානසිකව මරණීය වේදනාවන් දෙනවා. මහළු නිවාස, දෙමාපියන් නොසලකා හැරීම, සේවකයන් ලෙස වැඩ ගැනීම, සමාජය තුළ හුඟක් සිද්ධ වෙනවා. මේ අකුසල් අවීචි මහ නිරයට අයත් නැතිවුණාට, මේවායේ විපාක බොහොම බලවත්. මවගෙන් බීපු කිරි වෙනුවෙන් ඔබ මවට පෙරළා කෘතවේදී නොවුණහොත් අනිවාර්යයෙන්ම…
භාවනාවේ දී ඇතිවන නිරුත්සහය සංසිඳවා ගනිමු.
බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සමථ, විපස්සනා භාවනා වැඩීමේ දී බොහෝ දෙනාට සිතූ පරිද්දෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැතුව ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ ප්‍රමාද වන හේතු බුදුරජාණන් වහන්සේ පමණයි දන්නේ. අනිත් අය දැන ගන්නවා බොහොම අඩුයි. ඒ නිසා සර්වඥයන් වහන්සේගේ උපදෙස් පරිද්දෙන් අපට ලැබී තියෙනවා. භාවනා කරන යෝගීවරයෙකු භාවනාවේ ආනිසංශය නොදැනී නිරුත්සාහ බවට පත් වෙනවා. නිරුත්සාහ…
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ, වසංගත රෝග වලින් මිදී ජීවත් වන ක්‍රමය…
ස්වාමින් වහන්ස වසංගත රෝගවලින් මිදී ජීවත් වන ක්‍රමය පිළිබඳව බුදුරජාණන් වහන්සේ බුදු දහමට අනුව පැහැදිලි කර දෙන්නේ කොහොමද ස්වාමින්වහන්ස…??? පිළිතුර – වසංගත රෝගවලින් මිදීම ගැන නෝනා, ඉතින් දැන් අර විශාලා මහනුවර මහා දුර්භික්ෂයක් ඇති වෙනවානෙ.. නේද…? ඒ දුර්භීක්ෂයක් ඇතිවෙලා මහා ව්‍යසනයක් වෙනවානේ. ඉතින් ඒ දුර්භීක්ෂය ඇතිවෙලා මහා ව්‍යසනය ආවා කියලා බුදුරජාණන් වහන්සේ වැස්සටවත්,ඉඩෝරයටවත් දොස් පවරන්න…
භවයේ උගුල ද අගුල ද මෙයම ය.
පංච උපාදානස්කන්ධය තේරුම් ගනිමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘සත්වයා බැඳුණොත් බැඳෙන්නේ පංචඋපාදානස්කන්ධයට. සත්වයා නිදහස් වුණොත් නිදහස් වෙන්නේ පංචඋපාදානස්කන්ධයෙන්මය’ කියලා. භවයට සත්ත්වයාව බැඳ තබන පංචඋපාදානස්කන්ධය මාරයා හැටියටත්, භවයෙන් නිදහස් වීම පංචඋපාදානස්කන්ධ මාරයාගෙන් නිදහස් වීම කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබත්, මමත් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් කල්ප විනාශයන් දස දහස් ගණනක් පසුකරමින් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ…
බුදුරජුන්ගෙන්ම කමටහන් ලබාගන්න.
සම්බුද්ධ ශාසනයක් මුණගැසී තිබෙන මෙවැනි දුර්ලභ අවස්ථාවක, ගිහි පැවිදි අපි වඩාත් උත්සහගන්නේ ශාසනය ආරක්ෂා කරගැනීමට සහ ශාසනයේ බර කරගසා ගැනීමටය. පිරිත, ධර්ම දේශනා, දානමය පිංකම්, විහාර නඩත්තුව, සංවර්ධනය, දහම් පාසල්, ආගමික උත්සව, සමාජ සේවා, සමාජ සේවා කටයුතු නිසා දවසේ නිදි නොලබා අවිවේකයෙන් සිටින විට ඔබට දැනෙන වෙහෙස ඔබ දකින්නේ ශාසනයේ බර කරගසා ගැනීම නිසා ඇතිවෙන…
බුදුරජාණන් වහන්සේට දැක්විය හැකි උතුම් ම කෘතවේදීභාවය.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම, උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම, ශ්‍රවණය කළාවූ සද්ධර්මයට අදාළ මාර්ගය නිවැරැුදිව පුහුණුකොට විදර්ශනාත්මක අවබෝධයක් සාක්ෂාත් කොට ගැනීම, මේ ලෝකධාතුවේ ඇති දුර්ලභම කාරණා තුනය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉහත දුර්ලභ කාරණා තුන වගේම තවත් දුර්ලභ අර්ථයක් මේ ලෝක ධාතුව තුළ තිබෙනවාය කියලා. එම දුර්ලභම අර්ථය…