Article
තෙපාවක් මත රැඳුණු දිවියක් මහ මෙරක් වනු කෙලෙසදෝ.
දැන් වේලාව රාත්‍රි අටට විතර ඇති. බිත්ති ඔරලෝසුවේ තත්පර කටුවේ හඬ වේගවත්ව ඇසෙනවා. පරිසරය ඒ තරමටම නිහඬයි. මේ නිහඬ රාත්‍රියේ, භික්ෂුවගේ සිත ළඟ කවුදෝ නැවතිලා සිටිනවා. නිහඬතාවයට පින් සිද්ධවෙන්නයි. භික්ෂුව මේ අමුත්තාව හැඳින ගන්නේ. රූපය තුළට බැස ගත්තාවූ රූපී නොවන, අරූපී මේ අමුත්තා කවුද..? මොහු ඥාතියෙක්ද, හිතවතෙක්ද, පෙම්වතෙක්ද, පෙම්වතියක්ද, වධකයෙක්ද..? මේ නිහඬතාවය විදර්ශනාත්මකව අත්විඳින නිහඬ…
තෘෂ්ණාවේ සළුපිලි වලින් වැසුණු අවිද්‍යාවේ නිරුවත.
කුටිය අවට කැලෑ පරිසරය හරිම නිහඬයි. සමාධිමත් සිතක් වගේ නොසෙල්වීම සිටිනවා. අකීකරු සුළඟ ආගිය අතක් නැහැ. වෙනදාට නාද කරන කුරුල්ලෝ කොහේ ගිහින් ද දන්නේ නැහැ. දොළ පාරේ හඬ නොවැස්ස නිසාම සිහින් කෙඳිරියක් වගෙයි ඇසෙන්නේ. මේ කවුරු නැති වුණත්, ගුප්ත නොවූ පරිසරය හරිම ආලෝකවත්. භික්ෂුව, සියළු සත්ත්වයෝ සුවපත් වේවා යැයි කියනවා ඇසිලා, අජීවී පරිසරයත් මෙත් වඩනවා…
තෘෂ්ණාව තෘෂ්ණාවෙන්ම නැති කරන කලාව.
දුක අර්ථය කොටගත් පංචඋපාදානස්කන්ධ ලෝකයේදි අපි හැමෝම සැප වේදනාවන්ට කැමතියි. සැප වේදනාවන් ඇතිවුණ අවස්ථාවන්හි දී අපි ඒ සැප වේදනාව මගේ කොට ගන්නවා. ඒ සැප වේදනාවන් තුළ බැස ගන්නවා. ඒ සැප වේදනාවන් නොවෙනස් වන දෙයක් බව දකිනවා. නමුත් යම් මොහොතක දී ඒ සැප වේදනාවන් වෙනස් වී දුක් වේදනාවක් බවට පත්වෙද්දී අපිට ඉතිරි වන්නේ බලාපොරොත්තු බිඳවැටීමක් පමණක්…
තුන්වන තථාගත බලය.
(සර්වත්‍රගාමිනී ප්‍රතිපත් දන්නා නුවණ.) ‘පුන ච පරං සාරිපුත්ත, තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං, යං බලං ආගම්ම තථාගතෝ ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.’ (මහාසීහනාද සුත්ත) ‘තථාගතයන් වහන්සේ සත්ත්වයන් සුගති දුර්ගති භවවලට පැමිණෙන්නා වු ද, අර්හත්ව ආදි තත්ත්වවලට පැමිණෙන්නා වූද පිළිවෙත් සර්වාකාරයෙන් දන්නා…
තමන් තුළටම එබී බලන්න, ලොව බිහිසුණුම අඳුර ඇතිදැයි කියා.!
රූපයේ ආශ්වාදයත්, කාමයේ ආශ්වාදයත් මගේම ආත්මය කොට ගත් තැනදී තාරුණ්‍යයේ සිතුවිලි විනයෙන් සදාචාර ධර්මයන් ගෙන්, ශීලාචාර ධර්මයන් ගෙන් පෝෂණය වීමේ ඉඩකඩ හොඳටෝම අඩු වෙනවා. මහා පරළාහ නිරයේ යම් තිරිසනෙක් කනෙන් යම් ශබ්දයක් ඇසුවොත්, තමන් අකමැති ශබ්දයක් මයි අසන්නේ. කවදාකවත් තමන්ට කැමැති ශබ්දයක් ඇසෙන්නේ නැහැ. එම නිරිසතුන් තම නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් යම් විඳීමක් ලැබුවොත් එම විඳීම…
චේතනාව ම කුශලය නම් මහන්සි නොවී වස්තුව වියදම් නො කොට චේතනාව පමණක් ඇති කර ගත්තාම මදි ද?
මෙය චේතනාව නො හැඳිනීම නිසා නඟන ප්‍රශ්නයෙකි. පරමාර්ථ ධර්මයන් ගැන දැනීම නැති අයට චේතනාව කුමක් ද? යන බව තේරුම් ගැනීම අපහසු ය. පරමාර්ථ ධර්‍ම ගැන දැනුම නැති බොහෝ දෙනා යම් කිසිවක් කරන්නට අදහස් කිරීම, නැතහොත් සිතීම චේතනාවය කියා වරදවා තේරුම් ගෙන සිටිති. මේ ප්‍රශ්නය නගන්නේ ඒ අය ය. ‘චේතනාවය’ යි කියන්නේ ඒ ඒ ක්‍රියා සිදුකිරීම්…
චතුරාර්‍යසත්‍යය නොදන්නා නිසා උපදින අවිද්‍යාව.
අද දවස පුරාම හොඳටෝම වහිනවා. පරිසරය හරිම ශීතලයි. කුටියේ දොර ජනෙල් සියල්ල වසා දමා තිබුණත්, කුටිය ඇතුළටත් ශීතල කාන්දු වෙනවා. පිංවත් ඔබ භාවනා කරනකොට, සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලභාවයන් නිසාම, පිංවත් ඔබ තුළ වැඩෙන සති සම්බොජ්ඣඬ්ඟයේ පුංචි පුංචි සිදුරු තුළින් අසිහියේ කෙලෙස් වැසිවල, පංච නීවරණ ශීතල ඔබේ ඵස්සයට කාන්දු වෙන්න පුළුවන්. සති සම්බොජ්ඣඬ්ඟයේ සිදුරු තුළින්…
ගෙයි ගින්දර පිටටත් එපා.! පිටරටටත් එපා.!
බුදුරජාණන් වහන්සේ රාහුල පුංචි ආයුෂ්මතුන්ගේ භාරකාරත්වය පවරන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේව හඳුන්වන්නේ සංඝ සමාජයේ කිරි මව කියලයි. නිහතමානිභාවයේ පරතෙරට ගිය අයිතිවාසිකම් මඟහැර තම යුතුකම් පමණක් ම පූර්වාදර්ශයන් ගෙන්ම සංඝ සමාජයට ඉටුකළ සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේගේ අයෝමය සංඝ ගුණයන් භික්ෂුවට මේ හිමිදිරි උදෑසන සිහියට නැඟෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සාරිපුත්ත මහෝත්තමයන්…
ගුරුකමේ රඟ.
කලෙක භික්‍ෂුව මනුෂ්‍ය වාසයෙන් මදක් ඈතින් වැසි වනාන්තර ලක්‍ෂණ සහිත වූ කුඩා ආරණ්‍යයක වැඩ සිටියා. මෙම කුඩා ආරණ්‍යයේ මාස 15 කින් කිසිවෙක් වැඩ ඉදල නැහැ. පාළුවට ගිහින් තිබුණ ස්‌ථානයක්. ඉහත කාලය තුළ එක ස්‌වාමීන්වහන්සේ නමක් සති දෙකක් පමණ වැඩ ඉඳලා ඉවත්ව ගිහින් තිබෙනවා. මීට මාස පහළවකට පෙරාතුව මෙහි තනිවම වැඩසිටි වයෝවෘද්ධ ස්‌වාමීන් වහන්සේ අපවත්වීම නිසයි…
කොවිඩ් නිවාඩුව කියා දෙන අකුසල් සංස්කාරය ගැන පාඩමක්.!
අවිද්‍යාවෙන් උපන් ජීවිතයක්, ජීවත් කරගන්න, පිංවත් මනුෂ්‍යයෙක් විඳින දුකක් දැක්කම, භික්ෂුවගේ සිත නවතින්නේ උතුම් ආර්ය අශ්ඨාංගික මාර්ගය තුළමයි. පංචනීවරණ තුනී වූ සම්මා සමාධිමත් සිත, දුක විනිවිද දකින්න උපකාර කරන කැඩපතක් වගේමයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක අපිට දෙවියෙක් දුන්න දෙයක්ද, බ‍්‍රහ්මයෙක්, මනුෂ්‍යයෙක්, අමනුෂ්‍යයෙක් දුන්න දෙයක්ද. එසේත් නැතිනම් දුක අතීත සංස්කාරයෝ විසින් දුන්න දෙයක්ද. පිංවත දුක…