Article
පස්වන තථාගත බලය.
(සත්ත්වයන්ගේ නානාධිමුක්තිකත්ව දන්නා නුවණ.) ‘පුන ච පරං සාරිපුත්ත තථාගතො සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත තථාගතෝ සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං, යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.’ අධිමුක්ති යනු අදහස ය. එය සත්ත්වයන් තුළ පවත්නා, තෙරුම් ගැනීමට දුෂ්කර වු අනුශය ධාතුවකි. සමහර විට ඒ ඒ පුද්ගලයෝම…
පරමාර්ථ ප්රඥප්ති භේදය.
චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය යනු පරමාර්ථ ධර්ම කොටස් සතරක් බව යට කියන ලදි. පරමාර්ථ ස්වභාව ධර්ම වූ ඒ චතුරාර්‍ය්‍ය සත්‍යය පහසුවෙන් තේරුම් ගැනීමට පරමාර්ථය පළමු කොට දැන සිටිය යුතුය. එබැවින් පරමාර්ථ ධර්ම තත්ත්වය ද දක්වනු ලැබේ. ලෝකයෙහි සත්‍ය වශයෙන් නැතිව, අන්‍ය වස්තූන්ගේ ක්‍රියා – පිහිටි ආකාරාදිය නිසා ඇති සේ පෙනෙන ඇති සේ වැටහෙන වස්තු කොටසක් ඇත්තේ…
පංචඋපාදනස්කන්ධ ධර්මයේ සරලම අර්ථය.
අතීත දීර්ඝ භව ගමනේ පටිච්චසමුප්පන්නව ‘උපාදාන පච්චයා භවෝ ‘ කියන ධර්මතාව තුළ සකස්වුණා වූ සෑම චුති චිත්තයක්ම, සෑම ප්රතිසන්ධි චිත්තයක්ම අනිත්‍ය වී ගියා. වෙනස් වී ගියා. විකෘති වී ගියා. පිංවත් ඔබ දෑස් පියාගෙන අතීතයේ සත්ත්වයෙක් ලෙස ඔබ තුළ සකස් වූ සෑම චුති චිත්තයක්ම, සෑම ප්රතිසන්ධි චිත්තයක්ම වෙනස්වී ගිය හැටි නුවණින් දකින්න. සංස්කාරයන් අනිත්‍යභාවයට පත්වෙන වේගයෙන්ම…
පංච උපාදානස්කන්ධ මාරයා.
තමන් තුළ ඇතිවන පංච උපාදානස්කන්ධ මාරයා සහ බාහිර පංච උපාදානස්කන්ධ මාරයන් ගැන විමසීමේදී, එයටම අදාළ ධර්මයන් තමයි බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රයට අදාළව දේශනා කරන දර්ශනයෙන් ප්රහාණය කළ යුතු ආශ්‍රවයන් ප්රහාණය කිරීම සඳහා, ඉන්ද්රිය සංවරය, වීර්යය, ප්රත්යවේක්ෂාව, මඟහැරයැම, දුරුකිරීම කියන මූලික කාරණා කිහිපය පිංවත් ඔබට හුඟාක් උපකාර වෙනවා. ඉහත කාරණා කිහිපය කැටි කරලා තමයි, බුදුරජාණන් වහන්සේ,…
නවවන තථාගත බලය.
(සත්ත්වයනගේ ච්‍යුති උත්පත්ති දන්නා නුවණ.) ‘පුන ච පරං සාරිපුත්ත, තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුඬෙන අතික්කන්තමානුසකෙන සත්තේ පස්සති චවමානෙ උපපජ්ජමානේ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ යථාකම්මුපගේ සත්තෙ පජානිති, ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙත සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිචිඡාදිට්ඨීකා මිච්ඡාදිට්ඨීකම්ම සමාදානා තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගිතිං විනිපාතං නිරයං උප්පන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන…
දෙවන තථාගත බලය.
(කාලත්‍රයවර්තී වු කර්මසමාදානයන්ගේ විපාක දන්නා නුවණ.) ‘පුන ච පරං සාරිපුත්ත, තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදනානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත, තථාගතෝ අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත, තථාගතස්ස තථාගත බලං යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති. බ්රහ්මචක්කං පවත්තෙති.’ (මහා සීහනාද සුත්ත) අතීතානාගත වර්තමාන යන කාලත්‍රයෙහි වු කූශලාකුශලකර්මයන්ගේ විපාක…
දුක නමැති රෝගයට එකවර ඔසු දෙකක්.
පංචඋපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවෙහි, අපි සිදු කරන, වැරදි ඇවතුම් පැවතුම් ද රෝගී භාවයේ දුක්, වේගයෙන් සමාජගත කරනවා. පින්වත් ඔබ රෝගී භාවය නිසා දුක් විඳින පින්වතෙක් නම් රෝගී භාවයට එකම හේතුව තෘෂ්ණාවයි. ඔබට රෝගී භාවයේ දුක අඩු කොට ගැනීමට අවශ්‍ය නම් ඔබ තෘෂ්ණාවයි අඩු කොට ගත යුත්තේ. තෘෂ්ණාව අඩු කරන, එකම ධර්මානුකූල මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. රෝගී…
දශවන තථාගත බලය.
(ආශ්රවක්ෂය ඥානය.) ‘පුන ච පරං සාරිපුත්ත තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුක්තිං දිට්ඨෙ ව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ජිකත්වා උපසම්පජ්ජ විහරති. යම්පි සාරිපුත්ත තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මේ සයං අභිඤ්ඤා සච්ජිකත්වා උපසම්පජ්ජ විහරති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්මා තථාගතො අසහං ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්රහ්මචක්කං පවත්තෙති.’ (මහාසීහනාද සුත්ත) තථාගතයන්…
තෙපාවක් මත රැඳුණු දිවියක් මහ මෙරක් වනු කෙලෙසදෝ.
දැන් වේලාව රාත්‍රි අටට විතර ඇති. බිත්ති ඔරලෝසුවේ තත්පර කටුවේ හඬ වේගවත්ව ඇසෙනවා. පරිසරය ඒ තරමටම නිහඬයි. මේ නිහඬ රාත්‍රියේ, භික්ෂුවගේ සිත ළඟ කවුදෝ නැවතිලා සිටිනවා. නිහඬතාවයට පින් සිද්ධවෙන්නයි. භික්ෂුව මේ අමුත්තාව හැඳින ගන්නේ. රූපය තුළට බැස ගත්තාවූ රූපී නොවන, අරූපී මේ අමුත්තා කවුද..? මොහු ඥාතියෙක්ද, හිතවතෙක්ද, පෙම්වතෙක්ද, පෙම්වතියක්ද, වධකයෙක්ද..? මේ නිහඬතාවය විදර්ශනාත්මකව අත්විඳින නිහඬ…
තෘෂ්ණාවේ සළුපිලි වලින් වැසුණු අවිද්‍යාවේ නිරුවත.
කුටිය අවට කැලෑ පරිසරය හරිම නිහඬයි. සමාධිමත් සිතක් වගේ නොසෙල්වීම සිටිනවා. අකීකරු සුළඟ ආගිය අතක් නැහැ. වෙනදාට නාද කරන කුරුල්ලෝ කොහේ ගිහින් ද දන්නේ නැහැ. දොළ පාරේ හඬ නොවැස්ස නිසාම සිහින් කෙඳිරියක් වගෙයි ඇසෙන්නේ. මේ කවුරු නැති වුණත්, ගුප්ත නොවූ පරිසරය හරිම ආලෝකවත්. භික්ෂුව, සියළු සත්ත්වයෝ සුවපත් වේවා යැයි කියනවා ඇසිලා, අජීවී පරිසරයත් මෙත් වඩනවා…