Article
අසිරිමත් බුදු නුවණ
යථා සංඛාරධානස්මිං යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වාසයකරන කාලයෙහි ගරහදින්න නමැත්තා අරභයා දේශනාකළසේක. සැවැත්නුවර සිරිගුත්ත ගරහදින්න යන නම්වලින් යහළුවෝ දෙදෙනෙක් වූහ. එයින් සිරිගුත්ත උපාසකයෙකි. ගරහදින්න නිගණ්ඨශ්රාවකයෙකි. නිගණ්ඨයෝ ඔහු අමතා සිරිගුත්තට මෙසේ කියන්නැයි කීහ. ඔබ ශ්‍රමණභවත් ගෞතමයන් වෙත යන්නේ ඇයි? ඔහු ළඟදී කුමක් ලැබිය හැකිද? එසේ කියා අප ළඟටම පැමිණෙන ලෙසත් අපටම දියයුතුදේ දෙන්නැයි කියාත් අවවාද…
අෂ්ටලෝක ධර්මය.
ලාභය – අලාභය – යසසය – අයසසය – නින්දාවය – ප්‍රශංසාවය – සැපය – දුකය කියා ලෝකස්වභාව අටක් ඇත්තේ ය. එයට ‘අෂ්ටලෝකධර්මය’ යි කියනු ලැබේ. එහි ‘යසසය’ යනු පිරිස ඇති බව ය. අයසසය යනු පිරිස නැති වීම ය. තනිවීම ය. ලෝකයෙහි ගිහි පැවිි කිසිවකුට සෑම කල්හි ම එක් තත්ත්වයකින් සිටින්නට නො ලැබේ. ලාභාලාභාදි සියල්ල ම…
අශ්‍රද්ධාවේ අකීකරුකමට, හොදම ඔසුව කල්‍යාණ මිත්‍ර ආශ්රයයී.
සාරිපුත්ත මහරහතන්වහන්සේගේ ගිහි කාලයේ නම උපතිස්ස. මේ පින්වත් උපතිස්ස තරුණයා, අස්සජි මහරහතන්වහන්සේගෙන් උතුම් සද්ධර්මය ශ්‍රවණය කරලා තෙරුවන් කෙරෙහි අචල ශ්රද්ධාවට පැමිණෙනවා. ධර්මයේ ඇස මතුකොටගන්න පින්වත් උපතිස්ස තරුණයා, තමන් සමග එකම ගුරු නිවසේ ශිල්ප හදාරමින් සිටි යහ`ඵවන් සිය`ඵ දෙනාමත් එකතුකරගෙන බුදුරජාණන්වහන්සේ බැහැදකින්න යන්න සැරසෙන මොහොතේ, පින්වත් උපතිස්ස තරුණයාට සිතෙනවා, ගුරු ගෙදර තමන්ගේ ගුරුවරයා වන සංජය නැමති…
අවිද්‍යාවේ අකුසල් නිධිය විපාක දෙන්නේ මෙසේය.
අවිද්‍යා නිරෝධෝ සංකාර නිරෝධෝ… සංස්කාර නිරෝධයෙන් භවයෙන් නිවීගිය ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා, මහ රහතුන් වහන්සේලා ආදී උතුමන්, ගිනි ගොඩක දර අහවර වීමෙන් ගිනිගොඩ යම්සේ නිවී යන්නේද, සංස්කාර නිරෝධයෙන් එම උතුමන්ගේ විඤ්ඤාණය තමා තුළින්ම නිවීගිය හැටි නුවණින් දකිමින්, සංස්කාර නිරෝධය කෙරෙහි ඡන්දය ඇතිකරගන්න. අකුසල් සංස්කාරයන්ගෙන් මිදී කුසල් සංස්කාරයන් රැස් කරගනිමින්, කුසල් අකුසල් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙන්න. විවේකීව…
අවසන් හෝරාව එළඹෙමින් ඇත …
“මිදි තිත්තයි” කියූ නරියාගේ කතාව නොදන්නා කෙනෙකු නැත. තමන්ට ලබා ගත නොහැකි දෙයක අගය වටිනාකම හෑල්ලු කිරීමක් සිදුවන්නේ නම්, එවැනි අවස්ථා සදහා මෙය බහුලව භාවිතා කරයි. පිහිනීමට නොදන්නා කෙනෙක් ගං ඉවුරේ සිට , ගගට බැස පිහිනන අයටත්, ගග දිය පිළිබදවත් පිටතින් බලා නිගමනයන්ට එළඹිය හැක. අප ඇසුරු නොකොට, ඇතැම් විට වචනයක්වත් කතා නොකරන අයගේ යම්…
අවබෝධය උදෙසා හුස් ම රැල්ල යොදාගන්න.
ලොව්තුරා බුදුරජාණන්වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී බොහොම නිරවුල්ව දේශනා කරනවා භවදුකෙන් අත්මිදීම සඳහා සතර සතිපට්ඨාන ධර්මයන් ජීවිතයෙන් ප්‍රගුණ කළ යුතු ආකාරය. මේ තරම් පැහැදිළි සම්මා සම්බුද්ධ දේශනාවක් තිබියදී අපට ඇසෙනවා බාහිර ක්‍රමවේදයන් පිළිබඳ සමාජයේ යම් ප්‍රවණතාවක් තිබෙනවා. මේ හැම ක්‍රමවේදයක් තුළින්ම මනුෂ්‍යයා යම් සහනයක්, සැහැල්ලුවක් ජීවිතයට ලබනවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ. නමුත් අපේ අරමුණ ජීවිතයට…
අඹුසැමියන්ගේ යුතුකම්.
පවුලක සමගිය සතුට දියුණුව ඇතිවීමට අඹුසැමි දෙදෙනා විසින් ම ඔවුනොවුන් සම්බන්ධයෙන් තම තමා අයත් යුතුකම් නො පිරිහෙලා ඉටු කළ යුතු ය. බොහෝ දෙනා තමාගෙන් ඉටු විය යුත්ත ඉටු නො කොට අනෙකා ගෙන් පමණක් යුතුකම් ඉටු කරවා ගැනීමට බලාපොරොත්තු වෙති. බොහෝ පවුල්වල අසමගිකම්වලට හා පිරිහීමටත් හේතුව එය ය. තථාගතයන් වහන්සේ විසින් “සිගාල” ගෘහපති පුත්‍රයා හට සැමියකුගේ…
අනිත්‍යයත්, අතහැරීමත් යනු අන්තවාදයක් නොවේ.
ධර්ම දේශනාවක් අවසානයේදී පිංවත් තරුණයෙක් ප්‍රශ්නයක් විමසුවා. “හාමුදුරුවන් කියනවා මේ මේසයත් අනිත්‍යයි, මේ මල් පෝච්චියත් අනිත්‍යයි, මේ කෝප්පයත් අනිත්‍යයි, මමත් අනිත්‍යයි, ඔක්කොම අනිත්‍යයි…. මෙහෙම හිතලා අපි කොහොමද ජීවත්වෙන්නේ ” කියලා. මේ මහත්තයා යම් කිසි ආවේගයකින් මේ ප්රශ්නය ඇසුවේ. ඒ මහත්තයා තුළ මේ උතුම් අනිත්‍ය ධර්මය කෙරෙහි යම් හාස්‍යයක් ඇතිවෙලා තිබුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මම…
අධික කෝපය පාලනය කරගනිමු.
පින්වත් ස්වාමීන් වහන්ස, අධික කෝපය පාලනය කිරීමට කුමක් කළ යුතු ද? විශේෂයෙන්ම අපහාස, චෝදනා ඉදිරියේ දී කෙසේ මුහුණ දිය යුතු ද? මෙහි දී කෝපය නිසා, නොඉවසීම නිසා තමන්ට සිදුවෙන අවාසි, ආදීනව නුවණින් මෙනෙහි කිරීමත් – මෛත්‍රියෙහි, ඉවසීමෙහි ආනිශංස සිහිකිරීමත් ඉතා ප්‍රයෝජනවත් ය. අංගුත්තර නිකායට අයත් පඨම සහ දුතිය අක්ඛන්ති සූත්‍රවල දී නොඉවසීමේ, කෝප වීමේ ආදීනව…
අධාර්මික රජතුමා – අටුවා රසකතා.
කාශ්‍යප බුදුරජුන්ටත්, ගෞතම බුදුරජුන්ටත් අතර කාලයක අතිදේව නම් රජ කෙනෙකුට පුතෙක් සිටියේ ය. හෙතෙම ධාර්මික ය. එහෙත් ධනයෙන් හිඟ වූවෙකි. ධනය රැස්කිරීමට කැමති වූ මොහු තම ඇමතිවරුන් කැඳවා මෙසේ කීවේ ය. “ඇමතිවරුනි, රාජ භාණ්ඩාගාරයේ ධනය හිස් වී ඇත. මම එය හොඳින් දනිමි. එම නිසා කෝෂ්ටාගාරය දැහැමින් පිරවිය යුතු ය. අධාර්මික ලෙස නොපිරවිය යුතු ය. එමෙන්…