පව නොදන්නා සමාජයට වඩා පව පින හඳුනන බෞද්ධයෙක්‌ වීමේ අගයම දකින්න.

මේ ලිපියට අදාළ සටහන කියවීමේදී පිංවතුන්ලාට සිතිවිල්ලක්‌ සකස්‌වෙන්න පුළුවන්, සිංහල බෞද්ධයෙක්‌ වීම හරිම අනතුරක්‌ නේද කියලා. මෙය සටහන් තබන භික්‍ෂුව ගෞරවයෙන්ම පිංවත් ඔබට කියනවා ඔබ බෞද්ධයෙක්‌ වීම මේ ලෝකධාතුවේ ශ්‍රේෂ්ඨතම සිදුවීම කියලා. සිංහල බෞද්ධ පිංවත් ඔබ පමණක්‌මයි කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම කියන අර්ථය නිවැරදිව දන්නේ. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය නිවැරදිව දන්නේ…

Read More

පරිසරය ලස්සනට තබාගෙන ආනිශංස එකොළහක් ජිවිතයට ලබා ගන්න.

භික්ෂුව අද උදෑසන පිණ්ඩපාතයේ වැඩම කිරීමට කැලයෙන් මහපාරට අවතීරණය වෙද්දී, පාරේ අයිනේ තිබෙන ගස් සෙවණේ, තැන් තැන්වල බත් ඔතාගෙන පැමිණි පත්තර කොල, තැඹිලි කෝම්බ, වරකා ගෙඩියක් අනුභවකොට ඉතිරි අපද්‍රව්‍ය තැන් තැන්වල දමලා. පාසල් නිවාඩුව නිසා වන්දනාවේ යන, විනෝද ගමන් යන වාහන මේ දිනවල පාරේ හුඟාක් වැඩියි. එම පින්වතුන්ලා කෑම කන්න කැලය අයිනේ වාහනය නවත්වලා, ආහාරයෙන්…

Read More

පන්සිල් රැකීමේ ආනිසංස.

පින්වතුනි, ගිහි ජීවිතය ගෙවන අයත් පැවිදි ජීවිතය ගෙවන අයත් ඒ හැම දෙනාම සිල්වත් විය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් සසර දුකින් එතෙර වන්නට උපකාරී වෙන ඒ සීලය වඩන ආකාරය බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙන්නේ පැහැදිලිව. ගිහි පින්වතුන් හැමදාම පන්සිල් ආරක්ෂා කළ යුතුයි. පොහොය දිනයේ අටසිල් ආරක්ෂා කළ යුතුයි සසර දුකින් මිදීමට කැමති…

Read More

පඬුර බෙල්ලේ බැඳගන්න ශීලයේ කොඩිය අතට ගන්න.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර තිබෙන්නේ දුකට හේතුව වන කාමයන් කෙරෙහි ඇති තෘෂ්ණාව ලාමකයි, තුච්ඡයි කියළා. මේ කාමයන්ගෙන් ආශ්වාදයන්ගෙන් දුරස්‌වෙන්න කියලයි බුදුරජාණන් වහන්සේ ඔබලාට දේශනා කරන්නේ. මේ ආශ්වාදයට ඇති ලොල් භාවය නිසාමයි සත්වයා අප්‍රමාණ අකුසල් සිදුකරගන්නේ. ඒ අකුසල්වල ප්‍රතිඵලය තමයි කායිකව මානසිකව ඔබ අත්විඳින දුක පසුතැවීම. මෙය හඳුනාගතහොත් ඔබලාට දේවාල ගාණේ පඬුරු බඳින්න, භාරහාර වෙන්න යන්න…

Read More

පටිච්චසමුප්පන්න චක්‍රයම අපේ ලෝකයයි. !

පින්වත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස ජීවිතයේ හැම දෙයක්ම වෙනස් වෙලා ගියා. අතීත රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන් පටිච්චසමුප්පන්න සුළඟට ගසාගෙන ගිහිල්ලා. මගේම ආච්චී, සීයා, අම්මා, තාත්තා මැරුණාට පස්සේ කොහේ ඉපදුනාද කියන්න, මම දන්නේ නැහැ. තරුණ කාලයේ එකට සෙල්ලම් කරපු යාළුවෝ, හුඟදෙනෙක් මිය ගිහිල්ලා. ඒ අය පටිච්චසමුප්පන්නව නැවත සුගතියක ඉපදුනාද කියන කාරණය ඉදිරියේ, මටත් තිබෙන්නේ…

Read More

පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය.

ප්‍රශ්නය :- ස්වාමීන් වහන්ස තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් පටිච්ච සමුප්පාදය ගත්තට පස්සේ අපට ස්වාමීන් වහන්සේලා වගේ අපේ පුද්ගලික දැනීමේ හැටියට අපි අහල තියෙන විදිහට පටිච්ච සමුප්පාදයේ දකින විදිහට අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං කියලා සමහරක් භාවනා ක්‍රමවල උගන්වන්නේ අපි දැකලා තියෙනවා ඕකේ ජීවිත තුනකට සම්බන්ධ කරනවා. පළමුවන ජීවිතය අවිජ්ජා පච්චයා සංඛාරා නිසා ඊට පස්සේ…

Read More

නිහඬ නවාතැන්පල.

දීර්ඝ අවිවේකී ධර්මදේශනා මාලාවක් නිමාකොට, විවේකී වස් සමයක නිහඬ නවාතැන්පල. මේ නවාතැන්පල මාගේ සුන්දර කුටිය නොව, අතීතයේ දස දහස් වාරයක්, මා වල දැමූ සුසාන භූමියයි. නෙත ගැටන දසුනින්, ආශ්වාදයද නොව, ආදීනවයද නොව, නිස්සරනයේම අර්ථය මතුකොට ගන්න දක්ෂ වෙන්න. දුප්පත් කටුමැටි කුටියක, පිරී ඉතිර යන ධර්මයේ පොහොසත් බව, අඳුරු රැයක වුවද, ප්‍රභාශ්වර සිතක උරුමය ඔබට ලබාදෙනු…

Read More

නිවසේ සිටම පහසුවෙන් භාවනාව වඩන ආකාරය.

ගිහී යෝගියෙක්ට සිය නිවසේ දී භාවනා කළ හැකිද කියලා කියනවා. ඇත්ත වශයෙන්ම පුළුවනි. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයෙත්, ඊට පසු කාලවලත්, ලංකාවෙත් බොහෝ ගිහි බෞද්ධයෝ සිය නිවෙස්වල භාවනාව කරලා තියෙනවා. පිනුත් කරනවා. මේ භාවනාව කිරීමට වාඩි වෙලාම කියලා නියමයක් නෑ. තමාට පහසු ඉරියව්වක… පුටුවකින් වාඩි වෙලා හරි හිටගෙන හරි කැමති කැමති ඉරියව්වක භාවනා කරන්නට නිවසේදිත්…

Read More

නිවන් මඟ ගමන් කරන පිංවතා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නිවන් මඟ ගමන් කරන පිංවතා, කාරණා හතකට ගරුකළ යුතුයි කියලා. එම කාරණා හත තමයි බුදුරජාණන් වහන්සේට, ධර්මරත්නයට, සංඝරත්නයට, ශීලයට, සමාධියට, අප්‍රමාදීභාවයට, ධර්ම සාකච්ජාවට. ධර්ම සාකච්ජාව නිවන් මාර්ගයට අදාළ ගරුකළයුතු ධර්මයක්‌ වෙනවා. ධර්ම සාකච්ජාව සාර්ථක කරගැනීමට නම් සවන්දීමේ හැකියාව අපි ඇතිකරගතයුතු වෙනවා. නිවන් මාර්ගයේ ගමන්කරන පිංවතාට නිහඬ පරිසරය හුඟාක්‌ වැදගත් වෙනවා. අපි…

Read More

නව වසරක් දී වැඩි අවධානය යොමු කළ යුත්තෙ…

ලබන්නාවූ නව වසරේදී රෝගීභාවය සහ අල්පආයුෂයි මනුෂ්‍ය ජීවිතය ඉදිරියේ තිබෙන බරපතලම අනතුරබවට පත්වෙන්නේ. මේ කෙටි ආයුකාලය තුළ මනුෂ්‍යයා තම ජීවිතය බරපතළ ශිල්පද බිඳීම් සහ අකුසල් මූලයන්කරා යොමුකර ගනිමින් මෙම කෙටි ආයුෂ කාලය දීර්ඝ අනාගත භවදුකකට යොමුකරගනිමින් සිටී. වර්තමාන සමාජය දෙස බැලීමේදී පිංවත් ඔබට හොඳින්ම පෙනෙනවා මනුෂ්‍ය සමාජය, අනිත්‍යවූ, තමන් වසඟයේ තබාගැනීමට නොහැකි ධනයක්‌, බලයක්‌, වත්පොහොසත්කමක්‌…

Read More