Article
පටිච්චසමුප්පාද යන්නෙහි තේරුම.
ගින්න නිසා දුම ඇතිවන්නක් මෙන්ද ගස නිසා ගෙඩිය ඇති වන්නාක් මෙන්ද තමා නිසා පෙර නොතිබූ අන් දෙයක් ඇති වීමට හේතු වන්නා වූ දෙයට හෙවත් ධර්මයට “පටිච්චසමුප්පාදය” යි කියනු ලැබේ. අවිද්යාව ඇති කල්හි ඒ අවිද්යාව නිසා පුණ්යාභි සංස්කාරාදී ත්රිවිධ සංස්කාරයෝ හටගනිති. එබැවින් සංස්කාරයන්ට හේතු වූ අවිද්යාව පටිච්චසමුප්පාදයකි. අවිද්යාව නිසා හටගන්නා වූ සංස්කාරයන් නිසාද විඥානය ඇතිවේ. එබැවින්…
නිවන් අවබෝධයට භාවනා කළ යුතුම ද?
මෙය වර්තමානයේ බොහෝ දෙනෙකුට ඇති වන ගැටළුවකි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කළ ධර්ම ශ්රවණයෙන් නිවන් සාක්ෂාත් කර ගත් පුද්ගලයින් සංඛ්යාව අසංඛෙය්ය ගණන් වේ. භාවනා කර නිවන් දුටු පුද්ගලයන් පිළිබඳව ත්රිපිටක පාළියෙහි සඳහන් වන්නේ ඉතාම අල්ප වශයෙනි. එහෙයින් බොහෝ දෙනෙකුට ඇතිවන ගැටළුවක් වන්නේ නිවන් දැකීමට භාවනාව අත්යවශ්ය කටයුත්තක්ද යන්නයි. මෙයට දිය හැකි කෙටිම පිළිතුර “ඔව්” යන්නයි….
නාම-රූප.
සත්ත්වයාය පුද්ගලයාය කියා සලකනු ලබන දෙය ඉතා කෙටි ක්රමයකට බෙදන කල්හි නාමය රූපය කියා දෙකොටසෙක් වේ. ශරීරය යයි කියනු ලබන, බඹයක් පමණ උසට වැඩී තිබෙන කොටස වනාහි එක් ස්වභාවයකින් ම නො පවතින, නැවත නැවත අමුතු අමුතු ආකාරවලට පැමිණෙන දෙයකි. එය බාල කාලයේ දී බොහෝ දෙනාට ප්රිය වූ කුඩා දෙයකි. එය තරමක් පරණ වන කල්හි බඹයක්…
ධර්මයටම අපි හෙට දවස භාරකරමු.
පිංවත, යම් පිංවතෙක් උතුම් චතුරාර්ය සත්යය ධර්මයන්ගේ අර්ථය ජීවිතයට එකතුකොට ගන්නේ නැතිනම්, ඔහු දුකට පත්වේවි. ඒත් දුකට පත්වෙන ඔහුව දැකලා ඔබ සිනාසෙන්න එපා. පිංවත් ඔබ සිනාසුණොත්, ඉන් අදහස් වෙන්නේ ඔබත් චතුරාර්ය සත්යය ධර්මයන් ජීවිතයට එකතුකොටගෙන නැති බවයි. පිංවත වර්තමාන සමාජයේ දුකට පත්වෙන පිරිසත්, එම අයට සිනාසෙන පිරිසත් දකිනකොට, අපි චතුරාර්ය සත්යය ධර්මයන්ගෙන් මොනතරම් නම් දුරස්…
දුල්ලභෝ මනුස්සත්තභාවෝ.
මිනිසත් බව දුලබ ය. එයින් ලැබිය හැකි බොහෝ උසස් ප්රයෝජන ඇත්තේ ය. ලොව්තුරා බුදු බව පසේබුදුබව රහත් බව යන ලෝකෝත්තර සම්පත්තීන් හා සකල ලෞකික සම්පත්තීන් ද ලැබීමේ මග සාදා ගැනීමට මිනිසත්බව ඉවහල් වන්නේ ය. බොහෝ ධනය සපයා නෑ මිතුරන් පිරිවරාගෙන අඹුදරුවන් හා පස්කම් සැප විඳීම මේ මිනිසත් බවින් ලබන්නට ඇති උසස් ප්රයෝජනයකැයි නොසැලකිය යුතු ය….
දිවි නසා ගැනීමෙන් ප්රාණඝාත අකුශල කර්මය සිදු වේ ද?
මෙය විභජ්ජවාදය අනුව විසඳිය යුතු ප්රශ්නයෙකි. සාවද්ය වූ දිවි නසා ගැනීමක් ද ඇත්තේ ය. නිරවද්ය දිවි නසා ගැනීමක් ද ඇත්තේ ය. ඇතැම් අඥයෝ තමන්ට වූ අලාභ හානි නිසා හෝ ප්රසිද්ධ වුවහොත් මහත් ලජ්ජාවට පැමිණිය හැකි වරදවල් තමන් අතින් සිදු වීම නිසා හෝ ඇතැම් අදහස් ඉටුකර ගන්නට ඉඩ නැතිකම හෝ බැරි වීම නිසා හෝ අනුන්ගෙන් ඇති…
දාන පාරමිතාව පිරිය යුතු ආකාරය.
සැපයට හේතුවන උපකරණයෝ ය, ශරීරාවයවයෝ ය, ජීවිතය ය යන මේවා පරිත්යාග කිරීමෙන් ද, අන්යයන්ට පැමිණියා වූ ද, ඉදිරියට පැමිණිය හැකි වූ ද, භය දුරු කිරීමෙන් ද, ධර්මෝපදේශ දීමෙන් ද, දාන පාරමිතාව පිරිය යුතුය. දන් දීම නුවණින් කළ යුත්තකි. ඒ ගැන දත යුතු කරුණු රාශියෙකි. සුදුසු ආකාරයන් නොසලකා, දුන්නා වීමට පමණක් දෙන දානයේ වටිනා කමක් නැත….
ද්වේශයේ ආශ්වාදය
පිංවත, ප්රණීත සහ අප්රණීත කියලා සංස්කාරයන් දෙවර්ගයක් තිබෙනවා. ප්රණීත දේවල් සහ ප්රණීත සිවුපසය ගිහි සහ පැවිදි අපිට ලැබෙන්නේ පෙර පින නිසාමයි. පිංවත, පෙර පිනට ප්රණීත දේවල් ලැබෙද්දී, අවිද්යාව අපිට ආශ්වාදයේ අත්තටු දෙන්න පුළුවන්. එවිට පිංවත් ඔබ ප්රණීතභාවය කෙරෙහි අසිහියෙන් ඉගිලෙන්න නම් යන්න එපා. ප්රණීතභාවයට හේතුවෙන සියළුම සංස්කාරයෝ වෙනස් වෙලා යන්නේ නොසිතූ, නොපැතූ විදිහටයි. අපේ මාතෘභූමිය…
ආත්ම පන්සියයටම එක වරක් කුස පුරවාගත්, ලෝසක තිස්ස තෙරුන්.
පින්වතුනේ, පින්වත් දරුවනේ, යම් කෙනෙකුට යමක් ලැබෙන්ට තියෙනවා නම් කවදාවත් ඒකට අකුල් හෙලන්ට හොඳ නෑ. වළක්වන්ට හොඳ නෑ. අනුන්ට ලැබෙන දේට ඊර්ෂ්යා කොට එය නැති කර දාපු හේතුවෙන් සසරේ බොහෝ කලක් දුක් වින්ද ඉතා ම ශෝචනීය කථාවක් දැන් ඉගෙන ගන්නේ. ඒ කාලේ අප භාග්යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනයේ. ඒ කාලෙම කොසොල් රටේ මාළු මරණ…
අනාගාමී පුද්ගලයා.
“කාමරාගව්යාපාදානං අනවසෙසප්පහාණාය පටිපන්නො පුග්ගලො අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො, යස්ස පුග්ගලස්ස කාමරාගව්යාපාදා අනවසෙසා පහීණා, අයං වුච්චති පුද්ගලො අනාගාමී.” “කාමරාගව්යාපාදයන් නිරවශේෂයෙන් ප්රහාණය කීරිමට පිළිපන් පුද්ගල තෙමේ අනාගාමිඵලය සාක්ෂාත් කිරීම සඳහා පිළිපන්නේවේ. යම් පුද්ගලයකු හට කාමරාග ව්යාපාදයෝ නිරවශේෂයෙන් ප්රහිණ ද ඒ පුද්ගල තෙමේ අනාගාමීයයි කියනු ලැබේය.” යනු ඉහත දැක්වූ පාඨයේ තේරුමය. අනාගාමි යන වචනයේ තේරුම ඉපදීම වශයෙන් නැවත කාමලෝකයට නො…