Article
විශ්වයේ පහළ වූ අසිරිමත් ගුරුවරයා.
ගුරුවරයා නම් වූ අර්ථ සම්පන්න වදන නිවැරැදිව ගැලපිය හැකි වන්නේ කවුරුන් උදෙසාදැ’යි විමසීමේ දී එය සැබවින්ම අර්ථ සම්පන්න වන්නේ වෙසක් පොහෝ දින එළිය දුටු ඒ අසිරිමත් පුද්ගලයාණන් වූ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා බව පෙනෙයි. උන්වහන්සේ උත්තරිතර ගුරු පදවියෙහි විනිවිදභාවය මනාව අර්ථසම්පන්න කළ උතුමන් වහන්සේ ය. එම නිසාම උන්වහන්සේට මග්ගඤ්ඤු (One who know the path) මග්ගක්ඛායි…
විවෘත වූ දහමක කුමන ප්‍රශ්න ද? කුමන පිළිතුරු ද?
මේ සටහන කියවන ධර්මය කෙරෙහි උනන්දුව අඩු, ජීවිතය ආශ්වාදයක් කරගත් පිංවතෙකුට, පිංවතියකට ‘මේ තරම් ලස්සන, සුන්දර, තාරුණ්‍යයෙන් පිරුණු ජීවිතය දෙස ඇයි අපි අසුබවාදීව බලන්නේ ‘ කියලා සිතෙන්න පුළුවන්. බාහිරින් ඔය ‘පවුඩර් සාප්පුව’ දිහා බැලුවහමනම් ලස්සන තමයි. නමුත් පිංවත් ඔබම සිතන්න, සුවඳ විලවුන්, පවුඩර්, ඇඳුම් පැලදුම්, දත් මැදීම්, නෑම, ඇඟ සේදීම් නැති වුණොත් රූපයේ මොන ලස්සනක්ද?…
වැරදි ලෙස මෙවුන් දම් සේවනය කිරීම.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස කාමේසුමිච්ඡාචාරා හෙවත් වැරදි ලෙස මෙවුන් දම් සේවනය කිරීම අරියකන්ත ශීලය හෙවත් පඤ්චසීලයේ තෙවන සිල්පද ” කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ” යනුයි. එහි සාමාන්‍ය අදහස ” මම කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකින සිල්පදය සමාදම් වෙමි ” යනුයි. කාමේසු මිච්ඡාචාරා කියන්නේ කාමයෙහි වරදවා හැසිරීමටයි. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ලෝක සම්මත චාරිත්‍රයට…
වැඩියෙන්ම දන් දිය යුත්තෙ නැති බැරි අයයි…
දානය ගැන කතා කරද්දී දරුවෝ අපේ සමාජයේ හුගාක් වෙලාවට තියෙන අය තමයි දන් දෙන්නේ. නැති අය හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ තියෙන අයගෙන් ලබන්න. ඔතන හරිම දුර්වල කමක් නැති අය කරන. මොකද ඉස්සෙල්ලාම දකින්න ඕන මේ ඇති පිරිසක් බිහි වුණේ කුමක් නිසාද? පෙර ජීවිතයේ දානය නිසා. දන් දෙන්න පුළුවන් ශක්තිමත් ආර්ථිකයක් කෙනෙකුට ලැබුණේ කුමක් නිසාද? ඒ…
වැඩි මුදලක් වියදම් නොකොට කළ හැකි මහ පින්කම් කිහිපයක්.
කුසල් දහම් දියුණු කරගන්නා අතරම ඉඩක් ලද විගස මේ පිංකම් ද සිදු කර ගනිත්වා. මේ පිං නිවන් පිණිසද හේතු වේවා යැයි ද ප්‍රාර්ථනා කරත්වා. 1) බුදු ගුණ මෙනෙහි කිරීම 2)දහම් ගුණ මෙනෙහි කිරීම 3)සඟ ගුණ මෙනෙහි කිරීම 4)අනුන් කළ මහා පින්කම් අනුමෝදන් වීම. 5)අට සිල් සමාදන් වී රැකීම 6)නිති පන්සිල් රැකීම 7)භාවනා කිරීම හා අනෙකුත්…
වර්ථමාන කුසල් තුලින්, අතීත අයෝමය කුසල් ශක්තිය මතු කරගන්න.
අනාගතයේ ඔබට රට ජාතිය නිසා අඹුදරුවන් නිසා සැබවින්ම සතුටු වීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද මනුෂ්‍යයාගේ පංචඋපාදානස්කන්ධය ගිනිගන්නා විට ගිනි රස්නය මත සිසිලස සෙවීම විහිළුවක් වෙනවා. දුෂ්ශීල මාර්ගයන් තුළින් සකස්වෙන අකුසලයන් නිසාම ගින්දර නිවා ගැනීමේ මාර්ගය හැටියට ලෝකය දකින්නේ තව තවත් ගිනි අවුළුවා ගැනීමේ මාර්ගයක්මයි. පිංවත් ඔබ මේ ධර්ම මාර්ගයේ පෙරට එනවිට ඔබ නිවැරැදිව ඔබේ ශාස්තෘන්…
වන්දනාවක සැඟවුණු රහස.
තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්කරගත් ජීවිතයක් ගිහි වේවා පැවිදි වේවා කවදාවත් අසරණවෙන්නේ නැහැ. ඔහු ශක්තිමත් පෞරුෂත්වයක් ඇතිකරගන්න කෙනෙක් වෙනවා. මොකද ඔහු ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේගේ ගුණයත් ඥාණයත් දැක්ක කෙනෙක්. මේ ලෝකධාතුව තුළ ඇති අයෝමය ශක්තිය සරණගිය කෙනෙක්. ඔහුට පෙනෙන්නේ සුගතියමයි. දුගතිය ඔහුට පෙනෙන්නේ නැහැ. ඔහු කථාකරන්නේ ධර්මයමයි. අධර්මයක් කථාකරන්නේ නැහැ. තෙරුවන්ගේ අයෝමය ශක්තිය සරණගිය පිංවතා, පිංවතිය…
වන්දනාවක සැගවුණු රහස.
තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්කරගත් ජීවිතයක් ගිහි වේවා පැවිදි වේවා කවදාවත් අසරණවෙන්නේ නැහැ. ඔහු ශක්තිමත් පෞරුෂත්වයක් ඇතිකරගන්න කෙනෙක් වෙනවා. මොකද ඔහු ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේගේ ගුණයත් ඥාණයත් දැක්ක කෙනෙක්. මේ ලෝකධාතුව තුළ ඇති අයෝමය ශක්තිය සරණගිය කෙනෙක්. ඔහුට පෙනෙන්නේ සුගතියමයි. දුගතිය ඔහුට පෙනෙන්නේ නැහැ. ඔහු කථාකරන්නේ ධර්මයමයි. අධර්මයක් කථාකරන්නේ නැහැ. තෙරුවන්ගේ අයෝමය ශක්තිය සරණගිය පිංවතා, පිංවතිය…
ලෞකික සැපයට මාර්ගයත් උතුම් ආර්යආෂ්ටාගික මාර්ගයමයී.
සැබෑ ක්‍රිස්තියානි භක්තිකයෙක්, කවදාකවත් බුදුරජාණන් වහන්සේට අගෞරවයක් කරන්න පෙළඹෙන්නේ නැහැ. නමුත් තෘෂ්ණාවෙන් ඔද්දල් වුණු විඳීමේ විවිධත්වයන් සොයාගෙන යන රස්තියාදුකාර සිතකට පුළුවන්, තමා තමාටම අවීචි මහා නිරයට ඇද දමන්නට අසත්පුරුෂ භාවයෙන් පෝෂණය වුණ රස්තියාදුකාර සිතුවිල්ලකින්, මතුවෙන මුහුණේ සිනාරැල්ල ගිනි ජාලාවකින් මතුවෙන ගිනි දැැල්ලක්මයි කියලයි ධර්මයේ සඳහන් වෙන්නේ. විවිධත්වයෙන් යුත් විඳීම් සොයාගෙන ලෝකය හඹාගෙන යෑමේ නිදහස පිංවත්…
ලෞකික සහ ලෝකෝත්තර ජීවිතය.
එකම මනුස්සයා තුළ දෙදෙනෙකු සිටිනවා. සමහර අවස්ථාවල මිනිසුන් කියනවා මේ මනුස්සයා හරියට යකෙක් වගේ කියා. තවත් අවස්ථාවක කියනවා ඔහු දෙවියෙක් වගේ කියා. එකම මනුස්සයා යක්ෂයා සහ දෙවියා කියා අමතන්නට ඇති හේතුව කුමක්ද? බුදුදහමට අනුව අපේ සිතේ ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, වෛරය, පලිගැනීම වගේ අකුසල චෛතසික ඉස්මතු වූ විට අප නොදැනීම යක්ෂයා ආරූඪ වෙනවා. ඒ වගේම මෙත්තා, කරුණා,…