Article
දැවෙන සමක් – නිවෙන මඟක්.
ඔබගේ සම කියන්නෙ මොනතරම් සුන්දර ලස්සන දෙයක්ද. සත්වයා තුළ තමාගේ අශ්වාදය උදෙසා ඉතා සංවේදී “මෙවලමක්” සම. දේශගුණික කලාපයන් අනුව සමේ පැහැය වෙනස් වෙනවා. සමහරුන්ගේ සම සුදුයි, රතුපාටයි, කහ පාටයි, රෝස පාටයි, කළු පාටයි, තළෙළුයි. මේ විවිධ වර්ගයෙන් යුත් සම ප්රභාෂ්වරව පවතින්නේ තරුණ කාලයේදිමයි. අපි සම දකින්නේ සම හැටියටමයි. ඉන් එහා දැක්මක් අපට නැහැ. මගේ සම…
දානය මහත්ඵල මහානිසංශ වීමට.
ඔබව දන්දීමෙන් වළක්වන්න කවුරුන් හෝ සිටී නම්, ඒ මව්පියන් වේවා, බිරිඳ වේවා, දරුවන් වේවා, ඥාතීන්වේවා, හිතවතෙක් වේවා ඔහු ඔබගේ ඥාතියෙක් හෝ හිතවතෙක් නොවන බව තරයේ සිහි තබාගන්න. එවැනි අය මගහරින්න. එවැනි අයගෙන් දුරස්වන්න. යමෙක් තෙරුවන් කෙරෙහි සද්ධාව වැඩෙන, සිල්පද ආරක්ෂාවෙන,දන්දීමට පෙළඹෙන ක්‍රියාවන්ට අනුබල දෙන්නේ නම් ඔහු ඔබේ ළඟම ඥාතියා කරගන්න. සිදුකරන ක්‍රියාව මෝහයෙන් මිදී ලෞකික…
තෘෂ්ණාව සමග බැඳුණු ජීවිතයට ආලෝකයක්.
පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් ප්‍රශ්නයක් විමසුවා, රහතන් වහන්සේ නමක් පිරිමි හෝ කාන්තා රූපයක් දකින්නේ කොයි ආකාරයට ද කියලා. භික්ෂුව සූත්රගත ධර්මයන්ට අදාළව ලබාදුන් පිළිතුර වූයේ මහත්තයෝ, යම් භික්ෂුවක් උතුම් රහත්ඵල අවබෝධයට පත් වෙනවාය කියන්නේ උන්වහන්සේ කාරණා පහක් ධර්මානුකූලව අවබෝධ කළාය කියන කාරණයයි. එම අර්ථයන් පහ තමයි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන පංචඋපාදානස්කන්ධ ධර්මයන්. අපි කවදා…
චිත්ත විශුද්ධියෙන්, ප්‍රඥා විශුද්ධියෙන් දුර්වල නම්.
සමාජයේ සමහරක් පිංවතුන්ලා සිටිනවා, ඒ අය හොඳින් සිල්පද පහ ආරක්ෂා කරනවා. නමුත් මේ අය ප්‍රකාශ කරන්නේ, අපට නො පෙනෙන අනෙක් ග්‍රහලෝකවල මේ මොහොතේත් බුදුරජාණන් වහන්සේලා වැඩ සිටිනවා කියලා, මේ මොහොතේත් කොහේ හෝ ග්‍රහලෝකයක බුදුරජාණන් වහන්සේ නමක් සද්ධර්මය දේශනා කරනවා කියලා, අපි සියලු දෙනා ම යම් දවසක නිවන් අවබෝධ කරගන්නේ බුද්ධත්වයට පත්වෙලා ය කියලා, ඒ නිසා…
ගිහි වත.
පැවිදිව නිවන් මග වැඩීමට බලාපොරොත්තුවන ඔබ ගිහිව සිටින කාලයේදී ගිහිවත සම්පූර්ණ කිරීම පැවිදිව නිවන් මග වැඩීමට පහසුය. ඔබ ගිහිවත සම්පූර්ණ කර නොමැති නම් නිවීමේ අරමුණ සඳහා පැවිදිවීමට ඉක්මන් නොවන්න. ගිහිවතේ තිඹිරිගෙය ගමේ පන්සලය. පන්සලේ ස්වාමීන් වහන්සේලාගේ ස්වභාවයන් විවිධ වුවද ඒවා ඔබට අදාළ නොවන බව සිතන්න. අනිත්‍ය ස්වභාවය නිසා විවිධත්වයක් ඇතිවීම ස්වභාවිකය. අප පුදුම විය යුත්තේ…
කුසගින්නද ආශිර්වාදයකි.
නිවන් මඟ වඩනා භික්ෂුවක් වනගතව වාසය කරන විට, පිණ්ඩපාතය ලබාගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවීම ස්වභාවිකය. එවැනි අවස්ථාවකදී කුසගින්නද ඔබේ නිවන් මඟට ආශිර්වාදයක් කරගත යුතුය. එහෙත් මෙහිදී ඔබ කුසගින්නේ සිටිනා වග දැනගතයුත්තේ ඔබ පමණමය. එක දිගට වේලක්, දෙකක්, තුනක් ආහාර නොලැබීම ඔබට පුදුම අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව සලසාදෙයි. ඔබ කුසගින්නේ සිටින බව, සිටි බව ලෝකයා දැනගතයුතු නැත. සාක්ෂිකාරයාද,…
කාලයේත්, ආහාරයේත්, රෝගයේත් යථා ස්වාභාවය මෙසේ විචාරන්න.
පිංවත් ඔබ, එදිනෙදා ජීවිතයේදී වේදනාවේ අනිත්‍යභාවය නොදකින නිසාම, අනාගත භවය උදෙසා මොනතරම් නම් සංස්කාර රැස්කොටගන්නවාද. කාර්යබහුල ජීවිතයේදී ඔබ කාලය නිසා මොනතරම් වේදනාවන් සකස්කොටගන්නවාද. මෙය සටහන් තබන භික්ෂුවට ජීවිතයේ එදිනෙදා කාලසටහනක් නැහැ. භික්ෂුව ඔරලෝසුවක් පාවිච්චි කරනවා. නමුත් එදිනෙදා කටයුතුවලදී භික්ෂුව ඔරලෝසුව බලන්නේ පිණ්ඩපාතයට වැඩීම සඳහා පමණයි. උදේම එළිය වැටෙනකොට මුහුණ සෝදාගන්නවා. පිණ්ඩපාතය කරගෙන ඇවිත්, ඇමදීම් කටයුතු…
කායානුපස්සනාව – මරණානුස්සතිය.
මීළඟට කායානුපස්සනාවට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මරණානුස්සති භාවනාව වඩන්නය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අතීත සංසාර භවගමනේ, පිංවත් ඔබ මිය ගිය අවස්ථාවන්හිදී, ඔබේ මළසිරුරු එක ගොඩක් ගැසුවහොත්, එම මළමිනීගොඩ ගිඡ්ජකූඨ පර්වතයටත් වඩා විශාලයි කියලා. දෑස් දෙක පියාගෙන, අතීතයේ ඔබ නිසා, පටිච්ඡසමුප්පන්නව ඒ මළකඳන් කන්ද දෙස නුවනින් දකින්න. තල්මසුන් වෙලා, අලි ඇතුන් වෙලා, සක්විති රජවරුන්…
කායානුපස්සනාව – ඉරියාපථ භාවනාව.
බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවට අදාළව මීළඟට දේශනා කරන්නේ ඇවිදිනකොට, හාන්සිවෙනකොට, නිදාගන්නකොට කය තුළින් ක්‍රියාත්මක වන ඉරියව් කෙරෙහි නුවණින් දකින්නය කියලා. තමා තුළින්ම ක්‍රියාත්මක වන ඉරියව් නිසා මොනතරම් ඇලීම් ගැටීම් අපි සකස් කර ගන්නවාද..? මහපාරක, නගරයක ගමන් කරන කොට, මගී තදබද අවස්ථාවක, බස්නැවතුමක, දුම්රියපළක ක්‍රියාත්මක වන මනුෂ්‍යයා තුළින් ඇතිවන ඉරියව් කෙරෙහි අවධානය යොමු කරන්න. මේ සෑම මනුෂ්‍ය…
කායානුපස්සනාවේ අරුත නොදැක්කහොත් අපත් තිරිසන් සත්ත්වයාත් එකම තැනකය.
කායානුපස්සනාව – 03. කායානුපස්සනාව වැඩීමේදී, නැවත නැවත පුහුණුවීමේදී ආශ්වාදය කියන මාරධර්මය ගැන ඔබ හොඳින් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. රූපයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්මභාවය වැඩීම නිසාම පිංවත් ඔබ අත්දකින අනිත්‍යභාවය කෙරෙහි සියුම් ආශ්වාදයක් ඔබ තුළ ඇතිවෙන්න පුළුවන්. එම නිසා පිංවත් ඔබ තුළ සකස්වෙන රූපය කෙරෙහි අසුබ, පිළිකුල් සිත්ද අනිත්‍ය වශයෙන් දැකීමට ඔබ දක්ෂ වියයුතුයි. ඒ විතරක් නෙවෙයි අනිත්‍ය…