Article
කායානුපස්සනාව – ඉරියාපථ භාවනාව.
බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවට අදාළව මීළඟට දේශනා කරන්නේ ඇවිදිනකොට, හාන්සිවෙනකොට, නිදාගන්නකොට කය තුළින් ක්‍රියාත්මක වන ඉරියව් කෙරෙහි නුවණින් දකින්නය කියලා. තමා තුළින්ම ක්‍රියාත්මක වන ඉරියව් නිසා මොනතරම් ඇලීම් ගැටීම් අපි සකස් කර ගන්නවාද..? මහපාරක, නගරයක ගමන් කරන කොට, මගී තදබද අවස්ථාවක, බස්නැවතුමක, දුම්රියපළක ක්‍රියාත්මක වන මනුෂ්‍යයා තුළින් ඇතිවන ඉරියව් කෙරෙහි අවධානය යොමු කරන්න. මේ සෑම මනුෂ්‍ය…
කායානුපස්සනාවේ අරුත නොදැක්කහොත් අපත් තිරිසන් සත්ත්වයාත් එකම තැනකය.
කායානුපස්සනාව – 03. කායානුපස්සනාව වැඩීමේදී, නැවත නැවත පුහුණුවීමේදී ආශ්වාදය කියන මාරධර්මය ගැන ඔබ හොඳින් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. රූපයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්මභාවය වැඩීම නිසාම පිංවත් ඔබ අත්දකින අනිත්‍යභාවය කෙරෙහි සියුම් ආශ්වාදයක් ඔබ තුළ ඇතිවෙන්න පුළුවන්. එම නිසා පිංවත් ඔබ තුළ සකස්වෙන රූපය කෙරෙහි අසුබ, පිළිකුල් සිත්ද අනිත්‍ය වශයෙන් දැකීමට ඔබ දක්ෂ වියයුතුයි. ඒ විතරක් නෙවෙයි අනිත්‍ය…
ඔබේ අතීත මළ කඳන්ගොඩ මත මොහොතක් සක්මන් කරන්න.
කායානුපස්සනාව – 05 (සතර මහා ධාතුවක් ලෙස කය දැකීම) බුදුරජාණන්වහන්සේ නකුල පියාට දේශනා කරනවා නකුල මේ සතර මහ ධාතුව නිරතුරුවම ලෙඩ වෙන දෙයක්, වේදනාවට පත් වෙන විනාශ වන දෙයක්, එම නිසා ඔබ සතරමහ ධාතුව නමැති රූපයට බැඳෙන්න එපා, රූපය ලෙඩ උණත් සිත ලෙඩ කරගන්න එපාය කියල. රූපය මගේ කරගත් තැනදි අපි සිත ලෙඩ කර ගන්නවා….
ඔබත් සොබාදහමත් අතර වෙනසක් නොතබන්න.
මේ මුළු ලෝක ධාතුව තුළම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස තිබෙන්නේ කොතැනද කියා ඇසුවොත් දෙවරක් නොසිතා එම ප්‍රශ්නයට දිය හැකි පිළිතුර අරහත් උත්තමයකු තුළ බවයි. රහතන් වහන්සේ යනු නිදහසේ ප්‍රතිබිම්බයයි. රහතන් වහන්සේගේ සිත සුදු පිරුවටයක් සේය. එහි ඉඳිකටු තුඩක තරම්වත් කිළුටක් නොමැත. රහතන් වහන්සේ වර්තමානය තුළ සිටිමින් එම සුදු පිරුවටයේ චිත්‍ර අඳී. ඒවා ඒ මොහොතේම මැකී…
ඔබත් ඔරලෝසු කටුවක් ද?
ඔබ මොහොතක් සිතන්න. අපි අවිද්‍යාව නිසා මොනතරම් වැරදි දෘෂ්ඨිවල ඉන්නවාද කියලා. ඔබට සිතෙන්නේම “දැන් ශාසනයෙන් වසර දෙදහස් පන්සීයක් ගෙවිලා අවසන්, දැන් ශාසනය අතුරුදන් වන යුගය, ධර්මය අවබෝධකර ගැනීමට මේ වකවානුවේ නොහැකියි. පිනක් දහමක් කරගෙන, පාරමී සම්පූර්ණ කර ගැනීමයි කළ යුත්තේ” කියලා. මේ සියලුම දෘෂ්ඨීන් අවිද්‍යාව නිසා ඇතිවන ඒවාය. සමාජය දෙස බැලීමේදී අපි දකින්නේ විකෘති ස්වභාවයන්ය….
ආශාවේ වියරුව. කැමැත්තේ මරලතෝනිය.
මනුෂ්‍ය ලෝකයේ නිලතලවලට නිතර දේශන පැවැත්වීමට, සමිති – සමාගම්, දේශපාලන පදවි සඳහා තන්හාවෙන් ක්‍රියාකරන පිංවතුනට දැනගැනීම පිණිස ප්‍රේත ලෝකයේ රැස්වීමක ස්වභාවය සටහන් කරමි. මෙම රැස්වීමට ප්‍රේතයෝ සියයකට වැඩි සංඛ්‍යාවක් සහභාගි වූහ. මේ අතර සිවුරු දරාගත්, හිස මුඩු කළ ප්‍රේත භික්ෂූන්ද විය. මේ සියලු දෙනාම තරුණ සහ මැදිවියේ ප්‍රේතයෝ සහ ප්‍රේත භික්ෂූන්ය. මනුෂ්‍ය ලෝකයේ අයුරින් භික්ෂූන්…
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන්නත විදගැනීම.
මෙම විදර්ශනාමය ධර්ම දානයේ කුසල් ශක්තියෙන් රෝග පීඩාවන්ට ලක්ව සිටින සියලු ලෝ වැසි සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා!! සුවපත් වෙත්වා!!! පින්බර ඇසළ මාසය උදාවෙලා. තවත් සුන්දර වස්සානයක මතකය අපි හැමෝගේම සිත් තුල අවදිවෙනවා. මේ දිනවල වරින් වර ඇද වැටෙන පොද වැස්ස, වස්සානය ගැන අවදිවන මතකය තව තවත් ශක්තිමත් කොටදෙනවා. ගිහි සහ පැවිදි දෙපාර්ශවයේම අපි, කොරෝනා…
ආමිසයට ප්‍රිය කරන්නේ ඇයි?
මේ දවස්වල කැලේ ගස්වල දැළඹු වසංගතයක් පැතිරිලා. දස දහස් ගණන් දැළඹුවෝ ගස්වල කොළ කන්නේ තරඟයට වගේ. වඳුරන්, රිළවුන් වේගයෙන් ගස්වල අතු මතට පනිද්දි, වැලි මළුව පුරාවටත් දැළඹුවන් වැටෙනවා. මේ දවස්වල භික්ෂුවට, අමතර රාජකාරියක් පැවරිලා තිබෙන්නේ. ඒ තමයි නිරතුරුවම කුටියට ඇදෙන, බිත්තිවල නගින, දැළඹුවන් ඉවත්කිරීම. අගෝස්තු මාසේ කිට්ටුවෙන කොට, කැලෑ පරිසරයේ දැළඹු ගහනය කොහොමත් වැඩිවෙනවා. මේ…
අවුරුදු 120ක් වැඩසිටීමට හැකියාව තිබූ බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 දී පිරිණිවන් පෑවේ ඇයි?
පිංවත් ඔබ භික්ෂුවගෙන් ප්‍රශ්ණයක් විමසන්න පුළුවන් ගෞතම බුදුරජාණන් වහන්සේ අවුරුදු අසූවේදී පිරිනිවීයන්නේ උන්වහන්සේ සතු ශීලපාරමිතාවේ, දානපාරමිතාවේ ශක්තිය දුර්වල නිසාද කියලා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 80දී පිරිනිවීයන්නේ උන්වහන්සේ සතු ශීලපාරමිතාවේ, දානපාරමිතාවේ දුර්වලතාවයක් නිසානොව උන්වහන්සේ බෝධිසත්ව අවධියේදී පිරූ ශීලපාරමිතාවේ, දානපාරමිතාවේ ශක්තියට වඩා අල්පායුෂයන්ට අදාළ අකුසල් සංස්කාර, බෝධිසත්ව ජීවිතය තුළින් සිදුවී තිබෙනවාය කියන කාරණයයි ධර්මානුකූලව අපිට දකින්න සිද්ධවෙන්නේ. කෙනෙකුගේ…
අභියෝගය අවබෝධයක් කරගන්න.
මෙම ආත්මභාවයේදීම නිවීම උදෙසා වනවාසීව මගවඩන භික්ෂුව කැලයට ඇතුළු වීමේදීම උපද්‍රවයන් මඟහැරේවායි අධිෂ්ඨානය කළද, සද්ධර්මයෙන් ඈත්වූ මිනිසුන්ගේ සාමාජීය, පාරිසරික විකෘතිභාවයන් නිසා ඔබ ඉදිරියට අභියෝගයන් පැමිණිය හැකිය. සතුනට අයත් කැලෑ මායිම් බිම් මිනිසුන් වගාවන් සඳහා යොදාගැනීම, සතුනට වෙඩි තැබීම නිසා තුවාල ලත් සතුන්, දඩයම් කිරීම, අලිවෙඩි පත්තුකිරීම, මරුවැල් ඇටවීම වැනි හේතූන් නිසා බියට පත් සතුන් සමහර…