Article
පරාර්ථකාමතා වේශයෙන් වඤ්චක ලෝභය.
රේරුකානේ ස්වාමීන් වහන්සේ. උපුටා ගැනීම, වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම ග්‍රන්තයෙන්. පරාර්ථකාමතා” යනු කුශලච්ඡන්දයකි. අනුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන පරාර්ථකාමී සත් පුරුෂයන් ඒ නිසා කීර්ති ප්‍රශංසා ගරු බුහුමන් ලාබ සත්කාර තනතුරු ලබනු දක්නා තැනැත්තා කෙරෙහි තමාටත් ඒවා ලැබීමේ ආශාව ඇති වේ. කීර්ති ප්‍රශංසාදිය ලබනු පිණිස අනුන්ට වැඩ කිරීම වනාහි අනුන්ට යහපත කිරීමේ ආකාරයෙන් ආත්මාර්ථය ම…
පංච උපාදානස්කන්ධ ලෝකය පවතින සීමාව.
අද උදෑසන භික්ෂුවට ලැබිලා තිබුණ පිණ්ඩපාත දානයේ සෑම වෑංජනයකටම තෙල් සහ මිරිස් හුඟාක් ම වැඩියි. දීර්ඝ වෙලාවක් නිරාහාරව තිබෙන උදරයට, උදේට, තෙල් සහ මිරිස් අඩුවෙන්ම තමයි දානය සකස් කරන්න සුදුසු වෙන්නේ. හැබැයි ඉතිං භික්ෂුව අත්දැකීමෙන්ම දන්නවා, යම් නිවසක, තදින් බුලත්විට හැපීමට, එසේත් නැතිනම් මත් වතුර බීමට, එසේත් නැතිනම් ටිකක් තදින් කේන්ති යන ස්වභාවයේ පිංවතුන් සිටිනවා…
තෘෂ්ණාවෙන් පෝෂණය වන විඤ්ඤාණය නමැති මායාකරුවා.
පිංවත, ඔබ කාට කොතරම් ආදරය කළත්, ආදරය කියන වචනයේ අර්ථය තෘෂ්ණාවම නේද? පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවට ලස්සන, සිනිඳු, මටසිළිටු මෝහයේ ඇඳුම් අන්දවලා, මම ය, මගේ මය, මගේ ආත්මය මය යැයි කියන සක්කාය දිට්ඨියම සෙනෙහසින් අත්පැන් වත් කරලා, දුකට එකම හේතුව වන තෘෂ්ණාවට අපි ආදරය යැයි කියනවා. ආදරය කියන ආදරණීය වචනයට සැඟවිලා, තෘෂ්ණාවෙන්ම පෝෂණය වෙන විඤ්ඤාණය…
තෘෂ්ණාව දුරු කළ නව වසරක් !
උපුටා ගැනීම – දිවයින ඉරුදින පුවත්පත. පිංවත, 2022 නව වසර උදාවුණා. පිංවත් ඔබ උදාවුණ නව වසර ධර්මානුකූලව පිළිගත්තා ද, එසේත් නැතිනම් ඇලීම් සහ ගැටීම් දෙක තුළ මොනවට දෝලනය වෙමින් සද්ධර්මයෙන් බැහැරව අලුත් අවුරුද්ද පිළිගත්තා ද? පිංවත් ඔබ මොහොතක් දෑස් පියා ගන්නකෝ. දැන් නුවණින් දකින්න, මේ ලැබුවා වූ නව වසර ඔබේම කුසල් සහ අකුසල් සංස්කාරයන්ට අදාළව…
ජයග්‍රහණය ලබන්නේ පරාජය තුළින්මයි.
පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකය පටිච්චසමුප්පන්නව භව පච්චයා ජාති ඔස්සේ සක්‍රීය වෙන්නේ කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ කිරි ගහට ඇන්නා වගේ විශ්වසනීය ක්රියාත්මකභාවය නිසාම යි. ඒ නිසා ම ජයග්‍රහණය සහ පරාජය අපි හැමෝගේම ජීවිතවලට පොදු ධර්මතාවයක් වෙනවා. අපි හැමෝම ජයග්රහණයන්ට පුදුමාකාර කැමැත්තක් දැක්වුවත්, පරාජයන්ට අපි දක්වන්නේ පුදුමාකාර අකමැත්තක්. අපි ලබන පරාජයන්ට අපි අකැමැත්තක් දැක්වුවත්, ඊට පටිච්චසමුප්පන්නව හේතුවෙන…
චේතනාව ම කුශලය නම් මහන්සි නොවී වස්තුව වියදම් නො කොට චේතනාව පමණක් ඇති කර ගත්තාම මදි ද?
මෙය චේතනාව නො හැඳිනීම නිසා නඟන ප්‍රශ්නයෙකි. පරමාර්ථ ධර්මයන් ගැන දැනීම නැති අයට චේතනාව කුමක් ද? යන බව තේරුම් ගැනීම අපහසු ය. පරමාර්ථ ධර්ම ගැන දැනුම නැති බොහෝ දෙනා යම් කිසිවක් කරන්නට අදහස් කිරීම, නැතහොත් සිතීම චේතනාවය කියා වරදවා තේරුම් ගෙන සිටිති. මේ ප්රශ්නය නගන්නේ ඒ අය ය. ‘චේතනාවය’ යි කියන්නේ ඒ ඒ ක්‍රියා සිදුකිරීම්…
චිත්ත විවේකය වෙනුවෙන් සිල්වත් ජීවිතයක්.
පිංවත, ඔබ විසින් ඔය අත්විඳින ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන්ගේ දුක, ඔබ විසින්ම ඇතිකොටගත් දෙයක් ද, එසේත් නැතිනම් වෙනත් කෙනෙක් ඔබට දුන්න දෙයක් ද? පිංවත, ඔය ජරා, ව්‍යාධි, මරණ දුක ඔබ විසින් ඇතිකොටගත් දෙයක් නොවේ. ඔය දුකට එකම හේතුව අවිද්‍යාවයි. පිංවත් ඔබ සිතුවොත් මා අත්විඳින දුක මා විසින්ම ඇතිකොටගත් දෙයක්ය කියලා, ඔබට කවදාකවත් දුකෙන් මිදෙන්න…
කෙලෙස් ඇත්තාට ලෝකය විශාලය. රහතන් වහන්සේට ලෝකය නිරුද්ධය.!
පින්වත් මහත්මයෙක් භික්ෂුව ගෙන් ප්‍රශ්නයක් විමසුවා, “රහතන් වහන්සේ නමක් පිරිමි හෝ කාන්තා රූපයක් දකින්නේ කොයි ආකාරයට ද” කියල. භික්ෂුව සූත්රගත ධර්මයන්ට අදාළව ලබා දුන් පිළිතුර වූයේ “මහත්තයෝ, යම් භික්ෂුවක් උතුම් රහත් ඵල අවබෝධයට පත් වෙනවාය කියන්නෙ උන්වහන්සේ කාරණා පහක් ධර්මානුකූලව අවබෝධ කළාය කියන කාරණයයි. එම අර්ථයන් පහ තමයි රූප, වේදනා, සංඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ කියන පංච…
ඔබ කවරාකාරයේ පිංවතෙක් ද?
පිංවත, ව්‍යාපාරික මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මට මේ සහල් කිලෝ එක රුපියල් එකසිය පනහකට විකුණන්න පුළුවන්. ඒත් මම විකුණන්නේ රුපියල් එකසිය විසිපහටයි කියලා. පිංවත, ලෞකික ප්‍රඥාවෙන් යුත් දක්ෂයා රුපියල් විසිපහේ (25) අමතර ලාභයක් උදෙසා මනුෂ්‍ය හිංසනයක් සිදුකොට ගන්නේ නැහැ. ලෞකික ප්‍රඥාවෙන් දෑස් අන්ධ වර්තමාන ව්‍යාපාරික ලෝකය තුළ බලවත් ආකාරයෙන් මනුෂ්‍ය හිංසනයන් සිද්ධ වෙනවා. ඒ…
උපාදානයන් නිසා ඇතිවන භව තෘෂ්ණාව අවිද්‍යාවේ පුරාවස්තු.
පිංවත, ඇවිළෙන ගින්නට තව තව පිදුරු දමන්න එපා. ඇවිළෙන ගින්නට තව තව පිදුරු දැම්මොත්, ගින්න නිවාගන්න නම් හම්බවෙන්නේ නැහැ. පංචඋපාදානස්කන්ධ ලෝකයට තෘෂ්ණාවේ ගින්දර කියන්නේ හරිම ප්‍රනීත ආහාරයක්. පිංවත් ඔබ මේ මොහොතේ අසිහියෙන් සිටියොත්, ඔබේ අවිද්‍යාවෙන් තෙත් වූ ඵස්සය, තෘෂ්ණාවේ ඇලීම් සහ ගැටීම් ප්‍රනීත ගින්දර ම සොයා ගෙන යාවි. පිංවත, ඔබව යමෙක් කායිකව හෝ මානසික්ව පීඩාවට…