Article
පින්වත් ඔබ ඊර්ෂ්යා කරන්න එපා. ඊර්ෂ්යාව තුළින් යක්ෂයෙක් දකින්න.
වරක් භික්ෂුවක් උතුම් සමාධියේ පසුවෙන කොට රාත්රී කාලයේදී, තම ජීවිතයේ පළමු වරට යක්ෂණියක් දර්ශනය වෙනවා. ඇය මිත්යාදෘෂ්ඨික යක්ෂණියක්. ඇගේ බෙල්ලෙන් උඩ කොටස විතරයි දර්ශනය වෙලා තියෙන්නේ. ඇයගේ ස්වරූපය මොනතරම් භියකරු ද කියනවානම් එම යක්ෂණියගේ කට දෙපැත්තෙන් එළියට නෙරපු අඟල් තුනක පමණ දළ කැබැලි දෙකකුත් ඇයට තිබිලා තියෙනවා. රත්පැහැ ගැන්වුණු පුපුරණ මුහුණක් ඇයට තියෙන්නේ. හරියටම තමාගේ…
පින්වත් ඔබ අනුන් විඳින සැපයට ඊර්ෂ්යා කරන්න එපා.
අග්ගඤ්ඤ සූත්රයේ සඳහන් වෙනවා, ලෝකය නැවත හටගැනීමෙන් පසුව, මුලින් ම මනුෂ්ය සමාජයට පාලකයෙක්, රජකෙනෙක් පත්වුණේ කොහොමද කියලා. ආභස්සරා බ්රහ්ම ලෝකයෙන් ආලෝක සංඥාවෙන් පැමිණි, සමාධිය ආහාරය කොටගත් බ්රහ්මයින්, රස පොළොවේ රසය කෙරෙහි තෘෂ්ණාවෙන්, රස පොළොවේ කුළුඳුලේ හටගත් බිම් පපඩම්, මීපැණි රසැති තම්පලා, මහපොළොව මත ඉබේ හටගත් ඇල් සහල් කෙරෙහි තෘෂ්ණාවෙන්, මේවා වැඩිවැඩියෙන් අයිතිකොට ගැනීමට යෑම හේතුවෙන්,…
පින් දෙන ආකාරය.
පිනක් කළ කල්හි මිය ගිය නෑයන්ට හා දෙවියන්ට පමණක් නොව සකල සත්ත්වයන්ට ම ඒ පින අනුමෝදන් කරවිය යුතු ය. එසේ කිරීමේ දී යමෙක් යමෙක් අනුමෝදන් වූවාහු නම් ඔවුනට පින් ලැබේ. අනුමෝදන් වීම හෝ නො වීම අන්යයන් අයත් දෙයකි. පින්දීම පින් කළ තැනැත්තාට අයත් කාර්ය්යයෙකි. දෙන පින අන්යයන් අනුමෝදන් වෙතත් නො වෙතත් පින් දෙන තැනැත්තාට එයින්…
පිංවත් ඔබත් මෙතැනට එන්න.
‘පිංවත් ඔබත් මෙතැනට එන්න’ කියලා කියපුවාහම ඔබට හිතෙන්න පුළුවන් කොතැනටද මේ එන්න කියන්නෙ කියලා. භික්ෂුව ඔබට මේ එන්න කියන්නේ ලෝකයේ සුන්දරම තැනට. මෙතන ඔබේ තැනකුත් නොවේ. ඔබේ නොවන තැනකුත් නොවේ. මේ මොහොතේ විවේකය ලබන තැනයි. හෙට මෙතැනින් නික්ම යායුතුයි. ආපසු හැරී බැලීමක් නැත. හෙට තැන නැවුම් වුවත් විවේකයේ වෙනසක් නම් නැත. තැනත් නොතැනත් දෙතැනම ධර්මයේ…
පිංවත් ඔබ ලබන වැටුපට අදාළව යුතුකම් වගකීම් ඉටු නොකරන අයෙක් නම්.
අපි රාජකාරියක් ඉටු කරලා මාසේ අන්තිමට වැටුප අතට ගනිද්දී එම වැටුප ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ වැටුපක් වෙන්න ඕනේ. පින්වත් ඔබ ක්රිස්තියානි පින්වතෙක් නම් එම වැටුප ක්රිස්තු ධර්මයේ අර්ථයන්ගෙන් පෝෂණය වූ වැටුපක් වෙන්න ඕනේ. සමාජයේ යම් පින්වතෙක් හොඳ රැකියාවක් නැතිව ජීවත් වෙද්දී, තවත් සමහරෙක් අඩු වැටුපක් ලබමින් ජීවත් වෙද්දී, රැකියා පෝලිමේ ළතැවෙමින් ජීවත් වෙද්දී පින්වත්…
පාලකයෙක්, පාලනයක් නැති වෙනසක උරුමයද මේ කය?
කායානුපස්සනාවට අදාලව බුදුරජාණන් වහන්සෙ මීළඟට දේශණා කරනවා මේ රූපය සතර මහධාතුව හැටියට දකින්නය කියලා. කායානුපස්සනාවට අදාළව දෙතිස්කුණපය භාවනාවට ගැනීමේදී අපි රූපය කොටස් 32 ක් කරබැලුවා. සතරමහ ධාතුව හැටියට රූපය බැලීමේදී පඨවි, ආපෝ, තේජෝ, වායෝ වශයෙන් රූපය කොටස් හතරකට සරලකොට ගන්නවා. ශරීරයේ තද ස්වභාවයන් පඨවි ධාතුව වශයෙන්ද, ශරීරයේ වැගිරෙන දියර ස්වභාවයන් ආපෝ ධාතුව වශයෙන්ද, ශරීරයේ වායු…
පාදෝවනයේ ආනිසංස.
තෙරුවන් සරණයි ..! බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ වසන සමයෙහි එක්තරා ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ලබාගෙන භාවනා කිරීම සඳහා ඈත පළාතකට වැඩම කරනු ලැබුවා. කමටහන් ගැනීම යනුවෙන් ප්රකාශ කරනු ලබන්නේ තමන්ගේ දැනුම, අවබෝධය අනුව බුදුරජාණන් වහන්සේ විසින් බණ භාවනා කිරීම සඳහා ලබාදෙනු ලබන මාතෘකා අනුව කටයුතු කිරීමය උන්වහන්සේත් ඒ ආකාරයට කමටහන් ලබාගෙන බණ භාවනා…
ප්රත්යලාභීන් අතර අග්ර “සීවලී මහරහතන් වහන්සේ”.
කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී හංසවතී රාජධානියේ ක්ෂත්රීය රජකු ලෙස සීවලී මහා රහතන් වහන්සේ උපන්හ. දිනක් ධර්ම ශ්රවණය පිණිස වෙහෙරට ගිය විට සුදර්ශන නම් මහරහතන් වහන්සේට සිවුපසලාභීන්ගේ අග්රස්ථානය පිළිගැන්වීම දුටුවේ ය. මෙයින් අතිශය ප්රමුදිත වූ මේ රජු සතියක් පුරාවටම බුද්ධ ප්රමුඛ මහා සංඝරත්නයට දන් පිළිගැන්වූවේ ය. මේ කුසල කර්මය හේතුවෙන් අනාගත සම්බුදු…
ප්රඥාවේ පහන් සිළෙන් රැයෙහි අඳුර දුරු කරන්න.
භික්ෂුවක් ධර්ම සාකච්ඡාවක් රාත්රියේ පවත්වනවිට එක මහත්මයෙක් නිතර නිතර ඔරලෝසුව දෙස බැලුවා. එම පිංවත් මහත්මයාගේ හැසිරීම තුළින් භික්ෂුව අදහස් කළේ ‘දැන් පරක්කු වුණා’ කියන කාරණයයි. දැන් එම මහත්මයාට අවශ්ය ගෙදර ගිහින් නිදාගන්න. මේ වගේ රාත්රින් ලක්ෂ කීයක් අපේ ජීවිත සමග ගෙවී යන්න ඇතිද..? ගෙවීගිය සෑම රාත්රියක්ම අවසන් වූයේ එළිවීමෙන්ය. නින්ද පමණක්මයි රාත්රියේ අර්ථය වුණේ. දවල්…
ප්රඥාවේ ඇසින් අත්දුටු ලොව්තුරා ධර්මයේ ආශ්චර්ය.
මේ ලොව්තුරා අසිරිමත් ධර්මය පිංවත් ඔබට ලෝකය විනිවිද දැකිය හැකි ධර්මයක්. එලෙස ලෝකය විනිවිද දකින්නේ විද්යාගාර, පර්යේෂණාගාර තුළදී නොව, පංචනීවරණයන් යටපත් වූ ඔබගේ ප්රභාෂ්වර සිත තුළින්මය. මස් ඇසෙන් දකිනා ලෝකය මෝහයයි. ප්රඥාවේ ඇසින් දකිනා ලෝකය යථාර්ථයයි. ශීලයේත් සමාධියේත් ඵලයෙන් උපදින ප්රඥාවේ ඇස, මංමුලා වූ ලෝකයෙන් ඔබ්බට භව නිරෝධය දෙසට පාර පෙන්වන ආලෝකයයි. භික්ෂුව සමාධියෙන් පසුවන…