Article
කඳුළකට සවන් දී කඳුළු සාගරයක් නිවන්න.
භික්ෂුව පසුගිය මාස හතර අවිවේකී මාස හතරක් දිගටම ධර්ම දේශනා පැවැත්වූවා. පිංවතුන් බොහොම ශ්රද්ධාවෙන් ප්රතිචාර දැක්වූවා. දැන් වස් කාලය පටන් අරගෙන, සති කිහිපයක් ගෙවී ගිහින්. මේ මොහොතේ සිට ගෙවීගිය ධර්ම දේශනා පැවැත්වූ මාස හතර ගැන ආවර්ජනය කොට බලද්දි, එය මැකීගිය සටහනක් පමණයි. ක්රියාවක් තිබුණා, බැඳීමක් නැහැ. තැනකට බැඳෙන, තැනකට ඇලෙන තෘෂ්ණාවේ ලාටු, භික්ෂුව හොඳින් හඳුනාගෙනයි…
ඔබේ නිවැරදි වීම උදෙසා සම්මුති ලෝකය නිවැරදි වන තුරු බලා නොසිටින්න.
‘රට තුළ නැවතත් කාලගුණික, දේශගුණික කිපීමක් සිදු වන බවට බියක් පැතිරී යනවා’ය කියලා දායක මහත්තයෙක් මතක් කළා. සත්වයන් රැස් කොට ගන්නා අකුසල් සංස්කාරයක් හේතුවෙන් ඒවායේ විපාකයන්ට අදාළව ලෝකය කිපෙනවා, කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, ලෝකය කියන්නේ ඔබමය කියලා. ලෝකය යනු ධර්මානුකූලව ඔබම වූ කල, ලෝකය තුළ සිදුවන බියවීම, කිපීම්,…
ඔබේ ඥාති පරම්පරාවේ සමූහ ජායාරූපයක් හදාගන්න.
දන්දීමට අකමැති පිංවතුන් සමාජය තුළ කොතෙක් ජීවත්වෙනවද. ඒ අය දන්නේ නැහැ, පූජාකරන දානය අයිතිවෙන්නේ තමන්ටමය කියලා. මේ ගෞතම බුද්ධ ශාසනයේ ඇසිදිසි දානය පූජාකරගත්තේ කොසොල් රජතුමාගේ බිරිඳ මල්ලිකා බිසවයි. රුපියල් කෝටි ගණනක් වියදම් කර මල්ලිකා දේවිය ඇසිදිසි දානය පූජා කිරීමෙන් අනතුරුව, කොසොල් රජතුමාගේ ‘කාල’ කියන ඇමතිවරයා, මෙම ඇසිදිසි දානය මහා මුදල් නාස්තියක්ය කියලා දුක් වුණා. විවේචනය…
ඔබේ ඔය මහන්සිය හිස් අතින් මැරෙන්න ද?
මේ ජීවන ගමනේදී ඔබේ ක්රියාකාරකම් පැහැදිලිව කොටස් දෙකකට බෙදාගන්න. එකක් ඔබගේ සැපය උදෙසා කරන ක්රියාවන්. අනෙක අනුන් උදෙසා කරන ක්රියාවන් හැටියට. මෙතැනදී අනුන් උදෙසා කරන ක්රියාවන් හැටියට ගැනෙන්නේ රැකියා, ව්යාපාර, ගොවිතැන්, පවුල් ජීවිතය සහ සමාජීය ජීවිතය සමග බැඳුණු සියලුම වගකීම්. මේ සියල්ල අනුන් උදෙසායි ඔබ කරන්නේ කියලා දකින්න. ඔබ උදෙසා ඔබ සිදුකරගන්නා දේවල් මොනවාද? තෙරුවන්…
ඔබට පීඩා කරන ලොකු කුඩා කුමන වර්ගයේ සතෙක් හමුවුව ද, එම සතා මාරයා බව දැනගන්න.
මැසි මදුරුවන්, කුහුඹින්, කැරපොත්තන්, ගොයම් මැස්සන් වැනි කෘමීන් වැනි උවදුරු මඟහැරයැමට ඇති අදක්ෂභාවය නිසාම සමාජය නිරතුරුවම නැති ආශ්රවයන් ඇතිකරගන්නවා. ඇති ආශ්රවයන් වර්ධනය කරගන්නවා. එමනිසා පිංවතුන් දක්ෂවෙන්න, මෙවැනි කෘමි උවදුරු ආරක්ෂක ක්රමවේදයක් උපයෝගී කරගෙන මඟහැරයන්න. මදුරුවන් ගැවසෙනවානම්, මදුරු දැලක් පාවිච්චි කරන්න. කුහුඹින් පැමිණෙනවානම් ඊට අදාළව ආරක්ෂිත උපක්රම ඇතිකරගන්න. මැසි මදුරුවන්, කුහුඹින් වැඩිපුර ගැවසෙන නිවාසවල ජීවත්වන පිංවතුන්ලාට…
ඔබ සිහිබුද්ධියෙන් අතහරින්න.
භික්ෂුවට හමුවූ ප්රේතයන්ගේ ස්වභාවය හරිම අපූරුය. එක් ප්රේතියකගේ මුඛය නොමැත. තොල් එකට ඇලී ගොස්ය. ඒ පෙර සංසාරයේ දන් නොදීම සහ අනුන්ව දන් නොදීමට පෙළඹවීමේ කර්ම විපාක නිසා විය යුතුය. තවත් ප්රේතයෙක්ගේ ඇස්වලින් ගින්දර නිකුත්වේ. ඇස් නිරතුරුවම ගිනි ගනී. අනුන්ගේ ජයග්රහණ, දියුණුව ඉවසීමට නොහැකිව කළ අකුසල් නිසා මෙසේ වූවා කිය හැකිය. තවත් ප්රේතයෙක්ගේ ඇස් වලින් සුදු…
ඔබ වහන්සේ ගිහි ජිවිතයේ දී විවාහ නොවී පැවිදි වූයේ ඇයි?
වරක් පිංවත් මහත්මයෙක් විමසුවා, ඔබ වහන්සේ ගිහි ජීවිතයේදී විවාහ නොවී, පැවිදි වූයේ ඇයිද කියලා. භික්ෂුව ඒ මහත්මයාට ප්රකාශ කළේ ‘මහත්තයෝ, මේ මනුෂ්ය ලෝකයේ ජීවත්වන සෑම පුරුෂයෙක්ම, ස්ත්රියක්ම අතීතයේ මට බිරිඳවෙලා, ස්වාමිපුරුෂයා වෙලා තිබෙනවා. මට පෙම්වතෙක්, පෙම්වතියක් වෙලා තිබෙනවා. මට අතීතයේ බිරිඳක්, ස්වාමිපුරුෂයෙක්, පෙම්වතෙක්, පෙම්වතියක් නොවූ කිසිම සත්ත්වයෙක් මේ ලෝක ධාතුවේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකයේ…
ඔබ වහන්සේ ඔය මාළු වළඳන එක පාපයක් නේ ද?
පිංවත් ඔබ මෙහෙම හිතන්න. මෙය සටහන් කරන භික්ෂුව දන් වළඳනවා. භික්ෂුවගේ පාත්රයේ තිබෙනවා පිසින ලද මාළු කැබැල්ලක්. දායක මහත්මයෙක් මේ මාළු කෑල්ල දැක භික්ෂුවට කියනවා ‘හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය මාළු වළඳන එක පාපයක් නේද?’ කියලා. මෙන්න මේ ගැටලුවට භික්ෂුව දකින පිළිතුර ධර්මයට අනුව මෙහි සඳහන් කරනවා. භික්ෂුවගේ පාත්රයේ තිබෙන පිසින ලද මාළුවා, මේ මොහොතේ කොහේ…
ඔබ යක්ෂයා ඉදිරියේ දෙවියෙක්ම වන්න…
ධර්ම සාකච්ඡාවක් අවසානයේදී එක් මැදිවියේ මහත්තයෙක් ප්රකාශ කළේ, තමන්ගේ බිරිඳ හරියට කේන්ති ගන්නවා. තමන් කොපමණ අවවාද කළත් ඇය අහන්නේ නැහැ. බිරිඳ ධර්මයට කැමැති නැහැ. එයාට කේන්ති ගියහම හරියට යක්ෂණියක් වගේ කියලා. ඒ මහත්මයා අසනවා ‘මම මොකද හාමුදුරුවනේ කරන්නේ’ කියලා. ඒ වෙලාවේ භික්ෂුව ඔහුට ප්රකාශ කළේ ‘ඔබම කියනවා, ඔබගේ බිරිඳ යක්ෂණියක් වගේය කියලා. බිරිඳ ඔබට ඔය…
ඔබ මේ උපන් බිමේ සත්පුරුෂ දරුවෙකුම වන්න.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් උපන් කිඹුල්වත් පුර නුවරින් හමා එන සුළඟත් සුවදායකයි කියලා. එසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බෝධිසත්වයන් වහන්සේ නමක් පස්මහ බැලුම් බලල ලෝකයට පහළ වන දේශයත්, හේතුඵල ධර්මයක් නිසාමයි. යම් පිංවතෙක් උපදින මවුබිම කියන්නේ හේතුඵල ධර්මයක්. පිංවත් ඔබ සුන්දර ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන් ශ්රී සද්ධර්මය මුල්බැසගත්, ආර්යය මහා සංඝරත්නය වැඩ සිටින භූමියක…