Article
ඔබ විසින්ම ඔබ රවටා ගැනීමේ විපාකය දන්නේ ද?
විඤ්ඤාණය – 09 අතීතයේ පින්වත් ඔබ, ධර්ම මාර්ගය වඩමින් තව එක සිතිවිල්ලක් අනිත්‍යභාවයෙන් දැකීම තුළ උතුම් සෝවාන් ඵල අවබෝධය ලැබීමට හැකියාව තිබියදී, එම සිතිවිල්ල මගේකොට ගැනීම නිසා, ඔබ අතීතයේ උතුම් සෝවාන් ඵලය අහිමි කොටගෙන තිබෙනවා. පින්වත් ඔබ විවේකීව සිටින විට ඉහත කාරණය නුවණින් මෙනෙහි කරන්න. එවිට පින්වත් ඔබට මේ ජීවිතයේදී එවැනි වංචාකාරී ධර්මයන්ට හසු නොවී…
ඔබ ඔබට අවංක වුණු තැන, ඔබ සද්ධර්මයට අවංක වුණා වන්නේය.
ධම්මානුස්සතිය – 5. ධර්ම රත්නයේ තවත් උතුම් ලක්ෂණයක් තමයි ‘සිත්හි ලා දැරීමට සුදුසුයි’ කියන කාරණය. තමා තුළින් වැඩීමට සුදුසු යැයි කියන කාරණය. තමා තුළින් දැරීමට සුදුසු, නුසුදුසු දේවල් තිබෙනවා. මිථ්‍යා දෘෂ්ටිය තමා තුළින් දැරුවොත්, සැපයට හේතුවෙන සම්මා දිට්ඨිය අහිමි වෙනවා. දුශ්ශීලභාවය ඔබ දැරුවොත්, සැපයට හේතු වන සිල්වත්භාවය ඔබට අහිමි වෙනවා. ලෝභකම ඔබ දැරුවොත් සැපයට හේතුවන…
එකිනෙක ඈඳුණු ගුණයන්ගෙන් ඒ ආර්ය සංඝරත්නය බබළන සේක.
සංඝානුස්සතිය – 10. සෝවාන් ඵලය, සකෘදාගාමී, අනාගාමී, අරිහත් ඵල ඤාණයන් සකස්කර ගත් මහා සංඝරත්නය ඤායපටිපන්න ගුණයෙන් යුක්තවෙනවා. මහා සංඝරත්නයේ ඤායපටිපන්න ගුණය නිසාම උතුම් සංඝරත්නය සාමීචිපටිපන්න ගුණයට හිමිකම් කියනවා. මේවා හේතුඵල ධර්මයන්. යම් භික්ෂුවක් තුළ සාමීචිපටිපන්න ගුණය නැතිනම්, ඒ කියන්නේ සංසාර බිය නැතිනම් අකුසලය දුරුකර කුසලය මතු කරගැනීමට වුවමනාවක් නැතිනම්, එම භික්ෂුව තුළ උජුපටිපන්න ගුණය ඒ…
උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේලා ලෝකයේ වැඩ සිටිනවා ද?
භික්ෂුවට මුණගැසුන මහත්මයෙක් ප්‍රකාශ කළා ‘හාමුදුරුවනේ ධර්මය සන්දිට්ඨිකව පවතින වර්තමානයේ එර්දි ප්රාතිහාරය්ය සහිත මහරහතන්වහන්සේලා ලෝකයේ වැඩ ඉන්නවාද’ කියලා. මේ මහත්මයා අහන්නේ උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේලා ලෝකයේ මේ මොහොතේ වැඩ සිටිනවාද කියලා. උපසම්පදා ස්වාමීන්වහන්සේලා ප්රාතිමෝක්ෂ ශීලය දිවිහිමියෙන් ආරක්ෂාකොට ගෙන සද්ධර්මයේ සන්දිට්ඨික ගුණය ආරක්ෂාකොට ගෙන තිබෙනතාක් රහතන්වහන්සේලාගෙන් මාර්ගඵලලාභී උතුමන්ගෙන් ලෝකය හිස් නොවේය කියලා ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. එහෙම නම්…
උතුම් රහත්ඵලයට පත්වෙනතුරු තේරුම් නොගත් ජිවිතයේ යථාර්තය.
බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටින කාලයේ ඉසිදාසි කියලා සිටු දියණියක් සිටියා. තරුණවියට පැමිණි ඇය, දෙමාපියන්ගේ යෝජනාවකින් සුදුසු මනාලයෙකුට සරණපාවා දුන්නා. ඉසිදාසිය ඉතාමත් ගුණවත් කීකරු බිරිඳක්. සැමියාට පමණක් නොව, තම නැන්දනියට පවා, අවශ්‍ය ප්‍රමාණයටත් වඩා හොඳින් යුතුකම් ඉටුකළා. සති කිහිපයක් ගතවෙනකොට ඉසිදාසිගේ ස්වාමිපුරුෂයා, ඉසිදාසිව දැඩිලෙස ප්‍රතික්ෂේප කරන්න පටන්ගත්තා. ඉසිදාසිය කෙරෙහි තිබූ ආදරය අතුරුදහන්වෙලා ගියා, ඉසිදාසිය ගෙදර සිටියොත් තමන්…
ඊළඟ මොහොත මේ මොහොතෙන් වෙනස් වන්නේ කුමක් නිසාද?
වේදනාව. අතීතයේ, වර්තමානයේ ඔබ වින්දා වූ සෑම සැප, දුක්, උපේක්ෂා වේදනාවක්ම අනිත්‍ය වී ගියානම්, අහිමි වී ගියානම්, අනාගතයේ රට, ජාතිය, ආගම නිසා අම්මා, තාත්තා දරුවන් නිසා රැකියාව, ව්‍යාපාරය නිසා මට මෙවැනි සැප වේදනාවක් ලැබෙනවා කියල බලාපොරොත්තු වෙනවා නම් එම අනාගත සැප වේදනාව නිත්‍ය වෙයිද? අනිත්‍ය වෙයිද? අනාගතයේ මම දෙවියෙක් වෙලා බ්‍රහ්මයෙක්වෙලා, සශ්‍රීක මනුෂ්‍යයෙක් වෙලා මෙවැනි…
ඊරිසියා සහගත සිතක්, ක්‍රෝධ සිතක්.
එක මනුෂ්‍යයෙක් ජීවත්වුණා බොහෝම ඈත දුරබැහැර ගම් ප්‍රදේශයක. සමාජයේ හොඳින් ජීවත් වන දරුමුණුපුරන් ඇති තාත්තා කෙනෙක්. මොහු මියයන විට අවුරුදු අනූවක් විතර ඇති. මොහු බොහෝම හොඳන් ගමේ ජීවත්වුණ කෙනෙක්. ගමේ පන්සලට උපකාර කළා, උදව්කළා. නමුත් මොහුගේ අවාසනාවට මොහු මියයාමට වසර තුනකට පෙරාතුව මේ පුද්ගලයා ගමේ පන්සල සමග කුමක් හෝ හේතුවක් නිසා අමනාප වෙනවා. හේතුව කුමක්ද…
ඇය මටද, මට ඇයද නොව අප දෙදෙනාම අයිති ධර්මතාවයකටය.
ධම්මානුපස්සනාව. චක්ඛු විඤ්ඤාණය, ශෝත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය හේතුවෙන්, කාමයේ ආශ්වාදය සකස්වීම ධර්මතාවයක්. පින්වත් ඔබ ආයතන හය නිසා ජීවිතයේ ලැබූ කාමාශ්වාදයන් නුවණින් මෙනෙහි කරන්න. පින්වත් ඔබ මුලින්ම ආශ්වාදයක් කර ගත්තේ ඔබේ අම්මාගේ ගර්භාෂ කුටියයි. කුඩා ඉඩකඩක් තුළ උෂ්ණය, ලේ, සැරව, දෙතිස් කුණුපයන් මැදි කොට ගෙන ඔබ ඇති කර ගත් මේ…
ආශ්වාදය අනිත්‍ය වූ ධර්මයක්.
චක්ඛු විඤ්ඤාණය, ශෝත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය හේතුවෙන්, කාමයේ ආශ්වාදය සකස්වීම ධර්මතාවයක්. පින්වත් ඔබ ආයතන හය නිසා ජීවිතයේ ලැබූ කාමාශ්වාදයන් නුවණින් මෙනෙහි කරන්න. පින්වත් ඔබ මුලින්ම ආශ්වාදයක් කර ගත්තේ ඔබේ අම්මාගේ ගර්භාෂ කුටියයි. කුඩා ඉඩකඩක් තුළ උෂ්ණය, ලේ, සැරව, දෙතිස් කුණුපයන් මැදි කොට ගෙන ඔබ ඇති කර ගත් මේ ජීවිතයේ…
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර අර්ථය වන විදර්ශනාමය ප්‍රඥාව මෝදු කොට ගන්න.
විවේකී වස්සානය ගෙවී ගිහින් මේ ගත වෙන්නේ චීවර මාසයයි. නොසැලෙන කුසල් ශක්තියකින්, පුණ්‍ය ශක්තියකින් පින්වත් ඔබේ, ලෞකික සැපයන් ශක්තිමත් කොට දෙන, දක්ෂයා තුළ ලෝකෝත්තර ඵලයන් ශක්තිමත් කොට දෙන කඨින චීවර මාසයයි. දෙවියන්, බඹුන්, රජ, සිටු, ඇමැතිවරුන්, වන්දනාමාන කරන, කඨින චීවර මාසයයි. බුදු රජාණන් වහන්සේ භික්ෂූන් වන අපිට චීවර ප්රත්යවේක්ෂාවක් දේශනා කොට තිබෙනවා. ”මේ චීවරය මා…