Article
ලබන්නා වූ අලුත් අවුරුද්දේ ඔබ විසින් ඔබෙන්ම ඇසිය යුතු පැනයයී මේ.
බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහළවීමත්, බුදුරජාණන් වහන්සේනමක් දේශනා කරන ධර්මය අසන්නට ලැබීමත්, ඇසුවාවූ උතුම් සද්ධර්මය යමෙක් ජීවිතයට නිවැරදිව එකතුකර ගැනීමත්, ලෝකයේ දුර්ලභම කාරණාවන් තුනක්ය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. මේ දුර්ලභ කාරණාවන් අතුරින්, බුදුරජාණන් වහන්සේනමක් පහළ වූ බුද්ධෝත්පාද කාලයක උපතක්, බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළ උතුම් සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීමත් කියන ලෝකයේ දුර්ලභම කාරණාවන් දෙකම දෝතින් දරාගත් සිංහල බෞද්ධ…
ලක්ඛණමිග ජාතකය – නුවණ වැඩෙන බෝසත් කථා.
ලක්ඛණ නම් මුවාගේ කථාව.. පින්වතුනේ, පින්වත් දරුවනේ, අපි මේ යන්නේ හරීම භයානක සසර ගමනක. අප නොදැනීම නොයෙක් විපත්ති, කරදර, ආන්තරා වලට බඳුන් වෙනවා. අනුන්ගේ ගැටවලටත් නොදැනීම හසුවෙනවා. සත්පුරුෂයෝ කියලා හිතාගෙන අසත්පුරුෂයන්ට හසුවෙනවා. තමාත් දන්නෙම නැතුව අනුන් විසින් මෙහෙයවන බළල් අත් බවට පත්වෙනවා. එබඳු දෙයක් වුනොත් සෑහෙන්න පව් රැස්වෙනවා. කරදරේ වැටෙනවා. එබඳු වූ මහා විපතකට ලක්වෙන්න…
රෝගීන්ට උපස්ථානය කිරීම බුදුරජානන් වහන්සේට උපස්ථානය කිරීම හා සමාන ද?
භික්ෂුව හොඳින් හඳුනන රජයේ රෝහලක වසර තිහකට වැඩි කාලයක් සේවය කල හෙදි පාලිකාවක් සිටියා. ඇය තම රෝහලේ සේවය අකුරටම සිදුකල හෙදි සොයුරියක්. ඇය නිරතුරුව ප්‍රකාශ කලේ තමාට සිල් සමාදන්වීමට දන් දීමට, භාවනා කිරිමට, අවශ්‍ය නොවන බවත්, තමා රෝගීන් වෙනුවෙන් කරන සේවය, රෝගී උපස්ථානය, තමාට හොඳටම ප්‍රමාණවත් බවයි. ඇය රෝහල් සේවය තුළින්, රෝගීන්ට කරන උපස්ථානය, ලොකුම…
රුපයේ මොන ලස්සනක් ද?
මේ සටහන කියවන ධර්මය කෙරෙහි උනන්දුව අඩු, ජීවිතය ආශ්වාදයක් කරගත් පිංවතෙකුට, පිංවතියකට ‘මේ තරම් ලස්සන, සුන්දර, තාරුණ්‍යයෙන් පිරුණු ජීවිතය දෙස ඇයි අපි අසුබවාදීව බලන්නේ ‘ කියලා සිතෙන්න පුළුවන්. බාහිරින් ඔය ‘පවුඩර් සාප්පුව’ දිහා බැලුවහමනම් ලස්සන තමයි. නමුත් පිංවත් ඔබම සිතන්න, සුවඳ විලවුන්, පවුඩර්, ඇඳුම් පැලදුම්, දත් මැදීම්, නෑම, ඇඟ සේදීම් නැති වුණොත් රූපයේ මොන ලස්සනක්ද?…
රාත්‍රියට නින්ද නොයෑමේ ප්‍රශ්නයට සැබෑම විසඳුම.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍යයා රාත්‍රියට දුම් දමනවා කියලා. ඒ කියන්නේ නිදි පැදුරට ගියාට පස්සේ නින්ද යන්නේ නැහැ ගොඩාක් සිතුවිලි සිතට ගලාගෙන එනවා. හෙට දවසේ රාජකාරි සැලසුම් කරනවා. සිතුවිලි සිතට නැගෙන තරමට නින්ද ඈතට යනවා. විදීම සකස් වන තැනදී ඔබට හමුවන්නේ තෘෂ්ණාව, ඔබ තුල රූපයන් කෙරෙහි ඇතිවන තෘෂ්ණාව නිසාම ලෝභ, දේෂ, මෝහ, අකුසල මූලයන් සකස්…
යශෝධරා මහ රහත් තෙරණිය පිරිනිවන් වැඩීමට පෙර කල පාපොච්චාරණය.
ලොව කාන්තා උත්තමාවිය යසෝදරා හෙවත් භද්දකච්චානා මහ රහත් තෙරනිය පිරිනිවන් වැඩීමට පෙර බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට කල පාපොච්චාරණය !! යසෝදරා දේවිය ගැන නොදන්නා බෞද්ධයෙක් සිටිය නොහැක. ඇය අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගිහිව සිටි කාලයේ ඔහුගේ බිසවය. සිදුහත් කුමරුගේ බිසවය. බුදුරජාණන් වහන්සේගේ එකම පුතු රාහුල කුමාරයාගේ මෑණියෝය. ඇයගේ පියාණන් වූයේ සුප්රබුද්ධ රජතුමාය. මව වූයේ අමිතා බිසවය. සොහොයුරා…
මෝර පරිත්තය.
• මෙය සොර සතුරන්ට හසු නොවී විසීම සඳහා භාවිතයට සුදුසු පිරිතකි. මිල මුදල් වටිනා බඩු ඇතිව වෙළඳාම් ආදිය පිණිස පිට පලාත්වල හැසිරෙන අයට ආරක්ෂාව සඳහා භාවිතයට මෙය යෝග්‍ය ය. “බෝසතාණන් වහන්සේ රණමොනරව සිටි කාලයේ සතුරන්ට අසු නො වීම සඳහා මේ පිරිත භාවිත කළ බවත්, පිරිත කියන්නට අමතක වූ දිනයේ සතුරාගේ උගුලට අසු වූ බවත් කියා…
මෛතිය දෘෂ්ටිය අනුභවකර මස් මාංශ නොකෑමෙන් පලක් වේ ද?
වර්තමාන සමාජයේ පිංවත් ඔබට අසන්නට දකින්නට ලැබෙන්නේ, ඔබ කැමති කරන දේවල් නොවේ. එයත් අපේ කර්ම විපාකයක්. කර්මයත්, කර්මඵලයත් කියන කාරණය අවබෝධයෙන් දකිනතාක්කල් පිංවත් ඔබට මේ පරස්පර හඳුනාගන්න බැහැ. අපි එකිනෙකාට ඇඟිල්ල දිගුකරමින් යහපත් හෙටක බලාපොරොත්තුයි ඇති කරගන්නේ. නමුත් හැමදාම උදාවෙන දවස ඊයේට වඩා බියකරු දවසක්. මේ විකෘතිභාවය මනුෂ්‍යයා තුල ඇතිවන්නේ කාමච්ඡන්දයන් නිසාමයි. සිතේ ඇතිවෙන කාම…
මෛත්‍රී භාවනාව වඩන ආකාරය සහ ආනිසංස.
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රහතන් වහන්සේලා සියක් නමකට දානය දෙනවට වඩා මහත් ඵලයි මහානිසංසයි එක පසේ බුදු නමකට දන් පැන් පූජා කිරීම. පසේ බුදුරජාණන් වහන්සේලා සියක් නමකට දානය දෙනවට වඩා මහත් ඵලයි මහානිසංසයි එක් පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් පැන් පූජා කිරීම. බුදුරජාණන් වහන්සේට දන් පැන් පූජා කරනවට වඩා මහත් ඵලයි මහානිසංසයි බුද්ධ ප්රමුඛ මහා…
මෛත්‍රි භාවනාව කියන්නේ ද අතහැරීමකි.
භාවනා කරන බොහෝ දෙනෙක් උපාදානය කියන කාරණයේ බරපතළ බව නොසිතන බව පෙනෙනවා. උපාදානයේ තිබෙන අනතුර තේරුම් ගැනීමට පිංවත් ඔබ සියුම්ව ඔබේ ජීවිතය දෙස බැලිය යුතුවෙනවා. ඔබ පසළොස්වක පොහොය දවස ගැන සිතන්නකෝ. ලක්ෂ කීයක් පිංවතුන් එදාට සිල්සමාදන් වෙනවාද…? විහාරස්ථානවල. නමුත් මේ පිරිසෙන් කීයෙන් කීදෙනාටද පුළුවන් පසුදා උදෑසන දක්වා සිල් පවාරනය නොකොට විහාරස්ථානයේම නවතින්න. සවස හතර වනවිට…