කුසල් දහම් දියුණු කරගන්නා අතරම
ඉඩක් ලද විගස මේ පිංකම් ද සිදු කර ගනිත්වා. මේ පිං නිවන් පිණිසද හේතු වේවා යැයි ද ප්‍රාර්ථනා කරත්වා.
1) බුදු ගුණ මෙනෙහි කිරීම
2)දහම් ගුණ මෙනෙහි කිරීම
3)සඟ ගුණ මෙනෙහි කිරීම
4)අනුන් කළ මහා පින්කම් අනුමෝදන් වීම.
5)අට සිල් සමාදන් වී රැකීම
6)නිති පන්සිල් රැකීම
7)භාවනා කිරීම හා අනෙකුත් අය ද ඒ සඳහා යොමු කිරීම.
8)ධර්ම දානය ( මුහුණු පොතේ, වෙබ් අඩවියේ ආදියේ ධර්මය බෙදා හැරීම)
9)ධර්මය කියවීම
10)වතාවත් කිරීම ( පන්සලේ ශ්‍රමදානයක් කිරීම ආදිය )
11)දුගීව සිටද , බුදුරජාණන්වහන්සේට දානපති දානයක් පූජා කිරීම (තමා පරිභෝජන කරනවාට වඩා උසස් දෙයක් පූජා කිරීම )
12)දුගීව සිටද , මහා සංඝරත්නයට දානපති දානයක් පූජා කිරීම (තමා පරිභෝජන කරනවාට වඩා උසස් දෙයක් පූජා කිරීම )
13)පින් දීම
14)සත්‍ය කථා කිරීම
15)දෙලොවටම වැඩ ඇති වචන කථා කිරීම
16)සත්පුරුෂයන් කරනා පින්කම් ප්‍රචාරය කර දීම
17)ගිලානෝපස්ථානය
18)මල් පූජා කිරීම
19)මොහොතක් හෝ මෙත් වැඩීම
20)ඇවිදින හැම පියවරක් පාසා සුවපත් වෙත්වා යැයි මෙත් වැඩීම
21)දවසකට එක ධර්ම ලිපියක් ලිවීම හෝ කියවීම හෝ අනිත් අයට කියවීමට අවස්ථාව ලබා දීම
22)ධර්මය හැදෑරීම
23)අනිත් අයගේ ධර්ම ගැටලු වලට ත්‍රිපිටක, අටුවාව, ටීකාව ඇසුරින් පිලිතුරු සෙවීම සහ පිලිතුරු ලබාදීම
24)අභිධර්මය හැදෑරීම
25)ධර්මය දැනගැනීමට තියෙන උවමනාව උනන්දුව වැඩි කරගැනීම
26)ධර්ම පොත් කියවීම
ධර්මය අර්ථය මෙනෙහි කරමින් සජ්ඣායනය කිරීමට පුරුදු වීම
27)නෙක්කඛම්මය
28)සෑම ආහාර වේලකදීම, එක් ආහාර පිඩක් අනුභවයට පෙර යම් ජීවියෙකුට ආහාර වේවායැයි පතා පසෙකින් තබන්න. අවසාන ආහාර පිඩද එසේම කරන්න. ඒ අවස්ථා දෙකේදි ආනිශංස 200 ක් සිදුවෙන බව අසා ඇත. වේල් 3 ම කිරීමෙන් දිනකට කරගත හැකි පින, සුළුපටු නොවේ.
29)ක්‍රෝධ, වෛර සිතුවිලි සිතට ඒමට නොදී යම් වේලාවක් සිත ආරක්ෂා කර ටිකින් ටික ඒ වේලාව වැඩි කරගැනීමෙන්ද සිත පිරිසිදු කර, මහා කුසලයක් අත්පත් කරගත හැක.
30)පොදු කටයුතුවලට සහාය වීම සහ අනුමෝදන් වීම. (ශ්‍රමදාන , රටේ නිත්‍යනුකූල බදු ගෙවීම උදාහරණ වේ)
31)ප්‍රත්‍යවේක්ෂා කිරීම
32)සෑම ගමනක්ම යෑමට පෙර බුදුන් වහන්සේට එක් මලක් හෝ පූජා කිරීම.
33)තමාට කළ නොහැකි පිංකම් අනුන් ලවා හෝ සිදු කරවීම.
34)අනුන් සිදු කරන පිංකම් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වීම.
35)මකුලු දැල් ආදියට හසුවූ සතුන් මකලුවාටත් හිරිහැර නොවන ලෙස නිදහස් කර හැරීම.
36)දියට වැටී සිටින සතුන් බේරා ගැනීම.
37)සින්ක් එකට උණු වතුර ආදිය දමන විට ඒවායින් පණුවන් ආදී සතුන්ට හිරිහැර නොවීමට ඇල් ජලය මිශ්‍ර කර වත් කිරීම.
38)බුදුන් පිදූ පරවෙමින් යන මල් වලට පැන් ඉස පරවීම ප්‍රමාද කරවීම.
39)අපිලිවෙලට පූජා කර ඇති මල් පිලිවෙලට සකස් කිරීම.
40)මල් ආසන පවිත්‍ර කිරීම.
41)බිම වැටී ඇති බෝ කොළ, මල් ආදිය නොපෑගෙන තැනකට අහුලා දැමීම.
42)පන්සල් පිරිසිදු කරදීම.
43)අන්‍යයන් ලවා කුසල් දහම් සිදු කරවීම හා ඒවාට දායක වීම.
44)නින්දට පෙර පන්සිල් සමාදන් වීම.
45)නිවී ගිය නැවත දැල්විය හැකි පහන් හෝ හඳුන් කූරු දල්වා පූජා කිරීම.
46)පිනක් අහන දකින හැම වෙලාවෙම සිතින් හෝ සාදුකාර නැගීම.
47)අන්‍යයන් ට දැනගැනීම පිණිස තමන් සිදු කරනු ලබන හා සිදු කරගත හැකි පිං කම් ගැන ලිපි ආදිය පළකිරීම.
48)සිදු කළ පිං කම් නිතර නිතර සිහිපත් කිරීම.
49) තමන් සිදු කරනු ලද පිං අනුන්ටද අනුමෝදන් කිරීම.
50) ඉතිපිසො ගාථාව සෑම දිනකම 7, 21, 54, හෝ 108 වරක් ආදී කැමති ප්‍රමාණයක් සඣ්ඣායනා කිරීම
51) තෙරුවන් උදෙසා ජීවිතය පූජා කිරීම
52) දෙමව්පියන් ලවා උපක්‍රමශීලීව පිං කුසල් සිදු කරවීම.
මීට අමතරව තව බොහෝ කුසල් වියදමකින් තොරව සිදුකල හැක,
මෙම ලිපිය මුහුණු පොතෙන් උපුටා ගත්තකි. එය මුදාහල සියල්ලටම උතුම් නිර්වාණයම අවබෝධ වේවා.