Article
මේ ලෝකයේ සැබෑම නිහඬතාවය තියෙන්නේ ඝෝෂාව තුළයි.
ප්රශ්නය :- ස්වාමීන් වහන්ස මම මේ පෞද්ගලිකව දකින දෙයක්. හුදෙකලාවේ භාවනා කරන කොට ස්වාමීන් වහන්ස ටිකක් කල් ඉන්න කොට ඒ කුටියට, පරිසරයට ඒවට තදින් ඇල්මක් ඇති වෙනවා. ඊට පස්සේ කවුරු හරි හාමුදුරු කෙනෙක් ආවොත්, ඊට පස්සෙ ගිහි කෙනෙක් උදව් කරන්න ආවත් ඒකත් එක්ක සියුම් ගැටීමක් ඇති වෙනවා. ඒක ඒ පුද්ගලයාට දැනෙනවා. දැන් මේක ස්වාමීන් වහන්ස…
මේ ලෝක ධාතුව තුළ වෙසෙන වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, රූපයෙන් ආඪ්‍ය කාන්තාව.
පිංවත් ඔබට සැබෑ සැපය ගැන අවබෝධයක් ලැබීම පිණිස, එය ධර්ම මාර්ගය පටන් ගැනීමේ ගමනට අයෝමය ශක්තියක්වීම පිණිස, මේ ලෝක ධාතුව තුළ වෙසෙන වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, රූපයෙන් ආඪ්‍ය කාන්තාව ගැන සඳහනක් තබනවා. මේ රූපශ්‍රීයෙන් බබලන නන් විසිතුරු මුතු, මැණික්, රන් ආභරණවල වටිනාකම දකිනවිට පිංවත් ඔබට සිතේවි ඔබේ ඔය ඩෙනිම් කලිසම, කොන්ඩ මෝස්තරය, ඉමිටේෂන් කරාබු, මාල වළලු,…
මේ මුළු ලෝකයම ඔහුට කමටහනක් වූ මෙවලමකි.
භික්ෂුවට මතකයි, භික්ෂුව උපසම්පදා විනය කර්මයට සහභාගීවී පැමිණි පසු ආරණ්‍යයේ වැඩ සිටි සාමනේර හිමිනමක් විමසුවා ‘ඔබ වහන්සේ ඊයේ උපසම්පදා වුණානේ. දැන් ඔබ වහන්සේ ලොක්කෙක් නේද?’ කියලා. ඒ දරුවා උපසම්පදාව කියන අර්ථය දුටු චිත්රයයි ඒ ප්‍රකාශකළේ. ඒ මොහොතේ භික්ෂුව කිව්වේ ‘දරුවෝ, උපසම්පදා පිංකමෙන් පස්සේ මම තව කුඩා වුණා’ ය කියලයි. සරළ වුණාය කියලයි. නිහතමානී වුණාය කියලයි….
මේ භයංකාරත්වය බුදුවරයෙකුම හැර වෙන කව්රුන් ඔබට පහදා දෙන්න ද?
බුද්ධානුස්සතිය. වේරඤ්ජ බමුණා, බුදුරජාණන් වහන්සේව හමුවෙලා චෝදනාවක් කරනවා ‘භවත් ගෞතමයන් වූ ඔබ, මහලු වූ බමුණන්ට වඳින්නේ නැහැ. පෙරගමන් කරන්නේ නැහැ. ආසන පනවන්නේ නැහැ. අසුනින් නැගිට ගරු කරන්නේ නැහැ’ ය කියලා. ඒ අවස්ථාවේදී බුදුරජාණන්වහන්සේ වේරඤ්ජ බමුණාට දේශනා කරනවා ‘බමුණ මම යම් පුද්ගලයකුට වඳිම්ද, නැගිට පෙරගමන් කරම්ද, අසුන් පවරම්ද එබඳු පුද්ගලයෙක් දෙවියන් සහිත මරුන්, බඹුන්, මනුෂ්‍යයන් සහිත…
මේ බුද්ධ කියන වචනේ මහා ආනුභාව ඇති වචනයක්.
ශ්රද්ධාවන්ත පින්වතුනි, රජගහණුවර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේ, වේළුවනාරාමයේ වැඩ ඉන්න කාලේ, එක්තරා වීදියක බෞද්ධ ළමයෙකුත්, බෞද්ධ නොවන අබෞද්ධ ළමයෙකුත් බොහොම හිතවත්ව සෙල්ලම් කරනවා. දෙන්නගෙම ගෙවල් දෙක තියෙන්නේ මූණට මූණ එකම පාරක් අයිනේ. මේ දරුවෝ දෙන්නා අතරින් බෞද්ධ දරුවා කැට ගහන ක්‍රීඩාව කරන වෙලාවේ නමෝ බුද්ධස්ස කියන වචනය කියලා කැට ගහනවා. ඒ ළමයා දිනනවා. අනික්…
මේ බිහිසුණු සිර දඩුවමින් නිදහස් නොවුනහොත්.!
භික්ෂුව ඉදිරියට පැමිණි එක් පිංවත් මහත්මයෙක්, තමා තුළ තෙරුවන් කෙරෙහි ඇති ශ්‍රද්ධාව ගැන විස්තරයක් ඉදිරිපත් කළා. ‘හාමුදුරුවනේ මා තුළ ඇති ශ්‍රද්ධාව නිසා අලියෙක් ඉදිරියට වුණත් යන්න මට පුළුවන්’ කියලා. තමා තුළ වඩවාගත් ශ්‍රද්ධාව මමත්වය, මාන්නය තුළින් මොනතරම් අපවිත්‍රභාවයට පත්කරගෙන තිබෙනවාද..? මෙය මෝහ මූලික ශ්‍රද්ධාවකි. ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගන්නේ අලි ඉදිරියට යැමට නොවේ. අලියා ඉදිරියට…
මේ දුකම දැයි සිහියෙන් බලන්න.
වනගත ආරණ්‍යවල හුදකලා වනවාසී කුටිවල වැඩසිටින ස්වාමීන් වහන්සේලා ගත කරන්නේ සමහරවිට දුෂ්කර ජීවිතයකි. මෙය සටහන් තබන වේලාවේ භික්ෂුව වැඩසිටින්නේ රුහුණු ප්‍රදේශයේ වනගත ආරණ්‍යයකය. මේ වන විට මාස කිහිපයකින් මෙහෙට වැසි නැහැ. පරිභෝජනයට ගන්න තිබෙන වැව් දෙකම හිඳිලා. ඒ හිඳීගිය වැවේ ඇති සුළු වතුර ප්‍රමාණයේ අලින් නානවා, සත්තු වතුර බොනවා, කිඹුල්ලුත් බැසගෙන ඉන්නවා. ලුණු ගතිය වැඩිනිසා…
මේ දුක නවතින්නේ කොතන ද?
භික්ෂුව වැඩ සිටින වනවාසී පරිසරයේ කොවුලෙකුගේ මිහිරි නාදයක් නොඇසුණ, එහෙත් ආරණ්‍යයට පිවිසෙන මහපාර අද්දර එරබදු මල් ගසේ ලස්සනට මල් පීදුන තවත් සිංහල අලුත් අවුරුද්දක් ගෙවී ගියා. ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද පිංවත් ඔබ සැමට නිදුක්, නිරෝගී, සුවපත්භාවය, දීර්ඝායුෂ සහ ධර්මයේ අර්ථයන් වැඩේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කළත්, සමාජය දෙසින් ඇසෙන්නේ නම් ජරා, ව්‍යාධි, මරණ, ශෝක,…
මේ කීවේ නිරයන් 128ක් අතුරින් 7ක් ගැන පමණි.
පිංවත් ඔබට දැන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, නිරයේ සිටින යමපල්ලන් කියන්නේ කවුරුන් ද කියලා. යමපල්ලන් කියන්නේ නිරයේ උපත ලබා ඇති ආයුෂ, වර්ණය, බලය වැඩි නිරිසතුන් පිරිසක් ම යි. යමපල්ලන් නිරයේ උපත ලබන්නේ අතීත බලවත් අකුසල විපාකයන් නිසා. පිංවත් ඔබ මෙහෙම සිතන්නකෝ: දුප්පත් කම්කරු මහත්මයෙකුත්, රටේ පාලක පිංවතෙකුත් සිහියට නඟාගන්නකෝ. දෙදෙනා ම මනුෂ්‍යයෝ, නමුත් දෙදෙනාගේ ආයුෂ, වර්ණය,…
මේ කැඩපතින් ඔබේ මුහුණත් බලන්න.
සත්වයා හිරිකිතයකින් තොරව මොන තරම් අකුසල සිදුකරගන්නවාද? මිනිසුන් පංච සීලය පවා කඩ කරමින් පව් සිදුකරගන්නේ හරියට බලපත්‍රයක් අරගෙන වගේ. මේ අයට මේවා කරන්න ලැඡ්ජාවක් බියක් නැහැ. විශේෂයෙන් සත්ව ඝාතනය, කාමය වරදවා හැසිරීම මහා දුක් ගෙනදෙන අකුසල්. හුඟක් වෙලාවට අනෙක් වැරදි සිදුවෙන්නෙත් මේ වැරදි දෙක නිසයි. නියත වශයෙන්ම මේ වැරදි වල යෙදෙන අය ඒවායේ විපාක වශයෙන්…