Article
සංඝයා වහන්සේලාගේ සිවුරු සේදීම කාන්තාවන්ට කැපද?
මෙහෙමයි කොතනකවත් අපිට කාන්තාවකට සිවුරක් හෝදන්න දෙන්න බැහැ. ඒක දෙන්න බැහැ. දැන් මගෙනුත් ඇවිල්ලා සමහර කාන්තාවන් කියලා තියෙනවා “ස්වාමීන් වහන්ස චීවරය දෙන්න හෝදලා ගෙනත් දෙන්නම්” කියලා. ඒක විනයට ගැළපෙන කාරණයක් නෙවෙයි. පිරිමි කෙනෙක් ඇවිල්ලා සිවුරක් ඉල්ලුවොත් ඒක අපිට දෙන්න පුළුවන්. කාන්තා පක්ෂය ස්වාමීන් වහන්සේලාගේ සිවුරු පිරිකර හේදීමේ කටයුතු වලට සම්බන්ධ වෙන එක සම්පූර්ණයෙන්ම වැරදි ක්රියාවක්….
ශීලයෙන් පරිපූර්ණ වූ පමණින් භවයේ සුරක්ෂිත වේ ද?
භික්ෂුව ගම්මානයක වැඩ සිටිනකොට, එම ගමේ එක් කණ්ඩායමක් කිසි ම දිනක පිණ්ඩපාත මඩුවට පිණ්ඩපාතය ගෙනාවේ නැහැ. ඒ ගැන ගමේ කැපකරුගෙන් විමසනකොට ඒ මහත්තයා කියනවා, “හාමුදුරුවෝ ගමේ කුලයෙන් අඩු අයගේ පිණ්ඩපාතය පිළිගන්න නිසා ඒ අය පිණ්ඩපාතය පූජා කරන්නේ නැහැ” කියලා. මේ කණ්ඩායමට කුලයෙන් උසස් අය කියලයි කියන්නේ. මේ කණ්ඩායම ගමේ පන්සලට දානෙ පූජා කරන්නෙත් නැහැ. ගමෙන්…
වධකයා කළණ මිතුරු වෙස් ගෙන ඒවි, පරිස්සමෙන්…
තෘෂ්ණාවෙන් පෝෂණය වුණ විඤ්ඤාණය නැමති වදකයා කළ්යාණ මිතුරෙක්සේ ඔබව පෝෂණය කරනවා. තමා තුළින්ම සතුරා, වදකයා පෝෂණය කරමින් සතුරා හැටියට දකින්නේ භාහිර රූපයක්මයි. භික්ෂුව ඔබට උදාහරණයක් දක්වනවා. කෙනෙක් පිංවත් ඔබට චෝදනාවක් කරනවා. ඔබ ඔහුත් සමග සන්ඩුවට යනවා. අනුනගේ ක්රියාවක් ඔබේ කර පෙන්වා ඔබව අකුලයට යොමුකළේ ඔබ තුළ සැඟවී සිටි වදකයාමයි. වදකයා නිරතුරුවම ඵස්සය ළඟ නැවතී ඵස්සය…
රැවුල සහ කණ්නාඩිය.
ගෞතම සම්බුද්ධ ශාසනය ඇතිවෙලා, අතීතයේ දඹදිව් තලයේ තරුණ, මධ්යම, වැඩිහිටි වයස්වල බලකාර, නිලකාර, සාමාන්ය, දුගි දුප්පත් පවුල්වල දරුවන් පැවිදි භාවයට පත්වී ශාසනතලය ඒකාලෝක කළේ ශාසනය තුළ කිසිදු විනයක් පනවා නොතිබියදීය. වසර 20 ක් පුරාවට අනන්ත අප්රමාණ පිරිසක් නිවී සැනසුනේ විනය පැනවීමකින් තොරවය. ඒ උන්වහන්සේලා තුළ සිහිය, සතිය, නිවීම කෙරෙහි ඇති වීර්යය නිසාය. එහෙත් කාලීනව බිහිවූ…
රාග සිතක් සංවර කරගන්නේ කෙසේ ද?
භික්ෂූන් වන අපිට, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්සය ළඟ නවතින්න කියලා. ඒ නිසාම භික්ෂුවත් පස්සය ළඟ නැවතිලයි සිටින්නේ, ඒ නිසාම, පසළොස්වක සඳ එළියේ සුන්දරත්වය ගැන විතර්ක භික්ෂුව තුළ සකස් වෙන්නේ නැහැ. තව මොහොතකින්, මේ සුන්දර පසළොස්වක සඳ කළු වළාවකින් වැසී ගියොත්, පරිසරයේ සියලූම චමත්කාරයන් වෙනස්වෙලා යාවි. සුන්දර පසළොස්වක සඳ එළියේ වෙනස් වීම හෙවත් ආදීනව සංඥාව,…
මෝහයේ ගිනි පුපුරු වලින් ඈත් වෙන්න.
වැහි අඳුර විසින් වෙළාගෙන තිබුණ පරිසරය, ආයෙමත් හිරු එළියෙන් අගේට ආලෝකවත් වෙලා. පරිසරයත් හරියටම ඇලීම් සහ ගැටීම් වලින් බැහැර වූ උපේක්ෂා සහගත සිතක් වගේමයි. අපි හැමෝගේම ඵස්සය හරිම ප්රභාෂ්වරයි. ඵස්සය ඇලීම්, ගැටීම් වලින් දූෂණය වෙද්දි, ඒ ප්රභාෂ්වර සිත අපිරිසිදු වෙලා යනවා. ඵස්සය ඉදිරියේ අපිට පුළුවන් නම් ඒ ප්රභාෂ්වර සිත රැකගන්න, අපි පුංචි නිමේෂයකට හෝ අවිද්යාව…
මේ ලොව පිරිසිදුම තාක්ෂණය යි.
තාක්ෂණයෙන් දියුණුවට පත්වූ ලෝකයා “තාක්ෂණය නිසා ලෝකය විශ්ව ගම්මානයක්වී, ලෝකයේ පාලනය මිනිසා විසින් සිදුකරනවා” යන විශ්වාසයට පැමිණ ඇත. මේ මායව තුළ ලෝකයා මොනතරම් මුලාවට පත්වී ඇතිදැයි යන්න ගැන ඔබට අවබෝධයක් ලබා ගත හැක්කේ ධර්මය අවබෝධ කරගැනීමෙන්මය. ලෝකයා සතුටුවන, ලෝකයා ජීවත්වන, ලෝකයා පාලනය කරන ඊනියා තාක්ෂණය, ක්රියාත්මකවන්නේ බලශක්තිය මඟිනි. බලශක්තිය හිඟවුණු දිනයක, බලශක්තිය නැතිවුණු දිනයක තාක්ෂණයේ…
මියගිය ඥාතියාට ඔබ සැබවින්ම හිතවත් ද?
පවුලේ සාමාජිකයෙක් මිය ගියාහම සත්දවසේ, තුන්මාසේ, අවුරුද්දේ මේ ආදී වශයෙන් ධර්ම දේශනා සාංඝික දානමය පිංකම් සිදුකිරීම සමාජයේ පවතින චාරිත්රයක්. වර්තමානයේ මෙම චාරිත්රයේ ගුණාත්මක බව පිරිහීම මෙලොව පරලොව සැමදෙනාගේම අවාසනාවක්. අප හිතමු ගෙදර ස්වාමි පුරුෂයා මැරිල ගිහින් ප්රේතයෙක් වෙලා ඉපදුනාය කියලා. ඇයි ඔහු ප්රේතයෙක් වෙලා ඉපදුනේ. මැරෙන මොහොතේ ඔහුගේ බිරිඳ දරුවන් ගේදොර ඉඩකඩම් කෙරෙහි තණ්හාව ඇතිවුණ…
මාරයාගේ පළඳනාව.
තෙත් කලාපීය පරිසරයක වැසි දිනවල කූඩැල්ලන්ගෙන් ගහන ආරණ්යයක පිණ්ඩපාත ශාලාවට දානය සඳහා වැඩීමට කිලෝමීටර දෙකක පමණ දුරක් තිබිණි. යායුතු මඟ ගල් බොරලු, කඳු බෑවුම්, කුණකටුවා, තෙල් කරවලයා වැනි සර්පයින් සහිත මඟකි. පාවහන් නොපළඳින භික්ෂුවකගෙන් පාවහන් පළඳින භික්ෂුවක් මෙසේ විමසීය ‘ඔබ වහන්සේ පාවහන් නොදා වඩිනකොට කකුල් තුවාලවෙන්නේ ගල් ඇහෙන්නේ නැතිද?’ ‘ඇත්තෙන්ම නැහැ’ උන්වහන්සේ පිළිතුරු දුන්හ. ‘ඒ…
මාරයාගෙන් මිදෙන්න යන ගමනේදී ලෝකයාවත් මාරයා හැටියටමයි දැක්කේ.
භික්ෂුවට මතකයි භික්ෂුවගේ පැවිදි ජීවිතයේ තීරණාත්මක කාලය ගතකරපු කුටිය. එය ගල් කුටියක්. ඉදිරිපස බිත්තිය මැටියෙන් කපරාදුකර සුදුහුණුගාල තිබුණා. දීර්ඝ කාලයක් මේ කුටියේ ස්වාමීන් වහන්සේනමක් වැඩ ඉඳල නැහැ. දසසිල් සමාදන් වෙච්ච වයෝවෘද්ධ උපාසක සීයා කෙනෙක් මෙම කුටියේ ටික දිනක් නැවතී භාවනා කරල තිබෙනවා. භික්ෂුව මේ කුටියේ මාස දෙකහමාරක් ගතකළා. සාමනේර අවධියේ භික්ෂුව මේ කුටියට වඩිනවිට කුටිය…