Article
සැදැහැ සිතින් දෙන දානයේ අනුසස්.
*කාශ්‍යප බුදුන් වහන්සේට සැදැහැ සිතින් දුන් දානයේ අනුසස්* පින් රැස් කිරීමට නිශ්චිත වේලාවක් හෝ ස්ථානයක් නොමැත. අවශ්‍යතාවය තිබේ නම් අන් කෙනෙකුගේ කුසල කර්මයකට වූවද සැදැහැ සිතින් එක් වී දිව්‍ය සැප සම්පත් ලැබූ අය පිළිබඳ තොරතුරු ඇත. ගෞතම බුදුරජාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වය ලැබීමට පෙරුම් පුරන සමයේ, වේදේහ රටේ මියුලු නුවර නිමි රජව උපන්නාහ. නිමි රජු…
සාර්ථක විවාහ ජීවිතයකට බුදු දහමෙන් උපදෙස්.
තෙරුවන් සරණයි ..! (උතුම් ධර්මදානය පිණිස බෙදාහැර අප්‍රමාණ පිං රැස්කර ගන්න ) කොබෙයිගනෙ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවනේ ආචාර්ය ගලේවෙල පුවක්පිටිය ශ්‍රී බෝධිරාජාරාමයේ ගලගෙදර රතනවංස හිමි ජීවිතයක වැදගත්ම සන්ධිස්ථානයක් ලෙස විවාහ ජීවිතය හැඳින්විය හැකි ය. එය ජීවිතයක ඉදිරි පැවැත්ම තීරණය කරන ප්‍රධාන හේතු සාධකයයි. උපතේ පටන් මරණය දක්වාම පුද්ගල ජීවිතයක සුවිශේෂි ස්ථානයන් දක්නට ලැබේ. ඒ අතර…
සාංඝික දානය.
*දානය* සාංඝික දානය, පෞද්ගලික දානය යි දෙවැදෑරුම් වේ. එක් පුද්ගලයකුට හෝ පුද්ගලයන් බොහෝ ගණනකට වෙන් වෙන් වශයෙන් හෝ දීම පෞද්ගලික දානය ය. මෙය අසවල් හාමුදුරුවන්ටය මෙය අසවල් හාමුදුරුවන්ටය කියා වෙන් කිරීමක් නැති ව තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා හට දීම සාංඝික දානය ය. *සාංඝික දාන සත* 1.එක් පසෙකින් භික්ෂු සංඝයා ද එක් පසෙකින් භික්ෂුණී සංඝයා ද…
සාංඝික දාන සත.
1. එක් පසෙකින් භික්ෂු සංඝයා ද එක් පසෙකින් භික්ෂුණී සංඝයා ද මධ්‍යයේ තථාගතයන් වහන්සේ ද වඩා හිඳුවා දෙන බුද්ධ ප්රමුඛ මහා දානය පළමුවන සාංඝික දානය ය. මේ දානය තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු ද සංඝයා මැද සධාතුක බුද්ධ ප්‍රතිමාවක් තබා දිය හැකි බව අටුවාවෙහි දක්වා තිබේ. 2. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු උභය සඞ්ඝයා හට දෙන දානය දෙවන…
සසර කතරින් එතෙර වන්නට…
සංසාරය වනාහී අති දීර්ඝය. ස්කන්ධ-ධාතු-ආයතනයන්හි පරම්පරා වශයෙන් නොසිඳී පැවැත්ම සංසාරය ලෙස හැඳින්වේ. තවත් ආකාරයකින් කිවහොත් සත්වයන්ගේ ඉපදෙමින්, මැරෙමින්, නැවත ඉපදෙමින්, නැවත මැරෙමින් පවත්නා වූ අඛණ්ඩ භව ගමන සංසාරය නම් වේ. සංසාරයේ දීර්ඝත්වය කොතෙක්ද යත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ සර්වඥතා ඥානයටම මිස අනෙකෙකුගේ ඥානයකින් නොදත හැක්කේය. එහි මුලක්-මැදක්-අගක් පනවන්නට නොහැකි බැවින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ‘අනමතග්ගොයං…
සශ්‍රීක දෙවියන්ගේ ආශ්චර්යවත් ක්‍රියාකාරකම්.
ප්රශ්නය : ගෞරවණීය ස්වාමීන් වහන්ස, එදා අලුත් අවුරුදු දිනයේ දී කිරිවෙහෙරෙන් කිරි පැහැති දියරයක් ගලා යනවා එම පූජනීය භූමියේ සිටි මිනිසුන් දුටුවා. තවත් එවැනි ම ආශ්චර්යවත් සිදුවීම් රාශියක් මේ රටේ පහුගිය කාලේ සිද්ධ වුණා. එවැන්නක් සිදුවිය නොහැකි බවට සමහරක් ස්වාමීන් වහන්සේලා හේතු දැක්වුවා. ගරු ස්වාමීන් වහන්ස, අපි කොහොම ද පැහැදිලි කරන්නේ…? එවැන්නක් විය නොහැකි ද…
සම්මා දිට්ඨි සූත්‍රය – කම්මපථ වාරය.
ඉන් පසු පෙන්වනවා කුසලඤ්ච පජානාති, කුසලමූලඤ්ච පජානාති – කුසලයත් දන්නවා, කුසල මූලයත් දන්නවා. කුසලය කියලා කියන්නේ කුමක් ද? කයින් කරන වැරදි තුනකින් වළකිනවා. එනම් සතුන් මරන්නේ නැත්නම්, සොරකම් කරන්නේ නැත්නම්, කාමයේ වරදවා හැසිරෙන්නේ නැත්නම් කුසල්. යම් කෙනෙක් බොරු කියන්නෙ නැත්නම්, කේලාම් පරුෂ වචන හිස් වචන කියන්නෙ නැත්නම්, වචනයෙන් කරන වැරදි හතරෙන් වළකිනවා නම්, ඒක කුසලයක්….
සම්බුදු සරණ විකුණනවද මාරයට ?
දායක මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා “හාමුදුරුවනේ මම නිතරම දන් දෙන අයෙක්. මමත් අවිද්‍යාව තුළද සිටින්නේ” කියලා. පිංවත් ඔබ දන් දුන් පමණින් අවිද්‍යාවෙන් මිදෙන්නේ නැහැ. අවිද්‍යාව කියන්නෙ චතුරාර්යසත්යය නොදැනීම. ඒ කියන්නෙ දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන කාරණා හතර නොදැනීමයි අවිද්‍යාව. ඔබ ලෝකය දුකයි කියන කාරණය නොදන්නා නිසයි ඇසත්, ඇසට පෙනෙන…
සබ්භාසව සූත්‍රය.
පංච උපාදානස්කන්ධයට අදාළව සංඥාව හේතුවෙන් සකස් වෙන ඵලය තමයි සංස්කාර. හඳුනාගන්නා දෙය ගැන සිතීම නිසා, සංස්කාර සකස්කොට ගන්නවා. සංස්කාර ධර්මයන් කුසල්, අකුසල් කියලා කොටස් දෙකකට බෙදෙනවා. පිංවත් ඔබ රැස්කොටගන්නා සෑම කුසල් අකුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍යභාවයට පත්වෙනවා. විපාක දී අනිත්‍යභාවයට පත්වන සංස්කාරයන් අප ‘මගේ’ කර ගන්නවා. සංස්කාරයන් තුළ ‘මම’ සිටිනවාය කියලා දකිනවා. මා තුළ නොවෙනස්…
සප්ත බොජ්ඣංග ගුණාංග.
අප තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් ලෝකයේ පහළ වූ මේ යුගයේ අපිට ඉගෙනගන්න ලැබෙන්නේ ඉතාමත් උත්තරීතර දේවල්. ඒවා ඉගෙනගෙන ප්‍රගුණ කර ගැනීම තුළින් අපට අපේ ආධ්‍යාත්මික සුවය සලසාගන්න පුළුවන්. බාහිර දියුණුව ඉතාමත් ප්‍රකට එකක් වුණත් කැපී පෙනෙන එකක් වුණත් අපේ ගුණ ධර්මවල දියුණුව තමයි අපට ඉතාමත්ම වටින්නෙ. ඉතිං මේ පිළිබඳව තව දුරටත් අපට දේශනා කළ උතුම්…