Article
මාර ප්රතිපදාව.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිවන් මග වඩන්නා මධ්යම ප්රතිපදාව තුළ හික්මිය යුතු යැයි අවධාරණය කළහ. තුන් සිව්රත් පාත්රයත් පමණක් දරමින් රුක්ඛමූල, ශුන්යාගාර, ආරණ්යගතව සසර දුකින් එතෙරවීමට අතීතයේ භික්ෂුන් කැපවිය. බුදුරජාණන් වහන්සේ මධ්යම ප්රතිපදාව ලෙස, සසරින් එතෙරවීමට වෙරවඩන භික්ෂුවට දැක්වූයේ ඔය සීමාවය. කැමති කෙනෙකුට තම තමන්ගේ කෙලෙස් වල දිග පළල අනුව මධ්යම ප්රතිපදාව අර්ථ දැක්විය හැකිය. ශාසනය…
මස් මාංශ අනුභවය, මත්පැන් පානය, සිල්පද බිඳීමක් ද?
මෙහෙමයි. මස් මාංශ පාවිච්චි කිරීම කියන කාරණය නම් සිල්පද බිඳීමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. නමුත් තමන් සත්ත්ව හිංසාව කරලා, සත්ත්ව ඝාතනය කරලා එහෙම නැත්නම් තමන් මරන්න කියලා අණ කරලා ඒ ආකාරයෙන් ගන්නා වූ මස් මාංශ අනුභවය නම් පාපකාරීයි. තේරුණාද? ඒවායින් සිල්පද බිදෙනවා. එහෙම නැතුව කඩෙන් මාළු පන්සීයක් ගෙනැල්ලා කෑවා කියන කාරණය, බුදුරජාණන් වහන්සේ…
භික්ෂූන් වහන්සේ නමක් සමඟ කටයුතු කරන විට උපේක්ෂා සහගත වන්න.
දිනක් පිණ්ඩපාත මඩුවේ පිණ්ඩපාතය පිළිගන්නකොට භික්ෂුවට අවශ්ය ප්රමාණයට වඩා පිණ්ඩපාතය ලැබිලයි තිබුණේ. එම නිසා එක් උපාසිකාවක් පූජා කරන්න හදපු පලතුරක්, “අද අවශ්ය වෙන්නේ නැහැ මෑණියෝ” කියලා ප්රතික්ෂේප කළා. ඒ අම්මා පලතුරත් අරගෙන ඒ මොහොතේම ගෙදර ගියා. භික්ෂුව පින් අනුමෝදන් කරන තුරුවත් හිටියේ නැහැ. ඒ අම්මා නැවත කවදාවත් පිණ්ඩපාත මඩුවට දානය ගෙනාවේ නැහැ. නමුත් මේ අම්මා…
බුර බුරා නැගෙන කොරෝනා අකුසලය.
පුංචි පාසල් දරුවෙක් භික්ෂුවගෙන් අහනවා, ස්වාමින්වහන්ස, අපිට ආයෙමත් කවදාද පාසල් යන්න ලැබෙන්නේ කියලා. ඒ අහිංසක දරුවාගේ පාසල් තෘෂ්ණාව, හේතුවෙන් සකස්වෙන උපාදානය, ශෝක පරිදේව, දුඛ්ය, දෝමනස්සයන් බවටම පත්වෙලා. පාසල් ජීවිතයේ ප්රියයන්ගෙන් වෙන්වීම, පංච උපාදානස්කන්ධ දුක, හරි හරියට දරුවන්ට විපාක දෙනවා. පිංවත් දරුවන් කොරෝනා අකුසලය හේතුවෙන් පාසල් නොගියත්, මෙය සටහන් තබන භික්ෂුව, මේ මොහොතෙත් පාසල් යනවා. මේ…
බිරිඳක් ගත්තා නම් ඔබ ඒ ගත්තේ දුකක්. සැමියෙක් තෝරගත්තා නම් ඔබ ඒ ගත්තේ දුකක්.
ධර්ම සාකච්ඡාවක් අවසානයේදී එක් මැදිවියේ මහත්තයෙක් ප්රකාශ කළේ, තමන්ගේ බිරිඳ හරියට කේන්ති ගන්නවා. තමන් කොපමණ අවවාද කළත් ඇය අහන්නේ නැහැ. බිරිඳ ධර්මයට කැමැති නැහැ. එයාට කේන්ති ගියහම හරියට යක්ෂණියක් වගේ කියලා. ඒ මහත්මයා අසනවා ‘මම මොකද හාමුදුරුවනේ කරන්නේ’ කියලා. ඒ වෙලාවේ භික්ෂුව ඔහුට ප්රකාශ කළේ ‘ඔබම කියනවා, ඔබගේ බිරිඳ යක්ෂණියක් වගේය කියලා. බිරිඳ ඔබට ඔය…
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය.
අද අප ශ්රී ලාංකික බෞද්ධ පින්වතුන්ට අති උදාරම දවසක්. මේ රටට ධර්මයේ ආලෝකය උදාවූ උතුම්ම දවස තමයි මේ පොසොන් පුර පසළොස්වක පොහොය. නරක, තිරිසන්, පේ්රත, අසුර යන සතර අපායට වැටි වැටී යන ගමන නවතාලන්නට මහා පවුරක් සේ පැන නැඟුණු අප ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ මිහිරි ශ්රී සද්ධර්මය රැගෙන මහා මහින්ද මහරහතන්…
පොඩි හාමුදුරුවන්ට අස්ථාවර අනාගතයක්.
ගෞරවනීය නායක ස්වාමීන්වහන්සේ නමක් ශාසනයේ දරුවෙකු කළ විට ඒ සාමනේර පොඩි හාමුදුරුවන්ට, සාමනේර ලියාපදිංචිය ලබාදෙන්නත් කලින් ලබාදෙන්නේ ඉතිරි කිරීමේ බැංකු පොතක්. මෙම ක්රියාව දැන් හුඟක් ජනප්රියයි. නායක ස්වාමීන්වහන්සේත්, පොඩි හාමුදුරුවෝත්, දායක පිරිසත්, දෙමව්පියනුත් පොඩි හාමුදුරුවන්ගේ ඉතිරි කිරීමේ බැංකු පොත ගැන හරිම සතුටුයි. පොඩි හාමුදුරුවන්ට පිරිකරට ලැබෙන ලියුම් කවර දැන් නිකරුනේ වියදම් කරන්නේ නැහැ. පොඩි හාමුදුරුවන්ට…
පිනෙහි ආශ්වාදය යනු කාමයෙහි ආශ්වාදයමය.
තවත් සුන්දර වෙසක් සතියක් ගෙවී ගියා. වෙසක් දින රාත්රියේ ආකාශයේ රන් තැඹිලි පැහැයෙන් ප්රභාෂ්වරව විකසිත වූ, නවයොවුන් වෙසක් සඳවතිය, දිනෙන්, දින, පැහැයෙන්, ප්රභාෂ්වරභාවයෙන්, කේඩෑරිවී යනවා. සියලූ සුන්දර නවයොවුන් සංස්කාරයෝ වෙනස්වෙලා යනවා. සංස්කාරයෝ කියන්නේ කුසල් සහ අකුසල් ධර්මයන්ට. කුසල් සහ අකුසල් අයිති අවිද්යාවට. අවිද්යාව අයිතිවෙන්නේ පංචනීවරණ ධර්මයන්ට. පංචනීවරණ ධර්මයන් අයිති වෙන්නෙත් අවිද්යාවටමයි. පංචනීවරණ ධර්මයන් විසින් අවිද්යාව…
පින නිසා ලැබෙන ආයුෂ, වර්ණය, සැපය, බලය ගින්දරක් වශයෙන් දකින්න.
මනුෂ්යයාට ගොඩාක් ඵල ප්රයෝජන තිබෙන ගින්දර බොහෝම පරිස්සමෙන්, පරිහරණය කරන්න ඕනේ වගේම පින කියන කාරණය අපි බොහොම පරිස්සමෙන් පරිහරණය කරන්න ඕනේ. ගින්දර යම් සේ මනුෂ්යයාට අත්යවශ්යද, පිනද මනුෂ්යයාට අත්යවශ්ය සාධකයකි. පරණිම්මිත වසවර්තිය කියන දිව්යථලය, වසවර්ති මාර පුත්රයාට අයත් දිව්යතලයයි. මෙම දිව්යතලයේ දිව්යසැප කොතරම්ද කියනවා නම් මනුෂ්ය ලෝකයේ අවුරුදු දෙදහක් එම දිව්යතලයට එක දවසක් කියලයි, බුදුරජාණන්…
පිංවත් ඔබ, බෞද්ධකමේ ආශ්වාදයට පමණක් යට වුණොත්…
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සතර මහා ධාතුව නිරතුරුවම කිපීමට, කැඩීමට, බිඳීමට, විසිරයැමට ලක්වෙනවාය කියලා. අග්ගඤ්ඤ සූත්රයට අනුව ලෝකය අලුතින් සකස්වීමේදී, මධුර රසයෙන් යුත්, සුගන්ධවත් යෝගට් එකක් බඳුවූ මහ පොළොව, වර්තමානයේ මොන තරම් නම් සංකීර්ණ ගොරහැඩි මහ පොළොවක් බවට පත්වී තිබෙනවාද? මෙය සතර මහා ධාතුවේ සැබෑම වෙනස්වීමේ ස්වභාවයයි. අතීතයේ ආභස්සර බ්රහ්ම ලෝකයෙන් ආලෝක සංඥාවෙන් පැමිණි බ්රහ්මයන්,…