Article
ඒ අසිරිමත් බුද්ධ ඥානයට මෙසේ වූ හැකියාවන් ද ඇත්තේ ය.
බුද්ධානුස්සතිය. බුදුරජාණන්වහන්සේ සහ සහශ්‍රී දසසහශ්‍රී ලෝක ධාතූන් තතු සේ දන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම්තාක් තථාගතයන් වහන්සේ කැමැති වන සේක් ද සහශ්‍රී, දස සහශ්‍රී, මහා සහශ්‍රී ලෝක ධාතු තම ස්වරයෙන්, තම ඥානයෙන් දකින්න, හඬ පතුරුවන්න පුළුවන්ය කියලා. එපමණක් නොව, ඉන් පිටත යම්තාක් කැමැතිවන සේක්ද ඒ තාක් තම ස්වරය ඇසෙන්නට සලස්වන්න, ඒ ලෝක ධාතූන් තතුසේ දකින්න…
උදෑසන පටන් ගිනි ගන්නා ජීවිත.
බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා යම් පිංවතෙක් කුසල් සහ අකුසල් සංස්කාරයන් වෙන් වශයෙන් දනී ද මේ කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ හටගැනීම වන අවිද්‍යාව දනී ද මේ සංස්කාරයන්ගේ නිරෝධය දනී ද මේ සංස්කාරයන් නිරෝධය කිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය දනී ද මේ දැක්ම එම පිංවතාගේ මාර්ග ඥානයයි කියලා. මේ මාර්ග ඥානය භවය උදෙසා නොව භව නිරෝධය උදෙසා…
උතුරේ ත්‍රස්තවාදීයට වඩා භයානක ත්රස්තවාදයක් ඔබ ඉදිරියේ ඇත.
තාවකාලිකව රට තුළ පැවති ත්‍රස්තවාදය පරාජය කිරීම හේතුවෙන් රට පුරා එල්ලා තිබූ බැනර්, තොරණ, පෝස්ටර්, දැන්වීම්, පිදූ ගෞරව සම්මාන, පැවත්වු ආචාර, ඇතිවු ඝෝෂාව, පුපුරාගිය රතිඤ්ඤා හඬ, දෙස බැලීමේදී වසර 30 ක් තරම් කාලයක් සමස්ත ජනතාව පීඩාවට පත්කළ ත්‍රස්තවාදය පරාජයට පත්කිරීම හේතුවෙන් ජනතාව මෙපමණ සතුටක් ලැබුවානම්, ඔබට කල්ප ගණන් දුක, වේදනාව, ම්ලේච්ජත්වය, අවිචාරය, ගින්දර, යොධිය සමග…
උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම පෙම්වතුන් යුවළ…
මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේදී පහළවෙච්ච ශ්‍රේෂ්ඨ ම පෙම්වතුන් යුවළ තමයි සිදුහත් කුමාරයාත්, යශෝධරා දේවියත්. මේ ආදර්ශවත් සුන්දර ප්‍රේමවන්තයන් දෙදෙනාගේ ආදර කථාව කෙටි කාලයකින් අවසන් වුවත් එම කෙටි ප්‍රේම කථාවට කල්ප ගණනාවක් දීර්ඝ පටිච්චසමුප්පන්න සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාව උපකාරයෙන් සකස් වුණ තෘෂ්ණා පච්චයා උපාදානම කියන ධර්මයේ ඥාති බැඳීම තිබුණා. සිදුහත් කුමාරයාගේත්, යශෝධරා දේවියගේත් කල්ප…
උතුම් සංඝරත්නය මෙසේ ඇසුරු කරන්න…
සංඝරත්නයේ ගුණයන් නිසාම, සමහරක් පිංවතුන් පිංකම් කරනකොට ආශ්වාදයට බැඳෙන අවස්ථා භික්ෂුව දැකලා තියෙනවා. පසුගිය දිනක දුරබැහැර ගමක සිට පැමිණි අම්මා කෙනෙක්, පාර අයිනේ සිට භික්ෂුවට පිණ්ඩපාතය පූජා කළා. භික්ෂුව ඇයට පිං අනුමෝදන් කළා. ඉන් අනතුරුව ඇය දෑත් එක්කොට කියනවා ‘ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිවන් අවබෝධකොට අවසානයේ දෙව් මිනිස් සැප ලැබේවා’ කියලා. ඒ අවස්ථාවේ වයෝවෘද්ධ ඇයගෙන්…
උතුම් සංඝ සමාජය…
මේ උතුම් සංඝ සමාජය තරම් විනයගරුක ආයතනයක් මේ ලෝකධාතුව තුළ තිබෙන්නට බැහැ. බුදුරජාණන් වහන්සේ භික්ෂු අපිට ශේඛියා විනය ධර්මයන් තුළින් ඇවිදින හැටි, සිවුර පොරවන හැටි, කතාබහ කරන හැටි, වැසිකිළි කැසිකිළි කරන හැටි, ආහාර වළඳන හැටි, කෙළ ගසන හැටි පවා සුන්දරව දේශනාකොට තිබෙනවා. අපි උතුම් ධර්ම විනයට කීකරු නම් අපිට වරදින්න විදියක් නැහැ. එ්ත් ගෞරවණීය අපේ…
උතුම් බිම්කඩ.
ගලා යන දියපාරක ගල්පර තිබෙනකොට ජලයේ කැළඹීම වැඩීයි. අකුසල් සංස්කාර ජීවිතවලින් ක්‍රියාත්මක වන විට බලාපොරොත්තු කඩවීමුත් වැඩිවනවා. සිතනදෙය පතනදෙය සිද්දනොවන විට ඒවාට පිළිතුරක් හැටියට අපි සොයාගන්නේ තවත් ප්‍රශ්නයක ආරම්භයක්මයි. සම්මා දිට්ඨියට පත්වෙච්ච දස දහස් ගණන් දෙවියන්, බ්‍රහ්මයන් නිතිපතා වන්දනා කරන උතුම් බිම්කඩක් මේ ලෝකධාතුවතුල තිබෙනවානම් ඒ උතුම් බිම්කඩ මේ උතුම් සද්ධර්මයමයි. පින පිරිහී දිව්‍ය ආයුෂ…
උතුම් ධර්මයේ ආස්වාදය සහ උතුම් සංඝයා කෙරෙහි ආස්වාදය…
මෙය සටහන් තබන භික්ෂුව සහ ධර්ම කරුණු මුල් කරගෙන බොහොම සියුම්ව, ධර්මයේ ආශ්වාදය සහ සංඝයා කෙරෙහි ආශ්වාදය ඔබ තුළ ඇතිවෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දක්ෂ දුනුවායෙක් අශ්ව රෝමයක් දෙකට පැලෙන්නට, තම දුන්නෙන් විදිනවාය කියන කාරණය පුදුමයක් නොවේය කියලා. නමුත් යම් පිංවතෙක් තෙරුවන් කෙරෙහිත්, විදර්ශනාත්මක ධර්මයන් කෙරෙහිත් තෘෂ්ණාවේ ආශ්වාදයෙන් බැහැරවෙලා, මේ සියලූ සංස්කාරයෝ අනිත්‍යයි කියලා,…
උතුම් තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව…
තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්කරගත් ජීවිතයක් ගිහි වේවා පැවිදි වේවා කවදාවත් අසරණවෙන්නේ නැහැ. ඔහු ශක්තිමත් පෞරුෂත්වයක් ඇතිකරගන්න කෙනෙක් වෙනවා. මොකද ඔහු ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේගේ ගුණයත් ඥාණයත් දැක්ක කෙනෙක්. මේ ලෝකධාතුව තුළ ඇති අයෝමය ශක්තිය සරණගිය කෙනෙක්. ඔහුට පෙනෙන්නේ සුගතියමයි. දුගතිය ඔහුට පෙනෙන්නේ නැහැ. ඔහු කථාකරන්නේ ධර්මයමයි. අධර්මයක් කථාකරන්නේ නැහැ. තෙරුවන්ගේ අයෝමය ශක්තිය සරණගිය පිංවතා, පිංවතිය…
ඉසුරු සොයා යන්න ද කල්පනාව…?
භික්ෂුව හොඳින් දන්නා පිංවත් මහත්මයෙකුට මේ දිනවල ගැටලුවක් මතුවෙලා. ඒ ගැන භික්ෂුවගෙන් අවවාදයක් බලාපොරොත්තු වුණා. ඒ මහත්මයාට හදිස්සියේම බටහිර රටකට පදිංචියකට යන්න අවස්ථාවක් ලැබිලා. මේ හේතුව නිසා ඒ මහත්මයාගේ සිතේ මේ දවස්වල ලොකු යුද්ධයක්. යම්දෝ.. නොයම්දෝ… කියලා. ඉහත ප්රශ්නය අරභයා මේ මහත්මයාගේ සිත බොහොම ගැඹුරින් තර්ක විතර්ක කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සිත කියන්නේ මාරයා…