Article
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය.
අද අප ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන්ට අති උදාරම දවසක්. මේ රටට ධර්මයේ ආලෝකය උදාවූ උතුම්ම දවස තමයි මේ පොසොන් පුර පසළොස්වක පොහොය. නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර යන සතර අපායට වැටි වැටී යන ගමන නවතාලන්නට මහා පවුරක් සේ පැන නැඟුණු අප ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය රැගෙන මහා මහින්ද මහරහතන්…
පොඩි හාමුදුරුවන්ට අස්ථාවර අනාගතයක්.
ගෞරවනීය නායක ස්වාමීන්වහන්සේ නමක් ශාසනයේ දරුවෙකු කළ විට ඒ සාමනේර පොඩි හාමුදුරුවන්ට, සාමනේර ලියාපදිංචිය ලබාදෙන්නත් කලින් ලබාදෙන්නේ ඉතිරි කිරීමේ බැංකු පොතක්. මෙම ක්‍රියාව දැන් හුඟක් ජනප්‍රියයි. නායක ස්වාමීන්වහන්සේත්, පොඩි හාමුදුරුවෝත්, දායක පිරිසත්, දෙමව්පියනුත් පොඩි හාමුදුරුවන්ගේ ඉතිරි කිරීමේ බැංකු පොත ගැන හරිම සතුටුයි. පොඩි හාමුදුරුවන්ට පිරිකරට ලැබෙන ලියුම් කවර දැන් නිකරුනේ වියදම් කරන්නේ නැහැ. පොඩි හාමුදුරුවන්ට…
පිනෙහි ආශ්වාදය යනු කාමයෙහි ආශ්වාදයමය.
තවත් සුන්දර වෙසක් සතියක් ගෙවී ගියා. වෙසක් දින රාත්‍රියේ ආකාශයේ රන් තැඹිලි පැහැයෙන් ප්රභාෂ්වරව විකසිත වූ, නවයොවුන් වෙසක් සඳවතිය, දිනෙන්, දින, පැහැයෙන්, ප්රභාෂ්වරභාවයෙන්, කේඩෑරිවී යනවා. සියලූ සුන්දර නවයොවුන් සංස්කාරයෝ වෙනස්වෙලා යනවා. සංස්කාරයෝ කියන්නේ කුසල් සහ අකුසල් ධර්මයන්ට. කුසල් සහ අකුසල් අයිති අවිද්‍යාවට. අවිද්‍යාව අයිතිවෙන්නේ පංචනීවරණ ධර්මයන්ට. පංචනීවරණ ධර්මයන් අයිති වෙන්නෙත් අවිද්‍යාවටමයි. පංචනීවරණ ධර්මයන් විසින් අවිද්‍යාව…
පින නිසා ලැබෙන ආයුෂ, වර්ණය, සැපය, බලය ගින්දරක් වශයෙන් දකින්න.
මනුෂ්‍යයාට ගොඩාක් ඵල ප්‍රයෝජන තිබෙන ගින්දර බොහෝම පරිස්සමෙන්, පරිහරණය කරන්න ඕනේ වගේම පින කියන කාරණය අපි බොහොම පරිස්සමෙන් පරිහරණය කරන්න ඕනේ. ගින්දර යම් සේ මනුෂ්‍යයාට අත්‍යවශ්‍යද, පිනද මනුෂ්‍යයාට අත්‍යවශ්‍ය සාධකයකි. පරණිම්මිත වසවර්තිය කියන දිව්‍යථලය, වසවර්ති මාර පුත්‍රයාට අයත් දිව්‍යතලයයි. මෙම දිව්‍යතලයේ දිව්‍යසැප කොතරම්ද කියනවා නම් මනුෂ්‍ය ලෝකයේ අවුරුදු දෙදහක් එම දිව්‍යතලයට එක දවසක් කියලයි, බුදුරජාණන්…
පිංවත් ඔබ, බෞද්ධකමේ ආශ්වාදයට පමණක් යට වුණොත්…
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සතර මහා ධාතුව නිරතුරුවම කිපීමට, කැඩීමට, බිඳීමට, විසිරයැමට ලක්වෙනවාය කියලා. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ලෝකය අලුතින් සකස්වීමේදී, මධුර රසයෙන් යුත්, සුගන්ධවත් යෝගට් එකක් බඳුවූ මහ පොළොව, වර්තමානයේ මොන තරම් නම් සංකීර්ණ ගොරහැඩි මහ පොළොවක් බවට පත්වී තිබෙනවාද? මෙය සතර මහා ධාතුවේ සැබෑම වෙනස්වීමේ ස්වභාවයයි. අතීතයේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආලෝක සංඥාවෙන් පැමිණි බ්‍රහ්මයන්,…
පංච උපාදානස්කන්ධය අනිත්‍ය භාවනාව.
අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඥාණයත් කියන කාරණා තුන එකතුවන තැන සකස්වන ඵස්ස, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ධර්මතාවයන්ගේ අනිත්‍යභාවයන් එදිනෙදා ජීවිතයේ කටයුතු කරන ගමන් ඔබට ලැබෙන විවේක අවස්ථාවන්හීදී බොහොම පහසුවෙන් වඩන්න පුළුවන්. පිංවත් ගිහිපිංවතුන්ලාට සරළ ආකාරයෙන් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකීමට, ඒ පිළිබඳ මූලික දැනුම ලබාගැනීමට පහත ආකාරයට ඔබ මෙනෙහි කරන්න. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි ඇස…
නිවීමේ මාර්ගය විවෘත කර ගන්නේ කෙසේ ද?
සද්ධාව සොයාගෙන යනකොට පිංවත් ඔබ ප්‍රවේශම් වන්න ඕනේ ආකාරවති සද්ධාව කියන සැබෑම යතුරත්, අමූලිකා සද්ධාය කියන ව්‍යාජ යතුරත් දෙකම ලෝකය තුළ තිබෙනවා. මේ යතුරු දෙක නිවැරදිව හඳුනා ගැනීමේ ශක්තිය ඔබට තිබෙන්න ඕනේ. අමූලිකා සද්ධාව කියන යතුර මෝහය මුහුකරලයි හදලා තියෙන්නේ. එය අභියෝගයන් සහිත අවස්ථාවලදී දියවෙලා යනවා. ආකාරවති සද්ධාව බුදුරජාණන්වහන්සේගේ ගුණයන් කෙරෙහි අවබෝධයෙන් සැබෑම විශ්වාසයෙන් හැදිලා…
නිදහස් පරිසරය.
මේ ජීවිතය තුළදීම නිවීම සාක්ෂාත් කරගැනීම සඳහා වෙහෙසෙන භික්ෂුවකට නිදහස් පරිසරය අත්‍යවශ්‍යය. නිදහසට එක අර්ථයක් දිය නොහැක. ලෞකික. ලෝකෝත්තර වුවමනාවන් අනුව නිදහසේ අර්ථය වෙනස් වෙයි. කෙනෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ගුරු පත්වීම්, රජයේ රැකියාව, දේශපාලනය නිදහස ලෙස දකියි. මේ කිසිත් වරදක් නොවේ. ඒ තම තමන්ගේ දෘෂ්ටීන්ය. එහෙත් ඒ ලොව්තුරා නිර්වාණ ප්‍රතිපදාව නොවේ. මෙහි සඳහන් කරුණු අදාළ වන්නේ…
නාලාගිරි අදත් වඩියි.
නාලාගිරි ඇතා කීවම ඔබට දැනෙන්නේ බියක්. රා පොවල වෙරිමතින් ලොව්තුරා බුදුරජාණන් ඉදිරියට වියරු ස්වභාවයෙන් පැමිණි නාලාගිරි ඇත් රජු ගැන ඔබ හොඳට අහල තිබෙනවා. ඔබ විශ්වාස කරයිද දන්නෙ නැහැ මෙහි සටහන් කරන දෙය. අදත් පුළුවන් අතීතයේ බුදුසමිදුන් අභියස දනනැමූ ඒ නාලාගිරි ඇත්රජුව දකින්න. හැබයි ඔබ නාලාගිරි ඇත්රජුව දකින්න නම් අතහැරීමේ උපරිමය තුළ ප්‍රතිප්‍රදාවේ යෙදෙන භික්ෂුවක් වෙන්න…
දුක් දෙන මිතුරා.
ලෝකය කියන්නේ දුකක්. ලෝකය දුකක් බවට පත්වන්නේ ලෝකයේ තිබෙන සියල්ල අනිත්‍ය බවට පත්වන නිසා. අනිත්‍ය වූ ලෝකය නිත්‍යභාවයෙන් ගැනීම නිසා ඔබ දුක් විඳිනවා. මේ මොහොතේ ඔබ නිදිමරාගෙන, දහඩිය මුගුරු දමාගෙන වෙහෙසෙන්නේ, දන්දෙන්නේ, පිංකම් සිදුකරන්නේ, විවිධත්වය සොයායන්නේ ඔය දුකෙන් අත්මිදීමටයි. දුක ඔබට අයිති දෙයක් නොවෙයි. දුක අයිති ලෝකයට. ලෝකයට අයිති දුක ඔබ අයිති කරගෙන. ඔබ මේ…