Article
කිසාගෝතමියට බුදුරජුන් දුන් කමටහන ඔබේ කමටහන කරගන්න.
කායානුපස්සනාව – මරණානුස්සතිය. මීළඟට කායානුපස්සනාවට අදාළව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, මරණානුස්සති භාවනාව වඩන්නය කියලා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, අතීත සංසාර භවගමනේ, පිංවත් ඔබ මිය ගිය අවස්ථාවන්හිදී, ඔබේ මළසිරුරු එක ගොඩක් ගැසුවහොත්, එම මළමිනීගොඩ ගිඡ්ජකූඨ පර්වතයටත් වඩා විශාලයි කියලා. දෑස් දෙක පියාගෙන, අතීතයේ ඔබ නිසා, පටිච්ඡසමුප්පන්නව ඒ මළකඳන් කන්ද දෙස නුවනින් දකින්න. තල්මසුන් වෙලා, අලි ඇතුන් වෙලා, සක්විති…
කාවෙක් කියන කථාවක්…
අගෝස්තු මාසයේ මේ කඳුකරයට සුළඟ බොහෝම වේගවත්. කඩින් කඩ, වරින් වර සුළං ඇතිවෙනවා. සුළං හඬේ වේගවත් බව හරියට ගුවන් යානාවක් එන හඬ වගෙයි. සුළඟ කොච්චර වේගවත් වුණත් දිරාගිය අත්තක් මිසක් ගසකටවත් හානියක් නැහැ. වේලාව හවස හයහමාරට පමණ ඇති. ලන්තෑරුමේ එළියෙන් ඔබට මේ සටහන ලියන්නේ. ගෝනෙක් බොහොම ළඟ කෑගහනවා ඇසෙනවා. දිය කඩිත්තේ වතුර බීලා යන ගමන්…
කායානුපස්සනාව – සලායතන භාවනාව.
පිංවත් ඔබ දෑස්දෙක පියාගෙන ඈත අතීත සංසාර ගමනට සිත යොමුකරලා, ඉපදුන සලායතන ජරා, ව්‍යාධි, මරණවලට පත්වු අයුරු මෙනෙහි කරන්න. අන්ධවූ දෑස්, බිහිරිවූ කන්, ගොළුවූ දිව, අංගවිකලවූ ශරීර, රෝගීවූ මනස, ගඳසුවඳ නොදැනෙන නාසය, රස නොදැනෙන දිව නිසා වින්දාවූ දුක්ද, ඒ හේතුවෙන් සකස්කරගත්තාවූ අකුසල්ද, අකුසල් හේතුවෙන් නැවත වින්දාවූ දුක්ද කමටහනක් කරගන්න. නාමරූප පච්චයා සළායතන කියන ධර්මතාවය යටතේ…
කාමයේ වරදවා හැසිරුනොත් තම වරද ගැන දැනුම් දී වහාම උපැවදි වන්න.
නවයොවුන් වයසේ සාමනේර අයුෂ්මතුන් වහන්සේ නමක්, භික්ෂුව මුණගැසීමට පැමිණ ප්‍රකාශ කරනවා, ස්වාමීන් වහන්ස, මගේ අතින් දැන දැනම කාමයේ වරදවා හැසිරීමකට අදාළව බලවත් වරදක් සිද්ධවුණා. එම දුශ්ශීල ක්‍රියාවෙන් පසුව, මම නැවත සාමනේර දශශීලය සමාදන් වෙලා, සාමනේර ශීලයේ පිහිටියා. දැන් මම ශීලයෙන් පිරිසිදුයි නේද කියලා, භික්ෂුවගෙන් විමසා සිටියා. භික්ෂුව එම අයුෂ්මතුන්ට ප්‍රකාශ කළේ, සාමනේර පාරාජිකාවක් සිද්ධවුණ තැන,…
ක්‍රෝධයේ කළු පැහැය සහ ශීලයේ රන්පැහැය.
භික්ෂුවට පළමු අවස්ථාවේදී “දර්ශනය වූ සද්ධන්ත ප්‍රේත ස්වභාවයත්, දෙවැනිව දර්ශනය වූ සශ්‍රීක දිව්‍ය ස්වභාවයත් කවුරුන්ද යන්න දැන් විමසා බලමු. භික්ෂුව මේ කරුණ පහත විග්රහ කරනු ලබන්නේ අනුමානයන් වශයෙනි. එය පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඔබට භාරය. අවශ්‍යවන්නේ ලෝකයේ ස්වභාවය ගැන ඔබ යමක් ඉගෙනගැනීමය. අලි ප්‍රහාරයට ලක් වූ ස්වාමීන්වහන්සේ එම ප්‍රහාරයට ලක්ව ඇත්තේ සවස 6 ට පමණය….
කළණ මිතුරුබවේ අගය නිමක් නොවේ.
මේ සටහන ලියන මොහොතේ භික්ෂුව වැඩ සිටින්නේ අගනුවරට ආසන්නව පිහිටි ආරණ්‍යයක. මේ ආරණ්‍ය බිමේ වඳුරන් 15 ක පමණ රංචුවක් සිටිනවා. සවස ඇඳිරි වැටීගෙන එනවිට භික්ෂුව දුටුවා, මේ වඳුරු රැළ රාත්‍රිය ගතකිරීම සඳහා තෝරාගෙන තිබුණේ, භික්ෂුව වැඩ සිටින කුටියට ඉහළින් තිබෙන විශාල ගස් කිහිපය. සවස ඇඳිරි වැටීගෙන එනවිටත්, මේ සතුන් කොළ කමින් හැසිරෙන ශබ්දය ඇසුණා. දැන්…
කල්ප විනාශයක දර්ශන මාත්‍රයක්.
බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ, කුසල් සංස්කාරයන්ට අදාළ ධර්මයන් නොදන්නා නිසාම, මිථ්‍යාදෘෂ්ටිය පෝෂණය කරමින්, කර්මය කර්මඵල විශ්වාසයන්ට පහරදෙමින්, දානයේ ශීලයේ ආනිසංශ කෙරෙහි විශ්වාසයෙන් බැහැරවෙමින්, තෙරුවන්ට ගරු නොකරන, සද්ධර්මයක් ශ්‍රවණය නොකරන, පන්සලකට ආරණ්‍යයකට නොයන, සම්මා සම්බුද්ධ ශාසනයේ වටිනාකම ගැන දශමයක්වත් නොදන්නා පිංවතුන්, මිථ්‍යාදෘෂ්ටියේ ඵලයන්, ධනාත්මක වටිනාකම් හැටියට සමාජගත කිරීමේ මාරපාක්ෂික ක්‍රියාදාමයන්, පිංවත් ඔබ විසින් නුවණින් හඳුනාගැනීම, ඔබේ…
කඳුළකට සවන් දී කඳුළු සාගරයක් නිවන්න.
භික්ෂුව පසුගිය මාස හතර අවිවේකී මාස හතරක් දිගටම ධර්ම දේශනා පැවැත්වූවා. පිංවතුන් බොහොම ශ්‍රද්ධාවෙන් ප්‍රතිචාර දැක්වූවා. දැන් වස් කාලය පටන් අරගෙන, සති කිහිපයක් ගෙවී ගිහින්. මේ මොහොතේ සිට ගෙවීගිය ධර්ම දේශනා පැවැත්වූ මාස හතර ගැන ආවර්ජනය කොට බලද්දි, එය මැකීගිය සටහනක් පමණයි. ක්‍රියාවක් තිබුණා, බැඳීමක් නැහැ. තැනකට බැඳෙන, තැනකට ඇලෙන තෘෂ්ණාවේ ලාටු, භික්ෂුව හොඳින් හඳුනාගෙනයි…
ඔබේ නිවැරදි වීම උදෙසා සම්මුති ලෝකය නිවැරදි වන තුරු බලා නොසිටින්න.
‘රට තුළ නැවතත් කාලගුණික, දේශගුණික කිපීමක් සිදු වන බවට බියක් පැතිරී යනවා’ය කියලා දායක මහත්තයෙක් මතක් කළා. සත්වයන් රැස් කොට ගන්නා අකුසල් සංස්කාරයක් හේතුවෙන් ඒවායේ විපාකයන්ට අදාළව ලෝකය කිපෙනවා, කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, ලෝකය කියන්නේ ඔබමය කියලා. ලෝකය යනු ධර්මානුකූලව ඔබම වූ කල, ලෝකය තුළ සිදුවන බියවීම, කිපීම්,…
ඔබේ ඥාති පරම්පරාවේ සමූහ ජායාරූපයක් හදාගන්න.
දන්දීමට අකමැති පිංවතුන් සමාජය තුළ කොතෙක් ජීවත්වෙනවද. ඒ අය දන්නේ නැහැ, පූජාකරන දානය අයිතිවෙන්නේ තමන්ටමය කියලා. මේ ගෞතම බුද්ධ ශාසනයේ ඇසිදිසි දානය පූජාකරගත්තේ කොසොල් රජතුමාගේ බිරිඳ මල්ලිකා බිසවයි. රුපියල් කෝටි ගණනක් වියදම් කර මල්ලිකා දේවිය ඇසිදිසි දානය පූජා කිරීමෙන් අනතුරුව, කොසොල් රජතුමාගේ ‘කාල’ කියන ඇමතිවරයා, මෙම ඇසිදිසි දානය මහා මුදල් නාස්තියක්ය කියලා දුක් වුණා. විවේචනය…