Article
මහා කරුණාව යනු සතුන් සුරතල් කිරීමෙන් බොහෝ ඈතක ගිය දෙයකි.
පාසල් යන කාලේ පන්තියේ ගුරුතුමිය අපෙන් අහනවා, ලොකු වුනහම ඔබ කවුරු වෙන්නද කැමති කියලා. සමහර දරුවො කියනවා, මම ගුරුවරයෙක් වෙන්න කැමතියි කියලා. වෛද්‍යවරයකු, ඉංජිනේරුවරයෙක් වෙන්න කැමතියි කියලා. පුංචි කාලයේ මගේ කැමැත්ත තිබුණේ දේශපාලනඥයෙක් වෙන්න. මට මතකයි 1977 වසරේදී මම පාසල් ශිෂ්‍යයෙක්. 1977 මහ මැතිවරණයේදී පංතියේ ශිෂ්‍යයන් සමග මම රුපියල් 2.00 ගානේ ඔට්ටු තුනක් අල්ලලා තිබුණා….
මහපොළවත් කම්පා කල ප්‍රේමණීය සමුගැනීම…
මහා කස්සප මහරහත් මුනිඳුන්ගේ ගිහිකල පෙම් පුවත. ඇය භද්‍රාකාපිලානි විය. මදුරට සාගල නුවර ධනවත් දෙමාපියන් දෙදෙනෙකුගේ ආදරණීය දුවණිය විය. ඇය තරම් රුවැත්තියක් එකල සාගල නුවර නොවීය. මිණි කැට සේ බබලන දිගු නෙත් සගල තරුනයන් වශී කලේය. නීල වර්ණ දිගු කෙස් වැටිය මොණර පිල් කළඹක් ලෙසින් බැබළුනේය. දෙව්ලොවින් බට සුර කුමරියක් සේ ඇය ලස්සන විය. ඇයගේ…
මස් මාළුවල නොවෙයි කෙළෙස්වල පිළි ගඳෙන් මිදෙන්න.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලවකවානුවේදී මෙන්, සම්බුදු බණ පදයක් අසා, ධර්මය දැකීමේ, අවබෝධකරගැනීමේ ස්වභාවයට පත්වීමට සමත්, පිනක් සහිත පිංවතුන් වර්තමානයේ විරළය. එහෙයින් නිවීමේ මග පෙරට යා යුත්තේ මෛත්‍රිය, කරුණාව, ජීවිතය තුළ වඩවාගෙන, ඒ තුළින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, දානය , ශීලය වඩමින් උත්සහයෙන්ම වීම ඒකාන්තය. ඒ වීර්යයයෙන් යන ගමනේ ඔබට යම් සන්ධිස්ථානයකදී මස් මාංශද, නිර්මාංශද…
මස් මාළුවල නෙවෙයි, කෙළෙස්වල පිළි ගඳෙන් මිදෙන්න.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලවකවානුවේදී මෙන්, සම්බුදු බණ පදයක් අසා, ධර්මය දැකීමේ, අවබෝධ කරගැනීමේ ස්වභාවයට පත්වීමට සමත්, පිනක් සහිත පිංවතුන් වර්තමානයේ විරළය. එහෙයින් නිවීමේ මග පෙරට යා යුත්තේ මෛත්‍රිය, කරුණාව, ජීවිතය තුළ වඩවාගෙන, ඒ තුළින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, දානය , ශීලය වඩමින් උත්සහයෙන්ම වීම ඒකාන්තය. ඒ වීර්යයයෙන් යන ගමනේ ඔබට යම් සන්ධිස්ථානයකදී මස් මාංශද,…
මරණය ගැන කතා කරන්න බය වෙන්න එපා.
භික්ෂුව වැඩසිටින ගමේ පොදු සුසානභූමියේ, ඊයේ සවස මරණයක් මිහිදන්කරලා. සුසානභූමියේ ගේට්ටුවේ එල්ලෙන මලානිකවූ ගොක්කොල සැරසිල්ල, කාත් කවුරුවත් නැති අනාථයෙක් වගේ, පාළු කනත්ත ඉදිරියේ බලාසිටිනවා. ඊයේ සවස මිහිදන්කළ දේහයත්, කාත් කවුරුවත් නැති අනාථයෙක් වගේම, මහපොළව යට කුණුවෙලා යනවා ඇති. අපේම රූපය අනාගතයේ කවදාහරි දවසක, මහපොළොව යට කුණුවෙලා යද්දි, දර සෑයක අළුවෙලා යද්දී, අපි තවමත් ජාති, ජරා,…
මරණය එනතුරු නොසිට මරණය දකින්න.
පිංවත් ඔබ කුමන වයසක පසුවුවද සමාධිමත් මනසින් සංහිඳීමට පත්වුණා වූ සිතෙන් තම අතීතයට යන්න. ඒ කියන්නේ ඔබ වැඩුන මව්කුසට. පිංවත් මෑණියන්ගේ මවු කුසේ නව මාසයක් ඔබ ලැබු අත්දැකීම් මනසින් දකින්න. මෑණියන්ගේ උදරයේ මස්, ඇට, බොකු, බඩවැල්වලට මැදිවී, බැලුම් බෝලයක්වන් ගර්භාෂ කුටියක වකුටුවී සිටි ආකාරය සිහියට නගාගන්න. ලේ, සැරව තැවරුන මොලකැටි රූපය මනසින් දකින්න. එතනින් නොනැවතී…
මරණය ඉදිරියේ හුදකලා නොවන්න.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් පුද්ගලයෙක් තෙරුවන් කෙරෙහි ගෞරවයෙන් තෙරුවන් ගුණ සිහිකරන්නේ නම් ඔහුව ඒ මොහොතේ රාග සිතක්, ද්වේශ සිතක් මෝහ සිතක් නොව ඇතිවෙන්නේ කියලා. යම් පින්වතෙක් තමන් සීලය තුළ ශක්තිමත් වී, එම සීලය ආවර්ජනය කරමින් ජීවත් වෙනවිට එම පින්වතාට ඒ මොහොතේ රාග සිතක්, ද්වේශ සිතක්, මෝහ සිතක් නොව ඇතිවෙන්නේ කියලා. යම් පින්වතෙක් තමන්…
මම පැවිද්ද ඉල්ලුවේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගෙන්…
තරුණ ස්වාමීන්වහන්සේ නමක් භික්ෂුව මුණගැසිලා ප්‍රකාශ කළා ‘අපි කුමක්ද කළ යුත්තේ ‘ කියලා. ‘බොහෝම සතුටින් පැවිදිවුණා. දැන් අසරණභාවයක් දැනෙනවා’ කියලා. අපි මුලින්ම සිතන්න ඕනේ, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා, වසර 2600ක් ගිය තැනයි අපි මේ සිටින්නේ කියලා. ගෞතම බුද්ධ ශාසනය නැමැති පහන නිවීමට ආසන්න මොහොතේ ඇතිවන තියුණු ආලෝකය පසුබිමෙහි අපි සිටින්නේ. මේ ඉන්න තැන සිට ධර්මය…
මධ්‍යම ප්‍රතිපදාව තුල ජිවිතය හික්ම වීම.
අතහැරීම ගැන කතාකරන විට මහත්මයෙක් ප්‍රශ්නයක් ඇසුවා. හාමුදුරුවනේ ඔබවහන්සේ අතහැරීම ගැන කතාකරනවා. එහෙම අතහැරීම ගැන කතාකරනවා නම් ඔබ වහන්සේ ආරණ්‍යයක කුටියක වැඩසිටින්න බැහැ කැලයේ ගසක් මුලයි ඉන්න ඕනේ කියලා. මතුපිටින් එම මහත්මයා අහන ප්රශ්නය දකින විට එහි සාධාරණ බවක් තිබෙනවා. නමුත් එම මහත්මයා එක අන්තයකට ගිහිල්ලයි ප්රශ්නය දකින්නේ. සකුළුයි කියලා තරුණයෙක් බුදුරජාණන් වහන්සේගෙන් මෙවැනිම ප්‍රශ්නයක්…
මතු සංසාරේ ඔබේ මළකඳන් නුවණින් දැක්කොත් දස්කමකි.
සංසාර භය ඔබ තුළ ඇති කර ගන්නා තරමටම පිංවත් ඔබ තුළ භවයට ඇති තෘෂ්ණාව සියුම් වෙනවා. මෙතැනදී අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ, ඇසට හමුවන සෑම රූපයක්ම කමටහනක් කරගන්න. වැරහැලි ඇඳගත්ත යාචක මහත්මයෙක් මහපාරක ඉන්නවා දැක්කහම එම යාචක මහත්මයා තුළින් තමාව දකින්න දක්ෂ වෙන්න ඕනේ. තමා කොතෙක් නම් සංසාරයේ වැරහැලි ඇඳගෙන, අපිරිසිඳුව, විසිකරල දමන රොටි කැබැල්ලක්වත් නැතිව…