Article
භවයේ උගුල ද අගුල ද මෙයම ය.
පංච උපාදානස්කන්ධය තේරුම් ගනිමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘සත්වයා බැඳුණොත් බැඳෙන්නේ පංචඋපාදානස්කන්ධයට. සත්වයා නිදහස් වුණොත් නිදහස් වෙන්නේ පංචඋපාදානස්කන්ධයෙන්මය’ කියලා. භවයට සත්ත්වයාව බැඳ තබන පංචඋපාදානස්කන්ධය මාරයා හැටියටත්, භවයෙන් නිදහස් වීම පංචඋපාදානස්කන්ධ මාරයාගෙන් නිදහස් වීම කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබත්, මමත් සාරාසංඛ්ය කල්ප ලක්ෂ ගණනාවක් කල්ප විනාශයන් දස දහස් ගණනක් පසුකරමින් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ…
බුදුරජුන්ගෙන්ම කමටහන් ලබාගන්න.
සම්බුද්ධ ශාසනයක් මුණගැසී තිබෙන මෙවැනි දුර්ලභ අවස්ථාවක, ගිහි පැවිදි අපි වඩාත් උත්සහගන්නේ ශාසනය ආරක්ෂා කරගැනීමට සහ ශාසනයේ බර කරගසා ගැනීමටය. පිරිත, ධර්ම දේශනා, දානමය පිංකම්, විහාර නඩත්තුව, සංවර්ධනය, දහම් පාසල්, ආගමික උත්සව, සමාජ සේවා, සමාජ සේවා කටයුතු නිසා දවසේ නිදි නොලබා අවිවේකයෙන් සිටින විට ඔබට දැනෙන වෙහෙස ඔබ දකින්නේ ශාසනයේ බර කරගසා ගැනීම නිසා ඇතිවෙන…
බුදුරජාණන් වහන්සේට දැක්විය හැකි උතුම් ම කෘතවේදීභාවය.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම, උතුම් ශ්රී සද්ධර්මය ශ්රවණය කිරීමට ලැබීම, ශ්රවණය කළාවූ සද්ධර්මයට අදාළ මාර්ගය නිවැරැුදිව පුහුණුකොට විදර්ශනාත්මක අවබෝධයක් සාක්ෂාත් කොට ගැනීම, මේ ලෝකධාතුවේ ඇති දුර්ලභම කාරණා තුනය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉහත දුර්ලභ කාරණා තුන වගේම තවත් දුර්ලභ අර්ථයක් මේ ලෝක ධාතුව තුළ තිබෙනවාය කියලා. එම දුර්ලභම අර්ථය…
බුදු සිතක උපදිනා සිතිවිල්ලක්, ඔබේ සිත තුළත් උපදවාගන්න.
තවත් ජනවාරි පළවැනිදාවක් අත ළඟය. අප මේ අදියරේදී කතා කරමින් සිටින්නේ ‘සතර අපායෙන් මිදීම’ ගැනය. මේ නිමිති දෙක සැලකූ විට මෙම ලිපිය තවත් වරක් පළ කිරීමට සිත්විය. ‘මහරහතුන් වැඩි මඟ ඔස්සේ’ ලිපි මාලාව කියවන්නට පසුව එක්වූ හෙවත් මෙම ලිපිය මගහැරුණු පාඨකයන් වෙනුවෙන්ද, මෙම ලිපිය මින් පෙර කියවා ඇති පාඨකයන්ට එම අදහස් තව තවත් කාවද්දනු පිණිසද…
බුද්ධානුස්සතියට පූර්ව කෘත්යයක් ලෙසි ඔබ බුදුසමයෙන් එපිට අතීතයට යන්න.
බුද්ධානුස්සතිය. බුද්ධානුස්සතිය තුළ පිංවත් ඔබ ශක්තිමත් වන තරමට ඔබ තුළ බිය කියන කාරණය තුනි වී යනවා. ඔබ නිරතුරුවම බියක් සමඟ ජීවත් වන කෙනෙක් නම්, ඊට මූලිකම හේතුව බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති විශ්වාසයේ දුර්වලභාවයයි. බුදුරජාණන් වහන්සේ වන් උතුම් සරණක් ඔබ අවබෝධයෙන් සරණ කරගත් තැනදී, සොරබිය, රෝගබිය, මරණ බිය, අමනුෂ්ය බිය, ග්රහ බිය ඔබෙන් නිශේධ වී යනවා….
බුද්ධානුස්සති භාවනාව වැඩීමේ ආනිසංස.
තෙරුවන් සරණයි… මේ බුද්ධානුස්සතිය වැඩීමේ ආනිසංස රාශියක් තියෙනවා. එකක් තමයි අර සුප්ප බුද්ධං පබුජ්ජංති ආදී ගාථාවේ සඳහන් වූ පරිද්දෙන් සැපසේ නින්ද යනවා. බොහෝම සැපසේ නින්ද යනවා. සැපසේම අවදි වෙන්නත් හැකි වෙනවා. නපුරු සිහින නොදකින්නෙක් වෙනවා. කවදාක්වත් සිහිනෙකින්වත් බයක් තැතිගැනිල්ලක් ඇති වෙන්නේම නෑ. ඒ වගේම සිහිනෙකින්වත් අකුසල සිතිවිල්ලක් වත් පහළ වෙන්නේ නෑ. ඒ වගේම තමන්ගේ ඒ…
බැඳීමක් නැති ඇසුරක්.
උතුම් සමාධිය තුළදිත්, සමාධියෙන් බැහැරවත් තමන්ට අරමුණුවෙන්නාවූ සෑම රූපයක්ම විනිවිද දකින්න. ඒ හැකියාව ඔබ තුළින්ම ඔබ මතුකරගත යුතුයි. පිංවත්, ශීලයෙන් පරිපුර්ණ ඔබ තුළ විදර්ශණාව වැඩෙන්නෙ නැහැ කියන්නේ රූපය විනිවිද දැකීමේ ශක්තිය හීනයි කියන කාරණයයි. පිංවත් ඔබට අරමුණුවෙන්නාවූ සෑම රූපයක්ම මළකඳක් කර දකින්න. කුණුවෙන මළසිරුරක් සේ දකින්න. ඇටසැකිල්ලක් කර දකින්න. කිසිදු රූපයක් විනිවිද දැකීමෙන් තොරව මතුව…
බාහිර ලෝකය ප්රශ්නාර්ථයක් ලෙසින් දකිනු වෙනුවට ඔබ නිහඬව ඔබේ ප්රශ්නය විසඳාගන්න.
පංචඋපාදානස්කන්ධ ධර්මයන්ට අදාළව විඥ්ඥානය ගැන සටහන් තබන මොහොතේ පිංවත් ඔබ දක්ෂවෙන්න අනුනගේ පංචඋපාදානස්කන්ධයන් ගැන නොසිතා, නොසොයා තම පංචඋපාදානස්කන්ධයේ ක්රියාකාරීත්වය ගැන දකින්න. අනුන් හරි දේ කළත්, අනුන් වැරදි දේ කළත් පිංවත් ඔබට ඇති ඵලයක් නැහැ. අනුන් අවංක වුවත්, අනුන් වංක වුවත් ඔබට ඇති ඵලයක් නැහැ. ඔබට අර්ථයක් තිබෙන්නේ අනුන් නිසා සකස්වෙන ඔබේ සිතිවිලිවල අනිත්යභාවය දැකීමයි. බාහිර…
බාහිර රූප හේතුවෙන් අසම්මත රාග සිත් ඇතිවෙනවා.
අපි හැමෝගෙ ම ජීවිත ජරා, ව්යාධි, මරණයන්ට පත්වෙන්නේ පුදුමාකාර වේගයකින්. පසුගිය කොරෝනා ඇඳිරිනීතිය සමයේදී රජයේ සහ පෞද්ගලික ඔසුසල් ඉදිරියේ පෝලිම් ගැසී සිටි පිංවතුන් දකිද්දී, වෙළෙඳපොළේ අලෙවිවන ඖෂධ, විටමින්, සනීපාරක්ෂක භාණ්ඩ, රූපලාවණ්ය භාණ්ඩ දෙස බැලීමේදී, අපේ ජීවිත ජරා, ව්යාධි, මරණයන් විසින් මොනතරම් නම් පීඩාවට පත්කොට තිබෙනවාද…? නැවතීමක්, නිමාවක්, අවසානයක් නැති ජාති, ජරා, ව්යාධි, මරණ උගුලක අප…
බලන්න ඊර්ෂ්යාවේ වෛරයේ රඟ.
කාමයේ ආශ්වාදයට ඔබ තුළ ඇති කැමත්ත නිසා හේතුඵල ධර්මයන් අනුව සකස්වෙන ජූරි සභිකයන් පස් දෙනෙක් සිටිනවා. මේ අය එකම මොහොතක එක පේලියේ ඉඳගෙන ඉන්නෙ නැහැ. එක් අයෙක් හේතුවෙනුයි අනෙක් ජූරි සභිකයා සකස් වෙන්නේ. ඵලය සකස්වෙනවිට හේතුව මැකිල යනවා. මේ ධර්මතාවය නැවත නැවත සිද්ධවෙනවා. මේ ජූරි සභිකයෝ පස්දෙනා වෙන කවුරුවත් නොවේ. පස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ…