බ්‍රොයිලර් ජිවිතය.
අවිද්‍යාව තමයි ලෝකයේ ක්‍රියාකාරිත්වය. ක්‍රියාකාරිත්වය කියන්නේ පැවැත්ම, විකාශනය, විනාශය, ඉපැදීම කියන ගලායැම. වෙනත් වචන වලින් ප්‍රකාශ වුවද මෙහි අර්ථය ජාති, ජරා, ව්‍යාධි, මරණමය. ලෝකයේ ක්‍රියාකාරිත්වය අවිද්‍යාව නම්, ලෝකය දියුණු වෙනවාය කියන්නේ අවිද්‍යාවේ දියුණුවයි. අවිද්‍යාවේ දියුණුව මනින මිනුම්දණ්ඩ වනුයේ වත්පොහොසත්කම්, ලබාගත් දැනුම, උපාධි, දරන තනතුරු. කොටින්ම අයිතිකරගත් දේවල් වල ප්‍රගතිය, විශාලත්වය, ප්‍රමාණය අනුව දියුණුවේ ස්වභාවය තීරණය…