අපි මේ ගැටලුව විසඳ්‍රගත යුත්තෙ අභිධර්ම පිටකයේ සහ සූත‍්‍ර පිටකයේ මෙන්ම ති‍්‍රපිටකය පුරා දක්නට ලැබෙන හේතු නිරුක්ති සහ උදාහරණ කෙරෙහි අවධානය යොමු කිරීමෙනුයි.
අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් හත්වැනි වර්ෂයේදී තව්තිසා භවනට වැඩ අභිධර්ම දේශනාව පැවැත්වූවා. ඒ දේශනාවේදී ලෝකයේ තියෙන ධර්මතාවන් ඉතුරුවක් නැතිව දේශනා කළා. සිත පිළිබඳත් සියල්ලම එතනදී දේශනා වුණා. සිත පිළිබඳ සියලුම දේශනා තියෙන්නේ ධම්ම සංගණි ප‍්‍රකරණයෙ චිත්තෝත්පාද කාණ්ඩයෙ. ලෝකයේ සිටින සියලුම සතුන්ගේ කුසල් සිත් එක්කාසු කළොත් චිත්තෝප්පාද විසි එකකට එකතු වෙනවා සම්පිණ්ඩනය වෙනවා. ඒ කියන්නෙ කාමාචර මහා චිත්තෝත්පාද අටයි. රූපාවචර චිත්තෝප්පාද පහයි.
අරූපාවචර මහා චිත්තෝප්පාද හතරයි. ලෝකෝත්තර චිත්තෝත්පාද හතරයි. ඒ හැම තැනකම කියවෙන්නෙ කුසලා ධම්මා කුසලා ධම්මා කියලමයි. චක්ඛුබුද්වාර සෝතද්වාරදී දොරටු හයෙන්ම මේවා සිද්ධවෙන ආකාරය දේශනා කරල තියෙනවා. රූපාරම්මනය සද්දාරම්මනය ආදී සියල්ලෙන්ම කුසල් සිත්පහළ වෙන ආකාරය දක්වල තියෙනවා. ඒ හැර මොනම තැනකවත් ධර්මයේ ‘පුඤ්ඤා ධම්මා’ කියල අමුතු සිත් කොටසක් තියෙන වග මම නම් දන්නෙ නැහැ.
පුඤ්ඤ (පින) සහ කුසල් කියන වචන දෙකම ධර්මයේ සඳහන් වෙනවා. එහෙත් ඔය වචන දෙක ධර්මතා දෙකක් හැටියට තේරුම් ගැනීම මිථ්‍යාවක්. අපි නිදසුනක් වශයෙන් මෙසේ සිතමු. අපි හැන්දෑවේ අඳුර වැටීගෙන එන විට පහන් දැල්වීමේදී පෙර පසු නොවී කි‍්‍රයාකාරී දෙකක් සිදු වෙනවා. එකක් අඳුර නැසීම අනික එළිය පැතිරීම එකම පහනේ කි‍්‍රයාකාරී දෙකයි. මේක පෙර පසු නොවීම සිදු වෙනවා. ඉර පායන විටත් එසේමයි. ඒ වාගේම එකම වස්තුවේ එකම සිතේ කි‍්‍රයාකාරීත්වයන් විවිධාකාරයෙන් සිදු වෙනවා.
අපි පහනට නම් දෙකක් කියනවා. එළිය පතුරුවන අර්ථයෙන් පදීපෝ, පජ්ජෝතෝ කියනවා. අඳුර නසන අර්ථයෙන් තමෝනුදො, තමංසි කියා කියනවා. පහන් පිදීමේ ගාථාවෙන් කියවෙනවනෙ දීපෙන තමධංසිනා (අඳුර නසන මේ පහනින්) කියල. එවිට එකම පහනට ඇයි මේ නම් දෙකක් කියන්නෙ ඒකෙ කි‍්‍රයාකාරී දෙකක් තියෙන නිසා. ඒකට අට්ඨකථාවල කියන්නේ යථාවසරලසක්ෂණ කියල. යථාවසරසලක්ෂණ කියන්නෙ හිත ඇති හිත නැති සෑම දෙයකම තියෙනව ස්වභාවලක්ෂණ පඨවි ධාතුවෙ තද ලක්ෂණය, තේජෝ ධාතුවේ සීතල, උෂ්ණ ලක්ෂණ, වායෝ ධාතුවේ සෙලවෙන පිම්බෙන ලක්ෂණ තියෙනවා. යථාවසරසලක්ෂණය කියන එකේ කෙටිම තේරුම එහි ස්වභාවය අනුව නම් තැබීම කියන එකයි. එබඳු ස්වභාව අනුව සිතට යෙදෙන නම් දහයක් තිබෙනවා.
චින්තනාර්යෙන් චිත්තං කියෙනවා. අරමුණු මැන ගන්නා අර්ථයෙන් මනො කියනවා. මනසං කියෙන්නෙත් ඒ අර්ථමයි. අදහස් දරන අර්ථයෙන් හදයං. පිරිසිදු අර්ථයෙන් පණ්ඩරං, ආයතනාර්ථයෙන් මනායතන, අරමුණු ගැනීමේ ප‍්‍රධාන අර්ථයෙන් මනිÁද්‍රියං, අරමුණු විශේෂයෙන් දන්නා අර්ථයෙන් විඤ්ඤාණං, අරමුණු විශේෂයෙන් දැනගන්නා රැසක් නිසා විඤ්ඤානක්ඛන්ධො, අරමුණු ආදී දැනගන්නා රැසක් නිසා විඤ්ඤානක්ඛන්ධො, අරමුණු ආදී ප‍්‍රත්‍යයන්ට සාධාරණ නිසා තජ්ජාමනොවිඤ්ඤාණ ධාතු කියා, මෙසේ සිත හඳුන්වන නම් දහයක් තියෙනවා. චිත්තං, මනො, මනසං, හදයං, පණ්ඩරං, මනො මනායතනං, මනිÁද්‍රියං, විඤ්ඤාණං, විඤ්ඤානක්ඛෙන්‍ධා, තජ්ජාමනො විඤ්ඤාණධාතු කියන කොයි නම කීවත් සිත සිතමයි. මෙසේ මේ එකම සිතට නම් දහයක්ම ලැබුණෙ යාථාවසරසලක්‍ෂණය නිසා. ප‍්‍රඥාවට එසේ ලැබෙන නම් තිහක් තිබෙනවා. ඒ වාගේ කුසලය හා පින කියන වචන දෙකින් එකම සිතේ කි‍්‍රයාකාරී අර්ථ දෙකක් හඳුන්වනු ලබනවා.
‘කුස සංඛතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්තීති කුසලං’ පාප ධර්මයන්ට කියනවා කුස කියල නින්දිතාර්ථයෙන්. අනික සැපය කපාදමන අර්ථයෙන් ද කුස කියා කියනවා. සියලු සම්පත් විනාශ කරන අර්ථයෙන් ද පාපයන්ට කුස කියනවා. කුස නම් වූ අකුසල කර්ම කපා දමන්නේ සොලවා දමන්නේ, කම්පා කරන්නේ, සුනු විසුනු කරන්නේ යම් ධර්මතාවක්ද එය කුසල කියා හඳුන්වනවා. සිතේ පහළවීමට තියෙන අකුසල් නසන අර්ථයෙන්ද කුසල් නම් වෙනවා.
එතකොට පුඤ්ඤ හෙවත් පින් කියන එකේ තේරුම මෙහෙමයි. හදයං පුනාතීති පුඤ්ඤං චිත්ත සන්තානය පිරිසුදු කරන අර්ථයෙන් පින කියල කියනවා. සමහරු මේක තෝරනවා සිත පිනවීම පිනය කියලා. එසේ තේරීම වැරැදියි. හදයං පුනාතීති පුඤ්ඤං කියන්නෙ පිනවීමක් ගැන නෙමෙයි. සිත පිරිසුදු කරන අර්ථයෙනුයි පින කියන්නෙ.
පිනවන අර්ථයක් මෙහි තියෙනවා නම් පීනේතීති පුඤ්ඤං වෙන්න ඕනනෙ. සිතේ හට ගන්න තියෙන ලෝභ, ද්වේෂ, මෝහාදී ක්ලේශ ගති දුරුවීම කුසල නම් වන අතර සිත පිරිසුදු වීම පින් නමින් හඳුන්වනු ලබනවා. එකම වෙලාවෙ එකම සිතින් මේ දෙකෙම කෙරෙනවා. අර එළිය වැටීමයි අඳුර නැසීමයි වගේ, සිතේ පහළවීමට තිබෙන ලෝභාදී උපක්ලේශයෝ පහළ නොවෙන කොට සිත පිරිසිදු වෙනවා. මළ බැඳෙන අපිරිසිදු පිත්තල භාජනයක් යම් කිසි දෙයකින් පිරිසුදු කරනවා. එවිට මොකද වෙන්නෙ කහට දුවිලි පැල්ලම් ඔක්කොම ඉවත් වෙලා පිරිසුදු වෙනව දීප්තිමත් වෙනවා. ඒ වගේ කුසල් සිතෙන් ඔය කි‍්‍රයාකාරි දෙකම සිදු වන බැවින් ඒකට කියනවා පිනය, කුසලය කියලා. ඒක නම් දෙකක් මිසක් ධර්මතා දෙකක් නෙමෙයි.
දැන් සමහර කෙනෙක් ලෞකික සම්පත් උදෙසා කරන යහපත් දේ පිනයි, දස කුසලධර්ම කුසලයි කියල ඔහොම තෝරන්න යනව. දාන සීල, භාවනා, අපචායන, චෙය්‍යාවච්ච ඔය ඔක්කොම සම්මුති නාම පමණයි. ඒවට දස පුන්‍යකි‍්‍රයා කීවට එතැන කුසල අර්ථය තියෙනවා. දානෙ දෙන විට සිත පිරිසිදු වෙනව. එනිසා පින, දානය දෙන විට සිතේ කෙලෙස් නැති වෙනවා. එක කුසලය, භාවනාව උනත් එහෙමයි. භාවනා කරන්න කරන්න සිත පිරිසිදු වෙනවා, කෙලෙස් නැති වෙනවා.
එවිට එතැන කුසල අර්ථය සහ පින් අර්ථය තියෙනව. අනිත් ඒවත් එහෙමයි. පානාතිපාතා වේරමණි කියන විට දස කුසල ධර්මයෙන් එකක්. සතුන් මැරීමෙන් වළකින්නෙමි යි කියන විට සිත පිරිසුදු වෙනවා. කෙලෙස් නැති වෙනවා. එය පිනක් කියන්නත් පුළුවන් කුසලයක් කියා කියන්නත් පුළුවන්. ඉතිං ඔය අර්ථ විග‍්‍රහයකරනවා විනා මේක දෙකක් හැටියට ගන්න ගියොත් එය මිථ්‍යාවක් වැරදීමක් බව අප තේරුම් ගන්න ඕන. එසේම මෙය අන් අයට නිවැරැදිව ප‍්‍රකාශ කරන්නත් ඕන. සිත පිරිසුදු කරන අර්ථයෙන් පින කියනවා. කෙලෙස් නැති කරන අර්ථයෙන් කුසල කියනවා. පින කීවත් කුසලය කීවත් ධර්මතා වශයෙන් එකක් මිස දෙකක් නෙමෙයි.
~ අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමි
____________________________________
මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.