ඉසුරු සොයා යන්න ද කල්පනාව…?
භික්ෂුව හොඳින් දන්නා පිංවත් මහත්මයෙකුට මේ දිනවල ගැටලුවක් මතුවෙලා. ඒ ගැන භික්ෂුවගෙන් අවවාදයක් බලාපොරොත්තු වුණා. ඒ මහත්මයාට හදිස්සියේම බටහිර රටකට පදිංචියකට යන්න අවස්ථාවක් ලැබිලා. මේ හේතුව නිසා ඒ මහත්මයාගේ සිතේ මේ දවස්වල ලොකු යුද්ධයක්. යම්දෝ.. නොයම්දෝ… කියලා. ඉහත ප්රශ්නය අරභයා මේ මහත්මයාගේ සිත බොහොම ගැඹුරින් තර්ක විතර්ක කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සිත කියන්නේ මාරයා…