තෘෂ්ණාවෙහි අනාගත භව දුක්ඛයට හේතුවන ආකාරය.
තෘෂ්ණාවෙහි අනාගත භව දුඃඛයට හෙවත් මතු උත්පත්තියට හේතුවන ආකාරය මේ චතුරාර්‍ය්‍ය සත්‍ය කථාවෙහි ඉතාමත් ගැඹුරු වූ ද දුරවබෝධ වූ ද කාරණය යි. මෙය සිහි නුවණින් යුක්තව නැවත නැවත කියවීමෙන් ද, මෙය ගැන නැවත නැවත කල්පනා කිරීමෙන් ද, දන්නවුන් අතින් තවදුරටත් කරුණු විමසීමෙන් ද, දන්නවුන් හා සාකච්ඡා පැවැත්වීමෙන් ද තේරුම් ගැනීමට උත්සාහ කරත්වා. මෙය අවබෝධ කරගත…