ඒවා ඒවායේ ස්වාභාවයෙන් තිබිණා, භික්ෂුව භික්ෂූවගේ ස්වාභාවයෙන් සිටියා.
භික්ෂුවට මතකයි සාමනේර අවධියේදී වරක් ගම්මානයට පිණ්ඩපාතය වැඩිය. එය දුෂ්කර ගම්මානයක්. බතුයි එළවළුයි පමණයි දානයට ලැබෙන්නේ. පැණි රසක් පලතුරක් ලැබුණේම නැහැ. එදා එක අම්මා කෙනෙක් පාත්රයට කේක් කැබැල්ලක් පුජාකළා. භික්ෂුව පාත්රය උරහිසේ එල්ලාගෙන කැලය මැදින් කුටියට වඩින විට එකපාරටම පාත්රයේ තිබෙන කේක් කැබැල්ල මතක්වෙලා කෙළ ගිළුණා. භික්ෂුව කැලයේ මැද නැවතුනා. පාත්රය ඇරියා කේක් කැබැල්ල අරගෙන…