ඔබ වහන්සේ ගිහි ජිවිතයේදී විවාහ නොවී, පැවිදි වූයේ ඇයි ?
දැන් විශ්වවිද්‍යාලවල, පාසල්වල ළමයි අපට මුණගැහුණම අහන්නේ ‘ස්වාමීන්වහන්ස, පංතියෙ අනෙක් ළමයින් හොඳින් පාඩම් කරනවිට වැඩියෙන් ලකුණු ගන්නවිට මට හරි ඊර්ශ්‍යාවක් ඇතිවෙනවා. මේක මගේ අධ්‍යාපන කටයුතුවලටත් බාධාවක් වෙනවා. මේකට මොකද කරන්නේ’ කියලා. පාසල් වියේදීම තරඟකාරීත්වය නිසා දරුවන්ගේ ජීවිත සක්කායදිට්ඨියෙන් පිරෙනවා. මේ මමත්වයේ දැඩිභාවය සකස් වෙන්නේ රැකියාව, විවාහය, අවසන් ඉලක්කය කරගෙනයි. අම්මා තාත්තාත් දරුවන්ගේ සක්කායදිට්ඨියට පොහොර දමනවා….