බත් පත දෑතට ගත්විට පළමුව සිහිවන්නේ.
බත් පත දෑතට ගත් විට, පළමුව සිහියට නැගෙන්නේ, ලොව වැඩ සිටින්නා වූ සියලු පූජනීය අප ස්වාමීන් වහන්සේලාගේ හා දස සිල් මෑණිවරුන් වහන්සේලාගේ කුසගිනි සන්සිඳී ඇත් ඇද්දැයි කියාය. උතුම් සීවලී මහරහතාණන් වහන්සේ මේ උතුම් ගෞතම බුදු සසුන තුළ සිව්පසය ලාභීන්ගෙන් අග්‍ර වූහ. එය සත්‍යයකි. ඒ සත්‍යයානුභාව බලයෙන්, සියලු පූජනීය ස්වාමීන් වහන්සේලාට හා දස සිල් මෑණිවරුන් වහන්සේලාට…