සීලයෙන් පෝෂණය වූ ආර්ය විමුක්තියේ ශක්තිය.
පිංවත ඔබ මොහොතක් ඔබේ අතීත පංච උපාදානස්කන්ධයට සිත යොමු කරන්න. ඒ කියන්නේ ඔබේ අතීත ජීවිතයට සිත යොමු කරන්න. පිංවත ඔබගේ අතීත ජීවිතය පුරාවට සැප වේදනාවෝ ද වැඩි, දුක් වේදනාවෝ ද? භික්ෂුවගේ අතීත ගිහි ජීවිතයේ දී නම් දුක් වේදනාවෝ ගොඩාක් වැඩියි. සතුටුවීම්වලට වඩා පසුතැවීම් ගොඩාක් වැඩියි. ඒත් ඒ කිසිදු පසුතැවීමකට වර්තමානයේ භික්ෂුවගේ ජීවිතයට හානියක් කරන්න බැහැ….