දුක ඇතිවීමට හේතුව තෘෂ්ණාවයි.
සතර සතිපට්‌ඨාන ධර්මයන්ට අදාළව කායානුපස්‌සනාවට අදාළව කායනුපස්‌සනාව, වේදනානුපස්‌සනාව, චිත්තානුපස්‌සනාව ඔබ තුළ වැඩෙන්නේ ධම්මානුපස්‌සනාවක් හැටියටයි. ධම්මානුපස්‌සනාව ගැන සිහිවෙනකොට භික්‍ෂුවට මුලින්ම කමටහන බවට පත්වුණේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේව. අතීතයේ යම්දවසක දීපංකර බුදුරජාණන් වහන්සේ අප මහා බෝධිසත්ත්වයන්ට ඔබ අසවල් කාලයේ ගෞතම යන නමින් නමින් බුද්ධත්වයට පත්වෙනවාය කියලා නියත වියරණ ලබාදුන්නාද එය ධර්මතාවක්. දසපාරමී ධර්මයන් පූර්ණකොට ගෙන පැමිණි දීර්ඝ භවගමනක්…